Total Pageviews

Monday 2 January 2012

මිස්ගෙ බෑග් එක....



මං අර කලින් කියපු "යාළුද බලපු හැටි" කතාවෙ කිව්වනෙ පොඩි කාලෙ ඉගෙන ගත්තු කණිෂ්ඨ විද්‍යාලෙ ගැනත් ඒකෙ උගන්වපු ගුරුවරු වැඩි දෙනෙක් අපේ අසල්වැසියො බවත්....  ඔන්න හතරෙ පන්තියෙදි පළමු වතාවට මං වැටුන අසල්වැසියෙකු නොවුනු මිස් කෙනෙකුගෙ පන්තියට.... උනාට මිස්ගෙ අයියා අපේ අසල්වැසියො... එයා නිතර අයියලගෙ ගෙදර යන එන නිසා අපිව හොඳට දන්නව.... කාලෙ අළුත් පන්තියක් පටන් ගන්නකොට පන්තියේ ළමයි පොඩි සම්මාදමක් හෙම දාල පන්තියට ඕන කරන ඉදල්, කොසු, ගුරු මේසෙට ඉටි රෙද්දක්, මල් වාස් එකක්, නාම ලේඛනයට කවරයක් දාන්න බ්‍රවුන් පේපර් කොළයක් නොවැරදීම ගන්නව.... එහෙම ගත්තම පන්තියේ නම හැම එකකම හණ ගහන එක නම් නොවැරදීම කරනව... නැත්නම් මදි පාඩු වෙනකොට අනිත් පන්තිවල එවුන් ඕක උස්සනව.... ඒත් සමහර වෙලාවට හණ ගහලවත් බේරගන්න බැරිවෙන වෙලාවලුත් තිබුණ.... උස්සපු එවුන් කරන්නෙ ගහල තිබුණු හණ සූරල මකල දාල ඊට උඩින් උන්දලගෙ පන්තියෙ නම ගහගන්න එක... උනාට ඉතින් තමුන්ගෙ පන්තියෙ භාණ්ඩෙ අඳුනගන්න පුළුවන්නෙ.... ඉතින් දෙගොල්ලො මරාගන්නව... කෙල්ලො ටික ගිහින් කොල්ලොන්ට පණිවුඩේ දීපු ගමන් උන් තමයි වලියට යන්නෙ....


 
එක සැරයක් මට මතකයි අපේ පන්තියෙ කොස්ස අල්ලපු පන්තියෙ උන් හොරකම් කරල.... මං දැක්ක උන් අපේ පන්තියෙ නම බ්ලේඩ් තලයක් අරගෙන සූරනව... දවස්වල පැන්සල් උල් කළේ වැඩිහරියක් බ්ලේඩ් වලින්... කටර් පාවිච්චි කළේ කලාතුරකින් කෙනෙක්.... නිසා බ්ලේඩ් එකක් හොයාගන්න එක එච්චර අමාරුවක් උනේ නැහැ.... වෙනකොට අපේ පන්තියෙ කොස්ස සොයල සොයල හොයාගන්න බැරුවයි හිටියෙ...  වැඩේ කරපු උන් මං හොඳට දන්න කෙල්ලො දෙන්නෙක්... යාළුවො... ඉතින් මේක දැක්ක ගමන් මං ගියා එතැනට...
'
දෙනව ළමයො අපේ කොස්ස... මේ ළමයි ඒක හොරකං කරල...'
'
... මේක අපේ ... මේ පේන්නැද්ද නම...'
'
...බොරු කියන්නෙපා.... මං දැක්ක දැන් ඔය ළමයි අපේ පන්තියෙ නම හූරනව... හිටුකො කියන්න අපේ මිස්ට...'
ඔන්න ඔහොම වලිය පටන් ගන්නකොට කොල්ලො සෙට් උනා ඉතුරු ටිකට... අන්තිමට පන්ති දෙකේ උන් කොස්සෙ දෙකොනින් අල්ලගෙන දෙපැත්තට ඇදලා අපේ පන්තියෙ එවුන් අතට කොහු මිටිය ගැලවිලා ආව... හොරු ටික අතේ මිට... අන්තිමට මිස් පන්තියට එනකොට දෙගොල්ලො කෑලි දෙක තියාගෙන ඉන්නව... එක පන්තියක්වත් පිහිදල නෑ... ඉතින් උදේ පාන්දර ඉගැන්නිල්ල පැත්තක තියල රණ්ඩු බේරල, කොස්ස ආයෙ ඇණ ටිකක් ගහල හදාගෙන, පන්ති දෙකම සහයෝගෙන් පිහිදවල තමයි මිස්ලට වැඩ පටන් ගන්න උනේ....

අපි කෙල්ලො ටික ඔය කාලෙ කරපු තව වැඩක් තිබුණ... මිස් එන වෙලාව අල්ලලා පාර බලන් ඉන්න එක.... අපේ මිස් එන්නෙ ඉස්කෝලෙ පටන් ගන්න බෙල් එක ගහන්න ඔන්න මෙන්න කියල දුවගෙන දුවගෙන.... අපිත් ඉතින් ඊට හයියෙන් පෙරමගට දුවගෙන ගිහිල්ල මිස්ගෙන් බෑග් එක ඉල්ලගන්නව පන්තියෙන් ගෙනිහින් තියන්න... ඔය වෙලාවට මිස් පෑන විතරක් අතට අරගෙන අතේ තියෙන අනිත් ලට්ට ලොට්ට ඔක්කොම අපිට දෙනව ගිහින් තියන්න... තව ටික කාලයක් යනකොට මිස් එනකම් ඉවසගෙන ඉන්නෙ නැතුව ඉස්කෝලෙ ළඟ තිබ්බ මිස්ගෙ ගෙදරටම යන්න පටන් ගත්ත.... අපි ඔහොම යනකොට සමහරදාට මිස් නයිටිය පිටින් එහෙ මෙහෙ දුවනව ගෙදර වැඩ කර කර... තව සමහරදාට ළිඳ ළඟ රෙදි හෝදනව.... අපිත් අරින්නෑ, යනව ළිඳ ළඟටත්.... ගිහින් අහනව බෑග් එක ගෙනියන්නද කියල.... මිස්ටත් හිනා ඔය වැඩේට.... උනාට මිස් එන්න එපා කිව්වෙත් නෑ... බෑග් එක නොදී හිටියෙත් නෑ... ගෙදර හිටියොත් මිස්ම එයාගෙ බෑග් එක ගෙනැත් දෙනව.... ළිඳ ළඟ හිටියොත් එයාගෙ මහත්තයට හරි දරුවෙකුට හරි කෑගහල කියනව අපට බෑග් එක දෙන්න කියල.... ඔය විදියට මිස් ඉස්කෝලෙ එන්න පැය බාගෙකට විතර කලින් එයාගෙ බෑග් එක අරන් ඇවිත් ගුරු මේසෙ උඩ තියල තියනව.... දැන් මිස් ගෙදර උනාට බෑග් එක ඉස්කෝලෙ....

ඔන්න දවසක් ඔය විදියට අපි ගියා මිස්ලගෙ ගෙදර බෑග් එක ගේන්න.... අපි යනකොට ගෙදර දොරකඩ ඉස්කෝලෙ යන්න ලැහැස්තිවෙලා හිටිය පුතා (එයා ගියේ ලොකු ඉස්කෝලෙට )අපිව දැක්ක ගමන් '...' කියල ගෙට ගිහින් මිස්ගෙ බෑග් එක අපිට ගෙනත් දුන්න.... අපිත් අරන් ආව.... දැන් පන්තිය පටන් ගන්න බෙල් එකත් ගැහුව, මිස් නෑ.... ගාථා කියල එහෙම ටික වෙලාවක් යනකොට අපේ පන්තියෙ ළමයි කෑගහන නිසා අල්ලපු පන්තියෙ මිස් ආව මොකද කියල බලන්න.... අපේ මිස්ගෙ බෑග් එක මේසෙ උඩ තියෙනව දැකල මිස් ළමයින්ගෙන් ඇහුව,
'
මිස් කොහාටද ගියේ....?' කියල...
'
අපේ මිස් තවම පන්තියට ආවෙ නෑ මිස්...' ඉස්සරහ පේළියේ හිටිය ළමයෙක් කිව්ව...'එහෙනම් මේ බෑග් එක තියෙන්නෙ...'
අපි සද්ද නැතුව හිටිය වැරැද්දක්වත් කළාද කියල ෂුවර් එකක් නැති නිසා... පන්තියෙ එවුන් මූණෙන් මූණ බල බල හිටිය මිසක් මොකුත් කියන්න ගියේ නෑ... අර මිසුත් මේ මොන විලම්බීතයක් කියනවද කියන්නැහේ ටික වෙලාවක් ළමයි දිහා බලන් ඉඳල අපිට කිව්ව,
'
මිස් ඔෆිස් එකේ වෙන්නැති... එනකම් නිශ්ශබ්ද වෙලා ඉන්න...' කියල.. කියල එයා ගියා එයාගෙ පන්තියට...
දැන් ඔහොම ටික වෙලාවක් ගියා... ඔන්න අපට ඇහුන මෝටර් සයිකලයක් පන්තිය කිට්ටුවට ඇවිත් නවත්තනව... පන්තියෙ ළමයි ඔක්කොම වගේ නැගිටල බෙලි දික්කරල බැලුව කවුද ඇවිත් තියෙන්නෙ කියල.... කවදාවත් නැතුව අපේ මිස් මහත්තයත් එක්ක මෝටර් සයිකලේ ඇවිත්.... මිස්ව පන්තිය ළඟින් බස්සවල මහත්තය ගියා... මිස් දුවගෙන දුවගෙන ආව පන්තියට.... අල්ලපු පන්තියේ මිසුත් සද්දෙට එළියට ඇවිත් බැලුව....'මොකෝ උනේ...?' මිස් අපේ මිස්ගෙන් ඇහුව...
වෙනකොට පන්තිය ඇතුලට පය ගහල හිටපු අපේ මිස්,
'
හයියෝ...... මේ තියෙන්නෙ...' කියල හයියෙන් හිනා වුණා....
'
ඇයි මොකෝ....?'
'අනේ
බලන්න... මං ඉස්කෝලෙ එන්න ලැහැස්තිවෙලා මගේ හෑන්ඩ් බෑග් එක හෙව්ව හෙව්ව පණ දාගෙන.... දන්නෙම නෑ පරක්කු වෙනකම්.... හොඳවෙලාවට මහත්තය ගෙදර හිටිය නිසා ගෙනත් දැම්ම... මේ තියෙන්නෙ මටත් ඉස්සෙල්ල බෑග් එක ඉස්කෝලෙ ඇවිල්ල...'
ඒක අහල අර මිස්ටත් හිනා...
'
කවුද පුතේ අද අපේ ගෙදර ගියේ...?' මිස් පන්තියෙ කෙල්ලො දිහා බලල ඇහුව....
'
අපි මිස්...' මමයි මගේ යාළුවයි අත ඉස්සුව....
'
කවුද අද ඔයාලට බෑග් එක දුන්නෙ...?'
'
මිස්ගෙ පුතා මිස්...'
'
එහෙනං ඒක තමයි මේ... මිනිහ ඉස්කෝලෙ ගියා මේ ළමයින්ට බෑග් එක දීල නිකමටත් මට කියන්නෙ නැතුව.... මං අරෙහෙ පණ යනකම් බෑග් එක හොයනව....'

73 comments:

  1. පොඩි කාලෙම හොඳට ගොට්ට අල්ලන්න පුරුදු වෙලා තියෙනව වගේ...hikz...

    ReplyDelete
  2. මට මේ බෑග් එක හොදට හුරුයී අනේ. හැබෑටකාගේ බෑග් එකද මේ?

    ReplyDelete
  3. මිස් ට හරි ආදරෙයි වගේ කට්ටිය...

    ReplyDelete
  4. ගොට්ටම තමයි. මේවගේ අල්ලස් තව තියනව. මිස්ලගෙ පොඩිලමයි වඩාගන්න එක.මිස්ලට තෑගි දෙනඑක. :))

    ReplyDelete
  5. හිහ් හිහ්.. මරු වැඩේ... නිකමටවත් කවදාවත් හිතුන්නැද්ද ඔය බෑග් එකට පොඩි ගෙබි පැටියෙක්ව එහෙම දාලා තියන්න... අඩේ අප්පා මිස් දුවගන, දුවගන, හතිදාගන ඇවිල්ලා.. බැග් එක අරිද්දිම ගෙම්බෙක් පනිනකොට තියන ආතල් එක කොහොමද...

    ( මේ දුවගේ පෝස්ට් එකක් නේද ? )

    ReplyDelete
  6. ගේට්ටුව ලගට ගිහිල්ල බැග් ඒක ගත්තු ඔයාලා ගෙදරටම ගිහින් ඒක ගේන්න තරම් ඔයා කොච්චර ගොට්ටෙක් වෙන්න ඕනෙද හික හික්....

    ReplyDelete
  7. අපිත් ඔය කොසු ඉදල්වලට අපිත් නම් ඕනි තරම් රණ්ඩු වෙලා තියනවා අප්පා..මතක් වෙනකොටත් අපිට ඒ කාලෙ එච්චර පිස්සු තිබ්බද කියලා හිතෙනවා..

    ReplyDelete
  8. ඉතින් ඇයි ඔයාලා ටීචර්ලාගේ බෑග් උස්සගෙන එන්නේ? :D
    ඇයි ඉස්කෝලේ පන්තිවලට කොසු, ඉස්කෝලෙන් දෙන්නේ නැද්ද? :D:D

    ReplyDelete
  9. පොඩි පහේ ගොට්ටියෙක් නෙවෙයි මේයා නම්!

    ReplyDelete
  10. පොඩ්ඩි ලංකාවෙ රජයේ පාසැලකට වැස්සකටවත් ගියෙ නැත්ද?

    ReplyDelete
  11. එසේ මෙසේ ගොට්ටක් නම් නෙවේ...දාර එකක්! ලමයි ටික ටීචර් ලට සෑහෙන්න දීලා වගේ ;-)
    කොසු වලිය නම් සමස්ත පාසැල් පද්ධතියටම පොදු වලියක්......

    ReplyDelete
  12. අපරාදෙ .. මම හිටියනම් .. ඔය බෑග් එකට රබර් නයෙක්වත් දානව ...
    [මිස් කවදාවත් කියල නැත්ද සල්ලි එහෙම අඩුයි කියල]

    ReplyDelete
  13. අපෝ ලංකාවෙ ටීචර්ස්ල නම් නියමයි...මොනා හරි ඕන උනාම ලඟට අරන් ඔලුව අත්ගාල හුරතල් කරල නෝට් එකක් දෙනව අම්මට මේක ගිහින් දෙන්න පැටියෝ කියල....ඉතින් පහුවදාට අම්ම ''කද'' එවනව එයාලට..............
    ''කද'' දෙන්න බැරි අහිංසක පවුල් වල ලමයින්ට හැමදාම කුඩම්මගෙ සැළකිලි..............
    මෙහෙ නම් ඒක හාත්පසින්ම වෙනස්....උදේට අපි ස්කූල් ගියාම පන්ති දිලිසෙන්න ක්ලීන් කරල තියෙන්නෙ කවුද කලේ කියල අපි දැකල නැහැ කවදාවත්..........
    ටීචර්ස්ලා අපිට තෑගි දෙනව මිසක් අපි එයාලට කිසිම දෙයක් දෙන්නෙ නැහැ...........

    ReplyDelete
  14. ඉස්කෝලෙක ඉතිං ස්ථාවරව ඉන්න ගොට්ට අත්‍යාවශ්‍යයි!

    ReplyDelete
  15. //පන්තියේ නම ඒ හැම එකකම හණ ගහන එක නම් නොවැරදීම කරනව.//හොරකම් කරපුවයේ නම බ්ලේඩ් තලයක් අරගෙන සූරනව//පෙරමගට දුවගෙන ගිහිල්ල මිස්ගෙන් බෑග් එක ඉල්ලගන්නව පන්තියෙන් ගෙනිහින් තියන්න//

    හැම ඉස්කෝලෙකම පොදු සිද්ධි..

    හැමෝම කිව්ව වගේ ගොට්ට තමයි උපරිම... අපේ එකෙක් එහෙම ඔහොම කලොත් කතන්දර පෝලිමයි. මම කියන්නේ නිකං උදව් කරන එක නේවේ. සම්ප්‍රදායෙන් පිට කරන උදව්..

    ජය ශ්‍රී !

    ReplyDelete
  16. සෑහෙන කඩේ ගිහින් පළපුරුද්දක් තියෙනවා වගේ අක්කට.. :)

    ReplyDelete
  17. ආපෝ හිරිකිතයි ඈ.. ඔහොමත් ගොට්ට අල්ලනවද. සික් ලැජ්ජාවේ බෑ... එනිවේ අක්කා.. විෂ් යූ අ හැපි නීව් ඉයර්... obata suba aluth awuruddak wewa!!!!!!!

    ReplyDelete
  18. අපේ ඉස්කෝලේ ගෑල්ලමයි බෑග් එක විතරක් නෙමේ ටීචර්ගේ සාරියත් උස්සගෙන යනවා. අපි ඉතින් ඔය නෙයියාඩගං බලලා හින වෙනවා.

    ReplyDelete
  19. හහ් හහ්.. ගොට්ට මාට්ටු... වස විළිලැජ්ජාවයි...

    ReplyDelete
  20. පත ගොට්ට.......අපරාදේ අහු උනේ.....මියුරු අක්කේ..... ලැබුවායි අළුත් අවුරුද්ද සුබම සුබ වේවා !

    ReplyDelete
  21. අපි නම් ගියේ නෑ ගොට්ට අල්ලන්න හරී.. මේ උඩ ඉන්න කට්ටියගේ දවස ජනවාරි 3 වුනේ කොහොමද? අක්ක වෙලාව වෙනස් කරලා වගේ..

    ReplyDelete
  22. @ Observer,

    වැඩේ තියෙන්නෙ දැන් ඕක ගොට්ට වගේ පෙනුනට ඒකාලෙ එහෙම හිතුනෙ නෑනෙ... අම්ම අප්පට වගේ මිස්ටත් ආදරේ වුණු නිසානෙ එහෙම කළේ.... :D

    ReplyDelete
  23. @ බට්ටි,

    ගූගල් දෙය්යන්ගෙනෙ... ඔයාල අපි මොනව හරි ඉල්ලනකොට ඕකෙන් ඇදල අරන් තමයි දෙන්නෙ... හික්ස්....

    උන්දගෙන් ඕක ඉල්ලගත්තෙ අපේ මිස්ගෙ බෑග් එකත් ගොඩාක්ම ඔය වගේ හින්දා..... :D

    ReplyDelete
  24. @ ඊ මේල් කවිකාරි,

    :D :D
    කවිකාරිලා සිස්ටර්ස්ලට ගොටු ඇල්ලුවෙ නැත ඒ කාලෙ....? ඔය පුංචි කාලෙ ගුරුවරුන්ගේ හිත දිනා ගැනීමේ තරගයකුත් එනෙවනෙ එක කාලයකදි....

    ReplyDelete
  25. @ සයුරි,

    ඇත්තටම සයුරි ඔය කාලෙ අපේ මිස්ලත් අපට සැලකුවේ එයාලගෙ දරුවන්ට වගේ... ඒ නිසා මිස්ල ගැනත් අපට තිබුණෙ දෙමව්පියන් වගේ හැඟීමක්.... අපේ මිස් කිව්වම මිස්ගෙ ඔක්කොම අපේ කියල තමයි ඒ කාලෙ පුංචි හිත්වලට හිතුනෙ....

    ReplyDelete
  26. @ රාජ්,

    ඒ කාලෙ අපේ මිස්ල එක්කෙනෙකුටවත් පොඩි ළමයි හිටියෙ නෑ... අපේ වයසෙ හරි ඊට වැඩිමහල් අය හරි තමයි හිටියෙ.... පොඩි ළමයි හිටිය නම් ආයෙ දෙකක් නෑ මං පැනල වඩා ගනියි... මං පොඩි දරුවොන්ට හරිම ආදරෙයි පුංචි කාලෙ ඉඳලම.... මගදි අඳුනන්නෙ නැති අයගෙ දරුවො පවා මං වඩාගෙන තියෙනව ඒ කාලෙ... අදටත් මගේය අනුන්ගෙය කියල වෙනසක් නෑ....
    හැබැයි ඔය තෑගි බෝග ලෙඩේ ඔය කාලෙ වෙනකොට පටන් අරගෙන තිබ්බෙ නෑ....

    ReplyDelete
  27. @ Senna,

    ඒ කාලෙ මිස්ට වැරැද්දක් කරන්න තුන් හිතකින්වත් හිතුවෙ නෑනෙ.... පුංචියි නෙ.... එහෙම දෙයක් කළා නම් කරන්නෙ ලොකු ඉස්කෝලෙදි තමා.... එතකොට ඉතින් ගුරුවරුත් ගෝලයින්ගෙ හැටි දන්න නිසා බෑග් එකක් දෙනව තියා.... :D

    ReplyDelete
  28. @ Senna,

    අර අන්තිම කෑල්ලට උත්තර බඳින්න අමතක වෙලා නෙව... ඔව් අනේ මේක තමයි ඉවර කරන්න කලින් පබ්ලිෂ් කරල තිබ්බෙ.... ඒක හදන්න ගිහින් ආයෙ පාරක් මගේ අතින් පබ්ලිෂ් උනා... ඊට පස්සෙ ලෙඩ ගොඩක් ආවා... මේක නෙවෙයි අළුත් අවුරුද්දෙ දාන්න හිටියෙ...

    මේක දුව ලියපු එකක් නෙවේ..එයාට සිංහලෙන් නම් මේ විදියට ලියන්න හැකියාවක් නැහැ පොඩි කාලෙ ඉඳන්ම ඉගෙන ගත්තෙ මෙහේ නිසා... ඒත් ඉංග්‍රීසියෙන් ලස්සනට ලියනවා... දවසක මං පෝස්ට් එකක් විදියට දාන්නම් එයාගෙ කතාවක්....

    ReplyDelete
  29. @ අසරණයා,

    දැන් මේ ලොකු කාලෙ ගොට්ටක් කියල තේරුනාට ඒ පුංචි කාලෙ එහෙම හිතුනෙ නෑනෙ... අපේ මිස්... අපේ මිස්ගෙ බෑග් එක... අපේ...අපේ... කියල තමයි හිතුනෙ...

    ReplyDelete
  30. @ රූ,

    පිස්සු නේන්නං... පිස්සුවෙත් හොඳම එක... හික්ස්...

    ReplyDelete
  31. @ Podi Kumarihami,

    බෑග් උස්සන් එන්නෙ මිස්ට තිබුණු ආදරේට... :D

    අනේ ඇත්තට පොඩ්ඩි කවදාවත් ලංකාවෙ ආණ්ඩුවේ ඉස්කෝලෙකට ගිහින් නැද්ද...? ඒ කාලෙ නම් දුන්නෙ නෑ... දැන් නම් දෙනවද දන්නෙ නෑ....

    ReplyDelete
  32. @ සාබිත්,

    දැන් නම් පේන්නෙ එහෙම තමා.... :D

    ReplyDelete
  33. @ ඊ මේල් කවිකාරි,

    නෑ වෙන්නැති කවිකාරියේ....

    ReplyDelete
  34. @ kandyan,

    හික්ස්...

    තාමත් ඒ වගේද.....?

    ReplyDelete
  35. @ kumaraya,

    අපට කවදාවත් එහෙම කරන්න හිතුනෙ නෑ.... පුංචි නිසා වෙන්න ඇති... අපේ පන්තිවල හිටපු කොල්ලොත් කිසිමදාක එහෙම වැඩ කළේ නෑ... ඒ කාලෙ ගුරු ගෞරවය බොහොම තදටම ළමයින්ගෙ හිත්වල තිබුණනෙ....
    අනේ කවදාවත් එහෙම කියල නෑනෙ.... ගේ ළඟ හින්දා වැඩි සල්ලියක් ගේන්නත් නැතුව ඇති....

    ReplyDelete
  36. @ වින්චැට්කිරිල්ලි,

    අපේ කාලෙ නම් ඒව පටන් අරන් තිබුණෙ නෑ කිරිල්ලියේ... අපි කළේ බුලත් දීපු එක, ඉස්සෙල්ලම පන්ති පටන් ගන්නකොටයි, සිංහල අවුරුද්දට පස්සෙ ඉස්සෙල්ලම ඉස්කෝලෙ එන දවසෙයි..... බොහොම කලාතුරකින් කවුරු හරි බිස්කට් පෙට්ටියක් ගෙනත් දුන්නා.... එහෙම වෙලාවට මිස්ලා කරන්නෙ තේ බොන වෙලාවට ඒක කඩල කස්ටියත් එක බෙදාගෙන කන එක.... මේ ගුරුවරු වැඩි දෙනෙක් අපේ අසල්වැසියො නිසා සාමාන්‍යයෙන් කෙරෙන විදියට සිංහල අවුරුද්දට නම් නෑගම් ගියා අම්මලත් එක්ක...

    අපේ දරුවන්ට නම් ඔයා කිව්ව විදියේ දේවල් ලැබුණා මෙහේදි....

    ReplyDelete
  37. @ තනි අලියා,

    පසුකාලයකදි ඒක ඔය තත්ත්වයට පත්වුණා කියල අහන්න ලැබුණා... අලියත් ගොට්ට අල්ලල තියෙනවද.... :D

    ReplyDelete
  38. @ sAm sRi,

    ඒ කාලෙ උනත් කොල්ලො නම් ඔහොම දේවල් කළේ නෑ මිස්ල කිව්වොත් ඇරෙන්න.... හැබැයි කෙල්ලන් කරන විකාරවලට හිනා උනෙත් නෑ....

    ReplyDelete
  39. @ Dinesh,

    පොඩි ඉස්කෝලෙදි කරපු හරියක් තමයි....

    ReplyDelete
  40. @ lahirucc,

    හික්ස්...
    එසේම වේවා...esema wewa...!!

    ReplyDelete
  41. @ මධුරංග,

    හික්..හික්...හික්...

    අපි නම් සාරි උස්සන්න ගියේ නෑ... හැබැයි ඔය පන්තියෙන් පිට ගස්යටට එහෙම යන වෙලාවට නම් මිස් පස්සෙන් ගිහින් සාරි පොට අල්ලගෙන ඒක උඩ දම දමා ගියා නම් මතකයි.... මිස්ලත් කවදාවත් මොකුත් කිව්වෙ නෑ...

    ReplyDelete
  42. @ පැණි දොඩම්,

    හයියෝ.... පව් අනේ....මෙන්න දොඩමගෙ ගොට්ට මාට්ටු වෙලා වස විළි ලැජ්ජාවයිලු..... උදව්වක් කොරන්න කවුරුවත් නැද්දෝ... :D

    ReplyDelete
  43. @ දිල්,

    මං ඕගොල්ලන්ට පෙන්නුවේ ඒ කාලෙ ගුරු ගෝල සම්බන්ධය....හික්ස්...
    දිල්ටයි, වෙන්න මහත්තයාටයි, පවුලේ සැමටයිත් එසේම වේවා....!!

    ReplyDelete
  44. @ Shani,

    එහෙම වෙලා තියෙන්නෙ ඔයාලට වැඩිය පැය දෙකහමාරකට කලින් මට දවස උදාවෙන හින්දනෙ..... :D

    ReplyDelete
  45. කොල්ලො ටික බෑග් එකට නිදහසේ තියෙන්න දුන්නද??? වලියක් දාගත්ත මිස් කෙනෙක්ගෙ එහෙමනම් හොද හොද දේවල් ඔය බෑග් එකට වැටෙන්න ඉඩ තිබුනා..

    ReplyDelete
  46. හොඳ මිස් කෙනෙක් වෙන්නැති. නැත්තං ඉතින් මල්ලත් සුං මල්ලෙ සල්ලිත් සුං!.

    ReplyDelete
  47. ඉස්සර අපිත් එහෙමයි ... මදුරංග කිව්වා වගෙ අපි මිස්ගෙ සාරි පොටේ එල්ලිල එන්නෙ... මිස්ගේ බෑග් එක අපි උදුරනවා.... බෑග් එකට තියෙන ආසාවට මිස් අතහරිනවා.. නැත්නම් ඉතින් මිස්ට බෑග් එක වෙනුවට කෑලි තමයි ගෙනියන්න වෙන්නෙ ......

    ReplyDelete
  48. අපෝ ගොට්ටෙ හොඳම එක වගේ.. හික් හික්

    ReplyDelete
  49. අපේ ස්කෝලේ කෙල්ලොත් ඔහොම්මයි....

    ReplyDelete
  50. පැහැදිලිම ගොට්ටක් ඉස්සර අපිටනම් ඔහොම ගොටු අල්ලන කෙල්ලෝ එක්ක මාර තරහයි වෙන්නේ මොනාද මුං මිස්ගේ කනේ තියනවා ගිහිල්ලා..හැබැයි ඒ තරහ කෙල්ලෝ එක්ක තිබුනේ හත අට වසරවලට යනකන් විතරයි මෙන්න බොලේ ඊට පස්සේ කොල්ලොනේ ගොට්ට අල්ලන්න ගන්නේ කඩේ යන්නයි හැම මගුලටම කෙල්ලෝ ෆිට්.."කාලය මැව් වෙනසක අරුමේ"

    කොසු ඉදල් වලි නම් අනන්තයි අප්‍රමාණයි.සමහර වෙලාවට පන්තියේ කොසු මිටක් විතරයි ඉතුරු වෙන්නේ වලි වලට යන්නේ කොසු මිට කඩාගෙනනේ ඉතිං පව් අප්පා කෙල්ලෝ හතරට පහට නැමිලා අර මිට නැති කොස්සෙන් අතු ගානවා.ඔය වෙලාවට අපේත් හිත් උණු වෙනවනේ ඉතිං අපි අල්ලපු එවුන්ගෙන් (ණයට ගන්නවා)උස්සනවා.උන් අපෙන් උස්සනවා අපි උන්ගෙන් උස්සනවා අතුගාලා කුණු උන්ගේ සීමාවට දානවා පස්සේ පන්ති දෙක ගහගන්නේ කුණු කූඩේ කුණු වලින් පහු පහු වෙද්දි කුණු බාස්කට් එකත් ගිහින් දෙගොල්ලොම එලියට බැහැලා ගහගෙන තමයි සිද්ධිය ඉවර වෙන්නේ..

    සුන්දර මතකයක් එලියට ඇද්දට ස්තූතියි අක්කේ...

    ReplyDelete
  51. හි හි... අපිත් ඔහොම තමයි ඉස්සර. ගොට්ට අල්ලනවද කියල නම් දැන් නෑ,එත් ඉස්කෝලේ මැඩම්ලට ආදරෙයි. හැබැයි පොඩි කාලේ තමයි.... ලොකු වෙනකොට මැඩම් කෙනෙක් එක්ක වලියක් දාගත්තේ නැත්තන් නිකන් කෑවේ නෑ වගේ තමයි.. :PP

    ReplyDelete
  52. කොල්ලෝ ඉතින් මිස්ලට සර්ලට ගොටු අල්ලනවා අඩුයිනේ...
    ඒත් අපේ පන්ති වලත් හිටපු කෙල්ලෝ බහුතරයක් සහ කොල්ලෝ කීප දෙනෙක් මේ වගේ ගොටු ව්‍යාපෘති වල යෙදිලා හිටියා
    හැබැයි මේ ගොටු අල්ලිමනම් අන්තිම නරක වැඩක්
    එහෙම ගොටු අල්ලලා අපේ එකෙක්ව පාවා දීපු එකෙකුට අපි දවසක් හොඳට සැළකුවා ඉස්පිරිතාලේ යන්නම
    කාලයක් සමථ මණ්ඩල ගානේ යන්නත් උනා කීප දෙනෙකුට :(

    ReplyDelete
  53. @ නිසූපා,

    එච්චර දෙයක් හිතන්න මොළයක් නෑ අනේ... හතරෙ පන්තියේනෙ... :D
    ඒ කාලෙ කවදාවත් උවමනාවෙන් ගුරුවරුත් එක්ක වලි දාගත්තෙ නෑ... වැරැද්දකට ගුරුවරයෙක් දඬුවම් කළත් වෛර බැන්දෙත් නෑ... ගුරු ගෞරවය ඉහළින්ම තිබුණා...

    ReplyDelete
  54. @ ඉන්දික උපශාන්ත,

    ඒ මිස්ලා හරිම හොඳයි තමයි... ඇත්තටම එහෙම ගන්න හොඳටම අවස්ථාව තිබ්බ... ඒත් කිසි කෙනෙක් එහෙම කළේ නෑ....

    ReplyDelete
  55. @ Sammani,

    හරිම සන්තෝසයි එක්කෙනෙක් හරි මේ අත්දැකීම විඳල තියෙන එක ගැන.... බොහොම ස්තුතියි අනේ ඔයාට ඒ ගැන කිව්වට.... :D

    ReplyDelete
  56. @ පිස්සා පලාමල්ල,

    දැන්නෙ ඒ ගොට්ට කියල පේන්නෙ, වර්තමාන වැඩිහිටියන්ගෙ ඇහින් බලනකොට... මට ඇත්තටම කණගාටුයි මං මෙච්චර කියද්දිත් කවුරුවත් ඒක තේරුම් ගන්නෙ නැති එක ගැන... ඒ කාලෙ අපි මේ දේවල් කළේ ලාභ ප්‍රයෝජන ගන්න නෙවෙයි... ඒ පුංචි කාලෙ අපි ඒ වගේ දේවල් ගැන දැනගෙන හිටියෙත් නෑ... අපි එහෙම කළේ අවංකවම මිස්ලට ආදරේ කරපු හින්දා... අපි බෑග් උස්සන් ආව කියල මිස්ල අපිට වැඩිපුර සැලකුවෙත් නෑ...

    ReplyDelete
  57. @ prasanna86k,

    ඉතින් එයාලට ඒව කළා කියල ගුරුවරු වැඩිපුර සැලකුවද...?:D

    ReplyDelete
  58. @ ගැමියාගේ පත් ඉරුව,

    මේ බෑග් කෙරුවාව කළේ හතරෙ පන්තියෙදි විතරයි... ඔහොම කළාට කේළම් කියපු අවස්ථාවල් තිබ්බෙ නෑ... ඔය කියන විදියෙ පාවාදීම් තිබ්බෙ ලොකු ඉස්කෝලෙට ගියාට පස්සෙ... එතකොට නම් ගොටුද, කේළම්ද, පාවාදීම්ද ඕන තරම්.... ඒවගේ උන් පන්තිවලින් කොන් කළා හිටන්....

    "කොසු ඉදල් වලි නම් අනන්තයි අප්‍රමාණයි.සමහර වෙලාවට පන්තියේ කොසු මිටක් විතරයි ඉතුරු වෙන්නේ වලි වලට යන්නේ කොසු මිට කඩාගෙනනේ ඉතිං පව් අප්පා කෙල්ලෝ හතරට පහට නැමිලා අර මිට නැති කොස්සෙන් අතු ගානවා.ඔය වෙලාවට අපේත් හිත් උණු වෙනවනේ ඉතිං අපි අල්ලපු එවුන්ගෙන් (ණයට ගන්නවා)උස්සනවා.උන් අපෙන් උස්සනවා අපි උන්ගෙන් උස්සනවා අතුගාලා කුණු උන්ගේ සීමාවට දානවා පස්සේ පන්ති දෙක ගහගන්නේ කුණු කූඩේ කුණු වලින් පහු පහු වෙද්දි කුණු බාස්කට් එකත් ගිහින් දෙගොල්ලොම එලියට බැහැලා ගහගෙන තමයි සිද්ධිය ඉවර වෙන්නේ..."

    හික්ස්... මේක නම් හරියටම හරි....
    ඔයාටත් බොහොම ස්තුතියි මතක බෙදා ගත්තට අපිත් එක්ක....

    ReplyDelete
  59. @ Ice (අයේෂා කුලතුංග),

    ඒකනෙ අනේ... කවුරුවත් තේරුම් ගන්නෙ නෑනෙ මේක මේ පොඩි පන්තියකදි වෙච්චි දෙයක් කියලා... ඕක කෙලින්ම කණ පිට ගහන්නෙ ලොකු ඉස්කෝලෙට ගියාට පස්සෙ....

    ReplyDelete
  60. @ ලොකු පුතා,

    ඒ සයිස් ගොටු තිබුණද හතරෙ පන්තිය වගේ පොඩි පන්තිවල ඉන්දැද්දිත්... ඒහෙම නම් තියන්න වටින්නෑ තමා.... අපි නම් මේව කළේ ගුරුවරයට තිබුණු ආදරේට මිසක් ලාභ ප්‍රයෝජන තකා නෙවෙයි... ඒවායින් කවදාවත් අනිත් ළමයින්ට නම් ප්‍රශ්ණ ඇති උනේ නෑ....

    කොහොමත් අළුත් පරම්පරාවල් පරණ උන්ට වඩා දියුණුයි නෙව....

    ReplyDelete
  61. මියුරු, විහිළුවක් කලේ... දුව ඔයාට කලින් මේක පොස්ට් කලානේ.. ඒකයි එහෙම කිව්වේ..

    දුවට සිංහල ඉගැන්නුවේ නැති එකටනම් බලවත් විරෝධය...

    ReplyDelete
  62. @ Senna,

    අයියෝ... ගණන් ගන්න එපා ඒක... මං කිව්වෙත් ඇත්තටම වෙච්චි දේ...හික්ස්...

    දුවට ඔක්කොම පුළුවන් සිංහලෙන්... හැබැයි කතන්දර ලියන්න බෑ... කියන්න නම් පුළුවන්... එයා දෙකේ පන්තියට යනකම් ඉස්කෝලේ ගියේ ලංකාවෙ.... ඒ නිසා සිංහල ඉගෙන ගෙනමයි ආවෙ.... පස්සෙ උනේ ලේසි ඉංග්‍රීසි අකුරුවලටම පුරුදුවෙලා සිංහලෙන් ලියන්න කම්මැලි උනු එක....දැනුත් පුළුවන් ලියන්න නම්... ඒත් කම්මැලියි....

    ReplyDelete
  63. ඉස්සර අම්මගේ ඉස්කෝලේ බෑග් එක අරං යන්නේ මම.කෑම එහෙම ගෙනියන්නේ අර Pබෑග් එහෙක..සමහර කාලෙට බෑග් එක හෙන බරයි...ජනවාරි , අප්‍රේල් නිවාඩුවෙන් පස්සෙයි....තෑගි...අක්කලා මට විහිලු කරනවා බූරු පුතා කියලා...හික් හික් හික් ....

    ReplyDelete
  64. @ ඔබ නොදු‍ටු ලොවක්,

    ".... අක්කලා මට විහිලු කරනවා බූරු පුතා කියලා..."

    අයියෝ.... හොඳටම හිනා ගියා මේක කියවල... තවමත් හිනාව නවත්තගන්න බෑ.... මට මැවිලා පේනව ඔයා අර මල්ලත් අරන් පස්සෙන් යනව... ඔය P මල්ල හරි ජනප්‍රියයිනෙ ඒ කාලෙ නේද....

    අපි නම් කියන්නෙ 'ඔටු සර්විස්' කරනව කියල....හික්ස්...

    ReplyDelete
  65. අනේ මියුරු අක්කෙ මේ කමෙන්ට් දැකල මට ශෝයි කතාවකුත් මතක් උනා

    ReplyDelete
    Replies
    1. ඉතින් කියන්නකො අනේ... දාමුද පෝස්ටුවක්.... :D

      Delete
  66. අයියෝ... වයි සෝ සීරියස්...

    නෑ නෑ ඒ කාලේ එහෙම ගොට්ටට සලකපු ගුරුවරු හිටියා.. ඒකයි.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකෙන් මං බලාපොරොත්තු උනු දේ දැක්කෙ නෑනෙ වැඩි දෙනෙක්... ඒ නිසා ටිකක් දුක හිතුනා.... ගොට්ට වැඩ කළේ ලොකු පන්තිවලදි අපේ කාලෙ නම්.... පොඩි පන්තිවලදි නම් බොහොම අහිංසක වැඩක්....

      Delete
  67. apith podi dawaswala oya wede kala matath mathakai.. mama teach kala dawaswala(duppath school ekak) mage bag eka gannath poddo duwan enawa gate langata.
    miyuru kiwwa wage edawaswala ewa gotu kiyala hithanneth nehe. teacher langata wela saripota allannath api podi un asai...
    mewata gotu kiyanna honda nehe .punchi daruwange ahinsaka wedak witharai.

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි මේ දේ ඔයා වින්දා කියල ඇහුවම ගුරුවරියක් විදියට... ඒ වගේම සතුටුයි ඒකෙ මං දැක්ක පැත්ත දැක්කටත්.... බොහොම ස්තුතියි.... :D

      Delete
  68. ඟික්ස් මාර වැඩ තමයි කරල තියෙන්නෙ කස්ටිය :D

    ReplyDelete
    Replies
    1. හික්...හික්.. දැන් නම් හිනාත් යනව...
      ඔයාට බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ගියාට..........

      Delete