මං පොඩි කාලෙ අපේ ගෙවල් පැත්තෙ හිටිය මගේ යාළුවො හැමෝටම වගේ එයාලගෙ දෙමව්පියො තියපු නිත්‍යානුකූල නමට අමතරව ගෙදරට කියන තවත් නමක් තිබුන.... අර මං කලින් කියපු රාළහාමිට වගේ... සමහරුන්ගෙ නම් ඉතින් සබාවක කිව්වොත් වෙන්නෙ අර රාළහාමිට වෙච්චි දේම තමයි....
මගේ පොඩි කාලෙ හිටපු හොඳම යාළුව එයාලගෙ ගෙදර එකම ගෑනු ළමය... ඉතින් එයාලගෙ අම්මයි තාත්තයි එයාට කිව්වෙ 'දූ' කියල.... පස්සෙ පස්සෙ එයාගෙ අයියල දෙන්නත් එයාට කතා කළේ 'දුවේ' කියල... ටික කාලෙකට පස්සෙ එයාගෙ මල්ලිත් මෙන්න කියනව 'දූ' කියල... ඉතින් මං මොකටද නිකං ඉන්නෙ.... ඇරියෙ නෑ මමත් කිව්ව 'දූ' කියල....දැන් ඔන්න අහල පහල අයත් 'දූ' කියනව හරියට ලෝකෙ ඉන්න එකම දූ මෙයා වගේ.... ඔන්න එපාර පොඩි උනුත් කියන්නගත්ත 'දූ අක්ක' කියල... ඒකම ආපිට හැරිලා දැන් මුළු පවුලම හඳුන්වන්න ගත්තා ඒ නමින්.... දූලගෙ ගෙදර, දූලගෙ අම්ම, දූලගෙ තාත්ත, දූලගෙ අයිය...ඔය වගේ... ඉතින් අපි ඉස්සෙල්ලම ඉස්කෝලෙ යනකොට අපි දෙන්නම වැටුනෙ එකම පන්තියට... ඒ නිසා පවුල් දෙකේම අය මට බොහොම ආදරයෙන් කිව්ව ඉස්කෝලෙ ගිහින් ඒ නම කියන්න එපා... එයාගෙ ඇත්ත නම වෙච්චි රශ්මි කියල කියන්න කියලා.... මොන.... ඉස්කෝලෙ ගිහිනුත් කිව්වෙ නැතැයි දූ කියල... හොඳ වෙලාවට එකේ පන්තියෙ වෙන දේවල් එකේ පන්තියෙම නතර වෙන නිසා ඒක වැඩි දුරක් ගියේ නැහැ... කොහොම හරි ඒ නම මං කියන එක නතර කෙරෙව්වෙ යාළුවගෙ අයියල දෙන්න.... මං එයාලගෙ ගෙදර ගිහින් 'කෝ දූ..?' කියල අහනකොට එයාල මට අඩිරූල (කෝදුව ) පෙන්නන්න පටන් ගත්ත.... නෝන්ඩිය නිසාම ඔන්න ඒකෙන් ඒ වැඩේ නතර උනා... ඒ උනාට අදටත් ගමේ අයට එයා 'දූ'... අළුත් පරම්පරාව කියන්නෙ 'දූ ඇන්ටි' කියල...
අපේ ගෙදර ඇති කරපු බල්ලො දෙන්නගෙ බලු පොතේ උන්ගෙ නමට අපි තාත්තගෙ වාසගමත් එකතු කරලයි තිබුනෙ... ඉතින් උන් දෙන්නගෙ නම් දෙක උනේ බුෂි විජේසිංහ, බ්‍රවුනි විජේසිංහ... ඒ දවස්වල අපි මුන්ට බෙහෙත් විදින්න ගෙනිච්චාම බලු දොස්තර මහත්තය පණ ඇරගෙන හිනාවෙනව ඕක දැකල.... අපේ ගෙදර පූසො දෙන්නෙකුත් හිටිය.... මේ දෙන්නගෙ ආච්චි කැලේ හැදුනෙ... උන්දට කිව්වෙ 'බැදි පූස' කියල... බැදි පූසගෙ දුව 'කණ්නඩි පූස'...උගෙ ඇස් දෙක වටේට කණ්නාඩියක් වගේ සළකුනක් තිබුනු නිසා තමයි ඒ නම වැටුනෙ.... කණ්නඩි පූසගෙ පුත්තු දෙන්න තමයි අපේ ගෙදර හිටියෙ.... ඒ දෙන්න 'පොඩි අප්පු' සහ 'පුංචි සිඤ්ඤො'... අපේ එහා ගෙදර අංකල් නම් එහේ බල්ලො දෙන්නට නම් තිබ්බෙ රේස් කොලේ බලල... උන් දෙන්න 'නසරානියා' සහ 'අබ්දුල්ලා'.... අපේ නංගිගෙ යාළුවගෙ ගෙදර පාරෙන් අහුලන් ආව බල්ලගෙ නම "ඇහින්දාස්"....
අපේ අත්තම්මලගෙ ගෙදර අවුරුදු ගාණක් හිටිය ගිරවියක්.... එයාගෙ නම 'හීන් හාමිනේ'... හීන් හාමිනේ හොඳට කතා කරනව.... ඔන්න දවසක් අත්තම්මා වන්දනා ගමනක් ගියා... ගෙදර හිටියෙ ඒ වෙනකොට ඉලන්දාරියෙක් වෙච්චි අපේ බාල මාමා... අත්තම්ම නැති දවස් ටිකේ මෙයා යාළුවො ටිකත් ගෙන්නගෙන රා බීල හෙම බජව් දදා තමයි ඉඳල තියෙන්නෙ.... අර යාළුවො ටිකත් වෙරි මරගාතෙ මොකද කළේ කියා දුන්න හීන් හාමිනේට හොඳ කුණුහරුප ටිකක්... අනේ ඉතින් අත්තම්ම වන්දනා ගමන ගිහින් සැදැහැ සිතින් ගෙට ගොඩ වෙනකොටම හීන් හාමිනේ එයාව පිළිගත්තෙ නැතැයි $#%&@! කියලා... ශ්‍රද්ධාව පැත්තකින් තියල අත්තම්ම හීන් හාමිනේව කැලේට ඇරල දුන්නලු බාල මාමට හොඳ කොහු මිටි පාරක්.....
සමහර ගෙවල්වල ඔක්කොම හැඳින්නුවෙ පවුලෙ වාසගමින්.... ගෙදර හිටිය සතාට පවා ඒක උරුමයි...තාත්ත ගමගෙ නම් ගමගෙ අන්කල්, ගමගෙ ඇන්ටි, ගමගෙ ලොකු අයිය, ගමගෙ අක්ක... ඔය වගේ... එකම නම තියෙන දෙන්නෙක් හිටියොත් වාසගම මුලට දාල තමයි හඳුන්වන්නෙ... 'ගමගෙ කුමාරි', 'සිරිපාල කුමාරි' වගේ....සමහර ගෙවල්වල ගෙදර බල්ලෙක් ඇතිකළා නම් බලු අයිතිකාරයගෙ නමම තමයි බල්ලටත්... අයිතිකාරය 'බිංදු' නම්, බල්ල 'බිංදුවා' විදියට.... අයාලෙ යන බල්ලන්ටත් නම් තිබ්බ.... රතු බැල්ලි, යකා මාක්, සුද්දා, පුංචා, කළුවා, මෙදේරියා, පුක රතු බල්ල (සභ්‍ය නම් නෑ තමා...සමාවෙන්නෝනෙ...ඒත් කතාව ඇත්ත..)... ඔය වගේ...
ඔය අස්සෙ අපේ ගෙවල් ළඟ හිටිය ජයසුන්දර කියල පවුලක්.... මේ ගෙදර හිටිය බල්ලෙකුයි, පූසෙකුයි.... උන් දෙන්නට කිව්වෙ ජයසුන්දර බල්ල, ජයසුන්දර පූස කියල....ඒ මදිවට හිටිය හරකෙකුයි, වැස්සියෙකුයි, වස්සෙකුයි... කියන්න ඕන නෑනෙ... උන්ට කිව්වෙ ජයසුන්දර හරකා, ජයසුන්දර වැස්සි, ජයසුන්දර වස්සා කියලා... අනේ කරුමෙට මේ ගෙදර සත්තු වත්තක්... බිත්තර ගන්න කුකුල් පවුලකුත් හිටියා... එවුන් ජයසුන්දර රතු කිකිළි, ජයසුන්දර සුදු කිකිළි... මේ කිකිළියො බලාගන්න මහා රජ කුකුළ් නාම්බෙකුත් හිටියා... උගේ නම ජයසුන්දර කුකුළා...!!
he he.. maru kathawa akke..
ReplyDeleteලස්සන කතාව. ඔස්ට්‍රේලියාවේ ඇත්තටම ඔය ගෙවල්වල ඇතිකරන හුරතල් සත්තුන්ට වෙට්ගෙන් ලියුම් එන්නේ, අයිතිකාරයාගේ වාසගමින්නේ. මටත් ඉන්නවා චූටි බව්වෙක්. එයාගේ වාසගම මොකක්ද කියලා කියන්ට ඕනි නෑ නේද?...:D
ReplyDeleteඇත්තටම ඇත්ත කොයි පලාතෙත් එහෙම වගේ බලනකොට නම් දාන්නේ.... බොරු කියන්නේ මොකටද මටනම් ඔය බල්ලොයි පුසොයි පෙන්න්නම බැ... මම ආසම මාලුන්ට තමයි...
ReplyDeleteඅනිවා.... මාළු තමයි හොඳම !!!
Deleteමෙන්න එහෙනම් තවත් මාළු ඇතිකරන එක්කෙනෙක්...
Deleteහහා..කොහොමහරි ජයසුන්දරයට කුකුල කිව්වනේ...මරු නම්පටබැඳිමේ නිධානකතාව..දැන්මේ අපේ ලොකු අක්කට මොකක් කියලද කිව්වෙ..
ReplyDeleteහික්ස්.... අපොයි...ජයසුන්දර කුකුළා...හා හා හා....
ReplyDeleteහොඳයි .. හොඳයි .. මරු කතාව .. නියමෙට ලියල තියෙනව.
ReplyDeleteඅපේ පැත්තෙත් ඉන්නවා ගෙදරක හදන බල්ලට කියන්නෙ අයිතිකාරයාගේ නම....සිරිවර්ධන කියලා...බල්ලටත් සිරිවර්ධන කිව්ව ගමන් නැට්ට වනනවා...බල්ලයි මනුස්සයයි එකම තැන ඉද්දී සිරිවර්ධන කිව්වම මනුස්සයා " ඇයි " කියද්දී බල්ල නැට්ට වනනවා....දෙන්නම සිරිවර්ධනලනෙ....
ReplyDeleteමරු කතාව මියුරු අක්කෙ...
හෝමාගම මම දන්න යූ.එන්.පී.කාරයෙකුගෙ ගෙදර ඉන්නව බල්ලෙක් බන්දුල කියල.ඌට ඒ නම තිව්වෙ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා පක්ෂෙ මාරුකරපු වෙලාවෙ.
ReplyDeleteඅපේ නැන්දගේ බළල්ලුඃ උක්කුං බණ්ඩාර මහත්තයා, බේබි හාමු, කුමාරිහාමු.
ReplyDeleteඅපි පොඩි කාලේ කලිසම්වලට නං දාලා තිබුණා!
ඒ ගැණ කතාවක් ලිව්වා හොයා ගත්තොත් ලින්ක් එකක් දාන්නම්!
ජයසුන්දර කුකුලා......හික්ස්!
ReplyDeleteකතාව ඉවරකරපු විදිහ නම් මරු!
ජයසුන්දර කුකුලා.. ඒක නම් නියම නම...
ReplyDelete@ Pinky,
ReplyDeleteබොහොම ස්තුතියි.... :D
@ Podi Kumarihami,
ReplyDeleteඅපට බව්වො නැති නිසා ඒ කතාව දැනගෙන හිටියෙ නෑනෙ....ඔයාගෙ චූටි බව්වගෙ වාසගමත් ඕන්නොහේ කියල දාන්න අනේ....
@ දේවා ගේ අඩවිය,
ReplyDeleteඅපේ ගෙදර මාළු නම් හිටියෙ නෑ මල්ලි කවදාවත්.... මෙහේ ඉන්න මගේ යාළුවෙකුගෙ ගෙදර තියෙන මාළු ටැංකියේ නම් ඔක්කොම මාළුන්ට නම් දාලා තියෙනව.... කොහොම වෙන් කරල අඳුනගන්නවද මන්දා එක වර්ගයෙ ඈයො...
@ Raj,
ReplyDeleteඒක පස්සෙ දවසක කියන්නම් රහසෙන්... :D
@ නිසූපා,
ReplyDeleteඒ කුකුල් සෙට් එක අහුලන් කන්න අතෑරල තිබුනු නිසා අනුන්ගෙ වතුවලට යනව හාරන් කන්න... පැලයක් බේරගන්න බෑ මුල හාරනව....ඉතින් කවුරු හරි දැක්කොත් සෙට් එක එනවා, කෑගහනව 'ඔන්න ජයසුන්දර කුකුළ එනවෝ...' කියල. :D
@ kumaraya,
ReplyDeleteතන්කූ වේවා මහ වාසලේ ඇත්තන්ට...
@ දිල්,
ReplyDeleteහික්ස්.... මරු ඇති බල්ලයි කොල්ලයි එකට ඉන්නකොට....
බොහොම ස්තුතියි දිල්.
@ රාජ් ,
ReplyDeleteමේවට අමතරව මල්ලි කියපු විදියේ කොල්ලො කොල්ලො තරහ උනාම සත්තුන්ට තියාගත්තු නමුත් තියෙනව.... :)
@ කතන්දර Kathandara,
ReplyDeleteඒවත් මරු නම්නෙ... කලිසම්වලට නම් දාපු කතාවක් ඇහුවමයි ඔය... අනේ කතන්දර හොඳ මහත්තය වගේ ලින්ක් එක දාන්නකො...
@ Sabith,
ReplyDeleteහික්ස්.... බොහොම ස්තුතියි...
@ Dinesh,
ReplyDeleteසමහරවිට ඒ අන්කලුත් දැනගෙන ඉන්න ඇති ඔය වග... ඒ උනාට කවුරුවත් ඉතින් මූණ ඉස්සරහ එහෙම කියන්න යන්නෑනෙ.... :)
හික්ස්.... මරු කතාව ..
ReplyDelete@ විසිතුරු,
ReplyDeleteතන්කූ මල්ලි... හුඟ කාලෙකෙට පස්සෙ දැක්කෙ.... බෑරක්වත් ගියාද..... :)
අපේ බැල්ලිගෙ නම 'කළුවා' හැබැයි ඇත්ත නම 'Kaluah' මෙහෙ සිටි කවුන්සිල් එකෙන්, වෙට් ගෙන්, ලියුං එන්නෙ Kaluah Wijewardene ගෙ ලයිසන්ස් ගාස්තු ගෙවන්න බෙහෙත් විදින්න එක්ක යන්න එහෙම දැනුන් දීල.
ReplyDeleteපොඩි දුවගේ බල්ලෙක් ඉන්නව 'බණ්ඩා' කියල, මෙහෙ ඉන්න ලංකාවෙ කට්ටියක ගෙ බලවත් විරෝධය නිසා 'බන්ඩි' කියල වෙනස් කලා,
ඌට ගානක් නෑ නම වෙනස් කලාට.
@ ඔබා මාමා,
ReplyDeleteඅයියෝ.. මට හිනා වෙලා පණ ගියා අර ලියුම් එන විදිය ඇහුවම... ආයෙ මොනවද ඔබා මාමෙ, වාසගම බෙදාගත්ත වගේම... 'අපි සංතෝසෙන් ඉන්නෙ...දුක සෝකය නෑ දන්නෙ...අයියා මල්ලී වාගෙ...අයියා මල්ලී...' කිය කිය ඉන්න එකයි... :D
අර කස්ටිය නම වෙනස් කරන්න කියන්න ඇත්තෙ එතැන බණ්ඩල ඉන්න ඇති ඕඩිහෙලෙයියට... අනේ ඉතින් බලු බුවා දන්න එකක්යැ ඕවා....
මගේ යාලුවෙකුගෙ ගෙදර හිටියා බල්ලෙක්. උගේ නම "ඇහින්දා.." කොහේ ඉඳල ආවද කියල කවුරුත් දන්නෙ නැහැ. පස්සෙ පස්සෙ උගේ නම කොට වුනා "ඇහිඳි" කියල. එයාලගෙ ආච්චිත් ඌට කතා කරන්නෙ "ඇහිඳි.... ." කියලා.
ReplyDeleteඅල්ලපු ගෙදර හිටියා බල්ලෙක් "නසරානියා..."කියල.
අන්කල් රේස් කොලේ බලල තමයි නම් තියන්නෙ.අනිත් බල්ලා "අබ්දුවා........."
අපේ ගෙවල් ලග ගෙදරක හරකෙක් හිටියා උගේ පිටේ ගහලා තිබුනේ කළන කියලා...වැඩේ කියන්නේ අපේ මාමගේ පුතාත් කළන.......අර ගෙදර උංගේ පලු යන්න මූ බනිනවා..කොහොමහරි ටික කාලෙකදි අර හරකා කෝව්චියට හැපිලා මලා...මූට ගෙන හැපී ඒකට.....
ReplyDeleteමරු නම් ටික මියුරු...
ReplyDeleteඉස්සර මගේ යාලුවෙක්ගෙ ගෙදර බල්ලෙක් හිටියා ෂෙරී කියලා..හිටපු ගමන් එයාලගේ ගෙදරට ලියුම් එනවා "ෂෙරී වික්‍රමසිංහ" කියන නමට. යාළුවගේ තරහ කාර කොල්ලෝ ටිකක් තමයි මේක කරලා තියෙන්නේ...
අපේ නැන්දගේ ගෙදරට බල්ලෙක් ගෙනත් නම දැම්මේ "බීනු" කියලා...ඕක අහපු අපේ ඉස්කෝලේ "බීනු" නංගිගේ කට කජු ලෙල්ල වගේ උනා හි හි...
මරු නම් ටික අක්කේ.
ReplyDeleteඒත් ඔයාට කියපු කිසි නමක් මේකේ දාල නැහැනේ, ඒක වැරදියි
අපේ ගෙදරත් ඉස්සර පුසෝ හැදුවා, දෙවෙනි පම්පරාවේ පුසෝ දෙන්නට නම දැම්මේ "හෝන්දු" සහ "මාන්දු" කියලා
තුන්වෙනි පරම්පරාවේ දෙන්නෙක් හිටියා, එයාලගේ නම් "ඈලි" සහ "මෑලි"
නමෙන් කියවෙන ගති ලක්ෂණ උන්ගෙන් පෙනිච්ච නිසා තමයි අපේ අක්ක ඒ නම් දැම්මේ :)
@ bhaashaa,
ReplyDeleteඔහෙප්පලයං... මේ අපේ ලොකු නගාද...
ඔහේ මගේ විස්තරේ කියෙව්වෙ නෑ...?
ඔය ටිකම මං ඔය උඩ දාල තියෙන්නෙ... හනේ බොට හතළිස් ඇඳිරිය හුඟක් වේලපහින්ම ඇවිල්ලද කොහෙද.... :P
@ ඔබ නොදුටු ලොවක්....
ReplyDeleteහිනා වෙලා පණ ගියා ඒ කතාවට.. :)))
මූ සාප කරන්න ඇති හැමදාම... පව් අහිංසක හරක් ගොයියා....
@ සයුරි,
ReplyDeleteකොල්ලො තරහ පිරිමහගන්න ඔය සත්තුන්ට නම් දැමිල්ල කරනවා නෙව.... ඒ මදිවට තැපෑලෙන් එනකොට..... :)
@ ලොකු පුතා,
ReplyDeleteඒවත් මරු නම් තමයි... පූසන්ගෙ හැටි හිතාගත්තෑකි.... :)
හික්ස්......හැබෑ නේන්නම්....
ReplyDeleteදැන් නොවැ ඒ ටික දැක්කෙ......
සොරි මෙයා......
(හොඳ වෙලාවට ලඟ නොහිටියෙ.......)
කතා දෙක තුනක්ම මතක් වුණා. එක නම තියෙන දෙන්නෙක් හිටියොත් ඒකට මොකක් හරි කෑල්ලක් තව එකතු කරනවනේ. අපේ ක්ලාස් එක පවනිලා දෙන්නෙක් හිටිය නිසා දාලා තිබුණේ පොඩි පවනි, ලොකු පවනි කියලා. මොකද ලොකු පවනි උස මහත නිසා......... :))
ReplyDelete@ Hasitha,
ReplyDeleteවෙන් කරල අඳුනගන්නත් එපායැ නේද...
බොහොම ස්තුතියි ඇවිත් කොමෙන්ටුවක් දාල ගියාට...
mage yaluwekge gedara inna dog innema vahana yata. anga pura thel. eyage nama thamai DIESAL.
ReplyDeleteAththata ithin me loku akkage nama makkei....
ReplyDeleteමෙ කථාවෙන් මං දැනගත්තා ඔයාගේ වයස. මොකද ඔයාගේ යාලුවට දැන් කියන්නේ "දු ඇන්ටි" කියලනේ එකියන්නේ ඔයත් ඇන්ටි නේ!! (ජෝක් එකට විහිළුවක් කලේ )
ReplyDelete@ ඇනෝ 1,
ReplyDeleteමරු නම...'ඩීසල්'... :)
@ ඇනෝ 2,
ReplyDeleteකියන්නෙම නෑ.... ම්හු....
@ අසරණයා,
ReplyDeleteමම දරුවො දෙන්නෙකුගෙ අම්ම කෙනෙක් දැන්.... මගේ දරුවන්ගෙ වයසෙ දරුවො මට කියන්නෙ ඇන්ටි කියල තමයි.... මේ කතා වැඩිහරියක් මං පොඩි කාලෙ වෙච්චි ඒවා... :)
නම් හැදුන විදිහ නම් අපූරුයි. අපෙත් හිටියා ඩෝටර් (ඩෝටා) කියලා අක්කෙක්. අම්මලා පොඩි කාලේ ඩෝටර් කියලා අපිත් ඩෝටා කියන්න ගත්තා. හික්ස් :)
ReplyDeleteඒක නෙමේ අක්කලෑ බල්ලෝ දෙන්නට දාපු නම් නම් මරු !!
@ මධුරංග,
ReplyDeleteඩෝටා...හිකිස්...
මමයි මල්ලියි පූසෙක් ඇතිකලා . . උගෙ නම "පූසා"
ReplyDeleteප.ලි.
අපේ ක්වාටස් එකේ යාවජීව සාමාජික සුදු මල්ලියා සහ උගේ මිතුරා වන පොඩි එකා පාන්දර නාපු කතාව දෙසැම්බර් අග හෝ ජනවාරි මුල බලාපොරොත්තුවන්න
ආනේ... චෝයි නම... 'පූසා'...
ReplyDeleteසික් ඉතරක්.... මට මතක් උන්නෑනෙ ඔය නම තියන්න අපේ එකාට....
කස්ටිය හොඳ නෑමක් නාල වගේ.... :)
අපේ ගෙදර හිටියා පූසෙක් එයාට කිව්වේ අමරේ කියලා ඒ එයාව දුන්නේ අමරේ අංකල් නිසා.පස්සේ මට මතකයි කොහෙන්දෝ ආපු බැල්ලියක් පැටවු ගැහුවා අපේ ගෙදර උන්ගේ පැටවු ගොඩක් අය අරන් ගියා ඉතුරු වෙචිචි එවුන්ට අපි දැම්මා "සෝදිසි" "විමර්ශන" කියලා රූපවාහිනියේ ගියපු සෝදිසි වැඩසටහන නැවතුනා වගේම බලු කුක්කත් මැරුණා.මොන අටමගල උනත් විමර්ශන තාම යහතින්
ReplyDeleteඅර අංකල් හිටපු තැනත් ඌට කතා කළාද 'අමරෙ..සේ...සේ..' කියල... හික්ස්...
ReplyDeleteබලු නම් දෙක නම් මරු... හොඳවෙලාවට මං ඒව බලල නෑ...
හප්පච්චියේ!!! කොහොමද මන්ද මට ඔයාව මිස් වුණේ!! අපේ හෙන්රි ද බ්ලොග් වෝකර් තමයි පාර කිව්වෙ... ආන්න එයාට දැං සික්ස් පැක් එන්ඩත් ලඟයිලු ඔයාගෙ පෝස්ට් කියවල... මන් දන්නෙ නෑ මමත් සික්ස් පැක් නෙවෙයි නෙවෙයි ඊටත් වඩා දාල තමයි නතර වෙන්නෙ!!!
ReplyDeleteඅපේ ගෙදරත් ඔය වගේ අගට අපේ වාසගම දාල තිබුණෙ... දැං ඉන්න රොවා ජූනියර්ටත් තිලකරත්න කියල අගට දාල තියෙන්නෙ...
වැඩේ කියන්නෙ අපිට වාසගම වුණාට විදියට තියල තියෙන්නෙ තාත්තගෙ නම නෙ...ඒ කාලෙ හිටියෙ රොවා සීනියර්.ඉතිං ඉස්සර තාත්තට මල යකා වැහෙනව අපි එක්ක... අපි ප්‍රසිද්ධ සමජෙ බල්ලගෙ නම ඇහුවාම ලස්සනට රොවා සීනියර් තිලකරත්න කිව්වම
මේවා මොනවද මියුරු. මට ආන්ටී කියන තේරුමෙන් කතා කරන බල්ලෝ පූසෝ හෙන සෙට් එකක් ඉන්නවා. මගේ යාළුවන්ගේ ළමයි මට නම කියලා කතා කලාට බල්ලෝ පූසෝ ගැන එහෙම නෑ නේ. එයාලා රංගි ආන්ටි තමයි. මටත් දැන් ඒක හුරු වෙලා. කොහොමත් අපෙ අරටේ ළමයි වෙනුවට බල්ලෝ පූසෝ ඉන්න එකනෙව.
ReplyDeleteජයසුන්දර කුකුළ ද ? :D
ReplyDeleteමටත් තිබුන අර වගෙ ඥතිත්වය නිසා මුලින් කියාපු, පස්සෙ හැම එකාම කියන්න ගත්තු නමක්. දැන් නම් ඒක මග ඇරිලා.
මෙහෙ අපේ ආතගෙ කාලෙ කිරි හරක් ඇති කලා ලු. උන්ටත් තිබුනලු නම්. තව අපේ ගමේ කොස් ගස් මහ ගොඩක් තිබුන. ඒවටත් පොල් ගස් වලටත් නම් දාල තිබුනා. දිග් ගෙඩි ගහ, නෙටුල ගහ, කම්බි වැට වරක ගහ, රතු ගහ, ජම්බු ගහ මුල ගහ... තව එකක් තිබුන ඒක 'කබල් ගහ' :D
මයිනො ගිරව් වගෙ සත්තු නම් අනිත් වචන වලට වඩා ඉක්මණින් කුණුහබ්බ අනුකරණය කරන්න ඉගෙන ගන්නව ද කොහෙද ? අපේ අයියලගෙ ගෙදර හිටිය මයිනෙක්, ඌත් කොයි වෙලෙත් කියන කුණුහරපයක් තිබුන. ඒක ඌට ඉගැන්නුවෙ කුරුල්ලො ඇති කිරීමෙ පලපුරුදු අපේ මිත්‍රයෙක්.. පාන් කැලි දෙක තුනකුයි විනාඩි පහක් විතර කාලයකුයි විතරයි ඒකට වියදම් වුනේ.
මරු කතාව මියුරු අක්කෙ ;)
ReplyDelete