Total Pageviews

Monday 9 January 2012

විජේ අයියා....

මං මෙයා ගැන දිග විස්තරයක් කිව්වනෙ මගේ කලින් පෝස්ට් එකක.... ඒකම ආයෙ ලියන එකේ තේරුමක් නැති හින්දා ඒක නොකියවපු උදවිය මෙන්න මේ කලින් පල කළ පෝස්ට් එක කියවලා පොර මොන වගේ කෙනෙක්ද කියල දැනගන්න හොඳේ....
http://miyuruworld.blogspot.com/2011/12/blog-post_29.html#more


ඉතින් දැන් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ මේ සිද්දිය උනේ කොහේදිද කියල.... ලොක්කො ටික ගැනත් ඒ පෝස්ට් එකේම කියල තියෙනවනෙ.... ඔන්න ඔය විජේ අයිය ආවතේවකම් කරපු අය අතරෙ හිටිය පොඩි ලොක්කො දෙන්නගෙන් එක්කෙනෙක් ගෑණු පරාණයක්... අපි එයාට කියමුකො 'රත්නා මිස්' කියල... රත්න මිස් සයිස් එකෙන් බොහොම පෝටබල් සයිස් එකේ අවිවාහක මනුස්සයෙක්.... කොණ්ඩෙත් කොල්ලෙක්ගෙ වගේ කොටටම කපල... මෙයා වැඩිපුරම ඇන්දෙ සාරි උනාට වැඩිය කාර්යබහුල නැති දවස්වලට සාය හැට්ට හෙමත් ඇඳන් ආව.... එදාට හරි අමුතුයි.... හරියට කොල්ලෙක් ගෑණු ඇඳුම් ඇඳල වගේ.....


මේ රත්නා මිස් ඒ තරම්ම කාර්ය මණ්ඩලයෙ ප්‍රසාදය දිනාගත්තු කෙනෙක් නෙවෙයි.... මං දන්නෙ නෑ හේතු මොනවද කියල.... ඒත් මට තේරුනු විදියට නම් වැඩිපුරම තිබ්බෙ ඉරිසියාව.... එයාට, මං යන්න ආසන්න කාලයකදි තමයි පොඩි ලොක්කියෙක් විදියට ප්‍රමෝෂන් එක ලැබිල තිබුණෙ.... එතකම් ඉඳල තිබුණෙ ටයිපිස්ට් නෝන කෙනෙක් විදියට....ඉතින් වැඩක් කරන්න ගියාම පළපුරුද්ද මදි කමටයි, අනිත් අයගෙ සපෝට් එක අඩු කමටයි වැඩේ අනාගන්නව.... පළපුරුද්ද මදිකම නිසා වැඩක් කෙරෙන විදියට කරන්න ඕන කොහොමද කියල දන්නෙ නෑ.... මෙයා බාරව හිටිය සෙක්ෂන් එකේ ප්‍රධාන ලිපිකාර උන්නැහේත් ප්‍රමෝෂන් එකක් බලාගෙන උන්න කෙනෙක්.... (මෙයා ගැනත් පෝස්ටුවක්ම ලියතෑකි) අතිම අති පණ්ඩිතයෙක්... කස්ටිය කිව්වෙ ඇඟ පුරාම මොළේ කියල.... මිනිහ කැමති උනේ නෑ එයාට ඉහළින් ගෑණු පරාණයක් ඉන්නවට... ඉතින් මිනිහ කළේ අර මනුස්සය වැඩක් කරන්න ගියාම දාර වලවල් කපල තියන එක, සවුත්තු වෙලාම යන්න.... මිනිහගෙ සපෝට් එක ඕන වෙලාවට එයා යනව අර නෝනට උගන්නන්න... මේ නෝනත් දන්නෙ නෑ මිනිහව චාටු කරගෙන වැඩ ටික කරගන්න.... දෙන්න කැත්තට පොල්ල වගේ... එකට එකතුවෙලා කිසිම දෙයක් කරන්න බෑ.... හිත් නොහොඳින් තමයි ඉවර වෙන්නෙ... වැඩේ චක බ්ලාස් උනාට පස්සෙ පොර කිය කිය ඇවිදිනව,
'ගෑණියෙක් කවදද හරියට වැඩක් කළේ...' කියල.....

ඔය ආරවුල මුණවීර මහත්තය දැනගෙන හිටිය.... දෙන්න ගෙන්නල මොනතරම් අවවාද කළත් තත්ත්වයේ කිසිම වෙනසක් උනේ නෑ... ඉතින් යාන්තම් මුණවීර මහත්තයගෙ අනුකම්පාව නිසා එයාගෙ පිහිටෙන් තමයි රත්නා මිස් ඉහ ගහගෙන හිටියෙ....

අපේ ඔපීසියෙ හිටිය කස්ටියට, විශේෂයෙන්ම පුරුස පරාණවලට රත්න මිස්ගෙ අවිවාහක බවත් ලොකු ප්‍රශ්ණයක් වෙලායි තිබුණෙ.... ඒත් එයාට නම් ඒක ප්‍රශ්ණයක් වෙච්චි බවක් පෙනුනෙ නෑ... මං ඒ කාලෙ අහපු විදියට එයා පවුලෙ වැඩිමලා... පවුලම ගොඩ දාල තියෙන්නෙ මේ ආයතනයෙ රැකියාව කරලා... ඒ විදියට බලනකොට වයස අවුරුදු හතළිස් පහක් විතර වෙච්චි මෙයාගෙ කසාදෙ පහුවෙච්ච එක අහන්න දෙයක් නෙවෙයි... ඔය හේතුව නිසා කිසිම අඩුපාඩුවක් නැතුව නොයෙකුත් කයි කතන්දර මෙයා වටා ගෙතිල තිබුණ.... විජේ අයිය සම්බන්ධ කරගෙනත් කතාවක් තිබ්බ.... මම නම් ඒ කතාව තුට්ටුවකටවත් විශ්වාස කළේ නෑ...
'මේ අපේ විජේ අයිය... වෙන්න බෑ... කාගෙ හරි බේගලයක්ද කොහෙද...' ඕක ඇහුනු වෙලාවෙ මං කිව්වෙ එහෙම...


ඉතින් ඔන්න එක අවුරුද්දක අවසානයේ මේ ආයතනයෙන් සංවිධානය කළා අන්තර් ආයතන ක්‍රීඩා තරගයක්.... වැඩේ සති අන්තෙක පටන් ගන්නෙ.... අනිත් ආයතනවල කස්ටිය එන්නෙ පටන් ගන්නෙ කලින් දවසෙ.... දැන් මේ එන පිරිසට නවාතැන් සපයන්න ඕන නිසා ඒකට ඕන කරන කොට්ට, මෙට්ට, පැදුරු, ඇඳුම් මාරු කරනකොට අවශ්‍ය ස්ක්‍රීන්, බෙඩ් ෂීට් ආදී කළමනා ගොඩාක් ඒ වෙනකොට හිස්ව තිබුණු කාමර කෑල්ලක ගොඩ ගහල තිබුණ... අර ස්ක්‍රීන් සපයන්න අවශ්‍ය වුනේ නවාතැන් සපයන්න ලැහැස්ති කරලා තිබුණෙ ගෑණු පිරිමි වෙන වෙනම ලොකු හෝල් දෙකක නිසා.... ඔය බඩු තිබුණු කාමරේ බාරව හිටියෙ විජේ අයිය... එයාගෙ අතේ තමයි යතුර තිබ්බෙ....

ඔය දවස්වල අවුරුද්ද අන්තිම නිසා වැඩි දෙනෙක් හිටියෙ වාර්ෂික නිවාඩු පිට.... අපේ අංශෙ හිටියෙ මායි, ප්‍රීතියි, උත්තරා කියල තව ගෑණු ළමයෙකුයි විතරයි ගෑණු පරාණ වලට.... මම නම් හිටියෙ විභාගවලට අරගෙන ඉවරවෙලා නිවාඩු වැඩිය තිබුණෙ නැති හින්දා, නත්තල් නිවාඩුවත් එක්ක රජයේ නිවාඩු ගොඩක් එනකොට ඉතුරුවෙලා තිබ්බ නිවාඩු ටික දාල යන්න බලාගෙන... ඔය කාලෙ කවුරු නැති උනත් මුණවීර මහත්තය විතරක් හැමදාම වැඩට ආව... එයා නම් අවුරුද්දටම නිවාඩු ගන්න ඇත්තෙ දවස් දෙක තුනක් විතර වෙන්නැති... පුදුම මනුස්සයෙක්... ඒ වෙනකොටත් වැඩට ආව රත්නා මිසුත් ඒ දවස් ටිකේ ඇන්දෙ සායයි හැට්ටෙයි... එයා සැරින් සැරේ ඇවිත් අපිත් එක්ක කතා කරල යනව.... ලස්සන ස්ලිපර්ස් දෙකක් ගත්ත කියල ඒකත් අපට පෙන්නුව.... ඔය අතරෙ දවසක් හවස තුනට විතර අපට තේ බොන්න ඕනවෙලා විජේ අයියව හොයනකොට පොර නෑ පේන මානෙක....මේ කාලෙට මීටිං ඇත්තෙත් නෑ.... සාත්තු සප්පායම් කරන්න ලොක්කොත් වැඩිය නෑ... ඒ නිසා අත්‍යවශ්‍ය වැඩ ටික කරල තියල මිනිහ යනව ඔළුව හැරුනු අතේ.... ඕක දන්න නිසා අපි වැඩිය එයාව හොයන්න මහන්සි වෙන්නෙ නැතුව කෝප්ප ටිකත් අරන් කැන්ටින් එකට යන්න පිටත් වුණා....

අපේ අංශෙ ඉඳල කැන්ටිමට යනකොට යන්න ඕන අර බඩු ගොඩගහල තිබුණු කාමරේ පහු කරගෙන.... ඔන්න දැන් අපි තුන්දෙනාත් හොඳ කයියක් හෙම ගහගෙන අර කාමරේ පහුකරන කොටම ඇතුලෙන් ටිකක් ලොකු සද්දයක් ආව...
අපි තුන්දෙනාම උඩ ගිහින් බිම වැටුන...
'මොකක්ද අනේ ඒ....' උත්තරා මගේ මූණ බලල ඇහුව...
'මෙන්න මේ කාමරේ පැත්තෙන් ආවෙ....' මම කාමරේ දිහාට අත දික්කරල කිව්ව...
ආපහු ගිහින් බලනකොට කාමරේ දොරත් වහල...
'දොරත් වහල තියෙද්දි කවුරුවත් කාමරේ ඉන්න විදියක් නෑනෙ....මොකක් හරි වැටෙන්නැති...' කියපු ප්‍රීති ආපහු යන්න හැරුන...
එහෙම කියල අපි යන්න හැදුව විතරයි ආයෙත් මහ සද්දයක් ආව දඩ බඩා....ස් ගාල...
'හොල්මනක්ද දන්නෑ...' ප්‍රීති ඇස් දෙක ලොකු කරන් හිනාවෙවී විහිළුවට වගේ කිව්ව....

මං ඕන එකක් වෙච්චදෙන් කියල ආපහු ගිහින් දොරේ කොක්ක කරකවල බැලුව... මෙන්න බොලේ දොර ඇරුන...
'ඒයි.. දොර ඇරලනෙ අනේ...'
අපි දොර අරිනවත් එක්කම තව සද්ද බද්ද වගයක් ඇවිත් එහෙමම නිස්සද්ද වුණා...
අපිත් මූණෙන් මූණ බලාගෙන කෝකටත් කියල ඔළු ගෙඩි තුන ඇතුලට දාල බැලුව...

'කවුරුවත් නෑ අනේ...' මං එහෙම කියනකොටම ප්‍රීති මගේ අතින් පස්සට ඇද්ද....
'ඇයි...?'
'ෂ්...' එයා අපට සද්ද කරන්න එපාය කියල අඟිල්ල තොල් දෙක උඩින් තියල සංඥාවක් කරල අර ඇඳුම් මාරු කරන්න ගෙනාව ස්ක්‍රීන් එකක් හිට ගස්සල තිබුණු තැනකට ඇඟිල්ල දික් කළා...
අනෙ අම්මේ....
ස්ක්‍රීන් එකට යටි අපට පෙනුනෙ රත්න මිස් උදේ අපට පෙන්නපු ලස්සන ස්ලිපර්ස් දෙන දාගත්තු ගෑණු කකුල් දෙකකුයි, පිරිමි ජාතික ඇඳුමෙ සරමට පහලින් දිස්වුණු පිරිමි කකුල් දෙකකුයි...ඒවයෙ අයිතිකාරයො කවුද කියල අපට අමුතුවෙන් කියන්න ඕන වුනේ නෑ...හදිසියට හරි කරුමෙට හරි දොර ලොක්කරගන්න අමතක වෙලා... 

76 comments:

  1. ගත යුත්ත : දොර නිවැරදිව ලොක් කර ඇත්දැයි බලන්න! (මේවා අපට හොඳ පාඩං! :)

    ReplyDelete
  2. 'මේ අපේ විජේ අයිය... වෙන්න බෑ...

    ReplyDelete
  3. කකුල් දෙක බිමනම් සැක කරන්න එපා.. ඒ දැරිවිගේ අහැට රොඩ්ඩක් යන්න ඇති.. මමත් ඔය ගෑණුලමයිගේ ඇස්වල රොඩු අහක් කලා ටික කලකට කලින්

    ReplyDelete
  4. පුදුමයි .. ඔයාල දොර ඇරපු සද්දෙයි .. කිචි බිචියයි . අර දෙන්නට ඇහුනෙ නැති එක.

    ReplyDelete
  5. ඔයාල හිතපු විදිය වැරදි.අලුතෙන් තේ හදන කාබරය ගැන ලොක්කට රිපෝට් කරන්න රත්න මිස් යන්න ඇති විජේත් එක්ක.මිනිස්සුන්ට කතා හදන්න එපා.

    ReplyDelete
  6. ඈ.......හිටගෙනම???????

    ReplyDelete
  7. රත්නායක මිස්ගෙ ඇහැට රොඩ්ඩක් වැටෙන්න ඇති කියල තමා මටත් හිතෙන්නෙ. ඔයාල වැරදියට හිතල තියෙන්නෙ. ඔයාල වගේ වැරදි විදියට හිතපු සිකියුරිටිලා සෙට් එකක් මාවයි මම දන්න ගෑනු ලමයෙකුයි ගම්පහ පාක් එකෙං එලෙවුව වතාවක් . . . ඒ ළමයගෙ හැට්ටෙ අස්සට වැටිච්ච දිමියෙක් අයිං කරන්න ගිහිල්ල . . . .

    ReplyDelete
  8. මිනිස්සුන්ට තමන්ගෙ පාඩුවෙ රොඩ්ඩක් අයින් කරන්න නැති හැටි!

    ReplyDelete
  9. මේ කට්ටිය ඒ අයට නිදහසේ වැඩක් කරන්න දීලා නෑනේ.. මං කිවුවේ මේ කට්ටිය කියන ඇහේ ලෙඩේ ගැන...

    ReplyDelete
  10. හප්පේ මෙව්ව හොඳ පාඩං අපිටත්......විජේ අයියා තේ උනුකරනවා වෙන්නෑති....අර ඇන්ටිගේ සෙරෙප්පු දෙකයි විජේ අයියගේ සෙරෙප්පු දෙකයි මූනට මූන බලංද.. විරුද්ද අතටද තිබුනේ ..හික් හික් හික් .....

    ReplyDelete
  11. එයාල දෙන්න කාමරේ අස්පස් කරන්න යන්න ඇති....අපෝ මෙයාල හරී වල්....!!

    ReplyDelete
  12. හී...හී...මම නම් කියාගන යනකොටම හිතුවා මේකට තමයි එන්නේ කියලා. අනේ රත්නයි, විජේයි පව් අනේ.

    ReplyDelete
  13. එතකොට අර සද්ද එන්න ඇත්තේ කොහොමද?

    ReplyDelete
  14. මාත් තියන්නෙ ඕනය කිව්ව වගේ මීයෙක් අයින්කරන්න යන්න ඇත්තෙ.

    ReplyDelete
  15. දොර ලොක් කරන්න අමතක වෙව්ච එක කොච්චර ලොකු දෙයක්ද?
    නැත්තං අපිට මේක දැනගන්න හම්බෙන්නෑනෙ..

    ReplyDelete
  16. දොරට තට්ටු කරල ඇතුල් වෙන්න කියල දීල නැද්ද හැබෑටම?

    ReplyDelete
  17. අෆොයි දෙයියනේ.... :D :D

    ReplyDelete
  18. හිටගෙනම... සද්දත් දාගෙන... උපරිම අවස්තාවෙද මන්ද ඉන්න ඇත්තෙ.... පව් වැඩ අප්ප ඔව්වා... හික් හික්.


    ඕනයා... අපොයි උබ වගේ එකෙක්... හක් හක්

    ReplyDelete
  19. මට හිතුනා මෙහෙම වෙයි කියලා ඒත් මේ විදියට වෙයි කියලා හිතුවේ නෑ හිටගෙනම හි හි හැබැයි ඉතිං එක අතකට හිටගෙන හිටියය එක හොදයි නැත්තම් අහිංසක අක්කලා කලන්තේ දානවා පෝලිමට

    ඕනයා තමයි ඕනයා හි හි

    ReplyDelete
  20. ඒ මනුස්සයගේ ඇහැට රොඩ්ඩක් යන්න ඇති අක්කේ, තනියෙන්ම අහක් කරගන්න එක සදාචාර සම්පන්න මදි කියල හිතල වෙන්න ඇති විජේ අයියට කතා කරන්න ඇත්තේ....
    අර තරම් ලොකුවට සද්ද ආව කියන්නේ රොඩ්ඩ පොඩි එකක් වෙන්නත් බැහැ
    පව් බං අක්කේ රත්න මිස්

    ඕනයා අදනම් ඔබා මාමාගෙන් හොඳට අහගන්න හදන්නේ...:) හික්

    ReplyDelete
  21. ඕනය වස නරක........... සොරි සොරි හොඳ ළමයෙක්නෙ බලාගෙන ගියාම

    ReplyDelete
  22. ඔය ඔළුවේ ලේඬියෙක් බිඳින සද්දෙනෙ ඇවිත් තීන්නෙ. අපෝ මේ ළමයි ඔය කාලෙ වෙනකොට ලේඬි බිඳල තිබුනෙම නැද්ද?

    ඇයි ඔයා විජේව ඔච්චරටම විස්වාස කොලේ...?ඔයාට කියන්න තිබ්බනෙ මේ අපේ රත්න මිස්, අපෝ වෙන්න බෑ වගේ කතාවක්.

    ReplyDelete
  23. ඔය වෙන කොට අර හදිසි අවස්තාව හදිසි අවස්තාව උද්ගත වෙලා තියෙන්න නැතුව ඇති, එහෙම නං අර මිස්ගෙ කකුල් දෙක බිම තියෙන්න විදියක් නැහැ.

    ReplyDelete
  24. ඔහොම තමයි ඉතිං මිනිස්සුංගෙ අැස් වලට රොඩු එහෙම යනවනෙ! එතකොට ඉතිං එ් අයට නිවී හැනහිල්ලෙ එ්ව අයිං කරගන්න දෙන්න ඔ්න! :D :D

    ReplyDelete
  25. හිකිස්... අනේ අර වයසක මිනිස්සු දෙන්න එදා හිතන්න නැතුව ඇති ඕක දැකපු එක නාහෙට අහන්නේ නැති කෙල්ලෙක් ඕක පස්සේ කාලෙක බ්ලොග් එකකට ලියයි කියල. අනේ සංසාරේ......... :DD

    ReplyDelete
  26. ඕනයා අයියා මෙතන චුට්ටයි කියලා තියෙන්නේ හැට්ටේ වෙන්න බෑ හි හි ෂුවර් එකටම මියුරු අක්කාගේ "සැට් ඇන්ටිගේ කතාවේ" හවායි එකක් ඇතුලට වෙන්නැති....මල් වත්තේ නම් ඔහොම නැහැදිච්ච දිමියො ඉන්නවා බර තොගයක් ඒත් විසිල් ගහන මාමාලා ඕවා දන්නේ නෑනේ

    ReplyDelete
  27. චික් මේ ඔබා ඕනයව බයිට් එකට ගත්තෙ නැහැනෙ. මං බලාන හිටියෙ මොනව ඕනය අහගනීද කියල.පෙට්‍රෝල් අතේ තියාන හිටියෙ.

    ReplyDelete
    Replies
    1. ඔබා මේ දවස් වල "ඇල්"ශයිමර් වලිං ගොඩ යන්න ගිහිං පාකින්සන් හදාගෙන ඉන්නෙ . . . . . මාව පේන්නෙ නෑ දැං

      Delete
    2. ඕනය කියන කතාවෙත් ඇත්තක් තියෙනව වගේ මට පේන්නෙ.... නැත්තං මේ වගේ චෑන්ස් එකක් අතාරියිද ඔබා මාම.... අපරාදෙ හැබැයි....

      Delete
  28. දැක්ක ඒවා හරියට කියපං මියුරැවෝ... මදි වගේ...

    දැක්කනේ අපි දත් බේත් ගැන වුනත් නග්ගලා තියනවා.. :)

    ජය ශ්‍රී..

    ReplyDelete
    Replies
    1. හරියට බලාගන්න උනේ නැහැ නෙව.... අර ප්‍රීති අපට ආයෙ ඒ පැත්තට යන්න දුන්නෙ නැහැනෙ.... මට නම් ඕන උනේ අඩුගානෙ දෙන්න කාමරෙන් එලියට එන හැටිවත් හැංගිලා බලන් ඉන්න.... කො...හෙ...ද... :(

      Delete
  29. "ගෑණියෙක් කවදද හරියට වැඩක් කළේ.."
    ඕක කියපු මිනිහා මට අහුවුනානම් දනී කරන වැඩේ මම :/

    ReplyDelete
    Replies
    1. ඕක කියපු එකා ගැන ඔයා හරියට දන්නව නම් ඔය කතාව කියනවා දහස් සැරයක්.... මට කතාවක් කියන්න ඇවිත් මං උන්දට කිව්ව දවස් දෙකක් නිවාඩු දාල ගෙදර ඉන්න.... උන්දට තිවුනෙ අමුතුම ලෙඩක්...

      Delete
  30. මැක්ස් සීන් එක.. ඕනය දිමිය අයින් කරපු එකත් ෆට්ට.
    නැතුව ඉතිං රොඩු, දිමියො තියං බලං ඉන්නයැ කියන්නෙ.

    ReplyDelete
  31. ලොක් කරලා නැති කාමර වලට අනවසරයෙන් ඇතුල්වීම සම්පූර්ණයෙන්ම තහනම්... ජය වේවා අක්කෙ!!!

    ReplyDelete
    Replies
    1. අනේ අපි ඒක දැනගෙන හිටියෙ නෑනෙ ඔය දවස්වල... දැනගෙන හිටිය නම් එහෙම කරන්නෑ... අපි හොඳ ළමයි නෙව.... ;D

      Delete
  32. Hi guys,
    At the moment I'm away for a while. Will be back on next week. Thank you all for your comments and will reply you soon. I read all of your comments and LMFAO...... He....he....he....

    Love you all.

    Miyuru

    ReplyDelete
    Replies
    1. LMFAO ??? මොන උලව්වක්ද ඒ... ?

      Delete
    2. බබාට,
      L - laugh
      M - my
      F - අපේ ඔය නරක වචන පාවිච්චියක් ඇත්තෙම නැහැනෙ.... ඒ නිසා ළඟ ඉන්න සුට්ටං බබෙක්ගෙන් අහගන්න හොඳේ... ;)
      A - ass
      O - off

      තේරුනැයි....? :D

      Delete
    3. L - laughing with
      M - my
      F - fat
      A - ass
      O - out

      ඕං ඕකයි මම දන්න තේරුම හි හි....මියුරු අක්කා කියපු තේරුමත් නරකම නෑ හි හි ඒත් ඒක කොල්ලොන්ට කියන්න බෑනේ

      Delete
    4. L - laughing with
      M - my
      F - fat
      A - ass
      O - out

      ඕං ඕකයි මම දන්න තේරුම හි හි....මියුරු අක්කා කියපු තේරුමත් නරකම නෑ හි හි ඒත් ඒක කොල්ලොන්ට කියන්න බෑනේ

      Delete
  33. ඔය ගෑනු ලමයි කොහොමද විජේ අය්යගෙ කකුල් දෙක ‍ඔයතරම් හොඳට අඳුනන්නෙ.විජේ අය්ය හැර වෙන කෙනෙක් වෙන්න බැරිද? සරමක් විදිහට බෙඩ් ෂිට් එකක් දවටගත්තු වෙන කෙනෙක් මහත්තයෙක්? බෙඩ් ෂිටුත් තිබුනනෙ.
    මේ අපේ විජේ අයිය... වෙන්න බෑ...(වි‍ජේ අය්ය පේවරිට් ද දන්නෙ නෑ)

    ReplyDelete
    Replies
    1. එයා විතරයි අපේ ඔෆීසියේ ජාතික ඇඳුම ඇන්දෙ.... හැමදාම දැම්මෙ ජාතික ඇඳුමට දාන කළු පටි සපත්තු දෙක... එකක් කැඩුනට පස්සෙත් මිනිහ ගන්නෙ ඒ ජාතියෙම දෙකක්.... ඒ නිසා ඒ කාලෙ ඔෆිස් එකේ වැඩ කරපු හැමෝටම පොර අඳුනගන්න අපහසුවක් උනේ නෑ.....
      අනිත් අය කියන හින්ද අයිය කිව්වට ඒ මනුස්සයා අපේ තාත්තටත් වැඩිය අවුරුදු 15ක් විතර වයසක උන්දැ කෙනෙක්නෙ....

      Delete
  34. චීයා මියුරු අපිට ගේස් කියලා..ඔන්න මම නං ගේ නෙමේ.....හික් හික් හික් .....

    ReplyDelete
    Replies
    1. ඒ කොහේද අනේ මං එහෙම කියල තියෙන්නෙ....? ඇත්තටමයි අහන්නෙ තේරුනේ නැති නිසා....

      හයියෝ... ඔබතුමාගෙ බ්ලොග් එක පැත්තට නිකම් හරි ගොඩ උනු කෙනෙක් ඒක දන්නව නෙව... හික්ස්...

      Delete
  35. ටික වෙලාවක් බලන් ඉන්නකොට කකුල් හතර කකුල් දෙකක් වගේ පෙනුනේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. බලන් ඉන්න හම්බුන්නෑනෙ අනේ... අර ගොනී, ප්‍රීති එළියට ඇද්දනෙ අපි දෙන්නව... :(

      Delete
  36. @ Sabith,

    හයියෝ... මං නැති අතරෙ මගේ බ්ලොග් එකේ සෙටප් එකත් වෙනස් වෙලානෙ..... මං හිතුව එකින් එකට උත්තර බැඳගෙන යන්න ලේසි වෙයි කියල.... ඒත් බලනකොට රිප්ලයි කරන බට්න් එක මට වැඩ කරන්නෙ නැද්ද කොහෙද...

    හික්ස්... ඒකනෙ... නැත්තං අන්තිමට කියන්න වෙන්නෙ 'උඹ නාඬං...උඹ නාඬං......මේව උඹට හොඳ පාඩං....' කියල තමයි...

    ReplyDelete
  37. @ Senna,

    අනිත් අය කියන හින්ද අයිය කිව්වට ඒ මනුස්සයා අපේ තාත්තටත් වැඩිය අවුරුදු 15ක් විතර වයසක උන්දැ කෙනෙක්නෙ.... අවුරුදු 20ක් විතර කාලෙ මං හිතුවෙ ඒ තරම් වයසක උන්දැ කෙනෙක් එහෙව් වැඩක් කරන එකක් නෑ කියල නෙව.... කොහොමද මගේ සාමාන්‍ය දැනුම ඒ කාලෙ.... :D

    ReplyDelete
  38. @ lahirucc,

    අත්දැකීමෙන් වෙන්නැති කියන්නෙ නේ....
    හනේ බෝ.... මොහොතකට කලින් කරපු වැඩේ පත්තරෙත් දාල.... හික්ස්...

    ReplyDelete
    Replies
    1. හෑ... විලි ලජ්ජාවයි

      Delete
  39. @ kumaraya,

    අපි හිතුවෙ නම් අපේ සද්දෙ ඇහිල හැංගෙන්න දඟලනකොටයි අර සද්ද බද්ද ටික ඇහුනෙ කියල....

    ReplyDelete
  40. @ අසරණයා,

    ඔය තේරිලා තියෙන්නෙ අසරණයට මලක් වගේ... ඔයාට රත්න මිස්ගෙන් උම්ම එකක් ඉල්ලල දෙන්නම් හොඳේ..... :D

    ReplyDelete
  41. @ kandyan,

    කවුරුහරි මේ අසරණයටත් කුප්පි පොඩ්ඩක්වත් දානවද....? මහාචාර්ය ඕනයා, මොකද කියන්නෙ....? :D

    ReplyDelete
  42. @ ඕනයා,

    ආයෙ අහලා.... ඔය තියෙන්නෙ....
    හැට්ටෙ අස්සෙ දිමියො අයින් කරන්න යන්නැත්තෙ සමහරවිට හතේ අටේ පන්තිවල ඉන්දැද්දි වෙන්නැති නේ.... :D

    ReplyDelete
  43. @ මුහුදු කොල්ලකාරයා,

    අනේද කියන්නෙ..... 1948 ඉඳන් නිදහස තියෙනවලු.... ඔන්න බලන්නකො ඉතින් වැඩක් කරන්න ගියාම.... :D

    ReplyDelete
  44. @ Dinesh,

    ඒකනෙ.... ඔයාල කියනකොට තමයි ඕක හරියටම තේරුනේ..... ඇස් පරීස්සා කොරන්නත් කවුරුවත් නැති කාමරේකට අරන් නෙව ඒ වැඩේ කොරන්නෙ.... හරි හරි.... :D

    ReplyDelete
  45. @ ඔබ නොදු‍ටු ලොවක්,

    මූණට මූණ බලං.....හික්ස්....

    ReplyDelete
  46. @ වින්චැට්කිරිල්ලි.,

    කිරිල්ලි කිව්ව එකත් එක්ක දැන් හේතු තුනයි... ඔක්කොම අහ්ම් සාධාරන හේතු.... ඒ උනාට ඒ වෙලාවෙ අපට ඔය එක හේතුවක්වත් හිතුන්නෑනෙ.... අපි 'වල්' නිසා වෙන්නැති නේ.... :D

    ReplyDelete
  47. @ Podi Kumarihami,

    කුමාරිහාමිට තේරුනේ නැත්තං නෙව පුදුමෙ... පව් නේන්නං.... :D

    ReplyDelete
  48. @ සයුරි,

    අපේ සද්දෙ ඇහිල හැංගෙන්න හදනකොට වෙන්නැති.... ඒ බඩු ටිකත් පිළිවෙලකට අහුරල තිබුනෙ නෑ නෙව.... හිතන්නැති ස්ක්‍රීන් එකෙන් එහා පැත්තට ගියාම අපට පේන එකක් නැත කියල.... ඒත් පැස්බරා වැල්ලෙ ඔළුව හංගගත්ත වගේ සංගෙදියක් නෙව උනේ.... :D

    ReplyDelete
  49. @ රාජ්,

    වෙන්නැති... වෙන්නැති.... හික්ස්...

    ReplyDelete
  50. @ රූ,

    ඔයාට විතරයි අනේ ඒක තේරුනේ.... :D

    ReplyDelete
  51. @ ඊ මේල් කවිකාරි,

    ඔය කාලෙ අපි දැනගෙන හිටිය නෙව තට්ටු කරන්නාට විතරක් නෙවෙයි, හිටි හැටියෙ තට්ටු නොකරන්නාටත් දොර ඇරෙනවය කියල.... ඒ නිසා පොඩි ටෙස්ට් එකක් කළේ.... :D

    ReplyDelete
  52. @ පිස්සා පලාමල්ල,

    අපෙත් යාළුවො කිව්ව තොපිටත් වෙන්නෙ අර බලු පූට්ටුවලට ගල් ගහලා පව් පුරෝගත්තු එවුන්ට වෙන වැඩේමයි කියල.... අනේ මට නම් ඒක තේරුනේ නෑ අප්පා..... :D

    ReplyDelete
  53. @ ගැමියාගේ පත් ඉරුව,

    හැබෑට එහෙම උනා නම් මොකක් වෙයිද.... :D

    මහාචාර්ය ඕනයා මෙදා පොටෙත් ගහල තියෙන්නෙ කප් එක...

    ReplyDelete
  54. @ ලොකු පුතා,

    පව් නේන්නං බං එහෙම හිතනකොට.... පස්සෙ කාලෙකදි, ඒ කියන්නෙ අවුරුදු පණහකට විතර කිට්ටු වෙද්දි රත්නා මිස් කසාද බැන්දා ආණ්ඩුවේ ලොකු රස්සාවක් කරන කසාද නොබැඳම නාකි වෙච්චි මහත්තයෙක්ව....දෙන්නට දෙන්නා පෙනුමෙන් හොඳටම ගැලපෙනවා..... දරුවෙකුත් අරන් හදාගත්තා... අපිත් ගියා තෑගි බෝග අරන් දරු පැටියව බලන්න.... දැන් නම් හොඳට ඉන්නවා.....

    ඔබා මාම ලෙඩින් නෙව.... ;D

    ReplyDelete
  55. @ ඊ මේල් කවිකාරි,

    කවිකාරි මෙදා පොටේය දැනගත්තෙ ඕනයගෙ හොඳ.... ;D

    ReplyDelete
  56. @ ඉන්දික උපශාන්ත,

    නෑනෙ අනේ...

    ඒක නේන්නං.... ඇයි දන්නෑ එහෙම හිතුනෙ....
    අනිත් අය කියන හින්ද අයිය කිව්වට ඒ මනුස්සයා අපේ තාත්තටත් වැඩිය අවුරුදු 15ක් විතර වයසක උන්දැ කෙනෙක්නෙ.... අවුරුදු 20ක් විතර කාලෙ මං හිතුවෙ ඒ තරම් වයසක උන්දැ කෙනෙක් එහෙව් වැඩක් කරන එකක් නෑ කියල නෙව.... කොහොමද මගේ සාමාන්‍ය දැනුම ඒ කාලෙ.... :D

    ReplyDelete
  57. @ Observer,

    හොඳටම ෂුවර්ද....? ;D

    ReplyDelete
  58. @ තනි අලියා,

    එහෙමයි ආයුබොවන්ඩ.... :D

    ReplyDelete
  59. @ Ice (අයේෂා කුලතුංග),

    ඒක නම් ඇත්ත... හිකිස්.... සංසාරේ.... සංසාරේ....

    ReplyDelete
  60. @ ගැමියාගේ පත් ඉරුව,

    හික්...හික්...හික්....

    ReplyDelete
  61. බොහොම ස්තුතියි අගැයීමට...

    ReplyDelete
  62. මෙන්න පැණි දොඩමො මේ සැරෙත් ඊයක් විතරයි... ඕං පෝස්ට් කොළා..


    මැක්ස් සීන් එක.. ඕනය දිමිය අයින් කරපු එකත් ෆට්ට.
    නැතුව ඉතිං රොඩු, දිමියො තියං බලං ඉන්නයැ කියන්නෙ.



    Posted by පැණි දොඩම් to Miyuruworld at 11 January 2012 00:25

    ReplyDelete
    Replies
    1. ගෑණු ළමයින්ගෙ හැට්ට අස්සෙ තියෙන රොඩු බොඩු, දිමියො අයින් කරන්න නම් ඕන තරම් කස්ටිය... පුහ්....

      Delete