Total Pageviews

Sunday 5 February 2012

චූටි නංගි තරහා වෙලා......

මම කලින් ලියපු පෝස්ට් දෙකක ( බිත්තරයක් කළ හදියක්, චූටි නංගිගෙ චක්කරේ) අපේ චූටි නගා ගැන කිව්ව ඔයාලට මතක ඇති.... කියෙව්වෙ නැති අයට කැමති නම් බලන්න මෙන්න ලින්ක් දෙක....

http://miyuruworld.blogspot.com.au/2012/01/blog-post_18.html
http://miyuruworld.blogspot.com.au/2011/11/blog-post.html


මං පුංචි කාලෙ අපේ ගෙදර කස්ටිය පුරුදුවෙලා හිටියෙ කලින් නිදාගෙන උදේ පාන්දරින්ම අවදි වෙන්න.... ඉතින් අපි රෑ 7.30 වෙනකොට රෑට කාලා 9 වෙනකොට ඇඳේ.... නැගිටින්නෙ පාන්දර 5-5.30 අතර.... ඒ නිසා උදේ 8 වෙනකොට අපේ ගෙදර ඇත්තො මූණ කට සෝදගෙන, ගෙවල් දොරවල් අතු පතු ගාල, උදේට කාලත් ඉවරයි.... නැබැයි අපේ චූටි නගා ඕකෙ අනිත් පැත්ත... මෙයා ඉස්කෝලෙ යන්න පටන් ගත්තු කාලෙ ඉඳන්ම නිදාගන්නෙ අපි ඔක්කොටම පස්සෙ.... නැගිටින්නෙත් අපි ඔක්කොටම පස්සෙ..... ඒකත් අදියර කිහිපයකට.... පළමු අදියර විදියට අවදිවෙන්න නම් කවුරු හරි මෙයාව අල්ලලා හයියෙන් හොල්ලන්න ඕන.... එලාම් හෙම තියලා හරියන්නෑ.... කණ ළඟ බෙර හතක් ගැහුවත් ගෑණි නෙවෙයි නැගිටින්නෙ..... උන්දැ මළා සේ බුදි.... ඔය කාලෙ අපේ අම්ම හෙව්ව එලාම් සද්දෙ වෙනුවට හරියට වෙලාවට ඇඟට පැනල හපා කන ඔරලෝසුවක්.... ඔන්න එහෙම එකක් හොයාගන්න තිබ්බ නම් මෙයාව ඇහැරවගන්න තිවුන වෙලාවට.... දෙවෙනි අදියරට පෙරවන් ඉන්න රෙද්ද අයින් කරල කකුල් දෙක බිමට ගහනව..... ඒත් ඔළුව කොට්ටෙ උඩ තියාගෙන උඩුබැලි අතට එහෙම්ම ඉන්නව.... සමහරදාට ඒ ඉරියව්වෙන්ම ආයෙත් නින්ද ගිහිල්ල.... අපි මෙයා ඔහොම ඉන්නව දැක්කම කකුල් දෙකෙන් ඇදල බිමට දානව..... එහෙම වෙලාවට ගෑණිට මළ පනිනව.... ඒ හින්ද සමහර වෙලාවට ආයෙම ඇඳට නැගල කොට්ටෙත් බදාගෙන බුදිය ගන්නව.... තුන්වෙනි අදියර තමයි අම්ම ඇඳ ළඟට ඇවිත් වහලෙ උළු ටික උඩ යන්න 'ඇයි දරුවො, අද නැගිටින්නෙ නැද්ද...' කියල අහන එක.... ඔන්න එතකොට උඩ ගිහින් ඇහැරිලා බොහොම අමාරුවෙන් ඇඳෙන් වාඩිවෙනව..... ඒ වෙනකොට ඉතින් අම්ම උදේට හදපු කිරි එක පවා හොඳටම ඇල් වෙලා.... ඒත් අම්ම නෙවේ වෙන එකක් හදල දෙන්නෙ.... ඒක දන්න නිසා මෙයත් එක හුස්මට ඇල් ටී එක ඇදල දානව....

ටික කාලෙකට පස්සෙ ඔය චර්යා රටාව පොඩි හේතුවක් නිසා ටිකක් වෙනස් වුණා... අපි තුන්දෙනා පටන් ගත්ත කැට තුනකට සල්ලි එකතු කරන්න.... ඒ දවස්වල අපේ තාත්ත අපි ඉස්කෝලෙ යනකොට රු. 5ක් හෙම ඉල්ලුවොත් රු.10ක්ම අතට දෙනව... ඒ උනාට ඔය ඔක්කොම අපට වියදම් උනේ නෑ.... ඉතින් හවසට ගෙදර ආවම ඉතුරු සල්ලි ටික අම්ම අතට දෙනකොට එයා කිව්ව ඒ සල්ලි ටික ඉතුරු කරගන්න කියලා මොකක හරි දාල.... ඒකෙන් තමයි කැට සෙල්ලම පටන් ගත්තෙ.... කැට වලට සල්ලි එකතු කරන්න පටන් ගත්තට පස්සෙ අවුරුද්ද අන්තිමට අපි ඒව කඩල සල්ලි අරගෙන එක එක බඩු ගත්ත.... මං ඒ සල්ලි වලින් කැසට් රෙකෝඩර්, මික්සර්, රයිස් කුකර් පවා අරගත්ත.... ඒ රයිස් කුකර් එක ඇරෙන්න අනිත් බඩු නම් මේ මෑතක් වෙනතුරුම අපේ මහ ගෙදර තිබ්බ..... ලොකු නංගිත් එයාගෙ සල්ලි වලින් මොන මොනවාදෝ ගත්ත කියල මතකයි....හැබැයි චූටි නංගි නෙවේ එයාගෙ සල්ලි ටික හෙල්ලුවෙ.... ඔය අස්සෙ ඒ දවස්වල මාරු සල්ලි ඕන උනාම අම්මයි තාත්තයි සල්ලි කොළ අපට දීල කාසි ඉල්ල ගන්නව.... රු.8ක මාරු සල්ලි වලට රු.10ක කොළයක් ලැබෙනව පොළියත් එක්කම... සමහරදාට තාත්ත හරි අම්ම හරි අතේ සල්ලි නැති උනාම ඕව පිල්ලි ගහන දවසුත් තිබ්බ.... හැබැයි එහෙම උනාම පොළියත් එක්කම තමයි ආපහු ලැබෙන්නෙ.... වංචාවක් කරන්න බෑ ඕක අපි නිතර ගණන් කරන හින්දා..... පොළී දෙන වැඩේ පාඩු හින්දා වැඩිය දවස්වලට මේ දෙන්න කරන්නෙ අපි සල්ලි අඩු බව දැනගන්න කලින් හෙමීට ආපහු කැටේට දානව.... ඒ උනාට අමතක වෙන දවසුත් තිබ්බ.... ඉතින් අයිතිකාරය දැනගත්තු වෙලාවට ජූලි හතයි....පොළවෙ හැපි හැපී අඬන්නෙ... ඉතින් ඔය දවස්වල අර බෙර හතක් කණ ළඟ ගැහුවත් අවදි වෙන්නෙ නැති චූටි නංගි එයාගෙ කැටේ හොලවනව ඇහුනු ගමන් මොන නින්දෙ හිටියත් පටාස් ගාල නැගිටිනව.... ඉතින් අපට එයාව ඇහැරවන්න ඕන උනාම අපි කළේ ඕක හොලවපු එකයි.... ටිං ගාල නැගිටල එන්නෙ.... අනේ උන්දට නින්දක් නෑ ඒ දවස්වල.... සල්ලි මල්ල පරෙස්සං කරන්න ගිහිල්ල....

ඔන්න ඉතින් දවසක් අපෙ අම්ම වෙනදා අපෙන් හොරෙන් ගන්නව වගේ මෙයා ගෙදර නැති අතරෙ උන්දගෙ කැටේට බැහැල.... කරුමෙට ගෑණි දැනගන්න කලින් අම්මට ඒක ආපහු දාන්න බැරිවෙලා.... අලේ ගෑණි හොටු පෙරාගෙන විලාප දි දී අඬන්න තියාගත්තෙ නැතැයි.... තාත්ත ගෙදර හිටියෙ නැති නිසා අම්ම ටොං පචයක් ගැහුව තාත්තයි අරගෙන තියෙන්නෙ, ගෙදර ආවම ඉල්ලල දෙන්නංය කියල.... මෙන්න ඒ ගමන ගෑණි අඬනව 'තාත්ත... පෝත්ත...පීත්ත...චීත්ත...' කිය කියා.. මමයි ලොකු නංගියි ඕකට හිනා වෙනකොට ළඟ හිටපු අම්මටත් හිනා ගියා.... ඒතකොට අම්මත් එක්ක තරහ ගිය පාර මුන්ද කියනවා 'අම්ම...බුම්ම...පිම්ම...චිම්ම...' කියල... අපට තවත් හිනා ඒක අහල.... අන්තිමට අඬල අඬල ගෑණි එයාගෙ කාමරේට ගිහින් දොර වහගත්ත.... අම්මත් ඉතින් එයාට එහෙමම ඉන්න ඇරියා එයාටම ඇතිවෙලා එළියට එන්නෙ නැතැයි කියල හිතල...

ඊට පස්සෙ අම්මයි මමයි ලොකු නංගියි සාලෙට වෙලා කයිය ගහගෙන ඉඳලා තේ ටිකක් හදමු කියාගෙන අම්මා කුස්සියට ගියා.... ඒ කාලෙ අපේ ගෙදර තිබුණෙ දර කුස්සියක්.... ඔහොම කුස්සිවල උයන වළං ගැන එහෙම කවුරුත් දන්නව ඇතිනෙ... දැලි බැඳිලා කට්ට කළු පාට වෙච්චා.... අපේ ඔය උයන්න ගන්න වළං ටික සෝදල වේලලා ආපහු නවලා තියන්නෙ පෝරණුව උඩම එක කොණක.... ඒ වගේම තමයි බිඳිච්චි වළංනුත් මොන හේතුවක් නිසා හරි නිකම්ම කුණු ගොඩට විසික්ක කළේ නෑ ඒ දවස්වල..... බිඳුනා කිව්වට කෑලි වෙන් වෙච්චි ඒව නෙවේ.... හිල් වෙච්චි ඒවයි, ඔය ඉරක් හෙම ගියපුවයි... ඒවා අපේ ගෙයි පිටිපස්සෙ තිබුණු පස් කණ්ඩිය උඩ තමයි නවල තිබුණෙ.... මං දන්නෑ ඇත්තටම එහෙම කළේ ඇයි කියල.... ඉතින් ඔන්න මොහොතකින් තේ හදන්න කියල කුස්සියට ගියපු අම්ම කෑගහනව ඇහුන 'පුතේ... මෙහෙ එන්න බඩුවක් පෙන්නන්න...' කියල...
අපි දෙන්නත් දුවගෙන ගියා කුස්සියට.... අපි දැක්කෙ හිනාව පිපිරි පිපිරි තිබ්බ අම්මගෙ මූණ....  අනේ අර පෝරණුව උඩ නවලා තිබුණු වළං ඔක්කොම ඒවයෙ පතුලෙ සුදු පාට රටහුණු වලින් ගරා යක් මූණු ඇඳලා.... ඒ මදිවට කුස්සියේ බිම ඒ වළං තියෙන පැත්තට ඊතලයක් ගහල ලියල තියෙනව 'අම්මාගේ මූණ' කියල....
ඒක දැකලා අපි ඔක්කොම පණ යනකම් හිනා වුනා....


පස්සෙ අම්ම තේ එකකුත් හදල චූටි නංගි කොහෙද කියල බැලුවම මෙයා ඉන්නව පිළිකන්නෙ පේමන්ට් එක උඩින් වාඩිවෙලා බුම්මගෙන... අනේ ඉතින් අම්ම එයාගෙ තේ එකත් අරන්  ඒ පැත්තෙන් එළියට බැස්ස 'මෙන්න දරුවටත් තේ එකක්..' කියාගෙන.... ඒක නංගිගෙ අතට දීල ඔළුව උස්සල බලපු අම්මට හිනා ගිය පාර අනිත් අතේ තිබ්බ අම්මගෙ තේ කෝප්පෙත් බිමට වැටිල 'සලාං...' ගාල කුඩුවෙලා ගියා... අනේ මෙන්න අර කණ්ඩිය උඩ නවල තිබ්බ බිඳිච්චි වළං ටිකෙත් මෙයා අම්මගෙ මූණ ඇඳල යකෙක් වගේ....

එදා හැන්දෑවෙ තාත්ත ගෙදර ආවම අම්ම ඕක පෙන්නුව තාත්තට.... හයියෙන් හිනා වෙච්චි තාත්ත කියනව 'මගෙ පුතාට විතරයි ඕක තේරිලා තියෙන්නෙ ...' කියලා.... මොකට කිව්වද කියල හිතෙන්නැති අම්මට....

66 comments:

  1. චූටි නංගිගෙ කැටේට ආපහු සල්ලි දැම්ම නම් ඕක ශේප් වෙනවනෙ...තාත්ත එහෙම කිව්වම චූටි නංගිට හෙන සතුටු හිතෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං.... කරුමෙට අම්මට මතක නැතිවෙලානෙ....
      තාත්ත ඕක කියනකොට ගෑණිගෙ තරහ නිවිල නිසා උන්දට ලැජ්ජ හිතුන.... ලොකු නංගියි මමයි රැව්ව මතකයි උන්දට තාත්ත එහෙම කියනකොට... ඇයි තාත්ත අම්මට එහෙම කිව්වෙ මුන්ද අරම කළ නිසානෙ.... අනේ අපි ඒ කාලෙ.... :D

      Delete
  2. නින්ද සම්බන්ධ කාරනා වලදී මාත් දෙවෙනි නෑ :)

    ReplyDelete
    Replies
    1. හික්ස්.... ඔය අහුවෙන්නෙ කස්ටිය.... ආ... නෑ නෑ ....කට්ටිය.... :O

      Delete
  3. හපොයි මෙහෙමත් නංගියෙක්..හිනාවෙලා පණ ගියා..මේවට නම් කතාවෙ අයිතිකාරයා උත්තර බඳින්න ඕනෙමයි..

    ReplyDelete
    Replies
    1. ඔව්...ඔව්... ඒක නම් ඇත්ත.... මට බය අන්තිමේදි උන් දෙන්න එකතුවෙලා මං ගැන ලියන්න ගනීද කියල....හික්ස්....
      උන්ද ගැන පොතක් ලියතෑකි අනේ....
      එයා ඇවිත් කමෙන්ට් කරනව... හැබැයි ඇනෝ විදියට... ගිය පෝස්ට් එකේ කමෙන්ට් කරනකොට මං කිව්ව ප්‍රොෆයිල් එකක් හදාගන්න කියල... බලමු මේ සැරේ එහෙම හදාගෙන කමෙන්ට් කරයිද කියල.....

      Delete
  4. //අම්මගෙ මූණ ඇඳල යකෙක් වගේ....//

    මැවිල පෙනුන මචං.. සිරාවට ලියල..

    ReplyDelete
    Replies
    1. @ sAm,

      තැන්කූ මචං අගය කිරීමට....

      @ ඔබ නොදු‍ටු ලොවක් ,

      හික්...හික්..හික්... දැන් කීප දෙනෙක් මට ඔහොම කිව්ව... අනිත් සෑම්නුත් කිව්ව... මමත් එයාලට මචංම කියන නිසා ටික කාලයක් යනව වැඩේ අහුවෙන්න.... අනිත් සෑම් ඒක දැනගෙන තිබ්බෙ මගෙ 'මනමාලයා' පෝස්ට් එක කියෙව්වට පස්සෙ....

      @ අසරණයා,

      මේ මංනෙ බං..... :O :D

      Delete
  5. අනේ පව් අක්කෝ නංගා (ඒත් මට අක්කා වෙන්න ඇති) එහෙම පොලියට සල්ලි ආපහු ලැබුන දවස් නම් ඒකාලේ මටත් තිබුනා... ආපහු අවුරුදු ගානක් පස්සට ගෙනිච්චා මාව,,,.........

    ReplyDelete
  6. අනේ ඔය නින්ද නම් මටත් ලෙසටම අදාළයි.. තාම අම්ම තමා නැගිට්ටන්නේ... චූටි නංගි නම් රජ වැඩකාරි වගේ... එල එල... :D

    ReplyDelete
    Replies
    1. එයාගෙ නින්ද නම් තාමත් එහෙමයි.... ඒකටම හරියන්න මහත්තයෙකුත් ලැබිල ඉන්නව එයාට.... :D
      උන්දගෙ සිරාම වැඩ කෑලි ටික ලියනවද නැද්ද කියල මං මේ හිත හිතා ඉන්නෙ.... ගෑණිත් සැරින් සැරේ ඇවිත් එබිල බලන්නෙ ඔය හින්ද කියල මං දන්නව...අක්ක ගම කාලද කියල බලන්න....හික්ස්....

      Delete
  7. මාත් ඉතින් ඔහොම්ම තමයි අක්කේ ආයේ මොකා කෑ ගැහුවත් මම දොයි කුම්බකර්ණ වගේ අම්මා හදන කිරි එක කොයි තරම් ඇල් වුනත් මම බොනවා අම්මට පේන්නම හි හි අම්මට ඕක කොයිතරම් එපා වෙලාද කියනවනම් මට දැන් උදේ කිරි එක කප්පාදු කරලා තියෙන්නේ.....මාත් නැගිටින්නේ අම්මගේ ගෝරණාඩුවට තමයි හි හි...

    අර වලං බිඳින්නේ නැතිව නවලා තියන්නේ ඒවා විසික් කරලා බිඳුනොත් කවදක හරි කකුල් වල ඇනෙන්න පුළුවන් නිසා නේද.....මම පොඩිකාලේ කරන්නේ පිලිකන්නේ ඔහොම නවපු මුට්ටි වලට ඈත ඉඳන් ඒම් කරලා ගල් ගහලා බිඳින එක....නංගි නම් මරු ඈ එතකොට එයාගේ වයස කීයක් විතර වෙන්නැතිද.....මට මැවිලා පෙනුනා ලිවීම මරු ඈ

    ReplyDelete
    Replies
    1. එතකොට ඉස්කෝලෙ යන්නෙත් පරක්කුවෙලාද අනේ.... අපේ එක්කෙනාටත් එහෙම වෙනව අපි නොහිටින්න.... අපෙනුත් බැණුම් අහන්න වෙන හින්දා දුව දුව ලෑස්ති වෙනව අන්තිමට.... අම්ම ඉතින් බඩගින්නෙ ඉස්කෝලෙ යනවට පව් කියල පස්සෙන් දුව දුව උදේ කෑම එක ගිල්ලනව.... අළුත් තේ එකක් නම් දුන්නෙම නෑ....

      //අර වලං බිඳින්නේ නැතිව නවලා තියන්නේ ඒවා විසික් කරලා බිඳුනොත් කවදක හරි කකුල් වල ඇනෙන්න පුළුවන් නිසා නේද.....//
      ඔයා මේ කතාව කිව්වම මට යාන්තම් මතකයක් ආව එහෙම එකක් අහල තියෙනවය කියල.... හරියටම නම් දන්නෙ නෑනෙ.... අපිත් විද්ද කැටපෝල් හදාගෙන.... ඒ ගමන අම්මට කෑලි අහුලන්න උනා නෙව.... කුණු බැණුම් අහගෙන ඒ වැඩේ නැවැත්තුව.... :D

      Delete
    2. ape iskole tibune ge lagamai itin mama hamadama iskole yanne paasal geeyat kiwwata passe hee heee

      Delete
    3. ශිෂ්‍ය නායකයොන්ට අහු උනේ නැත්ද? :D

      Delete
    4. ශිෂ්‍ය නායකයෝ ලොවෙත් නෑ මම එද්දි ඔක්කොම රූම් එකේ හි හි අනික කාලෙකට පස්සේ මමත් ශිෂ්‍ය නායකයෙක් උනා ඒත් පුරුද්ද තාම එහෙම්මයි

      Delete
  8. කෝ මේ මම දාපු කමෙන්ට් එක....

    අම්මේ පව් චුටි නංගියා (මට අක්කෙක් වෙන්න ඇති)

    මාත් ඒ කාලේ ඔහොම කැටේකට සල්ලි එකතු කරලා.. පොලියත් අරගෙන මට මතකයි මමත් බයිසිකලයක් ගත්තා....

    ආයෙමත් අතිතෙට ගියා අවුරුදු ගානක්

    ReplyDelete
    Replies
    1. ආයෙත් බහිරවය ගිලලද දේවා.... :( මං බලන්නම්කො මේල් එකේ....
      අපොයි ඔව්...අක්කෙක් නේන්නං....
      ආ... ඔයාත් කැට වලට සල්ලි එකතු කරල තියෙනව එහෙනම්..... එහෙම එකතු කරපු සල්ලිවලින් බඩුවක් ගත්තම මාර සතුටුයි නේද.... පස්සෙ කාලෙක රස්සාවල් කරල ඉතුරු කළාට වැඩිය ගාණක් මං ඔය විදියට එකතු කළාද කොහෙද පොඩි කාලෙ...හික්ස්...

      Delete
  9. චූටි නංගි නම් මරු කෙල්ල....ලඟක උන්න නම් මාත් සපෝර්ට් කරනව ඒ වැඩ වලට...අපේ ගෙදරත් මම ඔය වගේ වැඩ කලා අයියල දෙන්න ඉන්න කාලෙ...දැන් එයාල දෙන්න ඉන්නෙ වෙනම නිසා කනක් ඇහිල ඉන්නවලු...........හැබැයි මට නම් පාන්දර 5 න් පස්සෙ නින්ද යන්නෙම නැහැ.....

    ReplyDelete
    Replies
    1. ඔයා පාන්දර 5ට නැගිටල පාඩම් කළාද... එහෙම උනාමත් පුරුද්දට යනව...
      මට මරු වැඩක් උනා යාළුවෙකුගෙ ගෙදර රැයක් ඉඳල.... ගොඩක් රෑවෙලා නිදාගත්තත් 6 වෙනකොට මට ඇහැරුනා.... මං දැන් බලන් ඉන්නව ඉන්නව ගෙදර කට්ටිය ( :O) නැගිටිනකම්.... උන් මර නින්දෙ.... දොරවලුත් වහල... අනුන්ගෙ දොරවල් අරිතෑකිය මට.... අන්තිමේ ගෙදර උන්දල නැගිට්ටෙ උදේ 10ට විතර.... හාපෝ.... මං හිටියෙ බඩගින්නෙ කලන්තෙ හැදෙන්න ලං වෙලා.... :D

      Delete
  10. මමත් ඉස්සර පොඩි අක්කගේ කැටෙන් හොරෙන් සල්ලි ගන්නවා..ඒක පිරිලා නිසා රිපියල් දෙකක් තුනක් ගත්තට තේරෙන්නෙනෑ...වැඩේ මාට්‍ටු වෙන්නේ කොන්ඩක‍ටු ගහලා කැටේ කට තුවාල උනාම..මාව තමයි මාට්‍ටු හොර වැඩ වලට..

    ReplyDelete
    Replies
    1. හයියෝ.... ඇයි යටින් අර පොරොප්පෙ වගේ ගලවන්න කෑල්ලක් තිබ්බෙ නැද්ද ඒ කැටේ.... එහෙනම් ගෙදර වෙච්චි ඔක්කොම හොර වැඩවලට අහුවෙන්න ඇත්තෙ චූටි මාත්තය වෙන්නැති ඒ කාලෙ....හික්ස්.... දැනුත් එහෙමද... නෝනගෙ පර්ස් එකට හෙම බැහැල අහුවෙලා නැත...?

      Delete
    2. වැඩක් නෑ කියලා....ඒ කාලේ තිබුනේ මැටි කැට නේ...කට වටේට හීරිච්ච පාරවල් වලින් මාට්‍ටු වෙන්නේ..හික් හික් වයිෆ් සල්ලි හංගන්නේ දවසින් දවස එක එක තැන්වල....

      Delete
    3. පුතයගෙ හැටි ඒකෙන්ම හිතාගත්තැකි.... අර පුංචි කාලෙ ප්‍රැක්ටිස් කොරන්න ඇත්තෙ මං හිතේ.... :D

      Delete
  11. නංගිනම් මාරයි......!!

    කැටේට දාන සල්ලි ගනින්නෙයි, ගන්නෙයි කොහොමද ? ඕක මොන ජාතියෙ කැටයක්ද ?

    මට පෙන්නන්ඩම බැරි ජරා, නොහොබිනා, නරකාදි, රස්තියාදුකාර, බජාර් වචනයක් තමා " කස්ටිය "

    ReplyDelete
    Replies
    1. ඒක ප්ලාස්ටික් ඌරු කැටයක්... ඌරගෙ බඩ යටින් පොඩි පොරොප්පයක් තිබ්බ... ඒක ගලවල තමයි සල්ලි ටික එළියට අරන් ගැන්නෙ හැම තිස්සෙම.... :D

      හයියෝ...ඔන්න එහෙනම් ඒක ලියන එක නැවැත්තුව....ඒ උනාට තව කතාවක දෙකක නම් ඔය වචනෙ අහුවෙයි....
      'කට්ටිය' කියන වචනෙන් මට එන්නෙ රබර් කට්ටිය, තේ කට්ටිය වගේ හැඟීමක්....ඒකයි එහෙම ලිව්වෙ....

      Delete
    2. එක වචනෙකට විවිධ තේරුම් තියනවානේ මියුරු.. " කස්ටිය " කියලා වචනයක් සිංහල බාසාවේ නැහැ මම දන්න විදිහට..

      ඕක එච්චර ගනන් ගන්ඩ දෙයක් නෙමේ... ඔයාගේ කමැත්ත.. ඒත් මට හිතෙන්නේ ඒ වගේ වචන දාපුවම ලිපියේ තියන වැදගත් කම නැති වෙනවා වගේ දෙයක්.. ඔය මට හිතෙන් හැටි විතරයි.. හරිද.. මට හිතෙන හැම දේම හරිදේ නෙමේ..

      Delete
    3. ඔයා එහෙම කියනකොට මටත් එහෙම හිතුනා.... අඩුපාඩුවක් කවුරු හරි පෙන්නල දුන්නම ඒක අඩුපාඩුවක් කියල මටත් දැනෙනව නම් ඒක වෙනස් කරගන්න එපාය නේද....මං කැමතියි ඒ වැරැද්ද හරි ගස්සගන්න.... බොහම ස්තුතියි ඒක පෙන්නල දුන්නට.... :D

      Delete
  12. අපේ අක්කා ලගත් ඒ දවස් වල තිබ්බනේ ඔය වගේ කැටයක්.. අර පොලියත් එක්ක සල්ලි මාරු කරන වැඩෙනම් මමත් කලා.. අම්මා ඉක්මනට ගත්ත සල්ලි ටික දුන්නානම් ආයෙම පොඩි නංගි වලං වල ඇන්ද මූණ වෙනස් කරාවි..

    ReplyDelete
    Replies
    1. හික්..හික්..හික්... දැන් නම් උන්ද අම්මගෙ මූණ ඇඳල රැජිනක් වගේ, වටේට බල්බ් වැලකුත් පත්තු කොරනව ඇති.... මොකද අම්මගෙ සහය නැතුව බෑ උන්දට දැන්....

      අනේ විහිළුවට එහෙම කිව්ව උනත් අක්කල දෙන්නම ලංකාවෙ නැති නිසා අම්මයි තාත්තයි බලාගන්නෙ එයා තමයි... පොඩි කාලෙ පිස්සු කෝච්චියක් උනාට දැන් නම් හැම වගකීමක්ම කරට අරන් වැඩ කරන කෙනෙක්.... මම නම් සදා ණයගැතියි උන්දට ඒකට....

      Delete
  13. මං ළඟ තිබුණු කටේ පතුලේ හිලක් කවදාවත් පිරෙන්නේ නැහැ.

    මේ ඔයාගේ නංගි මාරයි අක්කේ.

    ReplyDelete
    Replies
    1. මං බැලුව මේ කටේ හිලක් කිව්වම....හික්ස්...
      ඇයි අනේ.... අද දාන ගාන හෙට එළියට එනවද.....
      ඔව්..ඔව්... එයා නම් මාරයි තමා....

      Delete
  14. අපරාදේ කියන්ට බෑ. මටත් නින්ද ගියාම ඔහොම තමයි. නැගිටලා, කෝපි කෝප්පයක් බොනකල්, කවුරුත් කියන කිසිම දෙයක් ඔලුවට යන්නේ නෑ. :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මැෂින් එක පොඩ්ඩක් රත් කරල, චාර්ජ් කරල ගන්නෙපායැ, නේද...? :D

      Delete
  15. හනේ මමත් නිදා ගන්නේ ඔහොමම තමයි...තාමත් ඕක වෙනස් වෙලා නෑ..ළමයෙක් වත් ඉන්න කාලෙක මොනා වේවිද දන්නේ නෑ :)

    ReplyDelete
    Replies
    1. අපේ උන්දැට ළමයෙක් ඉඳලත් තාම එහෙම තමා... හැබැයි සතියෙ දවස්වලට නම් කලින්ම නැගිටින්න වෙනව අමාරුවෙන් හරි, පොඩි එකා ඉස්කෝලෙ යවන්න එපැයි.... :D

      Delete
  16. මොකෝ අක්කේ කොස් කටින්ද.. දැන් කතා එන්න එන්නම බාලයි.. මේකනම් ඩින්ගක් හොඳයි.. ඒත් මැරෙනකම් හිනාවෙන්න එකක් නැද්ද...
    අපටනම් කවදාවත් ඉතුරුකරන පුරුද්දක් තිබුණේ නෑ... හැම කැටේම යටින් කපලා තිබුණේ..

    කෙල්ලොම තුන්දෙනෙක් ඉන්න පවුලක් නිකන් පරිප්පු නැති හෝටලේ වගේ තියෙන්න ඇති නේද..

    ReplyDelete
    Replies
    1. කොස් කටින් කන එක තමයි මෙහෙදි කරන්නෙ..... ගෙඩි පිටින් එන්නෙ නෑ නෙව.... :D
      ජීවිතේ සිද්දවෙන හැමදෙයකටම බඩ අල්ලගෙන හිනාවෙන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද ලහියො.... ඒත් එහෙම බැරි එකනෙ වැඩේ....එහෙම වෙලාවට ඔය ඩිංගක් කුචි කවාගෙන හිනාවෙන්නකෝ.... :D

      අඩේ.. එහෙම වෙයි කොල්ලොම තුන්දෙනෙක් හිටිය නං....හලිද....

      Delete
    2. හික් හික් තලා නෑ නේද.. ඒකනම් ඇත්ත අක්කේ.. කුචි කවාගන්න ඕන නෑ.. ඒවෙලාවට මම ගොසිප් වෙබ් එකක් කියවනවා..

      ඔව් ඔව් කොල්ලොම හිටියත් ඒක වෙනවා.. ඒක නිකන් වතුර නැති කක්කුස්සිය වගේ..

      Delete
    3. //ඒක නිකන් වතුර නැති කක්කුස්සිය වගේ//

      මරු උපහැරනෙ.... හික්ස්...

      Delete
  17. ඔයාගේ චුටි නංගි කියන්නේ කතා සාගරයක් වගේනේ බලාගෙන යනකොට
    එයා බැලුවට කමක් නැහැ අනිත් ඒවත් ලියල දාන්න "අක්කේ"..... :)

    (අක්ක කියන එක මේ පාරනම් වැරදුනේ නැහැ ඔන්න)

    ReplyDelete
    Replies
    1. එයා කතා සාගරයක් තමා.... එයාගෙ පුංචි කාලෙ ජීවිතේම එහෙමයි.... පොතක් ලියන්න පුළුවන්... ඒත් සමහර කතා ලියනවද නැද්ද කිය කිය හිත හිතයි ඉන්නෙ....

      ඒ කියන්නෙ මට මගේ ලොකු පුතා අහිමි වෙලා ආයෙම ලොකු පුතා මල්ලි කෙනෙක් ලැබුණා.... එහෙමද.....හික්ස්....අනේ කමක් නෑ ඔන්න ඔහෙ අම්මෙ කියලම කියන්න.... :D :D

      Delete
  18. චුටි නංගිත් ළඟදීම බ්ලොග් එකක් ලියන්න පටන් ගනී වගේ...

    ReplyDelete
    Replies
    1. ගිය පාර බ්ලොග් එකේද කොහෙද උන්දැ මට එහෙම කියලත් තිබුණ.... මං මේ ඇඟේ ලේ නැතුව ඉන්නෙ අප්පා.... :D

      Delete
    2. බලාගන, මදුරුවො නඩු දායි

      Delete
    3. මෙහේ නඩු දාන්න මදුරුවො නෑනෙ අනේ... ඒකයි බය නැතුව කිව්වෙ... නැත්නම් දැක්කොතින් හෙම.... :O

      Delete
  19. චූටි නංගි තරහ වෙලා කිව්වම මං මේ බැලුවා, අක්කගේ කලින් පෝස්ට්ස් දැකල මේ දවස් වල තරහ වෙලා ඇති කියලා.. හික් හික්
    ඉස්සර මගේ නින්දත් ඔහොම තමා. තේ ඒක ඇල් වෙලා බොන නිසාම කාලයක් මට 'ඇල් ටී' කියල කාර්ඩ් එකකුත් වැදිලා තිබුණා. දෙයියනේ කියල දැන් නම් මං හොඳ ළමයෙක්.. :PP

    ReplyDelete
    Replies
    1. පුදුමයි අයිස් ටී කියලා නොකීවා

      Delete
    2. තවම නම් තරහ උනේ නෑ... ඒත් බොහොම විමසිල්ලෙන් ඉන්නව දැනෙනව අක්කා පටි රෝල් කරයිද කියල.... අර කිව්වත් වගේ පුදුමයි නේන්නම් අයිස් ටී කියල නොකිව්ව එක....හික්ස්..

      Delete
    3. එතකොට දැං කියන්නෙ "ඇන් ටී" ද ???

      Delete
  20. පැය හයක් නිදං ඉඳල මමත් නගිට්ටෙ දැනුයි! :D :D

    ReplyDelete
    Replies
    1. හොඳා...හොඳා.... කලක් යයි වගේ.... ;D

      Delete
  21. ඉස්සර අපේ පුංචම්මලාගේ දුව හිටපු දවස්වල නම් උදෙම්ම මාව නැගිට්ටවනවා.
    එයා කරන්නේ හිමීට හිමීට ඇවිදන් ඇවිත් මගේ කම්මුල හරහා පාරක් ගහන එක.
    මම් උඩ ගිහින් ඇහැරෙන්නේ. පොඩි නිසා මොනවත් කියන්නත් බෑ.
    මේ නිසා ම නිවාඩු දවස්වලත් මට ටිකක් වැඩිපුර නිදාගන්න නෑ.


    එදා මුයුරු අක්කෑ නංගි කරපු දේ අද මියුරු අක්කෑ දුව කරනවද දන්නේ නෑ. අර යක්ෂ මූනු අඳින එක !!!

    ReplyDelete
    Replies
    1. ආපෝ... නිදන් ඉන්දැදි කම්මුල් පාරක් ඇදල දානකොට මරු සැප ඇති.... පොඩි එකා ගුටි නොකා බේරුනා ඇති අප්පා....

      මගේ උන් දෙන්න නම් තරඟෙට තමයි අපට ආදරේ පෙන්නන්නෙ.... ඒ නිසා දන්න වැඩ ඔක්කොම දාල පුළුවන් ලස්සනට තමයි අම්මවයි අප්පච්චිවයි අඳින්නෙ.... බැරිවෙලාවත් එක්කෙනක් අනිත් එක්කෙනාට වඩා ගොඩක් ලස්සනට ඇඳල නම් අනිකත් මකල මකල කොහොමහරි තවත් ලස්සනට අඳින්නයි බලන්නෙ.... :D

      Delete
  22. ෂා අපේ නංගිත් ඔහොමමයි. මෑතක් වෙනකම් මමත් පාන්දර 5 වෙද්දීම නැගිට්ටා. ඒත් දැන් අනේ මං දන්නේ නෑ මේ සීතලේ සැපට උදේ පාන්දර නින්ද යන්නේ. මොන එලාම් එකක් තිබ්බත් හරියන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අනේ මටත් මෙහාට ආවයින් පස්සෙ එහෙමයි... හැබැයි එලාම් එකට නම් මොනව කරල හරි නැගිටගන්නව... නැත්නම් පොඩි උන් ඉස්කෝලෙ යවන්න බැරි වෙනවනෙ වෙලාවට....
      ඒ උනාට සමර් එකේදි නම් කලින් එළිය වැටෙන නිසා පාන්දරින්ම ඇහැරෙනව... අපේ ගෙදර ජනේලෙට එහා පැත්තෙ තියෙන මල් පඳුරෙ ඉඳන් කුරුළු ජෝඩුවක් පාන්දරම සින්දු කියන්න පටන් ගන්නවනෙ.... පාන්දරම කියන්නෙ 4.30ට විතර... අනේ ඒක අහන් ඉන්න පුරුදුවෙලා කීයට නිදා ගත්තත් මට ඒ වෙලාවට ඇහැරෙනවා.... ආපහු නින්ද නොයන නිසා ඇඳේ ඉඳගෙනම ඒක අහන් ඉන්නව.... හිතින් ඉන්නෙ ලංකාවෙ... අර මං කලින් පෝස්ට් එකේ කිව්ව ගමේ....

      Delete
  23. මම එකතු කරපු පලවෙනි කැටේ බූරු ගහල පැරදුනා.
    ඊලඟට එකතු කරප් කැටේ මල්ලි සිගරට් බීල ඉවරකලා

    උදේ නැගිටින සීන් එක . . . දන්න කාලයත් තිස්සෙ පාන්දර 1ට 2ට නිදාගෙන උදේ 5ට නැගිට්ට මම, දැං පාන්දර 4ට නිදාගෙන දවල් 1ට විතර නැගිටිනව

    ප.ලි.
    //'මගෙ පුතාට විතරයි ඕක තේරිලා තියෙන්නෙ ...'//

    ඕකට ඔයාලගෙ අම්ම මල පන්නගත්තනං ඒක වැරදී . . . මොකද නංගි කරල තියෙන්නෙ අම්මගෙ මූන ශ්‍රේශ්ඨ කලා කෘතියකට සමාන කරන එකනෙ.

    ReplyDelete
  24. @ ඕනයා,

    //මම එකතු කරපු පලවෙනි කැටේ බූරු ගහල පැරදුනා.//
    පහේ හයේ පන්තිවල විතර ඉන්නකොට වෙන්නැති නේ....?

    //ඊලඟට එකතු කරප් කැටේ මල්ලි සිගරට් බීල ඉවරකලා//
    මේ අයියගෙ මල්ලි නෙව.... :D

    //දැං පාන්දර 4ට නිදාගෙන දවල් 1ට විතර නැගිටිනව//
    අඩේ... පැයම කියල කීයක්ද... හිටුකො ගනින්ට... 9ක්නෙ අප්පේ... ඊට පස්සෙන්දටත් කරදරයක් නැතුව නින්ද යනවද...?කවුරුවත් ඔය වාඩියේ නැතුවාවත්ද මේකගෙ පස්ස පැත්තට දෙකක් දීලවත් ඇහැරවන්න....

    //මොකද නංගි කරල තියෙන්නෙ අම්මගෙ මූන ශ්‍රේශ්ඨ කලා කෘතියකට සමාන කරන එකනෙ.//
    මේක නම් අම්මට කියන්නම ඕන...හික්ස්..

    ReplyDelete
  25. කැට කෙරුවාව නම් හරි ගීම නැත.. කොච්චර හිතුව ත් මට හොරෙන් මමම උස්සල ඉවර වෙනවා..

    අඩේ නගාගේ වචන සැට් එක මරු

    ReplyDelete
    Replies
    1. //මට හොරෙන් මමම උස්සල ඉවර වෙනවා..//
      හික්ස්... නියම කතාව....


      එයාගෙ මරු වචන සෙට් එකක් තිබුණ තමා ඒ කාලෙ...

      Delete
  26. හක් හක් හක්..ඔව තෙරෙන්ඩ ඉතින් තාත්තා කෙනේක්ම වෙන්ට එපායෑ...නේදො

    ReplyDelete
    Replies
    1. තාත්ත කෙනෙක් වෙන්න ඉස්සෙල්ලම කසාද බැඳපු ගමන් උනත් තේරෙන්න ඉඩ තියෙනව..... ;D

      Delete
  27. ඉස්සර අපේ පුතත් කේන්ති ගියාම මට විරුද්දව ඔය විදියෙ බැනර් ගෙදර ගේට්ටුවෙ අඳිනව ගේට්ටුව හීරෙන්නම

    ReplyDelete
    Replies
    1. @ ඊ මේල් කවිකාරි,

      ගෙදරට ආපු අය ඇහුවෙ නැද්ද ඒව ගැන...හික්ස්...
      මාත් ඔය වගේ ඒව දැකල තියෙනවා... හැබැයි කාට විරුද්ධව ලියාපුවද දන්නෑ...
      එක දවසක් මම ඉස්කෝලෙ යන කාලෙ වාසනා කියල මගේ යාළුවෙකුගෙ ගෙදර ගියාම එයාලගෙ ටොයිලට් එකේ පිට පැත්තෙ අඟුරු වලින් ලියල තිබ්බ,
      'වාසනා වැස්සී..
      බීටියස් එකේ පැස්සී...' කියල...
      මල්ලිත් එක්ක රණ්ඩු වෙච්චි දවසක ඌ ලියල... මෙතන මේ 'බීටියස්' කියල ලියල තියෙන්නෙ ඒ කාලෙ තිබ්බ BTS ඉස්කෝලෙ ගැන... වාසනා පොඩි කාලෙ ගියේ එයින් එකකට.... :D

      Delete