Total Pageviews

Monday 18 February 2013

චුට්ටක් හිටහංකො බං....



මම ගිය ඉස්කෝලෙ ඉඩ කඩ මදි ප්‍රශ්ණෙ නිසා පන්ති පැවැත්වුනේ දෙවරුවකට කියල මං කියල තියෙනවනෙ... හයේ හතේ පන්තිවල හිටපු ළමයි තමයි ඔය (අ)වාසනාවට හිමිකම් කිව්වෙ.... ඒ වෙනකොට මං හතේ පන්තියේ... අපේ පන්තිය තිබ්බෙ ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකයි ස්ටාෆ් රූම් එකයි අතරෙ.... ලේසි නෑ වැඩේ... හැම තිස්සෙම සීරුවෙන් ඉන්න ඕන.... නැත්නම් ගුරුවරුන්ටයි එහෙමත් නැත්නම් ප්‍රින්සිපල්තුමාටයි මාට්ටු වෙන්නෙ කොයි වෙලේද නෑ....මං ඉස්කෝලෙ යන කාලෙ වැරදිවලට අහුවෙන්න බය ඒ කාලෙ මගේ ගුරුවරු වැඩි දෙනෙක් ගුරුවරියක් වෙච්චි මගේ අම්මගෙ යාළුවො නිසා බවත් මං කලින් කියල ඇති...

 ඔය අපේ පන්තිය තිබුනු දෙමහල් ගොඩනැගිල්ල තිබ්බෙ ඉස්කෝලෙට ඇතුළු වෙන තැනම වම් පැත්තෙ.... පන්තිය ඉස්සරහ පත බාස්කට් බෝල් කෝට් එක... ඒක මැදි කරගෙන අශ්ව ලාඩමක හැඩයෙන් එක පැත්තක පන්ති කාමර එක්ක තවත් දෙමහල් බිල්ඩිමකුත් අනිත් පැත්තෙ ඒ වගේම පුස්තකාලයත් තිබුණා... බිම් මහලෙ තිබුණු අපේ පන්තිය පිටිපස්සෙ තිබුණෙ හිස් ඉඩමක්... ඒ වෙනකොට එතැන විද්‍යාගාරයක් හදන්න සැලසුම් සකස් කරල තිබ්බත්, අපිටත් වඩා උස් පඳුරු වැවිල තිබුණා ඒ ඉඩම් කෑල්ලෙ.... ඒ වගේම ඕකෙ කොණක අනාරක්ෂිත ළිඳකුත් තිබුණු නිසා ළමයින්ට තහනම් කරල තිබ්බෙ ඒ පැත්තට යන එක... ඒ ළිඳ ගොඩක් ගැඹුරු එකක් නමුත් කවදාවත් වතුර හිඳෙන්නෙ නැති එකක් බවත් කටින් කට ගිය කතා වලින් අපි දැනගෙනයි හිටියෙ.... ඒ නිසා පායන කාලවලදි අතින් වතුර ඇදගන්න පුළුවන් විදියට ළිං කටේම පැත්තකින් කොටන් වගයක් දාල කකුළ තියාගන්න පහසු වෙන්න හදල තිබ්බ.... ඔය කියාපු පන්තියේ ඉන්න කාලෙ අපට පන්ති කාමරයෙ පිටිපස්සෙ ජනේල වලින් ඔය ළිඳ හොඳට පේනව.... ඒ උනාට ඒක අපේ අවධානයට එච්චර ලක්වෙච්චි තැනක් නෙවේ....අපිට වෙන වැඩ නැතුවයැ...  නැද්ද...

ඔන්න ඉතින් දැහැමෙන් සෙමෙන් ඔය පන්තියේ රජ කරගෙන ඉන්න කාලෙ හොඳ පෑවිල්ලකුත් ආව.... සමහරදාට අහම්බෙන් අපිට පේනව ගමේ මිනිස්සු ඉස්කෝලෙ වටේට ගහල තිබ්බ කටු කම්බි වැට ඈත් මෑත් කරල, කළ ගෙඩි එහෙම උස්සගෙන ඔය ළිඳ ළඟට ඇවිත් වතුර අරන් යනව හෙම... ඒ නිසාමද කොහෙද ළිඳ වටේ නම් හොඳට සුද්ද බුද්ද කරල තිබ්බ.... ඒත් ඉස්කෝලෙ ළමයින්ට තිබ්බ තහනම එහෙමම තිබුණා... උන්ට එතැනට ගියේ නැතුවට ඉස්කෝලෙ වටේ තිබ්බ ටැප් ටික නියඟෙට හිඳිල නොතිබුනු නිසා වතුර වලින් අහේනියක් තිබ්බෙ නෑ....

මේ කියන දවසෙ අන්තිම පීරියඩ් එකට කලින් එකේ අපට උගන්වන්න නියමිතව හිටිය ගුරුවරයා ඇවිත් හිටියෙ නෑ... අපිත් ඉතින් ටිකක් ඈණුම් ඇර ඇර හේම ඉඳලා එහාට මෙහාට ඇවිද ඇවිද සුපුරුදු පච දෙසිල්ල පටන් ගත්තා... ඔය අන්තිම පීරියඩ් වලදි අපි අනිත් වෙලාවට වඩා පොඩ්ඩක් රිලැක්ස්... මොකද ඒ වෙනකොට හවස හතරහමාර විතර වෙලා නිසා අපේ ප්‍රින්සිපල්තුමා ගෙදර ගොහින්.... ඒ නිසා ගුරුවරුත් රිලැක්ස්.... වැරැද්දක් කරල අහු උනත් ඉස්කෝලෙ ඇරෙන්න ඔන්න මෙන්න තියෙද්දි අර නිකම් තියෙන මොකද්ද එකේ ටින් කිරි ගාගෙන වෙලාවට ගෙදර යාගන්න නොලැබෙන නිසා ගුරුවරුත් බොහෝ වෙලාවට ළමයි නිශ්ශබ්ද කරගෙන ඉන්න උත්සාහ කරනව මිසක් ලොකුවට දඬුවම් දෙන වැඩ හෙම කරන්න යන්නෙ නෑ.... ඉතින් අපේ කෑගැහිල්ල අනිත් පන්තියට උගන්වන්න බැරි තරමට කංකරච්චලයක් වෙනකොට ඒ ඉන්න ගුරුවරයෙක් තමයි ඇවිත් තරවටු කරල යන්නෙ.... නැතිනම් පන්තිය ඉස්සරහ කොරිඩෝව දිගේ ස්ටාෆ් රූම් එක පැත්තට යන ගුරුවරයෙක් අහම්බෙන් නැවතිලා පන්තිය ඇතුලට හොස්ස පොවලා පොඩ්ඩක් ගෝරනාඩුව දාල යනව.... අපි සැලෙයි එව්වට....

ඒත් මෙදා පන්තිය ටිකක් වෙනදට වඩා නිශ්ශබ්දයි... ඒ නිසාම මොකක්ද මේ අරුමය කියලා ටිකක් වටපිට බලනකොට පෙනුනා පිරිමි ළමයි ටික අර පන්තිය පිටිපස්සෙ ළිඳ පේන ජනේලෙට ගහල තිබ්බ දැලේ එල්ලිලා, අපි දිහාත් සැරින් සැරේ හැරි හැරි බලන ගමන්, සුටු පුටු ගගා මුමුණ මුමුණ මොකක්දෝ දිහා බලන් ඉන්නව හිනාවෙවී.... අපිත් ඉස්සි ඉස්සි බැලුව මොකක් දිහාද මුං බලන් ඉන්නෙ කියල... ඔළුගෙඩි ටිකට වැහිල මොකුත් පෙනුනෙ නෑ... දැන් අපේ කුචුහලේ උපරිමයි.... ඔන්න ඒ ගමන අරුන් කිහිප දෙනෙක් දැල ළඟින් මෙහාට වෙලා ඩබල් දාල ගියා පන්තියෙන් එළියට.... අපි හිතුව ටොයිලට් එකට හරි පුස්තකාලෙට හරි ගියාය කියල... ඔහොම කුට්ටම් කිහිපයක්ම එළියට ගියාට පස්සෙ ඔන්න ඉඩක් පෑදුනා අපිටත් මේ මොකක්ද බොලේ කියල බලන්න...

මාත් අනිත් එවුන් ටිකත් පෙරලගෙන ගියා මොකක්ද කියල බලන්න... ඉතුරු වෙලා හිටපු කොල්ලො ටිකත් පොඩ්ඩක් එහාට මෙහාට වෙලා අපිට ඉඩ දුන්න... අනේ සංසාරේ අර කියාපු ළිඳ ළඟ අක්කා කෙනෙක් නානවා.... උන්ද නාන්නෙ සුදු පාට තුනී දිය රෙද්දක් ඇඳගෙන.... කට්ටියට විෂුවල් මැවෙන්න ඇතිනෙ.... අන්න එහෙම තමා... ඉතින් අපිත් කෙල්ලො කියල නෑ, කට කණේ තියාගෙන බලන් ඉන්නව.... මෙන්න බොලේ ටික වෙලාවක් බලන් ඉන්නකොට අර අපේ පන්තියෙන් පිට වෙලා ගිය කොල්ලො සෙට් එක, තහනම් අඩවියත් පහු කරගෙන සීන් එකට එන්ටර් වෙනව අපිට පෙනුනා... 'අන්න යකෝ ටොයිලට් යන්න ගිය එව්වො...' කවුද කොල්ලෙකුට එහෙම කියැවුනා... එතකොටම ඉස්සෙල්ලට වැඩිය ඉඩ කඩ පෑදෙනව දැනුනම පස්ස හැරිලා බලනකොට කොල්ලො දෙතුන් දෙනෙක් පන්තියෙ ඉතුරු වෙද්දි අනිත් උන් ටිකත් පන්තියේ දොරෙන් පෝලිමට නොපෙනී යනවා දැකගන්න පුළුවන් උනා... එතකොටම කෙල්ලො පොදිය ජනේලෙ ගාව පිරුනු නිසා මං කළේ ළඟම තිබ්බ පුටුවක් ඇදල අරගෙන ඒක උඩට නැග ගත්තු එක....

දැන් මට පේනව අර කොල්ලො ටික ගිහින් අක්කත් එක්ක කතා කර කර අවුරුදු ගාණක් සා පිපාසාවෙන් පෙලිච්චි උන් වගේ එයාගෙන් වතුර ඉල්ලන් බොනව... උන්දැත් උනුත් එක්ක හිනාවෙවී කතා කර කර, නාන එකත් පැත්තකින් තියල වතුර ඇද ඇද කොල්ලන්ගෙ බොකුටු කරගත්තු අත්වලට හෙමින් සීරුවේ වත් කරනවා.... අක්ක දෙකට නැමිල වතුර වත් කරනකොට සමහර කොල්ලො අක්කගෙ පිටිපස්සට ගිහින් ෆොටෝ ගන්නව වගේ අභිනය දක්වනවත් පෙනුන... සමහරුන්ට නවත්ව ගන්න බැරි තරම් හිනායි.... මෙන්න තව චුට්ටකින් පේනව අපේ පන්තියෙ කොල්ලන්ට අමතරව වෙන පන්තියක කොල්ලොත් දෙතුන් දෙනෙක් සීන් එකට එන්ටර් වෙනව... දැන් හෙන කොල්ලො පොදියක් එතැන... මම තව තවත් ඕනෑ කමින් බොහොම උනන්දුවෙන් බලන් හිටිය මොකද වෙන්නෙ කියල...

එකපාරටම මට දැනුන කවුරු හරි පුටුව උඩ නැගල හිටපු මගේ සුදු ගවුමෙ සායෙන් අදිනව... මං හිතුව තව කාට හරි පුටුව උඩට එන්න ඕන වෙලාය කියල... 'ඔය තව පුටු තියෙන්නෙ... එයින් එකක් ගනින්කො මේකම ඉල්ලන්නෙ...' කියල මම පස්සවත් නොබල කිව්වෙ සීන් එක දිහා බලාගෙනමයි... ටිකකින් මට දැනුනා මගේ දකුණු අතේ උඩ බාහුවට කවුරු හරි පොඩි තට්ටුවක් දානව... 'මොනාද බං... චුට්ටක් හිටහංකො... මළ වදේ...' කියල මං මූණත් හපුටු කරගෙන, මගේ අතට තට්ටුව දාපු අත අල්ලගත්තෙ ඇදල අරන් තල්ලු කරල දාන්න හිතාගෙන.... මගේ අතට අහුවුනේ ගොරෝසු පත අතක්... යකෙක් අල්ලගත්ත තරමට බය වෙච්චි මම හෑහ් ගාල හුස්මකුත් අල්ලනගමන් අහුවෙච්චි අත ගසල දාල පස්ස හැරිල බැලුව... යකෝ අපේ විද්‍යා සර්...!!!

මගේ ඉහේ උකුණො හිටිය නම් උන් ටිකත් බිමට පනින්නැති මට දැනුනු ලැජ්ජාවට.... මට කර කියාගන්න දෙයක් නැති උනා... මං දඩි බිඩි ගාල පුටුවෙන් බිමට බහිනකොට වැටෙන්න ගිය පාර සර්ම මාව අල්ල ගත්ත.... පන්තියේ අනිත් කෙල්ලො ටික මුල්ලකට පොදි ගැහිලා අත් වලින් කටවල් වහගෙන ඇස් වලින් පුපුරන්න හිනා වෙනවා... පරිච්චියො.... නිකමටවත් මට කිව්වෙ නෑ සර් එනවැයි කියල....

සර් වචනයක්වත් කතා නොකර ජනේලෙ ළඟට ගිහින් බැලුව මං බලන් හිටිය දිහා.... එයාගෙ කට කොණට හිනාවක් නැගෙනව මං බලාගෙන.... සර් මං දිහාවට නෝන්ඩි බැල්මක් දාල ඇහුව 'අර මේ පන්තියෙ පිරිමි ළමයි ටික නේද ළිඳ ළඟ ඉන්නෙ...?' කියල...මං මොකුත් නොකිය ඉහළට පහළට ඔළුව හෙල්ලුව.... සර් උඩ ඉඳන් පහළට මං දිහා බලල 'පන්තියේ මොනිටර් උනාම ඔහොමද අනිත් අයටත් ආදර්ශයක් වෙන්න හැසිරෙන්නෙ....' කියල ඇහුවෙ හිනාවක්  හංග ගන්න ගමන්.... හත්තිලව්වයි.... මට මං පන්තියෙ මොනිටර් බව මතක් උනේ එතකොට... 'මට අම්මව හම්බු වෙයිනෙ...' කියල මට ඇහෙන්න හෙමින් කියපු සර් කට්ටියටම වාඩිවෙලා නිශ්ශබ්දව ඉන්න කියල ගියේ කොල්ලො රොත්ත අරන් එන්න....ෂික්... වැදගැම්මක් ඇති දෙයක් බලන්න ගිහිල්ල නම් ඒත් කමක් නැ... මේ කෙල්ලෙක් නාන එකක්... හයියෝ...

සර් ගියපු ගමන් මං හැරුනෙ කෙල්ලො ටික දිහාට... 'තොපි නිකමටවත් කිව්වෙ නෑ මට සර් එනවැයි කියල නේද...'
'අපි දැක්කෙත් සර් පන්තිය ඇතුලටම ආවට පස්සෙ බං... අරකි උඹේ සායෙන් ඇද්දෙ ඒ නිසා... කොහෙද... උඹට මේ ලෝකෙ සිහියක් තිබ්බයැ...' කවුදෝ කිව්ව....


80 comments:

  1. මගුලයි..... අනාත සාගරේ ඔව්වට තමයි හොදි නැතුව රොස්පාං කනව කියන්නේ..!

    ReplyDelete
    Replies
    1. අනාත සාගරේදත් අහනව.... :D

      Delete
  2. මගෙත් ඔය වගේ වැඩ නම් තිබුනා හරියට, අපොයි හරි නරකයි නේද ගෑණු ළමයි හැදෙන විදිහ..

    ReplyDelete
    Replies
    1. //මගෙත් ඔය වගේ වැඩ නම් තිබුනා හරියට//
      හික්ස්... අපොයි එහෙනම් ඔය නදිනි කියන ගෑණු ළමය හැදුනු හැටිත් හිතාගත්තෑකි...

      Delete
  3. සිහ්. කැත මියුරු.... ආතල් කතාව. උඩ නැගල බස්සන්න හදන කොට මම හිතුවේ වෙන එකක් කියලා.. හෙහ්... (හරි වල් අනේ මං)

    ReplyDelete
    Replies
    1. එහෙම හිතුන නම් ඔයා හරි වල් තමයි දේශක යා... ඔන්න අපි නෙවේ කිව්වෙ... Self-confession :D

      Delete
  4. හේ හේ....ගැණු නාන දිහා පිරිමි බැලුවා වගේ නෙමෙයි ගැණු බලං ඉන්නකොට මොනා ද මොනා ද හිතෙනවා...:)

    ReplyDelete
    Replies
    1. එහෙම මොනාද මොනාද හිතෙන එක නම් බලාගෙන ඉන්න හොඳ දෙයක් නෙවෙයි මයියා.... මම නම් ගෑණුද පිරිමිද කියල නෑ ඔය කොව්වත් බලනවා... දැන් නම් ඉස්සර වගේ තනියම බලලා සද්ද නැතිව ඉන්නව වගේ ආත්මාර්ථකාමී වැඩත් නවත්තල මහත්තයටත් පෙන්නනව... :D

      Delete
    2. අම්මපා මියුරු.... මාත් ඒ වගේ තමා... වැඩේ කියන්නේ ලස්සන කෙල්ලෙක් එහෙම පෙන්නලා ලස්සනයි නේද කියලා ඇහුවම ඔව් නේ කියන එක්කෙනාට ලස්සන කොල්ලෙක් පෙන්නලා ඕකම ඇහුවම මේ .. පාරේ යනකොටවත් නටන්නේ නැතුව යනවද කියලා මාව ඇඳලා පැත්තකට කර ගන්න එකනේ...

      අනේ මන්ද... හි හි....

      Delete
    3. ඕක පැහැදිලි ඉරිසියාව බං... හික්ස්... ඒ අතින් නම් මං වාසනාවන්තයි හිරු... මනූ නම් මාත් එක්ක උන්වත් වර්ණනා කරනව...

      Delete
  5. අපි අටේ පන්තියෙ ඉන්නකාලෙ ඔහොම එකක් උනා කොල්ලෙකුට.. හැබැයි ඌ කොට බිත්තියට නැගල බලන් හිටියෙ ඔයිට වඩා බරපතල සීන් එකක්.. අපරාදෙ ඒකෙන් උනේ අර කොල්ලයි කෙල්ලයි අතටම මාට්‍ටු වෙච්ච එක..

    ReplyDelete
    Replies
    1. හයියෝ සංසාරෙ.... මම තව හොඳයි එහෙනම්... මං බලන් හිටියෙ පුටුව උඩ නැගලනෙ.... හොඳ වෙලාවට ඔහොම සීන් එකක් නොවුනෙ... එහෙම උනා නම් මාත් සර්ට අහුවෙන්නෙ බිත්තියක් උඩ ඉඳල තමයි... හික්ස්...

      Delete
  6. අපි නම් නාන ලිං වලින් වතුර බොන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. කකාලට නියං කාලෙටත් හොඳට වතුර තියෙන ළිං තියෙන්නැති... අපේ පළාත්වල මිනිස්සු තද පෑවිලි කාලවලට ළිං හිඳෙන නිසා අපමන දුක් වින්දා වතුර ටිකකට ඒ කාලෙ... ඉතින් වහින කාලෙට අත ඇරලා තියෙන ළිං වලිනුත් පෑවිල්ල කාලෙට වතුර ගන්නවා... ඔය ළිඳ වතුර තියෙන කාල වලදි බොන්නවත් නාන්නවත් පාවිච්චි කරපු එකක් නෙවේ... අනිත් එක තමයි, සති අන්තවල නම් මම දන්නෙ නෑ, ඔය ළිඳෙන් කවුරු හරි නානව මම දැකපු පළවෙනි හා අවසාන අවස්ථාව තමයි ඔය...

      Delete
  7. මොනාද බං... චුට්ටක් හිටහංකො... මළ වදේ...
    කොහොම හරි සර්ට බං කියලත් කිව්වා එහෙනම්. පස්සේ හම්බ වුනේ නැද්ද ඒ සර්. ගෙදර ගිහිල්ලත් හිනා වෙන්න ඇති. :D

    ReplyDelete
    Replies
    1. ඒ සර් තමයි චන්දන දහයෙ පන්තියට එනකම් අපට විද්‍යාව ඉගැන්නුවෙ.... හිනාවෙන්නැති තමා... ඒ අවුරුද්දෙ ඕ ලෙවල් පේපර් මාකිං වලට ගියපු වෙලාවෙ නම් අපේ අම්මට කියල හොඳටම හිනාවෙලා තිබ්බ.... :D

      Delete
  8. ඔන්න ඔහොමලු සිද්ද උනේ... නේද...!

    ReplyDelete
  9. //උන්ද නාන්නෙ සුදු පාට තුනී දිය රෙද්දක් ඇඳගෙන.... කට්ටියට විෂුවල් මැවෙන්න ඇතිනෙ....//

    ආයෙත් අහලා ඉතින් වෙන මොන කතාද.... අර ‍‍තව අක්කා කෙනෙක් එක්ක ලිඳක නාන්න ගිහිල්ලා එක්කෙනෙක් ලිදේ පත බෑවිච්ච සීන් එකටත් වඩා හොඳට විෂුවල් එක මවාගත්තා...

    මෙතන අප්සට් එක කොල්ලෝ බැලුව එක නෙමෙයි කෙල්ලෝ බලන්න ගියෙ අහවල් කෙංගෙඩියක්ද කියලා... ටිකක් කල්පනා ක‍රද්දි අපේ සෙට් එකේ හිටිය කෙල්ලෙක් දවසක් බස් එකක නැග්ග අක්කා කෙනෙක් දිහා බලලා කිව්ව කතාවක් මතක් වුනා

    උදේ පාන්දරක පන්ති යන්න කියලා හිතාගෙන අපි බස් එකකට නැග්ගම කොහේදෝ මන්දා ඉඳලා සුදුම සුදු අක්කා කෙනෙක් නැග්ගෙ නැතැයි බස් එකට.වැඩේ කියන්නේ එයාගේ ඇඳුම නිසා මොන ඉවකටද මන්ද ඉස්සරහම හිටිය මමයි මගෙ යාළුවෙකුයි එක පාර හැරිලා පිටිපස්ස බැලුවා

    ඒ දර්ශනේ දැක්කම මට අමතක වුනා එ‍හාපැත්තේ ඉන්නේ කෙල්ලෙක් කියලා දැම්මා තට්ටුවක් අඩෝ අර බලහංකෝ කියලා.ටික වෙලාවකින් කෙල්ලෙක් එහා පැත්තේ ඉඳලා කතා කරනකොටයි මාව රත්වුනේ

    "ඒ ගැමියෝ ඒ අක්කා ඇඳන් ඉන්න ඇඳුම දැක්කම මාවත් හිරිවැටුනා බං මට එහෙම නම් උඹලට කොහොම ඇතිද??"

    ReplyDelete
    Replies
    1. //මෙතන අප්සට් එක කොල්ලෝ බැලුව එක නෙමෙයි කෙල්ලෝ බලන්න ගියෙ අහවල් කෙංගෙඩියක්ද කියලා...// අහවල් කෙංගෙඩියක් තිබුණු නිසානෙ බැලුවෙ ලොක්කා... ඇයි කෙල්ලොන්ගෙ ඇස් ඇස් නෙමෙයිද ගැමියෝ... හික්ස්..
      //"ඒ ගැමියෝ ඒ අක්කා ඇඳන් ඉන්න ඇඳුම දැක්කම මාවත් හිරිවැටුනා බං මට එහෙම නම් උඹලට කොහොම ඇතිද??"//ඒකනෙ කියන්නෙ... හී..හී..හී..

      Delete
  10. අයියෝ ඔය දෙවරු කේස් එක මටත් තිබුණා නේ අමු කට්ට තමා..

    ReplyDelete
    Replies
    1. ඒ කට්ට නම් කියල වැඩක් නෑ... දවසම ඉවරයි... උදේ ඉඳලම ඉස්කෝලෙ යන්න ලැහැස්ති වෙනව...

      Delete
  11. මාත් ඔය දෙවරු කට්ට කාල තියනවා මුයුරුවෝ කියල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. කළුවර වැටුනම ගෙදර යන එක තමයි එපා කරපුම වැඩේ... ඉස්කෝලෙ ඇරිලා ගෙදර යන්න බස් නැති දාට, රෑට රෑ වෙලා ගෙදර එනකොට ගෙදර ඔක්කොම මහ පාරෙ ටෝච් හෙම අරගෙන... :(

      Delete
  12. හත් ඉලව්වේ ඉල්ලං චා වෙලා. ඒ ඉස්කෝලේ මරුනේ. චා: ලංකාවේ ඉස්කෝලේ ගියේ නැති එකේ කරුමේ කියල හිතෙන්නේ මෙව්වා අහද්දී තමයි.

    ReplyDelete
    Replies
    1. ඔයා තව දන්නෙ නෑ කෝරළේ ලංකාවෙ ඉස්කෝලවල ජොලිය... හැබැයි මේ බ්ලොග් ලෝකෙ වටේ රවුමක් ගියොත් බොහොමයක් දේවල් අල්ල ගත්තෑකි.... හැමෝම අඩු වැඩි වශයෙන් ඒවා බෙදා හදා ගන්නවනෙ...

      Delete
  13. ඔය තියෙන්නෙ බං මම ආසම කතා. චිත්ත රූප නං මැවුනා ලෙසටම! හිනා හිනා හතර හිනා.

    හනේ ඉතිං උඹනේ මොනිටර්, ඈ? ඒ තරම්ම සම්පත් හිඟය්හක් තිබුනද බං ඒ ඉස්කෝලෙ?

    මෙහෙ ඉස්කෝලත් වරු දෙකට තියන්නෙ. අපේ ඉස්කෝලෙ මේ අවුරුද්දෙ ඉඳලා එක වරුව කරන්න අදහසක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. අහල තියෙනවද ඩූඩෝ පන්තියෙ ඉන්න කොන්ටෝල් කොරගන්නම බැරි එකාට මොනිටර්කම දෙන තියරි එක... :D

      ඔහේ ඉස්කෝල දෙවරු කරල තියෙන්නෙ මොන හේතුවක් නිසාද ඇත්තටම...?

      තැන්කූ ඈ...

      Delete
  14. හප්පා...වස නවනින්ගිරාවක්නේ කරගෙන තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. නවනින්ගිරාවද කියන්නෙ පැතුම්... ආයෙ කියල වැඩක් නෑ...

      Delete
  15. අද තවත් මේ වගේම මරු කතාවක් බැලුවා බං. මෙන්න ගිහින් බලාපං. මුරණ්ඩු හු‍ටු හු‍ටුව.

    http://chandanadm.blogspot.com/2013/02/antique-moter-bike-story-jork.html

    ReplyDelete
    Replies
    1. ගියා..ගියා... මේක දැකලා... ආයෙ කියල වැඩක් නෑ... මාරයි... ඔය අයිතිකාරය කලින්ම ඇවිත් ගිහින් තියෙන්නෙ මේ පැත්තෙ... මං හිතන් හිටියෙ මං ඒ පැත්තෙ යනව කියල... තැන්කූ ඩූඩෝ නියම බ්ලොගයක් අල්ලලා දුන්නට.... :D

      Delete
  16. ආයේ මොනාද...ලෙසටම මැව්නා අර කියාපු විෂූවල් ටික අපූරුවට..හි හි හී..

    මමත් ඔය වගේ පුටුවක් පද්ද පද්ද උන්නා දවසක් පන්තියේ පුටු කකුල් දෙකෙන් ඉඳන්. කවුදෝ එක පාරටම පුටුවෙන් ඇද්දා. මට කටින් එළියට පැන්නේ " හු--- කරනවද බන් " කියලා. හැරිලා බලද්දි තමා දැක්කෙ අපේ ඩාන්සින් ටීච.. මගෙ වචනෙට උන්දටත් හිනා ගිය නිසා යන්තම් බේරුනා...

    ReplyDelete
    Replies
    1. අයියෝ ළිහිණි... හික්ස්... ඒක නම් හිනා කාල මැරෙනවා... මටත් ඔය වගේ වැඩ වෙලා තියෙනව, හැබැයි ගෙදරදි... :D

      Delete
  17. හි හි.. නියමයි... ඇත්තටම මොනාද මියුරු කාට කනේ තියන් ඔච්චරටම බලන් හිටියෙ.. :)

    ReplyDelete
    Replies
    1. පෙනුනු සහ පෙන්නපු හැම දෙයක්ම දිහා උමංගනා... :D

      Delete
  18. හි හි.. නියමයි... ඇත්තටම මොනාද මියුරු කාට කනේ තියන් ඔච්චරටම බලන් හිටියෙ.. :)

    ReplyDelete
  19. මියුරු අක්කගෙ කතා කියවද්දි මට මතක් වෙන්නෙම ‘මල්ලිගෙ විත්ති‘ කියන පොත. කියෝල තියෙනවද? මේ වගේම තමයි. හිටු කියල හිනාවෙතැහැකි...

    ReplyDelete
    Replies
    1. අනේ නෑනෙ පරිකල්පන... දැන් ඔයා එහෙම කිව්වම ඒ පොත ලංකාවට ගියපු වෙලාවක සොයාගෙන බලන්න හිතුනා... කවුද ලියල තියෙන්නෙ...? මම ඒ විදියට හිනා වෙවී බලපු ලස්සන පොතක් තමයි 'පේ අයියා' කියන එක... මට මතක නෑ කතුවරියගෙ නම... මුල ටික හොඳටම හිනාවෙවී බැලුවට අන්තිම ටික බලල ඇඬුවා... ආදරණීය අයියා කෙනෙකු ගැන කතාවක්...

      Delete
    2. පොත ලියල තියෙන්නෙ ගුණදාස ලියනගේ. හොයාගෙන බලන්නකො... :)

      Delete
    3. බොහොම ස්තුතියි ඔත්තුවට පරිකල්පන... අනිවාර්යයෙන් හොයාගෙන බලනවා...

      Delete
  20. වහාම ක්‍රියාත්මක වන පරිදි ළිඳ තහනම් කලාපයක් කළේ නැද්ද ඊට පස්සෙ.. ??

    අනේ බන් උඹ වගේ මොනිටොර් කෙනෙක්.. :D

    මේවා අහද්දි මට මතක් වෙන්නෙ "තලනම් තෙලට වේලේ, මීබෙටි කුමට වේලේ" පැරැන්නන්ගෙ මසුරන් කියුම. :D

    ඔය දෙවරු කේස් එක කාලයක් අපිටත් සෙට් වුනා.. දවල් 11ට ඉස්කෝලෙ යන්න තිබුනෙ..

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඒක තහනම් අඩවියක් කරලයි තිබ්බෙ ඔය ළිඳ හින්දම.... පස්සෙ කාලෙක එතැන විද්‍යාගාරය හැදුනට පස්සෙ ළිඳ වැහුවා සෙන්නා...
      හික්ස්... කියල වැඩක් නෑ බං... මට ගොඩක් වෙලාවට ඕක මතක් වෙන්නෙත් නෑ... ඕක තිබ්බ කියල මං අමුතුවෙන් කළ ඇටිකෙහෙලකුත් නෑ.... :D
      ඔය පැරැන්නන්ගෙ කියුම අනිත් පැත්ත ගහන වෙලාවලුත් තියෙනව කියල කවුදෝ කිව්වෙ... :D
      අපට පටන් ගත්තෙ හවස 1ට නෙ...

      Delete
  21. පරිසරය මැවිලා පේන විදියට ලස්සනට කථාව ඉදිරිපත් කරලා තියෙනවා...අවංකවම රස වින්දා...විද්‍යා සර්ට අහුවුනාට පස්සෙ දවසෙ ඉදලා උකුණො නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. ඕගොල්ලො රස වින්දා නම් එච්චරයි මට ඕන... බොහොම ස්තුතියි සිරා...

      නෑ නේන්නං... මට ඒක වෙන්න තිබ්බෙ පොඩි කාලෙ... ඒ දවස්වල උකුණු අභයභූමියක් වෙච්චි මගේ ප්‍රාණ සම යාළුවගෙ ඔළුවට ඔළුව තියන් ඉඳල මමත් බෝගෙත් අරන් ගෙදර යනව... අම්ම ඉතින් බිම වාඩි කරගෙන, කකුල් දෙකට තද කරගෙන, දඟලනකොට ටොකු ඇන ඇන තමයි ගෝතයො අයින් කළේ... ඒ කාලෙ උනා නම් අච්චර ටොකු කන්න වෙන්නෙත් නෑ අප්පා... :D

      Delete
    2. උකුණෝ කියන කොටත් ඔලුව කහනවා බං... පුදුම දුකක් වින්ඳේ ඒ කාලේ.... හාපෝ......

      Delete
    3. මං ඔය කැහිල්ලටත් වැඩිය දුක් වින්දෙ අපෙ අම්මගෙ උකුණො ඇදිල්ලෙන් අනේ.... :D

      Delete
    4. මම හුගකාලෙකින් උකුනෙක් දැකලා නෑ...උන් දැන් රතු දත්ත පොතේ ඉන්න වදවී ගිය සත්ව කොට්ඨාශයක්ද වෙන්න ඕනෙ...

      Delete
    5. අපොයි නෑ සිරා... මෙහේ ඉන්නව ඕසෙට... සුදු එව්වො හැබැයි... හික්ස්... මෙහේ වන් ෂොට් උකුණු බෙහෙත් නෑ... හපෝයි... ඉතින් මතක් කරන්නෙපා.... :D

      Delete
  22. මියුරු මොනාද කට කනේ තියන් බලන් හිටියේ.. අක්කා නාන දිහාද? එහෙම නැත්නම් අක්කා දිහා බලන කොල්ලො ටික දිහාද? :D

    ReplyDelete
    Replies
    1. දෙකම.... දෙකම අරුන්දතී... හික්ස්...

      Delete
  23. මේක කියවද්දී මට මතක් උණේ අපේ ඉස්කෝලේ. හා එව්වයින් වැඩක් නෑ.
    අපේ අල්ලපු ගෙදර අක්කා ගේ පිටිපස්සේ ඉඳන් නානවා මගේ කාමරේට හොඳට පේනවා. එයත් ඔය අක්කා වගේමයි. දවසක් (ආෆ්ටර් ඒලෙවල්) යාලුවෙක් ඇවිත් මගේ කම්පීතරෙන් චිත්තරපටියක් බලනවා. (තනි පාටක එකක් ඈ. කළු සුදු වගේ.)මං නාගන්න ගියා. (මං හොඳ එකානේ)රෙදි ටික හෝදලා වලට දාගෙන ජනේලේ ගාවටම ආවා. එතකොට මෙන්න මගේ යාළුවා ජනේලේ එල්ලිලා ඉඳලා අතේ මාට්ටු. බලනකොට මූ අච්චර හොඳ ෆිල්ම් එක පැත්තක දාලා ලෝකල් එව්වා බලනවා.

    ReplyDelete
    Replies
    1. අර එව්වයින් වැඩක් නැති ඉස්කෝලෙ මතක් උනේ මොකද කියලත් හිටියනං අකමො... ඒක පිටිපස්සෙ රස කතාවක් ඇතියි කියල හිත කියනව...
      නිකං හොඳ මුනියා වෙන්න තනි පාටක් එකක් කිව්වට දැන් වැඩක් නෑ හරිය... ඒකත් පැත්තකට දාල යාළුව හෝ තමා ජනේලෙ එල්ලිලා හිටිය කියන්නෙ ලෙසටම තියෙන්නැති නේ... :D

      Delete
    2. ඉස්කෝලේ මතක් උනේනම් පාසල් කාලය ගැන කියපු නිසා. ඒ හින්දමද මන්දා පෝස්ට් එකකුත් ලිය උණා.

      තනි පාටක් කිව්වේ තනි පාටක් හලෝ. හැබැයි උදාහරනේ තියෙන්නේ පාට දෙකක්නේ.

      මාත් එහෙම හිටපු හැටි මතකයි. :D ඒත් එදානම් ඇත්තටම උණ සිද්ධියක් ලිව්වේ.

      Delete
    3. ආ... කියන්න බැරි උණා. මියුරුගේ භාෂාව හැසිරවීමේ හැකියාවනම් අති උත්කෘෂ්ඨයි. බොහෝම ලස්සනට ලියලා තියෙනවා.

      Delete
    4. අපි ඒ පැත්තෙ ගිහින් පෝස්ටුව බැලුවා... මරු කතා තුන... හික්ස්...

      බොහොම ස්තුතියි අකමො වරුණාවට... ඒත් මං හිතුවෙ නෑ ඒකෙ එච්චර ගත යුත්තක් ඇති කියල....

      Delete
  24. hik hik...kollontama hariyana kello tika :D kollo balanawanam ithin kello baluwama mak wenawada...hehe

    ReplyDelete
    Replies
    1. අනේ ද කියන්නෙ සයුරි.. ඇයි කෙල්ලොන්ගෙ ඇස්, ඇස් නෙමේය... නැද්ද මං අහන්නෙ... :D

      Delete
  25. මෙයා වැඩ කරපු තැන වගේම තමා ඉස්කෝලෙත්. අපරාදේ මම හිටියේ නෑනේ. එහෙනං ඉතින් විද්‍යා සර් නෙමේ ප්‍රින්සිපල්තුමා ආවත් ඇහෙන එකක් නෑ. :D:D:D

    මියුරුගේ භාෂාව නම් ලස්සනම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔයා ඔය කතාව කිව්වම මතක් උනේ... මං කුප්ප වැඩ කර කර මෙලෝ සිහියක් නැතිව හිටි වෙලාවල ගුරුවරු සද්ද නැතිව පිටිපස්සෙ ඉඳන් ඔක්කොම බලන් හිටපු අවස්ථාත් තිබිල තියෙනව පොඩ්ඩි.... :D

      බොහොම ස්තුතියි...

      Delete
  26. මියුරුගෙ පෝස්ටුත් ඔපිසියෙදි කියවන්න හොඳ නැති ගනයට තමයි වැටෙන්නෙ..හිනාවෙලා බඩත් රිදෙනවා..හපොයි..

    මටත් හිතාගන්න බැරි ගෑල්ලමයින්ට ඕකෙ මොකද්ද තියන අරුමෙ කියලා..ඒත් ඒ දවස්වල වයස හොඳ නෑ නොවැ..හික්ස්..
    ආයෙත් ඒ සර්ගෙ මූණ බැලුවෙ කොහොමෙයි..?

    ReplyDelete
    Replies
    1. //මටත් හිතාගන්න බැරි ගෑල්ලමයින්ට ඕකෙ මොකද්ද තියන අරුමෙ කියලා// හෙහ්...හෙහ්.. හෙහ්...

      ඒ සර්රුත් මොකුත් උනේ නෑ වගේ ඊට පස්සෙ රඟපාපු හින්දා මාත් හොඳ බබා වගේ හිටිය රූ....

      Delete
  27. මියුරුව බලන්න කාලෙකින් ආවේ... අනේ අපරාදේ සීන් ‍එකේ ලස්සනම ටික සර්වත් පුටුවට නග්ග ගෙන බලන්න නේ තිබුනේ....

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්... දැන් බොහොම කලාතුරකින් නෙව දකින්නෙ...
      සර්ව පුටුවට වඩම්මනව තියා බහින්න ගිහින් බෙල්ල කඩා නොගෙන බේරුනේ අනූනමයෙන් බට්ටි ඒ වෙලාවෙ දැනුනු විළි ලැජ්ජාවට... :D

      Delete
  28. අක්කත් පන්තියේ ඉඳන්ම නාගෙන වගේ...

    "පරිච්චියො...." කියන්නේ...? :O

    ReplyDelete
    Replies
    1. නාගෙන නේන්නම් ඇදගෙනම...

      ඒ කියන්නෙ පර බැxxx කියන එකම තමයි... දැන් තේරුනැයි කොළුවට... :D

      Delete
  29. මමත් කට ඇරගෙන කියවගෙන කියවගෙන ගියා ඕන්..
    වාසනාවන්ත කොල්ලො ටිකක්

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල කස්සා... උන් කොච්චර වාසනාවන්තද කියල ආපහු ආවම අපිත් එක්ක කිව්ව... :D

      Delete
  30. සිනාවේ උපරිමයම ඇති වෙන්න තියෙනවා.

    අර කොල්ල කවුද නාන අක්කගේ පිටිපස්සටම ගිහින් හිටපු කෙනා. 3ඩි ෆිල්ම් එකක් බැලුවා වගේ ඇති. පස්සේ ඒ හැම කොල්ලම රූප අඹන්න වගේ රකියාවල්ද කලේ.

    ReplyDelete
    Replies
    1. හික්...හික්..හික්... අර මං කලින් කියපු යාළුවො මුණ ගැසුනු වෙලාවෙ මේ සිද්දිය මතක් කර කර හිනා උනා... ඒකයි ලියන්න ඕන කියල හිතුනෙත්.... ඒ ධම්මික කියල කොල්ලෙක්... දැන ගන්න ලැබුණු විදියට මිනිහ දැන් මෝටර් මිකැනික් කෙනෙක් විදියට විදේශයක සේවය කරනව.... ඌ අඹයි රූප...!! :D

      Delete
  31. හික්... මියුරු අක්කටත් වෙන වැඩ... මට මැවිලා පෙනුනා ෆිල්ම් එකක් වගේ.....

    ReplyDelete
    Replies
    1. මට උනොත් ඉතින් ඔහොම එකක්ම තමයි සමනළී.... :D

      Delete
  32. විද්‍යා සර්ටත් හිතුනද දන්නෙ නෑ වතුරටිකක් බොන්න ලිඳ ළගට යන්න. අරසවත් අතීතාවර්ජනයක්

    ReplyDelete
    Replies
    1. ගියා නේන්නං කොල්ලො ටික අරන් එන්න... ඒක බලන්න වෙන එකෙක් හරි පුටුව උඩට නග්ගන්න බැරි වෙච්චි එක ගැන හරියට පසුතැවුනා මං.... අරුන් ටික ආවට පස්සෙ ඒ ගැන ඇහුවම එක එකා එක එක කතා කිව්ව... ඇත්ත මොකක්ද දන්නෑ... :D

      Delete
  33. අනේ මන්ද.... මියුරු අක්කත් අර අසරණය අයිය වගේ හැමවෙලේම අසරණ වෙන වැඩමනේ කරන්නේ.... :)))

    ReplyDelete
    Replies
    1. දැනුනු විළි ලැජ්ජාවටම අසරණ උනා නේන්නම් අනූ.... :D

      Delete
  34. මං ඊයේ දාපු කමෙන්ට් එක නෑ....:(

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ අනූ උඩ දිලිහි දිලිහි... මේකෙ කමෙන්ට්ස් මොඩරේට් කරල තියෙන්නෙ... පහුගිය දොහේ ගොඩක්ම බිසි හින්දා මේ පැත්තෙ එන්න ලැබුනෙ නැති නිසා ඒක පබ්ලිෂ් උනේ නෑ... සොරි හොඳේ...

      Delete
  35. හෆොයි..! :D මියුරු අක්කටත් වෙන වැඩ.. කතාවනම් උපරිමයටම ලියලා තියෙනවා.. චිත්ත රූප මැවෙන්නෙම. සර්ටත් ටිකක් ඉඩදෙන්න එපැයි පුටුවෙන්.. :D

    ReplyDelete
    Replies
    1. අර වෙලාවෙ අත ගසල දාන්න හැදුවෙ නැත්නම්, ඇස් දෙක සීන් එකටම අලවාගෙන හිටිය මම, ඉඩ ටිකක් පාදලා කියන්නත් ඉඩ තිබ්බ 'ඔච්චරම ඕන නම් ඉතින් නැගහං මේක උඩට' කියල.... :D

      Delete