Total Pageviews

Sunday, 17 November 2019

බුල්ටො ගෙදර...

Image result for bulto toffee no copyright images


මේ කියන කාලෙ වෙද්දි මං බබා ටිකක් ලොකුයි. අම්මා සල්ලි ටිකක් අත මිට මෙලෙව්වම ළඟ තියෙන කඩේට ගිහින් ඒ කියන දෙයක් අරන් එන්නත් බබාට පුළුවන්. ඒ කාලෙ ඉතින් දැන් කාලෙ වගේ නෙවේනෙ. මග දිගට හිටියෙ තනියම පාරෙ යනවා දකිනකොට කොහේද යන්නෙ, කාත් එක්කද යන්නෙ කියලා අහලා ටවුන් එක පැත්තට යනවා නම් බබාවත් පරෙස්සමින් කඩේ ළඟට එක්කන් යන නැන්දලා මාමලා හින්දා බබාගෙ අම්මටත් බයක් දැනුනෙ නෑ වෙන්ටැ. ඉතින් මෙහෙම කඩේට යන බබා දවසක් හිස් වීදුරු බෝතලයක් අරන් ගිහින් ඒකට භූමිතෙල් ගැලුමක් ගේන්න කියලා අම්මා කිව්ව බවක් කඩේ මුදලාලි මාමට කිව්ව එක අහන්න ඔට්ටු නෑ හරිද?

Sunday, 27 October 2019

ඉලාස්ටික් පටියා


Children, Run, Running, Girls, Dirt Road, Road, Forest

මට අවුරුදු අටක් විතර වෙන කාලෙ අර අපේ නුවණක්කාර නැන්දත් ගෙදර ඉන්න සමයක මමයි, අපේ ලොකු මාමගෙ දුව ගයනියි හොල්මන් කතා පොත් සොයාගෙන කියවන්න පටන් ගත්තෙ. ඕක අපේ අම්මට අහුවෙන්නෙ නැති වෙන්න තමයි කළේ. අම්මට අහු උනොත් පොත් ටිකත් ඉවරයි. මොකද කියවීමේ ආනිසංස වලට මුහුණ දෙන්න සිද්ද වෙන්නෙ වැඩිපුරම අම්මට. ඒ මදිවට රෑ ජාමෙට. ඒවා කියවපු කට්ටියට කාමරේකින් කාමරේකට තනියම යන්න බෑ. ගෙයින් පිට පැත්තට හදලා තිබ්බ වැසිකිළියට යන්න බෑ. නැන්දට අපිත් එක්ක යන්න කියන්නත් බෑ. උන්දැ අපිට වැඩිය බයයි. ඉතින් කොහෙද. කට්ටියට චූ බර වෙන, වෙන සැරේට අම්මට අදාල කෙනාව එස්කෝට් කරගෙන යන්න වෙනවා වැසිකිළියට. ඉතින් ඔය වෙලාවට ඔයාලා හිතන්නෙ අපේ අම්මා ජයමංගල ගාතා එහෙම කිය කියා ඔය ගමන අපිත් එක්ක යනවා කියලද? නෑ අනේ. ඒ වෙලාවට කියන්නෙ සොලෝක, සොලෝක! එහෙම ඒවා වෙලා තිබුනා අම්මත් දැනුවත්ව හොල්මන් කතා පොත් කියවලා. ඒ නිසා හොල්මන් කතා වලට තාවකාලික තහනමක් වැටිලයි තිබ්බෙ.

Monday, 7 October 2019

අමුතු මිනිස්සු 1

Related image

Twitter.com


මට කාලෙක ඉඳන් හිති හිතී තිබුනු දෙයක් තමයි මේ දවසින් දවස මුණ ගැහෙන අමුතු මිනිස්සු ගැන ලියන්න. හැබැයි ඉතින් මෙහෙමයි. මේ 'අමුතු'කම බොහොම සාපේක්ෂ දෙයක්. මට අමුතු කෙනෙක් තව කෙනෙකුට අමුතු නොවෙන්න පුළුවන් වගේම මේක ලියන මමත් තව කෙනෙකුට අමුතු කෙනෙක් වෙන්න පුළුවන්. හරියට කෙනෙකුගේ ලස්සන වගේ.


Sunday, 29 September 2019

සිනහව අතරින්...

Image result for laugh and scowl clip art

clipart library


සිනහව අතරින් කඳුලක් උපන්නා…
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා…

පරණ සින්දුවක් මතක් උනා හදිසියේම.  1976 තිරගත වුනු විජයයි මාලනීයි ප්‍රධාන චරිත රඟපෑ ගංගා චිත්‍රපටයේ ගීතයක්. (රවියා ඉතිහාසෙ කියන්න කලින් ඔන්න මංම කිව්වා.)


Monday, 16 September 2019

පැරණි ශ්‍රී ලංකාව වීඩියෝ වලින්... 1

අහම්බෙන් දැකපු ලංකාව ගැන පරණම පරණ වීඩියෝ කිහිපයක් දැකලා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුණා... සමහරු නම් මේවා දැකලත් ඇති... මේ ඔක්කොම 1930 ගණන්වල ලංකාව ගැන ඒවා… 

(මේ පෝස්ට් එක බලන අයට ඇස් කන් තිබ්බට මගේ කමෙන්ට්‍රියකුත් පහතින් දැම්මා. බනින්න එපා හොඳේ. ඒ වගේම මේක මම අවුරුදු බර ගාණකට කලින් පෝස්ට් කරන්න ඩ්‍රාෆ්ට් කරපු එකක්. ඔන්න ඔහේ දාන්න හිතුනා අද.)


Thursday, 29 August 2019

පසුතැවිල්ල……..


Image result for don't regret after 40


මං හැමදාම වගේ උදේට දකිනවා අපේ ගෙදර ඉස්සරහින් හැරමිටියක් ගහ ගහා යන වයසක අන්කල් කෙනෙක්. සුපුරුදු විදියට මගේ හිත එයාට තිබ්බ නම තමයි අන්කල් මාක්. ඉතින් මේ අන්කල් මාක් යනකොට හිස් අතින් ගියාට ආපහු එනකොට බොහෝ වෙලාවට එයාගෙ අතේ මල් පොකුරක් හරි එක මලක් හරි තියෙනවා මං දකිනවා. එයා අර මං කලින් කියපු වයසක මිනිස්සුන්ගෙ ගම්මානෙ පැත්තට යනවා වෙන්න ඇති කියලා මට හිතුනා. මට හිතුනෙ එහේ එයාගෙ නෝනා ඉන්නව ඇති එයාට වෙන්න ඇති මේ මල් අරන් යන්නෙ කියලා. ඔන්න ඉතින් හීනි දුකකුත් මගේ හිතට රිංගුවා, නිකම් මේ පොඩි ආත්මානුකම්පාවක් වගේ එකක්. අනේ ඉතින් අපේ මනුස්සයා කවදාවත් මට මලක් තියා මල් පෙත්තක්වත් ගෙනැත් දීලා නෑ නේද කියලා. ඉතින් ගේම පාළුවෙන්න සුසුමකුත් හෙලල බැලුවම මට කල්පනා උනා එයා යනකොට ඒ පැත්තට ගියත්, ආපහු එහේ ඉඳන් එනකොට නේද මේ මල් අරන් එන්නෙ කියලා. මේක මට හෙන ප්‍රහේලිකාවක්. මොකෝ ඒ මනුස්සයා ළඟට බෙල්ල කඩාගෙන දුවගෙන ගිහිල්ලා අහන්නයැ. අපටත් හිතන්න දේවල් නැතුවට හිතෙන දේවල් කියලා හිත හදාගන්න ඕන උනාට එන්න එන්නම මේ වැඩේ මගේ හිතට කුතුහලයක් ඇති කළා.

Sunday, 7 July 2019

කැන්ගරු දේසෙට එන්න බලන් ඉන්න ඇත්තන්ට ආදරයෙනි...

Image result for migrating to australia


මේ වගේ ලිපියක් ලියන්න කාලයක ඉඳන් බලාගෙන හිටියට ඒක මොන විදියට කට්ටිය අතරට යයිද කියල හිතුනු නිසා හැමදාම වැඩේ පස්සට ගියා. ඒත් අවුරුද්දක් දෙකක් වගේ කාලයක් තුල අහපු දැකපු අත් විඳපු සමහර දේවල් නිසා හිතුනා දැන් නම් ලියන්නම ඕන කියලා. මේක ලියන්නෙ 'තොපි මෙහෙට අළුතින් ආවාම තොපිට අපි නැතුව මේකෙ පය ගහගන්න බෑ' කියන අදහස දෙන්න නම් නෙමේ කියලා මුලින්ම කියන්න ඕන. මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි ඔය ලංකාවෙ හිටිය මිනිස්සුම තමයි මෙහේ ඇවිත් ඉන්නෙ. ඒ කියන්නෙ කැලේ මාරු උනාට පුල්ලි ටික එහෙමමයි. ඒ හින්දා ලංකාවෙදි අපතයෙක් වෙච්ච කෙනා, මෙහේදිත් අපතයෙක්මයි. එහෙම අයගෙන් උදව් ගන්න ලොකුවට බලාපොරොත්තු තියන් ඇවිත් අර ගම් රටවලදි කරපු අපත වැඩ මෙහේදිත් කළාම හිත නරක් කර ගන්න ඉඩ තියාගන්න එපා. මොකද ගමේදි වගේ නෙවේ, මෙහේදි කාත් කවුරුවත් නැති රටේ තමුන්ගෙ රටේ එකෙක් එහෙම කළාම හිතට දැනෙනවා වැඩියි. නොසෑහෙන දුකක් දැනෙනවා වගේම ඒ හිත රිදවීම ජීවිතේට අමතක වෙන්නෙ නෑ.

Monday, 24 June 2019

පරණ ඔසී කතා - Dunny




https://www.pinterest.com.au/rosepat52/old-aussie-dunnies/?lp=true


මේක පොඩි කක්කා කතාවක් හොඳේ. ඒත් එහෙමටම කියලා නෑ හැබැයි. එහෙන් මෙහෙන් අහුලා ගත්තු කෑලියි, එක එක යාළුවන්ගෙන් අහ ගත්තු විස්තර වලිනුයි තමයි මේක ලිව්වෙ.

ඉස්සර අපේ රටේ වල කකුස්සි තිබුනා කියනවනේ.  මගේ පූරුවේ වාසනාවකටද කොහෙද මගේ ජීවිතේටම දෙපාරක් විතරයි එයින් එකකට යන්න සිද්ද වෙලා තියෙන්නෙ. දෙපාරම එකම තැන. ඔයාලා හිතයි පුංචි කාලෙ, ගමක වෙන්න ඇති කියලා. නෑ… නෑ… නෑ… මේ ගංගොඩවිල නුගේගොඩ 1990 ගණන්වල මැද භාගයෙදි. විශ්වාස කරන්න පුළුවන්ද? මට නම් බෑ වගේ.

Monday, 10 June 2019

ඉඟුරු තේ...

Image result for ginger tea


කවුද කැමති ඉඟුරු තේ බොන්න…? මං... මං...  ඇත්තටම මං හරිම ආසයිනෙ මේ ඉඟුරු තේ වලට. කිරි දාලා හරි, නොදා හරි ඕන විදියක්. ඒ හින්දා කොහේ ගියත් මං උණු වතුර බෝතලයකට ඉඟුරු තේ එකක් සීනි අඩුවෙන් හදලා කිරි නැතිව දාගෙන යනවාමයි.

අපේ ගෙදර ඉන්නවා එක්කෙනෙක් කිරි බොන්නෙ නැති. එයා කිරි වලට අකැමැති බව, මුලින්ම තේරුම් ගන්න මට සෑහෙන කාලයක් ගියා. අම්මි කුක්කු බොන කාලෙ කිසි අවුලක් නෑ. ඒ උනාට බෝතලේට බැස්සට පස්සෙ ටික කාලෙකින්ම බොන ප්‍රමාණය ටිකෙන් ටික අඩුවුනා. කිරි ටික බීලා ඉවර කරන්න කිව්වම, අර නිකම් කියනවට කටේ ගහගෙන දත් වලින් තද කරගෙන ඉඳලා, මං එහාට ගිය ගමන් පැනලා දුවනවා. අන්තිමට කිරි බීම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා ඉස්කෝලෙ යන්න පටන් ගනිද්දි. නෙස්ටොමෝල්ට් දෙන්න උත්සාහ කළා, දෙපාරයි, නැවතුනා. වෙන රස වර්ග ගෙනත් දුන්නා, ම්හු. කිරි, යෝගට් අරහං. ඒ උනාට, නිකම් තේ බිව්වෙත් නැති උනාට, මේ ඉඟුරු තේ නම් ඉතුරු කරන්නෙ නෑ. කොහේ හරි යනකොට මං සාමාන්‍යයෙන් කරන්නෙ කහට හදලා උණුවතුර බෝතලේට වත් කරලා, බෝතලේ ඇතුලටම සීනි ටිකක් දාලා, ඉඟුරු පෙති ටිකකුත් ඒකටම දාන එකයි. එතකොට බොන වෙලාව වෙද්දි වාහනේ තාලෙට ගැස්සි, ගැස්සි යන උණුවතුර බෝතලේ ඇතුලෙ, හොඳට සීනි ටික දියවෙලා ගානට හැදිලා තියෙන්නෙ. කට දන දෙයක් එහෙම කෑවම නියමයි, ගමන් යන වෙලාවලදි. අර කිරි බොන්නෙ නැති කෙනාට වෙනම ඉඟුරු තේ බෝතලයක්ම ඕන. එයාට වෙනම එකක් දුන්නෙ නැත්නම් අනිත් අය බීලා හමාරයි. ඉඟුරු පෙති ටිකත් කාලා තමයි නවතින්නෙ.


Monday, 25 March 2019

හනික වරෙව්...


ජැක්සන් ඇන්තනිගෙ අනිත් භූමිකා ගැන ඒ හැටි පැහැදීමක් නැති වුනත්, ජැක්සන් ඇන්තනි කියන නළුවාටයි ගායකයාටයි මං හරිම ආසයි. රඟ පෑවොත් එකක් ආයෙ කියන්න දෙයක් නෑ. එයා රඟපාපු වේදිකා නාට්‍ය අතරින් 'බෙර හඬ' නාට්‍යය නම් මට මගේ ජීවිතේට  අමතක වෙන්නෙ නෑ. ඇත්තටම කිව්වොත් මං කවදාවත් මේ නාට්‍යය වේදිකා ගත වෙනවා බලන්න ගිහින් නෑ. ඒ උනාට මට මතකයි අපි පුංචි කාලෙ ඒක කොටස් වශයෙන් ජාතික රූපවාහිනියෙන් පෙන්නුවා, කිහිප සැරයක්ම. මං 'බෙර හඬ' නාට්‍යය බැලුවෙ එහෙම. මමයි අම්මයි ඕක වැරැද්දුවෙම නෑ. අපි දෙන්නා ඒක බැලුවෙ පණ යනකම් හිනා වෙවී. ඒ කාලෙ කෙට්ටුවට හිටිය ජැක්සන් ඇන්තනි, අර කෝටු අත පය දික් කර, කර නටනවා දැක්කම හිනා යනවා. 

Monday, 11 February 2019

රෙනාල්ඩෝ.........

Related image



මේ රෙනාල්ඩෝ කියන්නෙ වයස අවුරුදු හතළිස් පහක් විතර වෙන, මාත් එක්ක වැඩ කරන රොමේනියන් කාරයෙක්. මං මෙයා ගැන අපේ මනූට ඉස්සෙල්ලම කිව්වම, මනූ මට කිව්වා ඔය රොමේනියන් කාරයන්ගෙ කටවල් වලට බ්‍රේක් නැති හින්දා, ඒකට සූදානමින් මිනිහව ආශ්‍රය කරන්න කියලා, පස්සෙ ඤරු ඤුරු ගාන්නෙ නැතුව. එයා මොන රොමේනියන් කාරයෙක් ආශ්‍රය කරලා කිව්වද මන්දන්නෑ, කතාව කිරි ගහට ඇන්නා වගේ හරියටම හරි. පොර යමක් කියන්න ගියාම මේක කියන්නෙ කාටද, අහගෙන ඉන්නෙ කවුද කියලා වගේ වගක් නෑ, දඩාස් ගාලා කියලා දානවා. ඒ හින්දා මිනිහගෙ අවලම් කතා අහගෙන ඉන්න ගිහිල්ලා මට කර කියාගන්න දෙයක් නැතිවුනු වෙලාවල් අනන්තයි.

Monday, 21 January 2019

සුබ අසුබ...


https://play.google.com/store/apps/details?id=com.universl.sinhalaastrologyapp&hl=en

ගොඩක් දේවල්වල සුබ අසුබ කල් තියාම දැනගන්න කැමති අපි, මහ පුදුම ජාතියක් කියලා මට වෙලාවක හිතෙනවා. ඕවා පස්සෙ ගිහිල්ලා චක බ්ලාස් වෙලා ගිය මිනිස්සු ගැන කෝච්චර දැනගෙන හිටියත්, තවමත් අපි එහෙම කරන එක අත හැරලා නෑ. මට හිතෙනවා දැන් ඒවා පස්සෙ යන මිනිස්සු වැඩියි කියලා. මුහුණු පොතට ගියාම දවසකට කී දෙනෙක් ෂෙයා කරගෙන තියෙනවද දේව පින්තූර. මේක ෂෙයා කරගත්තොත් අද දවසට සුබ දෙයක් අහන්න ලැබෙයි කියලා කියූ ගමන්ම ටික් ගාලා ෂෙයා කර ගන්නවා. සමහරු හිතාවි මේ වගේ දෙවල් කරන්නෙ රස්සාවට යන්නෙ නැතුව නිකම් මුහුණු පොතේ වාත වෙවී ඉන්න නූගත් ගැහැණු කියලා. සාමාන්‍යයෙන් කවුරු හරි ඕනෑම ගොන් වැඩක් කළොත් කට්ටිය හිතන්නෙ ඔහොමනෙ. ඒකයි මං එහෙම කිව්වෙ. ඒ උනාට මං දැකපු මේ අය ඔක්කොම වගේ හොඳ රස්සාවල් කරන උගත් මිනිස්සු. ඒ අතරෙ පිරිමිත්. පහු කාලෙක මං දැක්කා කවුරු හරි ගස්ලබු ගෙඩියක පින්තූරයක් දාලා අනේ කවුරු හරි මේ ගස් ලබ්බ ෂෙයා කරගන්න. එහෙම නැතිවුනොත් මේක කුණුවෙලා යාවි වගේ අදහසකින් අරම ෂෙයා කර ගන්න එකට උපහාසයක් විදියට කරපු නිර්මාණයකුත්. මං ඒක නම් ෂෙයා කරගත්තා මගේ මුහුණු පොතේ ඉන්න අරම කරන අයට පේන්න. ටික දවසක් නැතුව ඉඳලා ආයෙමත් පටන් ගත්තා.

Monday, 7 January 2019

කාක් දඩයම...

Image result for woman with a crazy hair cartoon

https://www.bigstockphoto.com/image-206592361

මගේ පරණ බ්ලොග් පෝස්ට් කියවලා තියෙන අයට මතක ඇති මං මේ කියන නැන්දව. අපේ ඔය නැන්දා ඉන්නව නේද? ඔහොම හිටියට හරි මොළකාරි. ඒ මොළෙන් හරි හමන් පොරෝජනයක් ගන්න අවස්ථාවක් ලැබුනෙ කලාතුරකින් වීමයි වස වැරැද්ද වුනේ. ඒකට හේතුව උනේ අපි. මොකක් හරි උනාම එයා ගියර් එක මාරු කරලා ඒක ස්ටාර්ට් කරගෙන එද්දි, අපි තුන්දෙනාම නැත්නම් එක්කෙනෙක්,  එයා කියන විදියට වැඩේ කාලා හරි, ගම කාලා හරි, දෙකම කාලා හරි. ඒ  නිසා එයාට ඒකෙන් වැඩක් ගන්න අවස්ථාවක් උදා උනේම නැති තරම්. ඉතින් ඔන්න ඔහොම අපේ නැන්දගෙ මොළේ පුස් කකා තියෙද්දි උදා වුනේ නැද්ද දවසක්.

Sunday, 23 December 2018

ර්ර්..රාජ්ජ ෂඟ බෝ හිෂ දී දුගියාට්ඨා....

Drunk Monkey Stock Vector - 18085504
www.123rf.com/clipart


"මචං, අරූට හොඳටම වැඩියි. පොඩ්ඩක් ගාඩ් එක දීගෙන හිටපං, උඹට පුළුවන් නම්. මං බිසී බං අර පැත්තෙ."
"හරි, උඹ බය නැතුව උඹේ වැඩේ කරගෙන පලයං. මං බලා ගන්නම්."

Sunday, 16 December 2018

සිතිවිලි...


Related image

https://moodsmith.com/thought-action-fusion/

වෙනදා වගේම අදත් උදේ නැගිටලා තේ එකත් හදාගෙන ඉස්සරහ පාර පැත්තෙ ජනෙල් තිර ඈත් කරලා පාර දිහා බැලුවා. මුළු පැත්තම පාළු වෙලා වගේ. අවුරුද්ද අවසානෙ නිවාඩුවට විශ්වවිද්‍යාල ළමයි තම තමුන්ගෙ ගම් රටවල් බලා ගිහින් හින්දද කොහේද, වෙනදට අපේ ගෙදර ඉස්සරහ බස් හෝල්ට් එකේ පිරිලා ඉන්න ළමයි එක්කෙනෙක්වත් දැන් පේන්න නෑ. මට දැනුනෙ දුකක්. අපි ඉන්නෙ විශ්වවිද්‍යාලයක් කිට්ටුව නිසා මේ පැත්තෙ ගෙවල් වැඩි හරියක් ළමයින්ට කුලියට දීලායි තියෙන්නෙ. ඉතින් හැමදාම අවුරුද්දෙ අන්තිම, පැත්ත පළාතම මේ වගේ පාළුවෙලා යනවා. ඒ ළමයි කවුරුවත් මං කවදාවත් දැන හඳුනාගෙන කතා කරලා නැතුවට (වැඩි දෙනා ආසියාතික රටවල් වලින් ආව අය ), මේ කාලෙට මට දැනෙන්නෙ මහ පාළුවක්. ඒ හැඟීම දැන් නත්තලත් එක්ක බැඳිලා. හැම වෙලාවෙම හිත කියන්නෙ කොහේ හරි ගිහින් පොඩ්ඩක් විනෝද වෙයන්, කාත් එක්ක හරි කෑම ටිකක් හදාගෙන රජ්ජුරුවන්ගෙ උයනට පලයන්, එතකොට ඔය ගතිය මග හැරේවි කියලා. කොහෙද, දවස් පහ වැඩ කරලා ඉවර වෙනකොට පාං කියාගන්න බෑ. ඔහේ වැටිච්ච තැනක වැටිලා ඉන්න හිතෙනවා. එහෙම ඉන්න තිබ්බා දරු පවුලක් නොහිටියා නම්.


Tuesday, 11 December 2018

හොඳ කුක් කෙනෙක් වෙන්න ඕන නම්....

Image result for cook cartoon image

https://all-free-download.com/free-vector/cartoon-chef.html


මං ඉස්සෙල්ලම උයන්න ගන්නකොට කරපු ගිනි විජ්ජුම්බර බලන් ඉන්නම බැරි තැන, කොළයක් අරගෙන ලියා ගන්න කියලා අපේ අම්මා මට මෙන්න මේ උපදෙස් ටික දුන්නා. ඒ ටික මට හෙන ප්‍රයෝජනවත් උනා එක, එක අවස්ථා වලදි. ළඟදි ඒක අහම්බෙන් මගේ අතට පත්වුනු නිසා, මට හිතුනා කවදා හරි, කාට හරි ප්‍රයෝජනයක් වෙන්නත් එක්ක, ඔන්න ඔහේ ලියලා දානවා කියලා. තමුන්ට දැන් අවශ්‍ය නැතත් මට වගේ දරුවෙකුට හරි කියලා දෙන්න පුළුවන්නෙ…

Sunday, 2 December 2018

එක්තරා පිලිපීන ගැහැණියකගේ කතාවක්.......


අපි මෙයාට නීනා කියමු... නීනා කියන්නෙ මං වැඩ කරන තැනදි මුණ ගැහුනු අවුරුදු පණස්පහක් විතර වයස කෙසඟ, කොට පිලීපීන ගැහැණියක්... ඒ උනාට ඈ සුන්දරයි... වයසයි කියල නෑ එයා වැඩට එන යනකොට ඇන්දෙ කොට කලිසම්... ඒක නම් මහ අප්‍රසන්න දර්ශනයක්... ඒ කාලෙ අපි හැමදාම කෑම විවේකයේදි ආහාර ගන්නකොට වාඩිවෙන්නෙ එකම මේසෙ... ඒවා හරියට එක එක කණ්ඩායම් වලට ලියාදීල වගේ... අළුතෙන් කෙනෙක් ආවොත් තමයි වැරදිලා අර මේසෙක වාඩිවෙන්නෙ... මගේ අවධානය ඉස්සෙල්ලම මෙයාට යොමු වුනේ හැමදාම අපට අල්ලපු කෑම මේසෙ ඉඳගන්න මෙයාගෙ කෑම පිඟානෙ කොත ගහල තියෙන කෑම කන්දරාව දුටුව නිසා... අපේ ආයතනය විසින් විවිධාකාර කෑම වර්ග යම් කිසි ප්‍රමාණයක් නොමිලේ ලබා දෙනවා... මෙයා මේ ගොඩ ගහන් එන්නෙ ඒවා... ඒ උනාට මොකද එයින් බාගෙකටත් වැඩිය අන්තිමේදි විසි කරනවා...

පස්සෙ කාලෙක මං එයත් එක්ක තරමක සුහදතාවයක් ගොඩ නගා ගත්තා... ඊට පස්සෙ දවසක් අර වගේ කෑම විසි කරන්න යනකොට මං කිව්වා කන්න පුළුවන් තරමට බෙදාගත්ත නම් ඉවරයිනෙ කියලා... එතකොට එයා කියනවා කෑම දැක්කම ආස හිතිලා කන්න පුළුවන් වේවි කියලා බෙදා ගන්නවලු.... ඒ උනාට ටිකක් කනකොටම බඩ පිරෙනවලු... ඒ කතාවත් එක්ක ඇතිවුනු සුහදතාවය ඔස්සේ නීනා දවසක් මාව එයාගෙ අතීතයට එක්කන් ගියා...

මේ ඇගේ කතාව...

Sunday, 25 November 2018

ගේ දොර වැඩ නොදත් එකී....


පොඩි කාලෙ ඉඳලම ඉගෙන ගන්න, පොත් කියවන්න, සෙල්ලම් කරන්න ආසාව තිබ්බට කුස්සියට ගිහින් ඒ වැඩ පළ කරන්න නම් මට තිබුනෙ මහා කම්මැලිකමක්... මොන විදියට හිතුවත් ඒ ගැන ආසාවක් ඇතිකරගන්න මේ මෑතක් වෙනකම්ම මට බැරි වුණා...

අපි පුංචි කාලෙ ගෙදර උදව්වට අම්මගෙ ඥාති සහෝදරියො, ඒ කියන්නෙ මං අර කලින් කතාවල කියල තියෙන නැන්දාද ඇතුළුව කවුරුම හරි හිටිය නිසා අම්ම උනත් කුස්සියට ගිහින් එයාලට උදව් පදව් කළා මිසක් ඉවීම පිළිබඳ සම්පූර්ණ වගකීම බාර අරගෙන තිබුණෙ නෑ... ඒත් අනාගතේ වෙන්න යන නස්පැත්තිය තේරුම් ගත්තු අපේ තාත්තා , මං දහයෙ පන්තියට යනකොට ගෙදර උදව්වට හිටපු අය කසාද බන්දාදීම අතුළු වැඩ කටයුතු කරලා අම්මට කුස්සියේ වගකීම පැවරුවා... අපේ අම්මා කුස්සියේම එල්ලිලා නොහිටියා උනාට අම්මට හරි රසට උයන්න පුළුවන්... තාත්තගෙ රැකියා ස්ථානයේ යාළුවොත්, මගේ යාළුවොත් තමයි අදටත් ඒ ගැන වැඩියම මතක් කරන්නෙ....

Sunday, 19 March 2017

අම්මා ගහපු කණේ පාර දවාලෙ තරු පෙනුනා....

මේ සිද්දිය උනේ මං දහයෙ පන්තියේ O/L විභාගෙට සූදානම් වෙන දවස්වල... හරියටම කිව්වොත් විභාගෙට ඉස්කෝලෙන් පෙනී සිටින ළමයින්ගෙ අයැදුම්පත්‍ර පුරවන කාලෙ.... කතාවෙ කොටස් දෙකක් තියෙන නිසාත් කොටස් දෙකකට කඩල දැම්මම වැදගැම්මක් නැති නිසාත් මේ කතාව ටිකක් දිග එකක් වේවි...

මට මගේම කියල තියෙන්නෙ නම් දෙකක් උනාට පරම්පරා පොජ්ජයි, තාත්තගෙ නමයි එකතුවෙලා එනකොට නම් පහක්.... (මේ නම් පහ මොකක්ද කියල හිතුනෙ කැම්පස් ඉන්න කාලෙ, නම් එකොළහක් තියෙන හාදයෙක් අඳුන ගන්න ලැබුනට පස්සෙ.... අසුවල් අඩවියේ අසුවල් වලව්වෙ අසුවලාගෙ අසුවලා කියල එනකොට ඌට නම් එකොළහක්....) ඉනුත් අර පරම්පරා පොජ්ජ හඳුන්වන කෑල්ලෙ නම් දෙක මහා අපභ්‍රංසයක්... ඕක ඉංග්‍රීසියෙන් ලියන්න ගියාම හෙන අකුරු තොගයක්..... අපේ තාත්තට ඒකත් මදි වෙලාද කොහෙද ලංකාවටම එකක් වෙන්න මගේ පළමුවෙනි නමත් දාල ඒකට පරදින්නෙ නැතිවෙන්න.... ඒකත් ලියන්න ගියාම නුපුරුදු නමක් හින්දා බොහොම ටික දෙනායි හරියට ලියන්නෙ... ඒ දවස්වල තාත්තගෙ ඔෆිස් එකේ කට්ටිය විහිළු කළේ ඒ නම යටින් ශ්‍රී ලංකා කියල ලිව්වම ඇති ලියුම ගෙදරටම එයි කියල....

Saturday, 16 July 2016

මතකය...



මං ලියන කතා බැලුවම අපේ පවුලෙ අයට හරි පුදුමයි මට මෙච්චර දේවල් මතක තියෙන්නෙ කොහොමද කියලා... ඒ සමහරක් ඒවා මං ගොඩාක් පුංචි කාලෙදි වුනු සිදුවීම්... සමහර මතකයන් සම්බන්ධව කියන්න තරම් දිග කතා නැත්තෙ ඒවා නිකම්ම සිදුවීම් දාමයන් හින්දයි... ඒ උනාට සමහර මෑත සිදුවීම් මතකයෙන් ගිලිහිලා තියෙන්නෙ පුදුම විදියට... සමහර පුද්ගලයොත් එහෙමයි... සමහරුන්ව දැක්කම හොඳට පුරුදු කෙනෙක් කියල මතක් උනාට කොහෙදිද මෙයාව දැක්කෙ, කතා කළේ, නම මොකක්ද කියන විස්තර මතකයට එන්නෙම නෑ... ටියුබ් ලයිට්... ඒක පත්තු වෙන්නෙ සමහරවිට ගෙදර ආවටත් පස්සෙ... එතකොට පෙරහැර ගිහින් ඉවරයි... ඒ වැඩේ නම් මහ සවුත්තුම දෙයක්....