Total Pageviews

Sunday 25 December 2011

'මේව නං එයි....'


ඉස්සෙල්ලම කියන්න ඕන මේ සිදුවීම නම් මගේ අත්දැකීමක් නෙවෙයි කියන එක.... මේක ඇත්තටම මගේ යාළුවෙකුගෙ බොස් කෙනෙක්ගෙ අත්දැකීමක්.... මේ යාළුවා වැඩ කරන්නෙ මුදල් අමාත්‍යාංශයට සම්බන්ධ එක්තරා දෙපාර්තමේන්තුවක.... හැබැයි අර මං කලින් වැඩ කළාය කියපු එකේ නෙවෙයි, වෙනින් එකක.... ඒ දෙපාර්තමේන්තුවේ නම් මේ කතාව ටිකක් ප්‍රසිද්ධයි කියපු නිසා පසුබිම් විස්තරය මෙතැනින් නවත්වන්නම්.... නැත්නම් මගේ යාළුව මේක කියෙව්වොත් හේම ජාලය හරහා අත දාල මගේ බෙල්ල මිරිකයි.....

මේකයි කතාව.....



එක අළුත් අවුරුද්දක් කිට්ටුව මේ බොස්ගෙ නෝනට ඇඳුම් ගන්න ෂොපිං යන්න ඕන වෙලා..... ඔන්න ඉතින් කියනකොටම මේක කියවගෙන යන පුරුෂ පක්ෂයට හිතුනනෙ 'ආ....පෝ....' කියල... ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ, නෝන ඔය කතාව කියනකොට බොස්ටත් හිතිල තියෙන්නෙ එහෙමම තමා.... ඒ නිසා මේකෙන් ගැලවෙන්න හිතාගෙන බොස් කිව්වලු ඉල්ලන ගාණක් දෙන්නංය, තනියෙන් ගෙහුං ඒ වැඩේ කොරගෙන එන්නය කියල.... කොහෙද.... නෝන බෑ ගාගත්තු ගමන්ලු.... හේතුව විදියට කියන්නෙ වාහනේ පාක් කොරගන්න තැනක් හොයල හැතැප්මකට විතර එහායින් ඒක නවත්තල පයින්ම කඩේ ළඟට එනකොට ෂොපිං කොරන්න ගාය නෑ කියලලු.... දැන් ඕං මගෙන් අහන්නෙපා ඔය කඩේ තියෙන්නෙ කොහෙද කියල.... ඇත්තම කියනවනං යාළුව දන්නෙත් නෑ... කොළඹ පළාතෙ වෙන්ටැ කියලයි හිතුවෙ..... ඉතින් ඔන්න අර නෝන දන්න කියන චාටු ඔක්කොමයි මායං හැට හතරයි දාල යා.....න්තම් මහත්තයව කැමති කොරෝ ගත්තලු ගමන යන්න...

දැන් ඉතින් ෂොපිං යන දවසෙ මහත්තය කිව්වලු නෝනව කඩේ ළඟින් බස්සවල එයා වාහනේ කොහේ හරි පාක් කොරන් ඉන්නංය, බඩු ඔක්කොම අරගත්තට පස්සෙ කෝල් එකක් දුන්නම වාහනේ දෙපතුල ළඟටම ගේන්නංය කියල.... ඔහොම කතාකොරගෙන කඩේ කිට්ටුවට යනකොට වාසනාවටද අවාසනාවටද මන්දන්නෑ මෙයාලට කඩේට හුඟක් ළඟ තැනකින් වාහනේ පාක් කොරගන්න ලැබිල.... දැන් ඉතින් කෝල් දෙන්න කරදර වෙන්නෙ නැතුවම වැඩේ ඉවර උනු ගමන් බඩු ටිකත් කරගහගෙන ඇවිත් කාර් එකට රිංග ගන්න පුළුවන් නිසා නෝනත් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් බැහැල ගියාලු....

නෝන ගියාට පස්සෙ කොරන්න දෙයක් නැතිකමට බොසාත් සින්දුවක් හෙම දාගෙන වට පිට බල බල ඉන්නකොට ටිකක් එහායින් පේනවලු හැඩට ඇඳගත්තු නංගි කෙනෙක්.... ටික වෙලාවක් මේ නංගිගෙ චර්යා රටාව බලන් ඉන්නකොට බොස්තුමාට තේරුනාලු මෙයා මොනව කරන කෙනෙක්ද කියල.... හිතුනු දේ හරි.... ලෝකෙ පැරණිම රස්සාව කොරන නංගි කෙනෙක්.... බොසාත් දැන් වෙන්නෙ මොකක්ද කියල බලන්න සැරින් සැරේ ඒ පැත්ත බලනකොට අර නංගිටත් තේරිලා මෙයා බලන බව.... දැන් වාහනේ ඇතුලෙ තනියෙන් ඉඳගෙන හිටපු බොසාව  දැක්ක නංගිත් බොසා දිහා බල බල සිරික්කියක් දෙකක් හෙම දැම්මලු..... තමුන්ගෙ නෝනත් ගිය තැනිං ලේසියෙන් එන්නෙ නැති බව දන්න නිසා බොසාත් ඇහැ දීගෙන ඉඳල....මෙන්න බොලේ ටික වෙලාවක් යනකොට ගෑණි හෙමිහිට කාරෙක ළඟට කිට්ටු වෙනවලු.... කවුරුවත් දැක්කොත් වස නෝන්ඩිය නිසා බොසා හනිකට වටපිට බලල තහවුරු කොරගත්තලු කවුරුවත් මේ සීන් කෝන් එකට ඇහැ ගහගෙන නැතෙයි කියල.....

ඔන්න ඉතින් තව විනාඩියක් දෙකක් ගියාම අර නංගි කාර් එක ළඟට ඇවිත් වීදුරුව ඇරල තිබ්බ දොරට අතක් තියල ඇතුලට හොම්බ දාල කිව්වලු,
'මහත්තය, යනව නම් හොඳ පොට් එකක් තියෙනව... වැඩි දුරක් නෑ, මේ ළඟ....' කියල...
බොසාටත් නිකං කට තියාගෙන ඉන්න බැරුව ඇහුවලු,
'කීයද ගාණ...?' කියල....
ගෑණි කිව්වලු 'දෙසිය පණහයි මහත්තය...' කියල...
ඒ කිව්වම බොසාත් ගෑණිව බයිට් එකට ගන්න හිතාගෙන ඇහුවලු,
'සීයට බැරිද...?' කියල...
ගෑණිට මල පැණල...
'අනේ මේ නිකං යන්න මහත්තය යන්න ....................................
.........................................' කියල හොඳ කුණුහරුප ටිකකුත් කිව්වලු...
ඒ කියල ගෑණි ආයෙ අර හිටපු තැනට ගිහින් බොසාට රව රව කැරකි කැරකි ඉන්නවලු...
ඔහොම ඉන්නකොට ෂොපිං ගිය බොසාගෙ නෝනත් හතිදාගෙන ඇවිත් බෑගි ටිකත් පිටිපස්සෙ සීට් එකට දාල ඇවිත් ඉස්සරහ සීට් එකෙන් ඉඳගත්තලු.... දැන් බොසාගෙ ඇහැ කොණට පේනවලු අර ගෑණි කාරෙක දිහාට එනව....
හීන් දාඩිය වැටිච්චි බොසාට කලබලේට වාහනේ ඉක්මන් කොරල පාරට දාගන්නත් බැරිවෙලා... මෙන්න බොලේ ඒ ගමන ගෑණි දුවගෙන දුවගෙන ඇවිල්ල නෝන හිටිය පැත්තෙ ජනේලෙන් ඔළුව දාල ඇහෙන් නෝනව පෙන්නල කියනවලු,
'මේව නං ඕනතරං එයි සීයට.....' කියල...

ප.ලි.
මේ කතාව සිද්දවෙලා දැන් සෑහෙන කාලයක්.... ඒ නිසා කස්ටිය මේක දැකල බොහොම ලාබයි කියල හිතාගෙන යනව හෙම නෙවෙයි ඕං.....

ප.ප.ලි.
අපේ දුව අද මගෙ පෝස්ට් එකට වැඩේ දීල මං එහාට ගිය ටිකට... එයත් එකක් දාන්න හදල... හොඳ වෙලාවට දැකල ඒක ඩිලීට් කළා... ඒ නිසා වෙන නමක් අද අප්ඩේට් වෙලා... සොරි හොඳේ....

74 comments:

  1. එච්චර ලාභද දැන් ලංකාවේ???? හික්ස්

    ReplyDelete
  2. @ Sabith,

    මේ සිදුවීම වෙලා දැන් සෑහෙන කාලයක් සාබිත්.... දැන් නම් ඒ ගාණට බැරුව ඇති... :D

    ReplyDelete
  3. දෙයියෝ සාක්කි!

    ReplyDelete
  4. ශුවර් නේද මේ කියන බොසාගේ නොන මහත්මිය අපේ මේ අක්කා එහෙම නෙමේ නේද??

    අම්මේ අක්කේ ඔයාට ඉන්නේත් පුදුම යාලුවෝ තමා

    ReplyDelete
  5. හොඳ වැඩේ, නොගන්න බඩුවල ගනං අහන්ඩ ගියාට....

    ReplyDelete
  6. කොහෙද බොලේ දෙසිය පණහට තියෙන්නේ....??

    ReplyDelete
  7. ශුවර් නේද මේ කියන බොසාගේ නොන මහත්මිය අපේ මේ අක්කා එහෙම නෙමේ නේද??

    අම්මේ අක්කේ ඔයාට ඉන්නේත් පුදුම යාලුවෝ තමා

    ReplyDelete
  8. නෝනා නෙමෙයි මහත්තයා නාන්නනන් නාන්න කියන්න වෙන්නෙ ඔව්වට තමා!

    ReplyDelete
  9. දැන් ඉතිං ලෝකේ පරනම රස්සාව ගැන හොයපංකෝ... විකියේ තියෙයිද දන්නේ නෑ... :D

    ReplyDelete
  10. හිකිස්....හොඳ කතාවක් නං මතක් වුනා මේ පෝස්ට් එක නිසා....මේ කල්පනා කොරන්නෙ, මගෙ බ්ලොගේ පෝස්ට් හැටියට දාන්නද, නොදාන්නද, කියල.
    සමහරු නං කියනවා ඔබා කට ඇරියොත් කුනුහපරයක් කියල....අනේ මන්ද?

    ReplyDelete
  11. දෙසීය පනහයි ද ?
    ආස්සාවේ බැරුව ගියා !!!
    ඒ නෝනට යස්සයා ආරූඩ වෙන්න ඇති නේ.

    ReplyDelete
  12. මගෙ මිත්‍රයෙක් ඉස්කෝලෙ යනදවස් වල ඔයිං අක්ක කෙනෙකුට කිට්‍ටු කරල ගනං අහල . . . ඒ අක්ක සද්දෙටම මූට කියල "යන්න මල්ලි නිකං කිතිකවන්න එන්නෙ නැතුව" කියල . .

    ReplyDelete
  13. හපොයි..මහත්තයා යහතින් ගෙදර ගියාද මන්දා?

    ReplyDelete
  14. මේ නම් එක්දාස් නමසිය බර ගණන්වල ගාන වෙන්න ඇති...හිකිස්‌.. ඇත්තටම මියුරු අක්කේ...අපිට ඔයාගේ යාළුවගේ වයස කියන්නකෝ...:)

    ReplyDelete
  15. මම නං හිතුවෙ අර අම්මන්ඩි ආපහු ආවෙ නෝනට වැඩේ පත්තු කරන්න කියලයි ..
    එහෙම වුනා නම් බොසා කම්මුතුයි.

    ReplyDelete
  16. මම නං හිතුවෙ අර අම්මන්ඩි ආපහු ආවෙ නෝනට වැඩේ පත්තු කරන්න කියලයි ..
    එහෙම වුනා නම් බොසා කම්මුතුයි.

    ReplyDelete
  17. මරු කථාව අර මහත්තයා යහතින් හිටියද දන්නේ නෑ....

    මටත් තියෙනවා මෙහෙම කෙනෙක් කියලා නොදැන කෙල්ලෙක් බයිට් කරන්න ගිහින් පට්ටම කුණුහරුප අහගත්තු කථාවක් හික්ස් දැන් කාලේ හොයන්න බෑ අප්පා කොළඹ කෙල්ලෝ ඔක්කොම එක වගේ.(මේක වුනේ නුගේගොඩ හංදියේ පුසැල්ල සර්ගේ පන්ති ඇරිලා එද්දි රෑ මාත් එක්ක යාළුවෝ දෙන්නෙකුත් හිටියා)

    මම මේ බ්ලොග් එකට ආපු මුල්ම වතාව මේක.නියමයි ඈ අද ඉදන් මම දිගටම එනවා.දිගටම ලියන්න ලියන විදියත් මරු ජය වේවා......!!!!

    ReplyDelete
  18. අයියෝ මිහිරි ...
    මගෙ කමෙන්ට් ආයෙම දෙක දෙක පත්තු වෙනව. [එකක් එබුවම දෙකක් යන්නෙ කෝමද කියල හිතාගන්න බෑ]
    කණගාටුයි .. පුලුවන්කමක් තියෙයි නම් එකක් මකන්න .. හැබැයි හිරේ යන්නෙ නැතිව.

    ReplyDelete
  19. හෆ්ෆා බොසාගෙ කලිසම ගලවලා නේද පාර මැද්දෙම...

    අඩේ අප්පා දෙසිය පණහයි ඈ....

    ReplyDelete
  20. හප්පේ මේක මේ අපි මොන්ටිසෝරි යන කාලේ අය වැයක් නේ...දැං කොන්ඩම් එකකුත් 150යි....හික් හික් හික් .....එළ කථාව...

    ReplyDelete
  21. @ඔබ නොදු‍ටු ලොවක්:
    තාමත් "ප්‍රීතියෙං . . සතුටිං . ." ඉන්න පුලුවං රුපියල් 35ට . . .

    ReplyDelete
  22. මමත් හිතුවේ අර ගෑනු කෙනා ආවේ නෝනාට මහත්තයාගේ හැටි කියලා යන්ට කියලයි. බලාගෙන යනකොට වෙන දෙයක්නේ වෙලා තියෙන්නේ හී හී...

    පව් නෝනා...:D

    ReplyDelete
  23. @ විසිතුරු | visituru,

    හික්ස්....

    ReplyDelete
  24. @ Senna,

    හොඳ වැඩේ නේන්නං.... :D

    ReplyDelete
  25. @ නරකයා....!!,

    ඇයි බොල අර ප.ලි. දාපු එක දැක්කෙ නැත....

    මට මේ කතාව යාළුව කිව්වෙ අනූ ගණන්වල අග හරියෙ හරි අළුත් මිලේනියම් එකේ මුලදි හරි.... ඒ වෙනකොටත් මේක වෙලා ටික කාලයක්.... ඒ නිසා මිළ ගණන් ටපල ගන්න එපා....

    ReplyDelete
  26. @ දේවාගේ අඩවිය,

    දේවා මෙහෙම කිව්වම මට අපි දෙන්නට මෙහේදි වෙච්චි දෙයක් මතක් උනා... පෝස්ටුවකින්ම කියන්නම්....

    මගේ ෂොපිං මං කරගන්නෙ කඩවල් පිරෙන්න කලින්.... මට පේන්න බෑ සෙනග අස්සෙ තෙරපි තෙරපි ඔය යන ගමන.... ඒ නිසා තවම නම් මට අහගන්න උනේ නෑ ඔය කතාව.... හික්ස්...
    ආයෙත් අහලා.... මට ඉන්නව ඔය හැම ජාතියෙම යාළුවො.... :D

    ReplyDelete
  27. @ ඉන්දික උපශාන්ත,

    නිකං කට තියාගෙන ඉන්න බැරුව ඇදගෙනම නාල නේන්නං.....
    අර සෙනා කිව්ව වගේ අහවල් මගුලකට නොගන්න බඩුවල ගණං හිලව් අහන්න ගියායැ..... :D

    ReplyDelete
  28. @ prasanna86k,

    ඔයා බබා... ;P :D

    ReplyDelete
  29. @ Observer,

    කෝ... කව්ද කියන්නෙ එහෙම....
    මේ පෙරාපු රත්තරන් වගේ ඉන්න ඔබා උපාසක මහත්තැන්....
    ඔය නිකම්වත් කුණුහරුපයක් ගෑවිලාවත් යන එක පෝස්ට් එකක්වත් දාල තියෙනවය අපේ ඔබා මාම.... මුන්ට පිස්සුනෙ ඔබා මාමෙ...

    අනේ ලියමුද එහෙනම් ඒකත්... ඈ...

    ReplyDelete
  30. @ මධුරංග,

    මේ... මේ... ගණං හිලව් බොහොම පරණ එව්ව හරිද... ඒකට රැවටිලා ගිහිං ගිය වැඩේ කොරගන්න බැරි උනොත් ආයෙ බැනගෙන මේ පැත්තෙ එනව හෙම නෙවෙයි ඕං.....
    නෝනට අගක් මුලක් තේරෙන්න නැතුව ඇති ඒ වෙලාවෙ.... උන්දැ නැති අතරෙ මොනව උනාද කියල දන්නෙ නැහැ නෙව....

    ReplyDelete
  31. @ ඕනයා,

    :D :D :D හිනාවෙලා පණ ගියා මේක අහල.....
    හනේ බෝ... ඉස්කෝලෙ යන දවස්වලම කරපුව.... ;P
    ඊට පස්සෙත් ට්‍රයි කළාද කිති කවන්න යන්න... ;P

    ReplyDelete
  32. @ රූ,

    නෝන එන්න කලින් වෙච්චි හරිය දන්නෙ නැහැ නෙව.... ඒ නිසා අඤ්ඤකොරොස් වෙන්නැති මේ ගෑණි මොනවද කියන්නෙ කියල....
    හිතනවද බොසා කවදාවත් ඕක නෝනට පැහැදිලි කරල දුන්නය කියල.... කිව්ව නං ගුටිත් කන්න වෙයි නෙ.... නෝනට කියල තියෙන්නෙ කොහෙද යන පිස්සු ගෑණියෙක් කියල.... පොර පස්සෙන්ද වැඩට ගිහින් රස කර කර කියල කතාව... නෝන කතාව සම්පූර්ණයෙන්ම දැන ගත්ත නම් ඉතින් බොසාගෙ යාළුවෙක්ගෙ මාර්ගයෙන්ම තමා... :D

    ReplyDelete
  33. මියුරු, ඔයාගේ, මිස් ගේ බෑග් එකට යන්ඩ බෑනේ... බ්ලොග් රෝලේ පෙන්නනවා... ඒත් click කරාම එහෙම එකක් නෑ කියනවා... මොකද ඒ ?

    ReplyDelete
  34. @ සයුරි,

    මට මේ කතාව යාළුව කිව්වෙ අනූ ගණන්වල අග හරියෙ හරි අළුත් මිලේනියම් එකේ මුලදි හරි.... ඒ වෙනකොටත් මේක වෙලා ටික කාලයක්.... ඒ නිසා මිළ ගණන් ටපල ගන්න එපා....හික්ස්...

    යාළුවගෙ වයස අහල කියන්නම්කෝ.... ;P ;P

    ReplyDelete
  35. @ kumaraya,

    එහෙම උනා නම් කතාව කියන්න බොසා ඉතුරු වෙන එකක් නෑ....හික්ස්...

    //'එකක් එබුවම දෙකක් යන්නෙ කෝමද කියල හිතාගන්න බෑ'//
    හික්ස්... මටත් හිතාගන්න බෑ... ඕනයගෙන් හරි ඔබා මාම උපාසක මහත්තැන්ගෙන් හරි ඇහුව නං සමහර විට දැනගන්න තිබ්බ.... ;P

    Don't take arithmetic...ඕං මම හේම්ම තියෙන්න ඇරිය.... :D

    ReplyDelete
  36. @ ඔබ නොදු‍ටු ලොවක්...,

    අන්න ඕනය පහළ කියල තියෙනව ලාබෙටත් තියෙනව කියල... මිනිහ කියනව නම් වරදින්න විදියක් නෑ.... :D

    ReplyDelete
  37. @ ඕනයා,

    බොහොම ස්තුතියි ඇඩ් එකට ඈ... නැත්තං මුන් ඒක අහන්නෙත් මගෙං.... ;D

    ReplyDelete
  38. @ Podi Kumarihami,

    පව් නේන්නං... ඊට පස්සෙ තැන් තැන්වලදි ඔය නෝනව දකිනකොට කස්ටියටම හිනාලු.... එහෙම වෙලාවට බොසා ඉන්නවලු අර ගලේ පහරපු එකා වගේ මූණ හදාගෙන.... එකෙක්වත් බැරිවෙලා වැඩේ පත්තු කොරොත් ඉවරයි නෙව...

    ReplyDelete
  39. @ Senna,

    අනේ බලන්නකො... ඒක මං ඉදිරියට පෝස්ට් කරන්න බාගෙට ඩ්‍රාෆ්ට් කරපු එකක්... මගේ දුව පබ්ලිෂ් බට්න් එක ඔබල නෙව... මං ඒක ඩිලීට් කරල දැම්ම... ඒකයි පේන්නෙ නැත්තෙ.... ඉතුරු ටිකත් ලියල ඉවර වෙලා පෝස්ට් කරන්නම්කො... ඒකයි මං අර ප.ප.ලි. දැම්මෙ උඩ පෝස්ට් එක යටින්... දකින්න නැතිව ඇති මයෙ හිතේ....

    ReplyDelete
  40. හ්ම්ම්ම්ම් දුවත් අම්මගේ පාරෙම යන්ඩ වගේ උත්සාහය... ඒවා හොඳ වැඩ... ආයෙත් කියන්ඩ තියෙන්නේ ගහේ කටු උල්කරන්ඩ ඕනා නෑ කියලා තමා.... ලඟදීම දුවගේ බ්ලොග් එකකුත් කියවන්ඩ ලැබෙයි වගේ.... :-)

    ඒකනම් දැක්කා... ඒත් මට තේරුන්නෑ....

    ReplyDelete
  41. ඒකට දැන්... රුපියල් 250ට ඒවි මේන් කියලා.. නුගේගොඩ හංදියේ විටක් එහෙම කාගෙන ඉන්න 45, 50 එව්වත් 1000ක්දෝ කොහේදෝ ගන්නවලු... 250ට තිබුනනම් අපිත් මෙහෙම ඉඳීවිද මම අහන්නේ.. හක හක.. අර මනුස්සයට කාර් එක පලාගෙන යන්න හිතෙන්න ඇති නේද. ගෑණුමනුස්සයට පට්ට දුක හිතෙන්න ඇති (තමන්ගේ වටිනකම අවතක්සේරුව ගැන)

    ReplyDelete
  42. ශික් ශික් අන්තිමේදී නෝනා මහත්තයාව කන්න ගියාද දන්නේ නැහැ නේද අක්කි,,

    ReplyDelete
  43. ලොකු අක්කේ ඉට පස්සේ කතාවනේ ලියන්ඩ තිබ්බේ....දෙන්නා ඩිවොස්ද..නැත්තං මහත්තයා තාම දනගහගෙන ඉන්නවද....මහත්තයා ගෙදර යනකං කනේ කොට්න් බග් දෙකක් ගහගෙන හිටියද...අනේ අපොයි..

    ReplyDelete
  44. @ Senna,

    ආයෙත් අහල.... හික්ස්...

    ReplyDelete
  45. @ lahirucc,

    අපරාදෙ... අර ඔබා මාම ඉපදුනු කාලෙ ඉපදුනා නම් 20ටත් අඩුවෙන් ගන්න තියෙන්නැති.... ;P

    ReplyDelete
  46. @ වර්ණා,

    යාළුවො ටික වැඩේ වැරැද්දුව නම් අදාල දඬුවම් හම්බෙන්නැති..... පොර එවෙල නෝනට කියල තියෙන්නෙ කොහෙද යන පිස්සු ගෑණියෙක් කියලනෙ...

    ReplyDelete
  47. @ Raj,

    මේ කතාව මට කියන කාලෙ වෙනකම් නං ප්‍රශ්ණයක් තිබිල නෑනෙ... බැරිවෙලා හරි ඔය අනුමත වෙලා ඉන්නකොටවත් බළලා මල්ලෙන් එළියට පැන්න නං තමයි සුං..... :D

    ReplyDelete
  48. ඒ කාලේ දැන් වගේ පොස් එව්වා උන්නේ නැතුව ඇති.. අර හුචක්කු වගේ එව්ව මිසක්ක

    ReplyDelete
  49. @ ගැමියාගේ පත් ඉරුව,

    ඔයාගෙ කමෙන්ට් එක මෙතන පබ්ලිෂ් වෙලා නැහැනෙ... ඔන්න මං ඒක පලකළා...


    "මරු කථාව අර මහත්තයා යහතින් හිටියද දන්නේ නෑ....

    මටත් තියෙනවා මෙහෙම කෙනෙක් කියලා නොදැන කෙල්ලෙක් බයිට් කරන්න ගිහින් පට්ටම කුණුහරුප අහගත්තු කථාවක් හික්ස් දැන් කාලේ හොයන්න බෑ අප්පා කොළඹ කෙල්ලෝ ඔක්කොම එක වගේ.(මේක වුනේ නුගේගොඩ හංදියේ පුසැල්ල සර්ගේ පන්ති ඇරිලා එද්දි රෑ මාත් එක්ක යාළුවෝ දෙන්නෙකුත් හිටියා)

    මම මේ බ්ලොග් එකට ආපු මුල්ම වතාව මේක.නියමයි ඈ අද ඉදන් මම දිගටම එනවා.දිගටම ලියන්න ලියන විදියත් මරු ජය වේවා......!!!! "



    Posted by ගැමියාගේ පත් ඉරුව to Miyuruworld at 26 December 2011 00:52

    ReplyDelete
  50. කෝ බොලව් මම දාන කමෙන්ට්???

    ReplyDelete
  51. @ ගැමියාගේ පත් ඉරුව,

    දැන් නම් කොහොමද දන්නෑ... ඒ දවස්වල නං යන්තං පරාණ කූඩුව බේරගෙන තිබ්බ ටොං පචයක් ඇදල ඇරල...

    නුගේගොඩ හන්දියෙ නම් ඉස්සර ඉඳලම හරියට... අපිත් ටියුෂන් ඇරිලා බස් එක ගන්න ඉන්න ටිකට බල බල ඉන්නව මට මතකයි... උන්ට හැබැයි නිකම්ම තරහ යනව... ඒ දිහා බලන් ඉන්නව දැක්කත් ඇති... අපි දවසක් අහගත්ත බලන් ඉඳල....

    බොහොම ස්තුතියි හොඳේ.... අපිත් ඒ පැත්තෙ ගිහින් ආවෙ...

    ReplyDelete
  52. @ පැණි දොඩම්,

    හා...හා... තරහ ගන්න කාරි නෑ... ඕං අහුලං ආව ඊ මේල් එකේ තිබිල... මෙහෙම කිව්වට මට නම් දැන් මල පැනල... ඇයි දන්නෑ මෙහෙම වෙන්නෙ... කස්ටිය හිතන්නෙ මං මකල කියල... එහෙම නෙවෙයි ඈ....

    "හෆ්ෆා බොසාගෙ කලිසම ගලවලා නේද පාර මැද්දෙම...

    අඩේ අප්පා දෙසිය පණහයි ඈ.... "



    Posted by පැණි දොඩම් to Miyuruworld at 26 December 2011 01:47

    ReplyDelete
  53. @ පැණි දොඩම්,

    බොසා මේ පැත්තෙ නාවොත් හොඳයි...හික්ස්...

    මෙව්ව ඒ කාලෙ ගණං හරිය... ;P

    ReplyDelete
  54. @ lahirucc,

    ඔයාව මග ඇරිලනෙ මේ අල්ලපනල්ලෙ...

    හයියෝ... හිනාවෙලා පණ ගියා ඒ වීඩියෝ එක බලල... බොහොම ස්තුතියි ඈ....

    ReplyDelete
  55. @ kumaraya
    ඔයා ගේ මවුස් එකේ වරදක්. ඩබල් ක්ලික් වෙනවා විය යුතුයි.

    (මේ කතාව හින්දද මන්දා)

    ReplyDelete
  56. @ කතන්දර,

    හික්..හික්..හික්... //ඔයා ගේ මවුස් එකේ වරදක්. ඩබල් ක්ලික් වෙනවා විය යුතුයි//

    ReplyDelete
  57. ඕකනේ කියන්නේ...ඔයවගේ කට්ට කන වෙලාවට අවට සිරි නරඹනවානම් සන්ග්ලාසස් දාගන්න ඕනා..නැත්නම් ඔයවගේ මරාල සෙට් වෙනවා...

    ReplyDelete
  58. හම්මේ මම හිතුවා ඩිලීට් කොරලම තමයි කියලා බැලින්නං තියෙනවනේ එල ඈ....නුගේගොඩ හංදිය තමයි හංදිය අන්න ඒ වගේ තැනකට තමයි හරියන්නේ මේක...

    "සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්"

    බස් එකක ගහලා තිබ්බේ මට තේරෙන්නේ අර මට බැනපු එවුන්ට තමයි මේ කවිය කියන්නේ.ලස්සන මූනේ පිටවෙන්නේ අමු තිත්ත කුණුහරුප.හම්මියෝ මම නම් මලාට බලන්න යන්නේ නෑ ජීවිතේට

    තැන්කූ හොදේ මගේ කොමෙන්ටුව වෙනම දැම්මට

    ReplyDelete
  59. ඔය කතෙවේ දෙවැනි කාටසක් නැද්ද.ඒ බොස්ට වුනු සිද්දිය ගැන

    ReplyDelete
  60. නිධාන කතාව දැනගත්තනං නෝන යන කාර්එකෙන් පැනල මැරෙන්නෙ.

    ReplyDelete
  61. @ kandyan,

    සමහරු එහෙනං සන්ග්ලාස් දාගෙන හිටු කියල නරඹනව වගේ... :D
    ඒත් සමහර වෙලාවට බලන දිහාව තේරෙනව අලෝ... ;P

    ReplyDelete
  62. @ ගැමියාගේ පත් ඉරුව,

    ඒ කියන්නෙ ඇතිවෙන්නම අහගෙන තියෙනව.... හෙමින් කියනව නම් අහගෙන ඉන්න බැරියැ ආතල් එකේ... රතිඤ්ඤ පත්තු කරනව වගේනෙ... නැද්ද....හික්ස්... මං දැකල තියෙනව ඒ වගේ ඒවත්

    ReplyDelete
  63. @ අසරණයා ,

    බොසා ටොං එකක් ගහල බේරිලානෙ... නෝන ඇත්ත කතාව දන්නෑනෙ... පස්සෙ කාලෙක දැනගත්තද දන්නෑ....

    ReplyDelete
  64. @ රාජ්,

    ඔව් අනේ... බැහැල වටෙන් ගිහින් ඒ කාර් එකටම බෙල්ල තියයි.... පව් දෙයියනේ...

    ReplyDelete
  65. //ඒත් සමහර වෙලාවට බලන දිහාව තේරෙනව අලෝ... ;P //

    හුටා...

    ඒ කියන්නේ...සන්ග්ලාසස් දාගෙන ඉන්න අය දිහා ඉතා ඕනෑ කමින් බලනවා වගේ :-)

    ReplyDelete
  66. @ kandyan,

    කස්ටිය ඕක දාගෙන ඉන්නෙ අව්ව හින්දම නෙවේ, පොඩි කවර් එකකටය කියල කවුරුත් දන්නවනෙ අනේ... විශේෂයෙන් ඔය පුරුස පක්සෙ අය ඕක දාන හේතුවත් දාගෙන මොකද කොරන්නෙ කියලත් කාන්තා පක්සෙ දන්නව....හික්ස්...

    ReplyDelete
  67. මම දාපු කමෙන්ට් එකත් මිසිංනේ...
    දැන් කමක් නැහැ අක්කේ, ඒ දෙන්න තාම යහතින් ඉන්නවනේ
    එයින් ගියා මදෑ

    ReplyDelete
  68. @ ලොකු පුතා,

    හයියෝ... ඒකත් මිසිංද... ඒක නම් ඊ මේල්වල අහු උනෙත් නෑ... ආයෙ චෙක් කරල බලන්න ඕනෙ... කාලෙන් කාලෙට එක එක නාඩගං... එපාර මොකක් වෙන්න හදනවද දන්නෙ නෑ.....

    දැන් නම් තත්ත්වෙ මොකක්ද දන්නෑ... ඔය සිද්දියෙන් නම් එහෙම මොකුත් උන්නෑ මං දන්න විදියට....

    ReplyDelete
  69. හාහා..ගෙදර ගියාට පස්සේ බොසාට හොදට හම්බ වෙන්න ඇති..
    250ට පුලුවන් වුන කියලා අහද්දිත් සන්තොසයි..

    ReplyDelete
  70. @ GIhanD4R,

    නෝනට දැනගන්න ලැබිල නෑ එදා නම් මොකක්ද ඒ වුනේ කියල... බොසා ටොං පචයක් ඇදල ඇරලනෙ....
    ඒ පුළුවන් වෙලා තියෙන්නෙ සෑහෙන කාලෙකට කලින්... දැන් ඒ ගාණට යන්න ගියොත් ඉතින් ගෙනියපුව අඩුවෙන් තමයි එන්න වෙන්නෙ... ;P

    ReplyDelete
  71. අඩේ ඒ කාලෙ හරි ලාබනේ.... ශික්.. ඒ කාලෙනෙ ඉන්න තිබ්බෙ අය් ඩුන් නො වයි

    ReplyDelete
    Replies
    1. අම්මයි තාත්තයි නෙව වැරැද්ද කොරල තියෙන්නෙ..... අනේ පව් පිස්ස... :D

      Delete
  72. 250ට?? 100ට?? යකෝ උන් කන්නේ අදින්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ කන, අඳින එව්වත් දැන් තරම් මිළ නෑ අයියො.... :D

      Delete