Total Pageviews

Tuesday 25 October 2011

තාත්තගෙ කේන්දරේ....!!


අපේ අම්මයි, තාත්තයි කසාද බැඳලා තියෙන්නෙ ප්‍රේම සම්බන්ධයකින්.... ඉතින් ඕක දෙන්නගෙ ගෙවල් වලින් දැනගත්තු වෙලාවෙ දෙපැත්තෙම වැඩිහිටියන්ට ඕන වෙලා තියෙනවා කේන්දර බලන්න.... මේ දෙන්නා ඕවා විශ්වාස නොකලට කවුරුත් වගේ ඉතින් කසාදයකදි ඔය වැඩේ කරනවාමනෙ.... ඉතින් ඔන්න කේන්දර බැලෙව්වාම පොරොන්දම් ගැලපෙන්නෙ නැතිලු..... ඉතින් අත්තම්මා, ඒ කියන්නෙ තාත්තගෙ අම්මා කේන්දර දෙක, දන්න හොඳයි කියන කේන්දරකාරයො කිහිප දෙනෙකුටම බලන්න දීල තියෙනවා... ඉතින් හැමදෙනාම කියල තියෙන්නෙ මේ මංගල්ලෙ නම් කරන්න එපා, හරියන එකක් නෙවේ කියලා.... අත්තම්මල කිව්වලු තාත්තට කෙන්දර ගැලපෙන්නෙ නැති නිසා වෙන අතක් බලාගන්න කියලා..... ඉතින් තාත්තත් අත ඇරලා නෑ... තාත්ත කිව්වලු අල්ලපු ගමේ ඉන්න ප්‍රසිද්ධ කේන්දරකාරයා කිව්වොත් ඔන්න ගැලපෙන්නෙ නැහැ කියලා එයා ඒක පිලිගන්න බව...තාත්තගෙ බල කිරීමට අත්තම්මා කේන්දරෙත් අරන් එතැනටත් ගිහිල්ලා....
හොඳ වෙලාවට ප්‍රතිඵල ලේඛනය කේන්දරකාරයගෙන් අරගෙන එන්න ගිහින් තියෙන්නෙ තාත්තමයි....වැඩේ වෙන්න ඕන නිසා ගියාට තාත්තා දැනගෙන ඉඳලා නැහැ පොරොන්දම් බලනවා කියලා මොකක්ද කරන්නෙ කියලා..... ඉතින් කේන්දරකාරයා කිව්වාම ගැලපෙන්නෙ නැහැ කියලා, තාත්තා ඒ මනුස්සයට කිව්වලු 'එහෙනම් මහත්තයා ගලපලාම දෙන්න, මං එතකම් ඉන්නම්...' කියලා. මේක ඇහුනු ගමන් කේන්දරකාරයාට නහුතෙට තද උනාලු, ඒ මිනිහගෙ සාස්තරේට අවමන් කරනවා කියලා..... තාත්තත් වැඩේ ජෝන් බාස්ට යන්න කලින් පැන්න ගමන් කේන්දර දෙකත් අරගෙන වෙඩිල්ල වගේ එතැනින් පිට උනාලු.... මොකකින් හරි දමල ගහයි කියලත්  තාත්තට හිතිලා... මොකද ඒ තරමට පොරට කේන්ති ගිහින්... ගෙදර ආපු තාත්තා මේ කිසි දෙයක් අත්තම්මලාට කියලා නෑ... කට්ටිය රෑ නිදා ගන්නකම් ඉඳලා කුස්සියට රිංගගත්තු තාත්තා කේන්දර දෙකම ලිපේ දාලා පුච්චලා.... කොහොමින් හරි ඊට පස්සෙ බලන්න කේන්දරයකුත් නැති හින්දා පොඩි පොඩි කනු කුනු අස්සෙ මගුලත් කෙරිලා...ඉතින් ඒ දෙන්නට අදටත් කේන්දර නෑ.... කේන්දරකාරයා මොනවා කිව්වත් කසාදෙ නම් ඉතින් තවමත් බොහොම හොඳට පවතිනවා....
ඒ දෙන්නගෙ විශ්වාසයේ ප්‍රතිඵලයක් විදියට අපටත් කවදාවත් කේන්දර හදලා තිබුනෙ නෑ... උපන් වෙලාව විතරයි තිබුනෙ.... ඉතින් අපි තුන්දෙනාමත් කසාද බැන්දෙ කේන්දර බලලා නෙවෙයි.... උපන් වෙලාවලට අනුව තමයි පෝරුවෙ නැකැත් හැදුවෙ.... මගේ හබීට ඩිස්ප්‍රින් වේගයෙන් කසාදෙ කරගන්න උවමනා උනු හින්දත්, නගාලගෙ හබියො කවදද අරන් යන්නෙ කිය කිය ඒ වෙනකොට වසර දහයකටත් වඩා ඇඟිලි ගැන ගැන බලන් හිටිය නිසාත් (ඒවා වැලිකෙලියේ පටන් ඇතිවුනු ආලවන්තකම්...) කිසිම කේන්දර ප්‍රශ්නයක් නැතිව අපේ තාත්තා කඩේ වහල දැම්මා....දෙයියන්ගෙ පිහිටෙන් අපටත් so far, so good....

19 comments:

  1. ඒකනේ ඔය යසට ඉන්නෙ කේන්දර බලල බැදලැයි.එක අතකට ඕව නොබල ඉන්න එක තමා හොද.කොහෙද මේ අපේ අම්මලා එක්ක බෑනේ.

    ReplyDelete
  2. කේන්දර ගැන මගෙත් අයිතිකාරයාගෙත් එතරම්ම විශ්වාසයක් නෑ...තවම අපි නම් කේන්දර ගැලපෙනවද කියලා බැලුවේ නෑ...මම හිතන විදියටනම් කේන්දරවලට කලින්ම මට කිව්ව හැකි අපේ නොගැලපීම්...හික්ස් අහසට පොළොව වගේ සමහර වෙලාවට...ඒත් ඉතින් අපි දෙන්න ආදරයෙන් ඉන්නවා..... කිසිම වෙනසක් නැතුව....

    කසාදයකදී අවබෝධය + විශ්වාසය තියෙනවානම් හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා මට නම් හිතෙනවා...ඔය කේන්දර ගැලපිල්ලට වඩා...

    ReplyDelete
  3. @නදී,

    හිතට පොඩ්ඩක්වත් සැකයක් තියෙනවා නම් නොබලා ඉන්න එපා.... මොකද බැන්දට පස්සෙ මොනව හරි උනොත් යටි හිතෙන් හරි හීනියට හිතෙන්න ඉඩ තියෙනවා 'අපරාදෙ... කේන්දර බැලුව නම්...' කියලා.

    ReplyDelete
  4. @ දිල්,

    ඔව් අනේ... කොටින්ම කියනවා නම් මේ එක වහලක් යටට එකතු වෙන්නෙ සම්පූර්නයෙන්ම වෙනස් දෙන්නෙක් බවත්, කසාද බඳින්න කලින් 'cute' විදියට දැකපු අනෙකාගෙ සමහර චර්යාවන් කසාද බැන්දට පස්සෙ 'intolarable' වෙන්නට ඉඩ ඇති බවත්, කිසි කෙනෙක් 100% අනෙකාට ඕන විදියට වෙනස් වෙන්නෙ නැති බවත්, ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද කියලා ඉවසීම ප්‍රගුන කරලා තියෙනවා නම් මං හිතන්නෙ බොහොමයක් ප්‍රශ්න වලින් ඉහ බේරගෙන ඉන්න පුලුවන් වෙයි....

    ReplyDelete
  5. ඇත්ත කොහොමහත් ආදරේ කරන දෙන්නේක් ප්‍රෂ්ණ ඇතිකර ගන්නැතිව ඉන්නව කියන්නේ කොහොමත් ගැලපෙනව කියන එකනේ...ඉති කෙන්දර මොටැ...හැබැ දීගේ ගියාට පස්සෙත් එහෙම්මම ඉන්ට ඔනැ...

    ReplyDelete
  6. ඒකත් ඇත්ත තමයි පොරෙන්දම් සේරම ගැලපුනත් එයා ආදරේ නැත්නම් විශ්වාස කරන්නෙත් නැත්නම් එතන පවුලක් රැකෙන්නේ නෑනේ.

    ReplyDelete
  7. අපොයි කේන්දරනම් මහ ඇනයක් තමයි.ඒත් ඉතිං අතීතය ගැන හරියට කිව්වාම විස්වාස කරන්නත් හිතෙනවානෙ වෙලාවකට.

    ReplyDelete
  8. @ Raj,

    ආදරේ කරන කාලෙත් ඔය පොඩි පොඩි විරසක ඇති වෙනවනෙ අනේ... ඒ කාලෙට ඉතින් ඒවත් ජොලි... ඒත් බැන්දට පස්සෙ නිතරම ලඟ ඉන්නකොට අර වගේ පොඩි පොඩි උනත් විරසක නිතර නිතර ඇතිවෙනවා නම් ඔන්න ටිකක් මොලේ පවිච්චි කරන්න ඔන වෙලාව...

    ReplyDelete
  9. @ batti,

    සහතික ඇත්ත බට්ටි නගා... සහතික ඇත්ත....

    ReplyDelete
  10. @ නිසූපා,

    මමත් අහලා තියෙනවා සමහරුන්ට ඇත්ත කියැවිලා තියෙනවා කියලා... එහෙම උනාම නම් ඉතින් ඕනෑම කෙනෙකුට විශ්වාස කරන්න හිතෙනවනෙ, නේද... මගේ යාලුවෙකුගෙ අක්ක කෙනෙකුට හඳහන් බලන කෙනෙක්, ප්‍රපෝසල් එකකින් ආව මගුලක් මල් හතයි කියලා ලොකු රෙකමන්ඩ් එකක් කරලා, කොහොම හරි ඔන්න ඒ මගුල කෙරුනා... බැඳලා ජෝඩුව රට ගියා... දරුවෙකුත් හම්බවෙලා අවුරුද්දකට විතර පස්සෙ ඒ මිනිහා දරුව තියාගෙන අම්මව ආපහු ලංකාවට එවල තිබුනා...

    ඉතින් එයාලගෙ තාත්තට කේන්ති ගිහින් ඒ අක්කගෙ කේන්දරෙත් අරගෙන ගිහින් විස්තර මොකුත් කියන්නැතුව කේන්දරකාරයට දීලා.... ඒ මිනිහා ඒක බලල කිව්වලු 'මේ නෝනගෙ කසාදෙ නම් මේ වෙනකොට අතහැරිලා තියෙන්න ඕන' කියලා... ඉතින් තාත්තට හොඳටම තරහ ගිහිල්ලා කිව්වලු 'ඇයි මනුස්සයෝ තමුසෙමනෙ කිව්වෙ මේ කසාදෙ මල් හතයි කියලා....' එතකොට කේන්දරකාරයා කිව්වලු 'එව්ව එහෙම තමයි මහත්තයා... වෙන්න තියෙන දෙයක් හින්දා ඒවා ඒ වෙලාවට පෙන්නුම් කරන්නෙ නෑ..' කියලා..

    ඉතින් කාටෙයි කියන්නෙ....

    ReplyDelete
  11. අපිටත් නෑ නොවැ ඔය කේන්දර! :)

    ReplyDelete
  12. කොච්චර ලේසිද අනේ....

    ReplyDelete
  13. මටත් කේන්දරයක් නෑ......අපේ තාත්තා ඕනේ නෑ කියල.....

    ReplyDelete
  14. @ ඔබ නොදු‍ටු ලොවක්....,

    වැඩේ නම් හරිම ලේසියි නේද? ඒ උනාට මං හරිම ආසයි ඔය නොපෙනෙන බලවේග ගැන කතා අහන්න.... ඔයාට එහෙම හිතිල නැද්ද කවදාවත්...?

    ReplyDelete
  15. බට්ටි ගෙ බ්ලොග් එකේ කේන්දර ගැන කමෙන්ට් එක තමයි මේ පැත්තට පාර කිව්වෙ.. ඕසි ඩිනර් එක අල්ලල ගිය නිසා කොනක ඉදන් කියවන් එනවා.. මගේ බ්ලොග් රෝලටත් දා ගත්ත බ්ලොග් එක.

    ReplyDelete
  16. @ පිස්සා පලාමල්ල,

    බොහොම ස්තුතියි මල්ලි... අපිත් එනව ඒ පැත්තෙ, පස්සෙනුත් පන්නනව.... :D

    ReplyDelete
  17. කේන්දර බල බල හිටියා නම් ඔයෑලෑ අම්මයි අප්පච්චියි තාම ගෙවල් වල. හොද වෙලාවට එහෙම දෙයක් කලේ.

    ReplyDelete
  18. @ මධුරංග,

    එහෙනම් ඉතින් අපි තුන්දෙනාටත් ඔය කාගෙ හරි වහලෙ තියෙන පරාලයක් අස්සටවත් වෙලා ඉන්න වෙයි නේද.... ගන්ධබ්බ කාලෙ... :)

    ReplyDelete
  19. අපේ තාත්තලත් කේන්දර නොබලා තමයි බැදලා තියෙන්නේ අපේ අම්මගේ දෙමාපියෝ කේන්දරේ දෙන්න කිව්වාම කියලා තියෙනවා ඒක හරි නොගියොත් මගුල කරන්නැද්ද කියලා.පස්සේ ඉතිං අපේ තාත්තා වගකිවයුතු රස්සාවකුත් කරන එකේ කැමතිවෙලා මාත් ඔය කේන්දර බලන්නෑ ඕවගේ තියෙන්නේ ටොම් පච.කේන්දර ඉල්ලුවොත් අක්කා දීලා තියෙන උපදෙස ක්‍රියාත්මක කරන්න ඕනේ මරු ඈ

    ReplyDelete