Total Pageviews

Friday 16 December 2011

මනමාලයා......



මම ලොකු ඉස්කෝලෙ ගිය කාලෙ අපේ පාසැලෙ ඉඩ කඩ මදි ප්‍රශ්නයක් නිසා සමහර පන්ති පැවැත්තුවෙ හවස් වරුවෙ.... ඕකට අහු උනේ 6, 7 පන්තිවල උන්.... ඒ කියන්නෙ 6 ශ්‍රේණියේ (වසරවල් ආවෙ පස්සෙනේ.. ) සමාන්තර පන්ති දොළහකත් 7 ශ්‍රේණියේ සමාන්තර පන්ති දහයකත් ළමයි.... ඔය කාලෙ අපි ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන වෙලාවට තමයි ලොකු පන්තිවල ළමයි ටියුෂන් එහෙම ඉවරවෙලා ගෙදර යන්නෙ.... ඉතින් පැණියෙ යන අයියලගෙන් කිසිම අඩුපාඩුවක් තිබුණෙ නෑ අපිට...

ඔය දවස්වල මගේ පොඩි කරුමයක් තිබුණා ඔය කොහේ හරි යන වසංගත ඔළුවට පාත්වෙන විදියේ.... මොනතරම් ලස්සන යාළුවො මගේ වටේ හිටියත් කොහෙන් හරි කැරකිලා ඔය මනමාල අප්පුවෙක් දෙන්නෙක් වැටෙනවාමයි මගේ පිටිපස්සෙ.... ඒ දවස්වල ඔය වැඩේට මං හරිම බයයි... අපේ ඉස්කෝලෙ හිටිය ගුරුවරු වැඩි දෙනෙක් අපේ අම්මත් එක්ක එකට වැඩ කරපු අය... තවත් සමහරු තාත්තා රාජකාරි කරපු ආයතනයෙදි තාත්තගෙන් උදපදව් අරගත්තු අය.... ඉතින් මං පොඩි හරි වැරැද්දක් කළොත් හැරෙන තැපෑලෙන් ගෙදරට ආරංචි වෙනවා.... ඒ විතරක් නෙවෙයි... ඔය පොඩි කාලෙම මට මෙහෙමත් හිතුනා... මං තමයි අපේ ගෙදර වැඩිමල්ම එකී... ඉන්නෙත් නංගිලා දෙන්නෙක්.... උන් දෙන්න හැදෙන්නෙ මං දිහා බලාගෙන... ඒ නිසා මං උන්ට ආදර්ශමත් වෙන්න ඕන කියලා... (උන් මාව ආදුරුසෙට ගත්තු හැටි පස්සෙ එළිවෙයි....) අනිත් දේ තමයි මට හිතුනා ඉස්කෝලෙ යන කාලෙ මං කොල්ලෙක් එක්ක යාළු උනොත් අපේ අම්ම කොහොමද ඉස්කෝලෙ ගිහින් ළමයින්ට අවවාද කරන්නෙ කියලා.... බොරුවට නෙවෙයි සිරාවටම මට ඔහොම හිතුනා... ඉතින් මං කළේ ඒ පස්සෙන් එන එකෙක්වත් තුට්ටුවකට මායිම් නොකරපු එක.... බොරු අහංකාරකමක් මවාගෙන පෙනේ පුප්පගෙන තමයි හිටියෙ.... ඉතින් ඕකම කොල්ලන්ට හෙන චැලේන්ජ් එකක් වෙන්නැති ඒ කාලෙ... ඒ වගේ කෙල්ලො දාගන්න එක හෙන ආතල් කියලා පස්සෙ කිව්වෙත් කොල්ලෙක්මයි කැම්පස් එකේදි, ඌට ඕක ආරංචි වෙලා.... සික් ඉතරක්... ඕක දන්නෙ පස්සෙදිනෙ....
ඉතින් ඔන්න හයේ පන්තියෙ දෙවෙනි වාරෙ වෙනකොටම එකෙක් වැටුනා මගේ පස්සෙන්.... ඌ මොන ඉස්කෝලෙක එකෙක්ද කියලවත් මං දැනගෙන හිටියෙ නෑ.... හැබැයි මුන්දගෙන් මට වැඩි කරදරයක් තිබුණෙත් නෑ.... මිනිහ නිස්සද්ද මනමාලයෙක්... තිබුණු එකම කරදරේ මං කොහෙද යාළුවොත් එක්ක යන්නෙ, මූ මටත් කලින් එතැන.... (අපේ එකෙක්ම ඔත්තු සපයලා කියල පස්සෙ ආරංචි උනා....) ඉතින් ඔහොම යනකොට දවසක් මං ගියා අපේ අම්මත් එක්ක දත් දොස්තර ළඟට.... ඒ දවස්වල හැම මාස 6 කටම සැරයක් මං මගේ දත් සැට් එක චෙක් කොරවගන්නවා..... අපේ දත් දොස්තර මහත්තයට හෙන පෝලිමක් තියෙනවා හැමදාම.... ඉක්මනට වැඩේ කොරවගෙන එන්න ඕන නම් පට්ට පාන්දරින් යන්න ඕන.... එහෙම නැත්නම් ඒ කිට්ටුව කෙනෙකුට කියලා මුල නොම්මරයක් අරගන්නවා ගන්න ඕන.... අපේ වෙලාවෙ හොඳකමට එතැන වැඩ කොරපු ගෝලයා අපේ අම්මගෙත් ගෝලයෙක්... (ගුරුකමේ වාසිය... කොහේ ගියත් ඒ දවස්වල අම්මගෙන් ඉගෙන ගත්තු කෙනෙක් මුණගැහෙනවා...) ඉතින් මිනිහට කලින් දවසෙ කෝල් එකක් දීලා කිව්වාම එයා මුල හරියෙන් නොම්මරයක් අරන් තියලා කීයට විතර ආවාම ඇතිද කියලා තාත්තගෙ ඔෆිස් එකට කෝල් කරලා කියනවා....
ඔන්න ඉතින් මේ කියන දවසෙත් ඔය විදියට නොම්මරයකුත් වෙන් කොරගෙන අපි ගියා දත් සැට් එකේ වැඩේට.... ගෝලයාත් ඇවිත් නොම්මරේ හිමීට අම්මගෙ අතට පාස් කොළා... සෙනග කට කපලා.... ටික වෙලාවකින් ගෝලයාත් බබා වගේ අපේ නොම්මරේ කතා කළා... ඇතුලට ගිහින් බලනකොට එදා කවදාවත් නැතිව දත් දොස්තරලා දෙන්නයි..... බිත්තිය අයිනට වෙන්න දොර පැත්තට මූණ දාලා තිබුණු පුටුවෙ ඒ වෙනකොටත් එකෙක් බාවලා, ඒකා කටත් ඇරන් ඉන්නවා.... අනිත් පුටුවෙ ඒ පැත්තට හැරිලා මං.... දැන් මේ අර අනිත් පුටුවෙ ඉන්න එකාගෙ අම්මද කොහෙද හෙන කඩු හරඹයක් දොස්තරත් එක්ක.... පුත්තරය ගැන බොහොම කළකිරීමෙන් කතා කරනව, කියන දේ අහන්නෙ නෑ කියල.... ඒ කියපු විදියට මේ යකා ගෙදරට හොරෙන් දඬු මොණරෙ යන්න ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙලා දත් ටික කඩාගෙන.... ඒ ටික ඇහෙනකොට මං හොඳට බැලුවා අර ඇරගෙන උන්නු කට දිහා... උඩු ඇන්දෙ දත් හතරක්ම චක බ්ලාස්... යටි ඇන්දෙත් දෙකක් විතර මිසිං , පෙනුනු විදියට....මං එහෙම ඔළුව හරවලා බලනකොට උන්දත් බැලුව මං දිහා ඇස් දෙක කරකවලා... එතකොට මාත් හොඳට බැලුවා කවුද මේ ලොම්බා කියලා.... අඩේ මනමාලයා...!! මූ දත් දොස්තර ළඟටත් ඇවිත් මට කලින්....
මට දැන් හිනා යනවා හෝ ගාලා... දොස්තර කට අරින්න කිව්වාමත් හිනා යනව... බැරි තැන දොස්තර මහත්තයත් අහනව මොකද හිනා වෙන්නෙ කියල.... මට පේනව දැන් අරුන්ද කර කියාගන්න දෙයක් නැතිවයි ඉන්නෙ කියල.... උන්දට වහ කන්න හිතෙන්නැති....අපේ අම්මත් දන්නෙම නෑ හිනාවෙන්න... මං හිනාවෙනකොට අම්මත් හිනා වෙනව සාරි පොටෙන් කට වහගෙන....  අන්තිමට බොහොම අමාරුවෙන් හිනාව පාලනය කරගෙන මගේ වැඩේ කරගෙන එළියට ආව දොස්තරට මල පනින්න කලින්... මොනව හරි කිව්වොත් හෙම තදවෙලා මටත් නෝන්ඩියනෙ....මනමාලය එතකොටත් ඇතුලෙ.... දොස්තර මහත්තය පොරට දත් දාන්න හදනව....

එදායින් පස්සෙ නම් මං ආයෙ කවදාවත් ඒ ළමයව දැක්කෙ නෑ.... දැන් නම් පව් කියලා හිතෙනව....

87 comments:

  1. හප්පා.....මේක කියවද්දී හොඳ කතාන්දරයක් මතක් උනත් ලියන්න නම් බෑ... වෙන්න මහත්තයා ඕක දැක්කොත් මට විසුමක් නැති වෙයි..අවසර අරගෙන ලියන්නම්කො...

    කොහොමත් ආඩම්බර කෙල්ලන්ට කොල්ලො කැමතියිලු තමා...පැන්න ගමන් " හා" ගාන කෙල්ලන්ට වඩා...

    ReplyDelete
  2. කෙල්ලෙක්ට ආඩම්බරකම තමා ලස්සන :) මාත් කැමති එහෙම අයට! අක්කේ නරකද නංගිලා ගැන විස්තර කියල පොඩි පෝස්ට්ටුවක් වගේ එකක් දැම්මොත්! :P

    ReplyDelete
  3. mage amme munda hama ekatama card gahanava munda gana danna kaurut nadda me patte

    ReplyDelete
  4. අක්කටත් මාර දේවල්නේ ඒ දවස්වල හිතිලා තියෙන්නේ
    කෙල්ලෙක් ටිකක් විතර ආඩම්බර වෙන්න ඕනේ කියල තමයි මටත් හිතෙන්නේ
    මොනවා උනත් පව් අර කොල්ලා...

    ReplyDelete
  5. හප්පේ පව්නේ මනමාලයට හිනා උන එක.ඒකාලේ මගේත් අම්මයි තාත්තයි දෙන්නම ඉස්කෝලේ,හප්පේ මොකුත් කරන්න බෑ,ආරංචිය යනව ගෙදරට මම ගෙදරට යන්න ඉස්සෙල්ලා,හරිම පරිස්සමෙන් තමයි කරන දෙයක් කරේ,ගෑනු ඉස්කෝලේ කෙල්ලෙක් එක්ක යළුවෙලා අම්මට නිච්ස් එක ඇවිල්ලා මාව මරන්නම ගියා,හප්පේ දුවලා බේරුනේ...

    ReplyDelete
  6. ඔයා දැන්නම් පසුතැවෙනව වගේ නේද ?

    ReplyDelete
  7. හික් හික් . . . මම ඉස්සෙල්ලම එකක් ගොඩ දැම්මෙ 6යේ පංතියෙදි . . එතකොට කෙල්ල පහේ . . .

    ReplyDelete
  8. කොල්ලොන්ට ඇයි එහෙම හිනාවෙන්නේ.එත් දත් නැතිව ඉන්නවා දැක්කම ඉබේම හිනා ගියද?.
    කලින් පොස්ට් වලට දාපු කමෙන්ට් වලට කේන්ති ගිහෙන්ද ඉන්නේ.කේන්ති ගියානම් "කම කරනු මැනව" !!

    ReplyDelete
  9. ආඩම්බර කාර කෙල්ලෙක්ට ආදරේ කරන එකේ අමුතු ලස්සනක් තියෙනවා.. බනිද්දිත් පස්සෙන් යන එක.. එවා කියන්න ගියොත් මෙක පෝස්ට් එකක් වෙනවා..

    හනේ පවු මනමාලයා.. මොනා උනත් ඉතින් අපේ එකෙක්නේ..

    ReplyDelete
  10. කෙල්ලො ආඩම්බරකමට හිටියට ටික ටික වයසට යන කොට ගණං බහිනවා....අන්තිමට නංගි වේලාව කීයද? කියලා ඇහුවත් 'හා අයියේ මම කැමතියි කියනවා.....'

    ReplyDelete
  11. @ දිල්,

    එහෙනම් අවසර අරගෙන ලියමුකො බලන්න.... :D

    ReplyDelete
  12. @ Sabith,

    ඔක්කොම ගැන ඉතිහාස කතා සීරීස් එකක් මග එනවා.... උන් දෙන්න නම් දැන් බැඳලා දරු මල්ලොත් ඉන්නවා.... ඉස්කෝලෙ යන කාලෙ නම් අපේ පන්තිවල කොල්ලො වතුර ටිකක් හරි බීල යන්න අපේ ගෙදරට ගොඩ වෙනවා අහලින් පහලින් ගියත්.... :D

    ReplyDelete
  13. @ sapare,

    ඒකනෙ මං මේ සද්ද නැතිව ඉන්නෙ... මාව අඳුනගන්නෙ නැතිව ඉන්නකල් මං බේරිලා..... හික්...හික්...හික්....

    ReplyDelete
  14. @ ලොකු පුතා,

    කියල වැඩක් නෑ අනේ.... ඔය අදහස හිතට තදටම කාවැදිලා තිබුණු නිසා ඒ කාලෙ ඔය ගැන හිතුවෙම නෑ... ඉගෙන ගන්න එකටම හිත යෙදුවා විතරයි....

    මනමාලයා හැමදාම මං යන තැන්වලට මට ඉස්සෙල්ලා ගිහින් ඉන්න පුරුද්දට එදත් ගිහිල්ලා...ලොම්බත් එක්ක ගිය එකයි වැරදුනේ.... :D

    ReplyDelete
  15. @ ඔබ නොදු‍ටු ලොවක්.....,

    ඔයාට නම් හරිම ලස්සන කතා සීරීස් එකක් තියෙනවා... ලියන්නකො ඔය කිව්ව එකත්..... :D

    ReplyDelete
  16. @ සජීව විජේවීර,

    එහෙම හිතුනෙ '..සික් ඉතරක්... ඕක දන්නෙ පස්සෙදිනෙ....'කිව්ව හින්දද...?
    මං එහෙම කිව්වෙ ඒක දැනන් හිටියා නම් ඊට වැඩිය ටිකක් සාමාන්‍ය විදියට ඉන්න තිබ්බනෙ.... ඒ ආඩම්බරකම් පෙන්නිල්ලත් ලේසි වැඩක් නෙවේ.... :D

    බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දාලා ගියාට....

    ReplyDelete
  17. @ ඕනයා,

    හයියෝ... මේකා නම් බාල අපරාධකාරයෙක්නේ..... :D

    මට පළවෙනි ලයින් එක වැටෙනකොට මං තුනේ පන්තියේ... කොල්ලත් තුනේමයි, අපට එහා පන්තියේ..... හික්ස්.....කතාව පස්සෙ කියන්නම්....

    ReplyDelete
  18. @ අසරණයා,

    ඇයි අනේ අර උදේ හවා මගේ පස්සෙන් වැටීගෙන හිටි එකා මට එහා පුටුවෙ ලොඹු කටත් ඇරගෙන බාවලා ඉන්නකොට හිනා යන්නෙ නැතුව... මට සිද්දිය මතක් වෙනකොට තාමත් හිනා යනව....

    හයියෝ.. ඕවා කව්ද මල්ලි ගණන් ගන්නෙ.... කිව්වා...හිනාවුනා...ඉවරයි....

    ReplyDelete
  19. @ Dinesh,

    'බනිද්දිත් පස්සෙන් එන' කස්ටිය.... හාපෝ... කියල වැඩක් නෑ....
    ඕන්නෝන්න ඉතින් ... වරිගෙට ඇද්දා.... :D

    ReplyDelete
  20. @ වින්චැට්කිරිල්ලි.,

    දැන් තමයි එහෙම හිතෙන්නෙ... ඒත් මතක් වෙනකොට තාමත් හිනා යනවා....

    ReplyDelete
  21. @ Mayya,

    මට නම් ඕක අදාල නෑ මාය්යේ.... මං අවුරුදුම විසි හතරක් වෙනකොට හිරේ වැටුණා (මේ..අසරණයා... අහක බලා ගං..)....
    මායියා කියනකොට මතක් වෙන්නෙ ගෑණු පරාණයක් උනාට මේ මායියා පුරුෂ පරාණයක් වෙන්නැති කියල හිතෙන නිසයි අහන්නෙ.....අත්දැකීමෙන් වෙන්නැති කියන්නැත්තෙ නේ.... :D

    ReplyDelete
  22. @ Mayya,

    මායියාද... මයියාද.... මයියා කියනව මල්ලිලාටත්... ඒක වෙන්නැති... හික්ස්...

    ReplyDelete
  23. අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට හිනාවෙන්ඩ පවු නැද්ද ලොකු අක්කේ...හික්..ෂුවර් එකට මේයා පස්සෙ ගිහින් තමා අරු දත් ඇන්ද හලාගන්ඩ ඇත්තේ...ආ...ඇත්ත ඇත්ත..ඔය අම්මල තාත්තල ගුරුවරු උනහම කොහේ ගියත් පොඩි චාන්ස් එකක් සෙට් වෙනව තමා..අපේ ගෙදරත් ලොකු මැඩමුයි ලොකු සර් කෙනෙකුයි නොවැ ඉන්නේ..බොහොම අමාරුයි ඉස්කොලේ යන කාලේ හොරවැඩක් එහේම කොරන්නේ...

    ReplyDelete
  24. මියුරු වෙලාව කීයද?

    ReplyDelete
  25. @ Raj,

    හික්ස්... කොහොමද උන්ද මං ඉස්සරහම වැඩ පෙන්නන්න ගිහිං දත් ඇන්ද හලා ගත්තනං....
    එහෙනං රාජ්ට කියන්න ඕන්නැහැනේ ගුරු බබෙක් වෙන එකේ ආනිසංසෙ.... :D

    ReplyDelete
  26. ගුරුකමේ වාසිය... කොහේ ගියත් ඒ දවස්වල අම්මගෙන් ඉගෙන ගත්තු කෙනෙක් මුණගැහෙනවා...

    මේක නම් මාත් අත්දැකීමෙන් දන්නවා.

    හි හී... මොනවා උනත් පව් අනේ අර කොල්ලා... :D

    ReplyDelete
  27. @ Observer,

    ඒ මක්කටෙයි අනේ... ඔය ඔතනම තියෙන හොරලෝසුවෙන් බැලුව නං මගේ වෙලාව දැනගන්න තිබ්බ...
    අද ටිකක් පරක්කුවෙලා වගේ ඇහැරිලා තියෙන්නෙ... මොනා කොරන්නද... ඔබී නැහැනෙ.... කොහොමද මේ දවස්වල කන්නෙ බොන්නෙ...? කෑම නැතත් බීම නම් හොඳට ලැබෙනව ඇති.... ඇත්තටමයි අහන්නෙ... කෑමෙන් අඩුපාඩුවක් නැතෙයි....?

    ReplyDelete
  28. @ StArry aNgeL,

    මං හිතුවට වඩා සෑහෙන්න ගුරු දරු පිරිසක් මේකෙ ඉන්නව නේද...?
    පව් නේන්නං... උගෙ කරුම වෙලාව...!! :D

    ReplyDelete
  29. පව් අප්පා..අර කොල්ලා..දත්ම නම් කීයක්ද??
    මාත් මගෙන අහන අහන එකාට ගෙම්බර් පෙන්නුවා. :))

    ReplyDelete
  30. @ නිසුපා,

    ඌ නැතිවෙච්චි දත් ටිකට සැට් එකක්ම සාප්පුවෙන් ගන්නැති... ඒත් නැතිවෙච්චි ආත්මෙ.... සාප්පුවෙන් ගන්නයැ... :D
    අපි එහෙම තමයි හිටියෙ.. නේ... :D

    ReplyDelete
  31. අය්යෝ...... පව් අප්පා අර අසරණයා... අයෙත් ඉතින් ඇහැකටවත් දකින්න එන්නේ කොහොමද අක්කයි,අම්මයි හිටු කියල නොන්ඩියට හිනා වුනාම?? :)

    ReplyDelete
  32. ඒ උණාට කොල්ලන්ට එහෙම සලකන එක මන්නං අනුමත කරන්නෙ නෑ... අපි කන නෝන්ඩි අපිනෙ දන්නෙ.. ඊටපස්සෙ කෙල්ගෙ මූණ බලන්න බැරි උණාම ඒ කෙල්ලව අමතක කරන්නයි වෙන්නෙ... මටත් උණා ඔහොම වැඩක්

    http://arunadeepa.blogspot.com/2011/06/blog-post.html

    ReplyDelete
  33. මම හිතුවේ දත් දොස්තර මනමාලයා කියලනේ. එහෙම නම් බලන්ට තිබුනා වැඩේ. එක්කෙනෙකුට කට වහගන්ටම බැරිවෙයි. :D

    ReplyDelete
  34. හිහි පව ඒ මනමාලය මොනවා නැතත් දත් සෙට් එකත් කදාගෙනම අක්කාව බලන්න ආවනේ දොස්තර ගාවට හිහි.

    ReplyDelete
  35. හපෝයි කිසිම තෙතමනයක් නැති හදවතක්. නැත්තං පස්සෙං ආපු කොල්ලට මෙහෙම දෙයක් උනාම කෙල්ල හිකි හිකි ගානවද අප්පා.

    ReplyDelete
  36. රාජ් කියපු එක ඇත්ත..හිනාවෙන්න හොඳ නෑනෙ..ඒ ළමයා ගඟටවත් පැන්නද දන්නෑ..හික්ස්

    ReplyDelete
  37. හපොයි මොන නවනින්ගිරාවක්ද ඒ. ශික් ඔක්කොම දන්නා ඌට ඔයාගේ දත් දොස්තරව හොයා ගන්ඩ බැරිවෙච්ච එක ගැන නම් ඌ මාර විදිහට පසුතැවෙන්ඩ ඇති.

    ReplyDelete
  38. ඔබී හිටියට වඩා හොඳින් කනවද මන්ද? වට පිටාවෙන් කෑම එන්නෙ නැව් ගණන්.
    [ඔබීට මේ දවස් වල බ්ලොග් කියවන්න වෙලාවක් නැතුව ඇති යෑයි ඉත සිතින් පතමි]
    අද අරුණි ශැපිරෝගෙ රෙසිපියක් [ඇත්තටම Light House Hotel - Galle ] අනුව beef ඉසමෝරුවක් මැරිනෙඩ් එකේ තියල රස්සාවට ආවෙත්.

    ReplyDelete
  39. එහෙම කට්ටක් කාලා හරි සෙට් වෙනවා නම් එකේ පොඩි ගතියකුත් තියනවා.නිකන් එකපාරටම සෙට් වෙනවා වගේ නැතුව පස්සේ කලෙකදී කතාකරන්න දේවලුත් එකතු වෙනවා.අනේ දෙවියනේ මම තුන වසරේදී ආදරේ ගැන දන්නෙවත් නැ

    ReplyDelete
  40. එදායින් පස්සෙ කොල්ලව දැක්කෙ නැති එක අරුමයක්යැ. කොල්ල ගම රට අතෑරල වෙන කොහේ හරි යන්න ඇති.

    ReplyDelete
  41. පවු දෙයියනේ කොල්ලා...

    ReplyDelete
  42. වසිලිස්සා16 December 2011 at 16:51

    සහතික ඇත්ත,නපුරු කමට කොල්ලෝ එක්ක රන්ඩුවෙන කෙල්ලන්ට වෙන්නේ කොක්ක දාන්න එන කොල්ලන්ගෙන් අඩුවක් නැති එක.මාත් ඒ දවස්වල අන්තිමට පැරදිලා තියෙන්නේ,කොල්ලොන් සෙට් එකට කරපු අබියෝගයක් කරපු කෙනාව දිනවලා.:D
    දැන්නම් ඒ දවස් මතක් වුනාම හිනා යනවා.අවුරුදු කිහිපයකට ඉස්සෙල්ල එහෙම වුනාට දැන් අයනම් පවුල පිටින්ම මරාවි.රට වෙනවෙච්ච තරමක් යුද්දේ අතුරුපල විදිහට.

    ReplyDelete
  43. ඔයාට වගේම තමා අක්කේ මටත්.. කවමදාවත් ඉස්කෝලේ වැරැද්දක් කරන්න ලැබුණේ නෑ. කෙල්ලෙක් එක්ක කතා කළත් ඇති.. මම ගෙදර එන්න කලින් ආරංචිය ගෙදර ඇවිත්...

    අවසාන කාලයේදී එක ගුරුවරියක් එක්ක මහා ගැටුමක් ඇතිකරගත්තා.. පස්සේ බලනකොට අපේ පවුලේ ළඟම හිතවතියක්.. අපේ තාත්තගේ ට්‍රේනින් කොලේජ් බැජියක්.. 4 විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ.. සතියක් යන්නත් කලින් ඒ මිස් අපේ ගෙදර සාදයකට ආපු එක තමා කාලම ඉන්න බැරි.. දැන්නම් එතුමියයි මමයි හිතවත්..

    අක්කේ එන්න අපේ බ්ලොගේ පැත්තේ .. සලුවෙලා යන්ට

    ReplyDelete
  44. හික් හික් ෆට්ට කතාව.. ඔයාගෙයි මගෙයි අත්දැකීම් වල මහා වෙනසක් නෑ වගේ නේ.. ගුරු පවුල් වල අය නෙව නේද ....

    හැබැයි අක්කේ ආඩම්බරේට හිටපු එක හොඳයි.. ආඩම්බර නැති කෙල්ලොන්ව කොල්ලො හිතන්නේ ළඟ පිකප් කියලා..

    ReplyDelete
  45. මියුරු අක්කා. මේ ලහියා නමිනුත් lahirucc නමිනුත් කොමෙන්ට් දාන්නේ මමමයි හොඳේ. ගූගල් පොපයිල් එකයි වොර්ඩ් ප්‍රෙස් පොපයිල් එකකයි ටැපලෙනවා අනේ

    ReplyDelete
  46. @ Ice (අයේෂා කුලතුංග),

    ඒකනෙ... අපේ අම්මට හිනා ගියේ මගේ හිනාවට... පස්සෙ එතැනින් එළියට ඇවිත් කතාව කිව්වම අම්මට හිනා දෙකයි....

    ReplyDelete
  47. @ නරකයා ...!!,

    හපොයි දෙයියනේ.... වස නෝන්ඩියනෙ නරකයෝ....අපිත් ඒ පැත්තෙ ගිහින් ආවා.... හික්ස්...

    ReplyDelete
  48. @ Podi Kumarihami,

    හික්ස්... ඇයි අනේ එහෙම හිතුනෙ....? ඒ දොස්තර අපේ තාත්තගෙ වයසෙ විතර... :D

    ReplyDelete
  49. @ වර්ණා,

    ඒකගෙ නරක වෙලාව... හික්ස්...

    ReplyDelete
  50. @ රාජ්,

    තවමත් මතක් වෙනකොට හිකි හිකි ගානවා.... :D

    ReplyDelete
  51. @ රූ....,

    හනේ මන්ද... ඊට පස්සෙ එක පාරටම අතුරුදහන් උනානෙ....

    ReplyDelete
  52. @ KT ගේ බ්ලොග් අඩවිය,

    ඔය එන්නෙ...හික්ස්...
    මොන ආදරයක්ද අනේ තුනේ පන්තියේදි... වෙච්චි දේ පෝස්ටුවකින්ම කියන්නම්කො.... එතකොට තේරෙයි....

    ReplyDelete
  53. @ Observer,

    ආයිස් අප්පා... ඔබා මාමට ගිය කල.... :D :D

    ReplyDelete
  54. @ පරිකල්පන,

    ලැජ්ජාව හින්දා වෙන පැත්තක් බලගන්නැති.... අපේ පැත්තෙ ආවා නම් ආයෙත් දත් දාපු එක පැතිරෙනවනෙ....

    ReplyDelete
  55. @ prasanna86k,

    අප්පෝ... මේ කොල්ලො ටිකට වරිගයා ගැන දුක හිතිච්චි පාර බලාපල්ලකෝ.... :D

    ReplyDelete
  56. @ වසිලිස්සා,

    මටත් ඕක හිතුනෙ සැරයක් දෙකක් නෙමේ.... ඒ කාලෙ මං කරපුවා අද වගේ කාලෙක කළොත් පිහි පාරක් හරි වෙඩි පාරක් හරි ෂුවර්....

    ReplyDelete
  57. @ lahirucc,

    අපි සලුවෙලා තියෙන්නෙ... ගිහින් බලන්නකෝ.... :D

    ReplyDelete
  58. @ ලහියා,

    හනේ මේ කොල්ලොන්ගෙ වචන... ඒකත් දැනගත්තු එක හොඳයි... :D

    ReplyDelete
  59. @ lahirucc,

    අපි ඔන්න දෙපොලෙම සලු වෙලා ඉන්නෙ හොඳේ....

    ReplyDelete
  60. හොද වෙලාවට කොල්ලාට ඇක්සිඩන්ට් එකක් හැප්පිලා බේරුනෙ. ඔයාට අහු උනා නම් උන්දෑගේ දත් ටික තාම ගලවනවා. කොල්ලගේ වාසනාව !!!
    හරිම වාසනාවන්ත කොල්ලෙක් !! :)

    ReplyDelete
  61. @ මධුරංග,

    මොන බේරිල්ලක්ද... ඇක්සිඩන්ට් එක වැදගත්ම දත් කීයක් නම් කියල ගලෝලද... මට ගලවන්න තියල නෑ... අනිත් ටිකවත් බේරගන්න හිතාන වෙන්නැති උන්ද චුත වෙලාම ගියේ.... :D

    ReplyDelete
  62. කලින් දාපු කමෙන්ට් එක බලධාරියා විසින් කපා දාලද කොහෙද ?? වැරදි දෙයක් වත් කිය වුනාද මන්දා... ?? එහෙමනම් සොරි ඈ..

    ReplyDelete
  63. @ Senna,

    :O මං කමෙන්ට්ස් මොඩරේට් කරලා නැති නිසා ඔයාල පෝස්ට් කරපු ගමන්ම පළ වෙනවා..... ඒ නිසා මොනවා උනාද කියලා බලන්න ඕන.... මම නම් මොකුත් කළේ නෑ ඔන්න හොඳේ..... මම ඩිලීට් කළා නම් ඒකත් මෙතන පළ වෙනවානෙ... සමහරවිට ස්පෑම්වෙලාද දන්නෑ.... ඊමේල් චෙක් කොරලා එහෙම වෙලා තිබුණොත් පළකරන්නම් හොඳේ..... කණගාටුයි වෙච්චි වැඩේට....

    ReplyDelete
  64. හපොයි,, දැක්කනෙ කෙල්ලො චපලයි.

    ReplyDelete
  65. හහ් හහ්.. හෙන ඩිමාන්ඩ් එකක් තිබිල වගේ ආ....

    ReplyDelete
  66. ඒක මහ ලොකු දෙයක් නෙමේ Miyuru, සත පහකට ගනන් ගන්ඩ එපා.. :-)

    ReplyDelete
  67. හයේ පංතියේ ඉඳලම....... හපෝයි නගාලා දෙන්න කොහොමෙට අදුරුසෙට ගත්තද දන්නෙ නෑ........

    ReplyDelete
  68. පැණි දොඩම් සමග එකඟයි ...
    මිහිරි ඒ කාලෙ ඉන්න ඇති ලස්සනට .. ගිණි කිරිල්ලි වගේ ...

    ReplyDelete
  69. පැණි දොඩම් සමග එකඟයි ...
    මිහිරි ඒ කාලෙ ඉන්න ඇති ලස්සනට .. ගිණි කිරිල්ලි වගේ ...

    ReplyDelete
  70. @ දූපත් වැසියා,

    ආනේ... බලන්නකො මෙයා කියන දේවල්.... කෙල්ලො තපල නෑ අනේ... කොල්ලො තමයි තපල.... ;P

    ReplyDelete
  71. @ පැණි දොඩම්,

    නැචුව...නැචුව.... හී...හී...

    ReplyDelete
  72. @ Senna,

    :D :D

    ඇත්තටම ඒකට මක්කැයි උනේ... ස්පෑම් වෙලත් නෑ නොවැ.... දීය කාලද කොහෙද....හික්...හික්...හික්...

    ReplyDelete
  73. @ kandyan,

    මොන හයද...පටන් ගත්තෙ තුනේ පන්තියෙදි... ළඟදීම උනේ මොකක්ද කියල බලාගන්න පුළුවන් වෙයි.... ;P
    නංගිලද....ඒකත් එලිවෙයි...ටිකක් ඉන්නකෝ.... :D

    ReplyDelete
  74. @ kumaraya,

    මොන ගිනි කිරිලිකමක්ද අනේ.... අර කිව්ව අහංකාරකම හින්ද වෙන්නැති කියලා පස්සෙ කාලෙකදි හිතුණා.... මේකෙ තියෙන කමෙන්ට්ස් ටික දැක්කම ඒක හොඳටම තහවුරුයි.... :D

    ReplyDelete
  75. මියුරු බසින් ගොතන සැමරුම්
    කරයි හදවත් රසින් කුල්මත්
    පතමි ආසිරි තවත් ගෙතුමට
    මියුරු තාලෙන් මෙවැනි ලිපියක්

    ReplyDelete
  76. පව් අහිංසක මනමාලයා... මියුරු අක්කගේ පස්සෙන් වැටිලමද දන්නෑ දත් කඩාගත්තේ...

    ඒ මනමාලයත් බ්ලොග් බලනවද දන්නෑ... එහෙම නම් මිහිහගේ දත් ටික දෙවැනි පාරට කඩන්නේ උන්දැගේ ගෑනි... :P

    ReplyDelete
  77. @ මගේ කවි,

    බොහෝම ස්තුතියි... හැමදාම වගේ අදත් හිතුනා අනේ මට කවි ලියන්න පුළුවන් උනා නම් කියල, කවියෙන්ම උත්තරයක් දෙන්න.... :D

    ReplyDelete
  78. @ Chathuranga Perera,

    හි...හි...හී...කියන්න බෑ තමයි... ඔන්න අපි නං නම් ගම් දාල නෑ... කරගන්න දෙයක් තමුන්ම තමයි..... :D
    හැබැයි දෙවෙනි පාරට නම් කඩන්න වෙන්නෙ හක්කෙ දත් ටික තමයි.... එහෙම නැත් නම් අර දත් සෙට් දෙක බල්ලට දාන්න වෙනවා නිකම් ඉන්න වෙලාවට වික වික ඉන්න.... :D

    ReplyDelete
  79. හපොයි මෙව්වො ඇටෙන් පොත්තෙන් එලියට එන්නත් කලින්ම ලව් කරන්න අරන් නෙව...

    ReplyDelete
  80. @ පිස්සා පලාමල්ල,

    මේ ලව් නෙවේ අනේ... ලයින්.... බොලා භාවනා කොරන්න ඇති නෙව ඒ කාලෙ.... :D

    ReplyDelete
  81. හිනා කාලා මැරෙනවා.....මනමාලයා ගම රට අතෑරලා නොයා ඉදියිද කාපු පරිප්පුවේ හැටියට.කෙල්ලෝ මෙහෙමත් හිතනවද???

    //මාත් හොඳට බැලුවා කවුද මේ ලොම්බා කියලා.... අඩේ මනමාලයා...!! මූ දත් දොස්තර ළඟටත් ඇවිත් මට කලින්....//

    ඇඩෙනවා....

    මාර ගති....හැබැයි කොල්ලා පව්

    ReplyDelete
  82. @ ගැමියාගේ පත් ඉරුව,

    කෙල්ලො හිතන විදිය දන්නව නං වහ කාල මැරෙන්න හිතෙයි... ඔය තව හොඳයි...හික්ස්....

    ReplyDelete
  83. දැන් හැදෙන එව්වෝ කිසි කමකට නැ. හැම එකටම විරිත්තනවා .පව් අර අහිංසකයා

    ReplyDelete
  84. @ rawana,

    ඒ කියන්නෙ ඔයත් විරිත්තන අයට කැමති නැද්ද... :D

    ReplyDelete
  85. මගුලයි.. මියුරැ කෙල්ලෙක් ද එතකොට.. හුටා.. සෑමා දන්නේ දැන්නේ..

    ReplyDelete