මේකත් මේ යාලුවෙකුට නමක් දාපු කතාවක්... එක කතාවක් ලිව්වට පස්සෙ නම් කතා හෝ ගාලා මතකයට එන්න පටන් ගත්තා....
අපේ මේ යාලුවගෙ ඇත්ත නම අදටත් මට මතක නෑ..
මිනිහගෙ එක කම්මුලක නහය කිට්ටුවට වෙන්න ලොකු උපන් ලපයක් තිබුනා... ලමයි ඒ නිසා මිනිහට කිව්වෙ 'ලපයා' කියලා...
මමත් ඒ දවස්වල ඕන එකයි නැති එකයි ඔක්කොම ගෙදර ගිහින් අපේ අම්මගෙ කනේ තියනවා. ඒක නිසා අම්මත් ඔය යාලුවො ගැන, එයාලගෙ අන්වර්ථ නාමයන් ගැන එහෙම හොඳට දන්නවා....
දවසක් මම හවස බත් කකා ඉන්නකොට අම්මා කඩේ ගිහින් ගෙදර ආවා... ඇඳුම් මාරු කරන ගමන් අම්ම කියනවා 'අද මට ටවුමෙදි ඔයාගෙ යාලුවෙක් හම්බුනානෙ...'
'කවුද අම්මෙ...?' කන ගමන්ම මාත් ඇහුවා...
'අර පුල්ලියා....' අම්මා කියපි.
මට හිනා ගිය පාර බත් ටිකත් ඉස්මොලේ ගියා.....
යාන්තම් සිහි එලවගත් ගමන් මං ආයෙ ඇහුව 'කවුද පුල්ලියා..?' කියලා.
අම්ම කියනවා 'අර මූනෙ ලපයක් තියෙන්නෙ...' කියලා..
එතකොටයි මට තෙරුනේ අම්මා මේ කියන්නෙ 'ලපයා' ගැන කියලා...
'අය්යෝ අම්මෙ...ඒ පුල්ලියා නෙවේ, ලපයා...' කියලා මං කියනකොට අම්මටත් හිනාව නවත්තගන්න බැරි උනා...
පස්සෙන්දා මම ඕක ඉස්කොලෙ ගිහින් යාලුවන්ට කිව්වාම උන් පන ඇරගෙන හිනාවෙලා කතා උනා මින් පස්සෙ 'අපි ඌට පුල්ලියා කියමු' කියලා .
ඒ වෙනකොට පොර 'ලපයා' කියන එක ගැනත් කෙන්තියෙන් තමයි හිටියෙ... ඉතින් පුල්ලියා කිව්වාම ආයෙ කියන්න ඕනෙ නැහැනෙ... කට්ටියම හොඳ සිංහල ටිකක් අහගත්තා ඒක කියන්න ගිහින්.
පස්සෙ මිනිහට ආරංචි වෙලා කොහොමද නම ආවෙ කියලා.... ටික කාලෙකට පස්සෙ අපේ අම්මා කියනවා 'අනේ පුතේ අර ලමයා දැන් මගේ මූන බලන්නෙත් නැහැනෙ...' කියලා.
මූන බලාවියැ ඒ ලමයට නමක් හැදුවාම...
කොහොම කොහොම හරි අන්තිමට අපේ කට්ටිය නැති තැන මිනිහට කිව්වෙ පුල්ලියා කියලා....
ඔන්න ඔහොමයි අපේ අම්මා මගේ යාලුවෙකුට නමක් දැම්මේ....
මගෙ වෙන්න මහත්තයට යළුවො ගොඩයි...හැබැයි හැම කෙනාටම එක එක නම්..
ReplyDeleteටාසන්...අලියා..තඩියා..බතලයා..ලොරියා...බරියා...ඔය වගේ නම් ...දවසක් මම හදිස්සියෙ මෙයාගේ යාළුවෙකුට කතා කලා...මනුස්සයාගෙ නම චින්තක,,ඒත් වෙන්න මහත්තයා කියන්නෙ තඩියා කියලනෙ....මනෙ ෆෝන් නම්බර් එක තඩියා අදුරන්නෙ නැති නිසා මම කතා කල ගමන්ම " කවුද කතා කරන්නෙ " කියලා මගෙන් ඇහුවා...මාත් ගත්ත කටටම..." ඔයා තඩියා නේද " අහපි...යාලුවට පොළොව පලාගෙන යන්න හිතුනලු...
LMFAO...ඔයා හැමවෙලාවෙම මාව හිනස්සනවා... :))
ReplyDeleteඅපිත් මේ පලාතේ ඇවිත් යන්න කියලා ආවා එක නෙමේ මොකක්ද ඉතින් යාලුවෝ ඔයාට දාලාතිබුන නම් එහෙම.. එක පාර කථාවේ මුල් ටික කියවනකොට මාවත් ඩිම් උනා මට ඔය නම වැඩිය කිවේ නැතත් මගේත් මුනේ ඔය ලපයක් නම් තියනවා.. හිකිෂ්
ReplyDeleteඔන්න දිගටම එන්නකෝ අපිව බලන්නත් හොදේ
දේවා, ඔයාට ගොඩාක් ස්තුතියි ඇවිත් බලලා විතරක් යන්නෙ නැතිව කොමෙන්ටුවකුත් දාලා ගියාට...
ReplyDeleteහී...හී... මට කියපු නම පස්සෙ පස්සෙ එලිවේවි.... පසුබිම් කතාවත් එක්කම දවසක කියන්නම්කෝ...
ඔයාගෙ පැත්තෙ මම නිතරම එනවා.... ඒ විතරක් නෙවේ, ඔයාගෙ සාමාජික තලේටත් එකතු වෙලායි ඉන්නෙ....
මගෙත් ඉස්කෝලෙ යාලුවෙක් හිටියා එයාගෙ ලප ගොඩයි.අපි එයාට කිව්වෙ ලපපප්පා කියල.
ReplyDelete@ නදී,
ReplyDeleteඒක නම් නියම නම....'ලපපප්පා'... හික්ස්
අම්මත් මාරයිනේ....අපේ එකෙක් හිටියා අළුහම් තියෙනවා හරියට උගේ..ලස්සනට නම දැම්මා ගෝමරය කියල...ඌත් ඒකට ආසයි....හික් හික් හික්
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්,
ReplyDeleteකොල්ලෙකුට ගෝමරය කියල නම වැටුනම කොහොම ආතල් එක්ක තියෙන්න ඇත්ද කියල මං මේ කල්පනා කරන්නෙ.... :D
හපොයි....
ReplyDeleteමගේ කොලුවගෙත් ලොකු උපන් ලපයක් තියෙනව කම්මුලේ......
ඌටත් ලන්කාවෙ හිටිය නම් ඔය ආනිසන්සෙම තමයි වෙන්නෙ.........
අනිවාර්යයෙන්ම ඇනෝ.... :D
ReplyDeleteනියම නමක් නේ අම්මා දාලා තියෙන්නේ. අර ලමයට වහ කන්න හිතෙන්නැති නේ.
ReplyDelete@ මධුරංග,
ReplyDeleteවහ කන්නදත් කියන්නෙ.... ඒකනෙ මිනිහ ආයෙ අම්මගෙ මූණවත් බැලුවෙ නැත්තෙ, නම ආවෙ කොහෙන්ද කියල දැනගත්තට පස්සෙ....
මගෙත් යාළුවෙක් ඉන්නවා උටත් ඔහොම ලපයක් තියෙනවා උගේ තාත්තටත් ඒ ලපේ ඊට වඩා සයිස් එකෙන් එතනම තියෙනවා හි හි තාත්තා ලපයා මගේ යාළුවා පොඩි ලපයා ඒ නිසා....
ReplyDeleteහි හි තව නම් තියෙනවා පෙට්ටියා.මුඩ්ඩා.ගැමියා(ඒ මම).චීසා.ලයියා පැ**.හුජ්ජි බලං ගියාම මේවා පොදු නම්නේ
මුඩ්ඩා, පැxx, හුජ්ජි..... නියමයි ඈ... හික්...හික්...හික්...
ReplyDelete