Total Pageviews

Thursday 17 May 2012

ආදරණීය ඔබා මාමා අවසන් ගමනට සැරසී.....




මොන තරම් අහළ පහළ ජීවත් උනත් මම හැබැහින් දැකලා නැති ඔබා මාමා වෙනස් වෙලයි කියලයි අන්තිම පේලියේ උග්ගුසිංඤ්ඤෝ කිව්වෙ...





අවුරුදු උත්සවයෙදි ගත්තු පින්තූරයක් තමයි රාමු කරලා තියල තිබුණෙ....




සියළු බ්ලොග්කරුවන් වෙනුවෙන් ඔබා මාමට මල් පොකුරක් තිබ්බා අපි.....



ප.ලි. මේ සම්බන්ධ සියළුම පින්තූර පල කරනු ලබන්නේ පවුලේ සාමාජිකයන්ගේ සම්පූර්ණ අවසරය ඇතිව බව කරුණාවෙන් සලකනු මැනවි.

72 comments:

  1. මෙච්චර ඉක්මනින් මෙහෙම දකින්න වෙයි කියල හිතුවේ නැහැ. අප්‍රේල් 22 පින්තුර වල හිටපු ඒ කෙනා මාසයක් යන්නත් කලින් මේ විදියට දකින්න. තවම හිතාගන්නවත් බෑ..

    ඔබා මාමේ එහෙනම් ගිහින් එන්න.

    ReplyDelete
  2. අද මම හිත හදාගෙන පෝස්ටුවක් දැම්ම බං.. ඔබා මාමව දැක්කම ඒක දැම්ම එක වැරදි කියලත් හිතෙනවා..

    දුකක් නැහැ.. ඔහු හොද මනුස්සයෙක්. හොද තැනක ඇති..

    නිවන් සුව.. !

    ReplyDelete
  3. ඔබට නිවන් සුව ඔබා මහතාණනි .....

    ReplyDelete
  4. නිවන් සුව ලැබේවා

    ReplyDelete
  5. මේ ඡායාරූප මෙහි පලකිරීම ගැන ඔබටත්, එයට අවසර දීම ගැන විජේවර්ධන පවුලේ අයටත් මගේ ස්තුතිය.

    සනත් ඔබට නිවන් සුව ලැබේවා. සුභ ගමන් සයිබර් මිතුර.

    ReplyDelete
  6. මමත් පොටෝ වල දැක්ක ඔබා මාමා නෙමේ නේන්නං.... වෙනස් වෙලා.

    මේක දැකලා මං ආයෙ සංවේදී උනා.. :-( :-(

    ReplyDelete
  7. මේක දැක්කම නම් ගොඩක්ම අප්සට්. අපේ පැත්තෙන් දුක තමයි, ඒත් ඔබා මාමගේ පැත්තෙන් බැලුවම සතුටු වෙන්න පුළුවන්. පොඩ්ඩක් වත් විඳවන්නේ නැතුව අන්තිම ගමන යන්න පුළුවන් වුනා නේ.

    ReplyDelete
  8. මෙම ඡායාරූප ගත් ඔබටත්, මෙහි පලකල මියුරුටත්, අපට මෙසේ හෝ අප මිතුරාගේ රුව දැක බලාගැනීමට ඡායාරූප පළකිරීමට අවසර දුන විජේවර්ධන පවුලටත් අපේ කෘතඥතාවය පළ කරමු. ඔබා අයියාට නිවන් සුව පතමු.
    henryblogwalker the Dude

    ReplyDelete
  9. එතුමාට නිවන් සුව පතමි.

    ReplyDelete
  10. බෝහෝම ස්තූතියි මියුරු...

    ReplyDelete
  11. ඔබා මාමගෙ මරණය ගැන දැනගත්තෙ ඊයෙ බ්ලොග් අවකාශෙට ආවම.....ඇත්තටම පුදුම දුකක් දැනෙනව මේ පින්තූර දැක්කම....අක්කට පින්සිද්ධ වෙනව මේව මෙහෙම හරි දාපු එකට.....ඔබා මාමට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා.....!!!!

    ReplyDelete
  12. ඔබා මාමට නිවන් සුවයම ලැබේවා !!!

    ReplyDelete
  13. ඔබා මාමාට මොක්සුව ලැබෙවා

    ReplyDelete
  14. ඔබා මාමාට මොක්සුව ලැබෙවා

    ReplyDelete
  15. ඔබා මාමෙ.ඔබට නිවන් සුව.ඒත් නිවන් යන්න ඉස්සෙල්ල තව එක පාරක් අපි අතරට ඇවිත් යන්න එන්න...........

    ReplyDelete
  16. ස්තූතියි මියුරු පිංතූර පල කලාට.

    ReplyDelete
  17. සුභ ගමන් ඔබා මාමේ....

    නිවනින්ම නිවේවා!

    ReplyDelete
  18. ''මිනිසෙක් '' ලෙසින් සිටි මිනිසෙක් නිදන සැටී

    බලමිද කෙලෙස පිසදා මේ කඳුළු කැටි

    නව මල් පිපෙන මුත් පරමල් බිමට වැටී

    සුවඳති මලක මතකය සිත ලඟම සිටී

    ReplyDelete
  19. ඔබට නිවන් සුව ඔබා මාමේ...!!!

    ReplyDelete
  20. සුභ ගමන් ඔබා මාමේ !!! 

    ස්තුතියි මියුරු අක්කේ මේ පින්තූර පළ කලාට...!

    ReplyDelete
  21. its nice to see him one last time!

    ReplyDelete
  22. පිංතූර දැකගන්න සැලැස්වූවාට ස්තුතියි.

    ReplyDelete
  23. ඔබට නිවන්සුව ඔබා මාමෙ!

    ReplyDelete
  24. ඇස් දෙකට කදුළක් ආවා අක්කේ.. මොනවා කියන්නද මම..

    සුභ ගමන් ඔබා මාමේ..

    ReplyDelete
    Replies
    1. ඔව් බං, මගෙ ඇස්වලටත් කඳුළු ආව...

      Delete
  25. ආදරණීය ඔබා මාමේ..
    ඔබේ ලොවට අපි එනතුරු, ඔබට ආයුබෝවන්..!

    ReplyDelete
  26. මෙවර ලංකාවට ආපු වෙලාවේ , මම ඔහුව දැක්කා.කතා බහත් කලා. ඒ උන්නට වඩා ගොඩාක් වෙනස් වෙලා.ඔබට නිවන් සුව පතමි.

    ReplyDelete
  27. නිවන් සුව ලැබේවා!!

    ReplyDelete
  28. ආවොත් නොගොසින් බැරිය,
    නොගොසින් එන්නට බැරිය,
    ජීවිතයේ ඇත්තේ යාම් සහ ඒම් පමනි.

    එහෙත් අපේ පැතුම ඔබට නිවන් සුවයයි..

    ReplyDelete
  29. මෙච්චර ඉක්මනට මෙහෙම දකින්න හීනෙකින්වත් හිතුවේ නෑ..ඔබා මාමේ.. "Still young in the heart " කියලා කියද්දී තව කාලයක් අපිත් එක්ක ඉඳියි කියලා හිතුවේ..

    සුබ ගමන් ඔබා මාමේ.. පස්සෙ හමු වෙමු !!!

    ReplyDelete
  30. වෙනස් වෙලා හොඳටම.. ඔබා මාමේ ඔබට මොක් සුව

    ReplyDelete
  31. අපි හැමෝම වෙනුවෙන් මල් පොකුරක් තැබීම වෙනුවෙනුත්, සටහන හා ජායාරුප පල කිරීම වෙනුවෙනුත්, ඔබටත් ඒ ජායාරුප සඳහා අවසර දුන් විජේවර්ධන පවුල වෙතත් මාගේ හදපිරි ස්තුතිය පිරිනමමි.

    ReplyDelete
  32. අනේ ඔබව මෙච්චර ඉක්මනට මෙහෙම දකින්න වෙයි කියා සිතුවේ නැ.
    දුකෙන් උනත් සමු දෙනවා . ඔබට නිවන් සුව !

    ReplyDelete
  33. නිවන්සුව ලැබේවා නොදුටු මිතුරාණනි!

    ReplyDelete
  34. හිනාවෙන් ඔපවත් වුණු ජීවයෙන් පිරී තිබුණු ඒ මුහුණ අද ....
    සදාදරණීය ඔබා මාමේ, ඔබට නිවන්සුව අත් වේවා !

    කිලෝමීටර දහස් ගණනක දුරකින් සිටින අපට අවසන් පැය කිහිපයේ දී ඔහුව දැක ගැනීමට අවස්ථාවක් සැලැස් වූ ඔබටත් විජේවර්ධන පවුලේ අයටත් ස්තූතියි.

    ReplyDelete
  35. ඡායාරුප බෙදා ගත්තාට ස්තුතියි.

    ReplyDelete
  36. පරිස්සමින් ගිහින් වරෙන් ඔබා..... ජය සහ සතුට.....

    ReplyDelete
  37. නිවන් සුව ලැබේවා...සුභ ගමන් ඔබට..! ස්තූතියි මියුරු අක්කි..

    ReplyDelete
  38. සනත් ඔබට නිවන් සුවය ඉක්මනින් ලැබේවා!

    ස්තුතියි මියුරු ෆොටෝස් වලට. ඒ වගේම සනත් ගේ පවුලේ අයටත්.

    ReplyDelete
  39. එතුමාට නිවන් සුව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමි!!!!

    ReplyDelete
  40. පින්තූර බෙදාගත්තට ස්තූතියි සයුරි. ඔහු නික්මගියා කියන එක ඇහෙන් දැකලා හිත හදාගන්ට පුලුවන් උනා.

    ඔහුට නිවන් සුව ලැබේවා!!!
    සුබ ගමන්!!!!!!

    ReplyDelete
  41. අනේ මම නම වැරැද්දුවා. please තරහාවෙන්ට එපා හොඳේ. :(

    ReplyDelete
  42. සනත් අයියේ ඔබට නිවන් සුව ලැබේවා....!!!!

    ReplyDelete
  43. සනත් මහත්මයාණනි, ඔබට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  44. එතුමාට සගමොක් සුව පතමි


    [මියුරු.. ඔබ බොහෝ යහපත් කෙනෙකි - ස්තූතියි]

    ReplyDelete
  45. ආදරණීය සනත් අයියේ ඔබට නිවන් සුව !
    ස්තුතියි මේ ඡායාරූප පලකළාට.

    ReplyDelete
  46. සුභ ගමන් සහෘදයාණෙනි..
    ස්තුතියි මියුරුටත්..

    ReplyDelete
  47. පින්තූර ටිකට ස්තූතියි අක්කේ.හැමෝම වෙනුවෙන් තියපු මල් ටිකටත් ස්තූතියි.

    ආයෙත් දුක හිතුනා.ෆොටෝ වලින් විතරයි මං දැකලා තියෙන්නෙ නම්.ඒත් ඒවටත් වඩා වෙනස් වෙලා වගේ.

    නිවන් සුව ඔබා මාමෙ....

    ReplyDelete
  48. නොදැකපු මුනනොගැසුන
    කෙනෙකු වෙනුවෙන්
    …කඳුලක් නෙතගට උනයි කියලා කොහොම හිතන්නද
    …ඒ කාලෙ මම හිතුවෙ එහෙමයි

    …ඒත් සොඳුරු නිරීක්ෂකයානනි
    …ඔබ ඒ මතය මගෙ හිතින් ඈත් කලා

    ReplyDelete
  49. එතුමාගේ මළගමට සහභාගී වීමට ලැබුන සේ දැනේ.ඔබ්සවර් මහතාගේ මතු භවය යහපත් වේවා.චායාරුප සම්බන්දව ඔබට ස්තුතියි

    ReplyDelete
  50. මියුරු අක්කට ගොඩක් පින් මේ පින්තූරු ටික අපට දැක බලාගන්ඩ සැලැස්සුවාට !!!!
    ඔබා මාමට නිවන් සුව අත්වේවා !!!

    ReplyDelete
  51. ස්තූතියි ඔබට .....

    සුබ ගමන් ඔබා අයියේ..........................!

    ReplyDelete
  52. තනිවම ඇවිත් පිරිවර සහ ඇවිද දුර

    අද නැවතිලා බිමදා ජිවිතේ බර

    තනියම යනවාද අප සැම දමා හැර

    දවසක ඇරේවා නිර්වාණයේ දොර

    ReplyDelete
  53. බොහොම ස්තූතියි මියුරු.

    ReplyDelete
  54. ඔබා මාමගේ අවසන් ගමන් අපට දැකගන්නට සැලැස්වීම පිලිබඳ ඔබටත්, ඒ සඳහා අවසරය දුන් විජේවර්ධන පවුලටත් ස්තුතිය.

    ඔබා මාමේ ඔබට නිවන්සුව!

    ReplyDelete
  55. ආදරණීය ඔබට නිවන්පතමිඔබාමාමෙ...
    අක්කටත් ස්තුතියි

    ReplyDelete
  56. Rest in peace dear Oba mama!
    :(

    ReplyDelete
  57. බොහොම ස්තුතියි......... අවසන් මොහොතේ ඔහුව දැක ගන්ට සැලැස්සුවාට.

    ReplyDelete
  58. හිතට ලොකු දුකක් ආවා....ආයෙ ඉතින් කියවලා හිනාවෙන්න ඔහුගෙ ලිපි නෑ නේද කියලා...
    ඔයාට ස්තූතියි සොයුරියේ... අපට බලන්න මේ පින්තූර ගෙනාවාට.....

    ReplyDelete
  59. සිංහල බ්ලොග් අවකාශයේ කිසිදා නොමියෙන , තරුණ වැඩිමල් සොයුරාණනි , ඔබට නිවන් සුව ...

    එතුමන්ගේ අවසන් මොහොතත් අපි සමඟ මෙලෙසින් වත් හිඳින්නට ඉඩ හසර ලබාදීම වෙනුවෙන් , මියුරු ඔබට බොහොම පිං ....

    ReplyDelete
  60. අප සැම වෙනුවෙන් අවසන් බුහුමන් දැක්වු ඔබට බොහොම ස්තුතී...ඔබා මාමේ සුවෙන් යන්න...ඔබට නිවන් සුව....පතමි

    ReplyDelete
  61. oba mamath giya ehenam! oya nethuwa apita paluyi mame

    ReplyDelete
  62. අපි හැමෝම වෙනුවෙන් මේ පින්තූර කීපය මෙහි දැම්මට ස්තූතියි. ඇස් වලට කඳුලු ආවත් අර හතරවෙනි පින්තූරෙ ඔබා-ම ඉන්න බැරෑරුම් පෙනුම දැක්කම අන්දරේව මතක් උනා කියල නොකියම බෑ ( අවසන් ගමනත් අපිව හිනස්සගෙනම යන්න ගිහින් ).

    ReplyDelete
  63. I cant stop my tears....
    we will never forget you oba mame....

    may you attain nibbana

    thank you miyuru.

    ReplyDelete
  64. ඡායාරෑප පලකලාට ස්තූතියි.ඔබා මාමාට නිවන් සුව

    ReplyDelete
  65. ආදරනීය ඔබා මාමේ, ඇත්තටම ඔබ අඳුන ගන්නත් බැහැ තමය්.
    ඒකට හේතුව පස්සෙ මට තේරුනේ , වෙනදා දැකලා පුරුදු ලස්සන හිනාව නැති නිසය් ඒ වෙනස.

    සයිබර් සැණකෙලියෙදි ගනිපු ෆොටෝ එකක් අවසන් අවස්ථාවේ තිබීමෙන්ම හැඟෙන්නෙ එදා ඒ හමුවීම ඔබා මාමාට කොච්චර වැදගත්ද කියලයි.

    ඔබා මාමේ ඔබට නිවන් සුව පතමි.

    ඡායා රූප පල කල මියුරුටත්, ලින්ක් එක එවපු පොඩ්ඩිටත් බොහොම පින්.

    ReplyDelete
  66. තිබුනු දුක අළුත් වුනා අක්කෝ... අපි ඔක්කොමල්ලා වෙනුවෙන් ඔබා මාමට සමුදුන්නට බොහෝම ස්තූතියි.... සුභ ගමන් ඔබා මාමේ ඔබට නිවන් සුව

    ReplyDelete
  67. අනේ මේවා පල කලාට ස්තුතියි මියුරු අක්කේ...ඔබා මාමා වෙනස් වෙලා කියලා මටත් හිතෙනවා. මේවා දැක්කම දුක අලුත් උනා වගේ...සුබ ගමන ඔබා මාමේ..

    ReplyDelete
  68. පින්තූර වලට ස්තුතියි මියුරු අක්කේ.... හරිම දුකයි....

    ReplyDelete
  69. බ්ලොග් එකට අලුතින් පෝස්ට් එකක් දාන හැම අවස්ථාවකම 'ඔබා අය්යා මේකට මොනවා කියයිද දන්නෙ නෑ ...' කියලා හැමදාමත් හිතෙයි.

    අය්යේ ඔබට නිවන් සුව ..!

    ReplyDelete
  70. අවරුදු ගානකට පස්සේ හදිසියේ නිකමට මතක් උනා.. ගූගල් කරහමයි මේ පොස්ට් එක අවේ.. නිවන් සුව ඔබට... !!!!

    ReplyDelete