Total Pageviews

Monday 16 September 2019

පැරණි ශ්‍රී ලංකාව වීඩියෝ වලින්... 1

අහම්බෙන් දැකපු ලංකාව ගැන පරණම පරණ වීඩියෝ කිහිපයක් දැකලා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුණා... සමහරු නම් මේවා දැකලත් ඇති... මේ ඔක්කොම 1930 ගණන්වල ලංකාව ගැන ඒවා… 

(මේ පෝස්ට් එක බලන අයට ඇස් කන් තිබ්බට මගේ කමෙන්ට්‍රියකුත් පහතින් දැම්මා. බනින්න එපා හොඳේ. ඒ වගේම මේක මම අවුරුදු බර ගාණකට කලින් පෝස්ට් කරන්න ඩ්‍රාෆ්ට් කරපු එකක්. ඔන්න ඔහේ දාන්න හිතුනා අද.)




Ceylon 1930


කාට හරි 0.39 දි පෙන්නන ඔරලෝසු කණුව අඳුනගන්න පුළුවන් උනාද... මේ පෙන්නන්නෙ කොළඹ... 0.48 පරණ පොලිස්කාරයො දෙන්නෙක් ඉන්නවා... නිල ඇඳුමෙ වෙනස... පසුබිමින් යන වාහන ටික බලන්නකෝ... 1.18 යන්නෙ වතුර කරත්තයක් කියලයි කියන්නෙ... ඔය වගේ භූමිතෙල් කරත්තත් තිබුණා නේද ඉස්සර... අර ටැංකිය රතු පාටින් පාට කරලා, පන්දම අරන් දුවන මිනිහගෙ ලෝගෝ එකත් එක්ක තිබුණා කියලා මතකයි... බෝතල් වලටයි, ගැලුම්වලටයි ටැප් එකක් ඇරලා පුනීලයකුත් අදාල භාජනේ කටට තියලා ඉල්ලන ප්‍රමාණය දෙනවා... ඒ කාලෙ මැණුම් කලෙත් බෝතල්, ගැලුම් කියලනෙ...

අර 1.25 පෙන්නන්නෙ මොකක්ද...? පාරු දෙකක් උඩ තියෙන්නෙ... කලම්බු ෆෙරි කියලයි හැඳින්වීම නම්... එක පැත්තක හබල් කාරයෝ දෙන්නයි අනිත් පැත්තෙ එක්කෙනයි... ඒ තනියම ඉන්න කෙනා හබල් ගානවා පේන්නෙ නෑ... අනිත් දෙන්නා නම් සෑහෙන්න මහන්සි වෙන බව පේනවා... ඒ පාරු දෙක උඩ තියෙන ගේ වගේ කෑල්ලෙ දෙපැත්තට මගීන්ට ඉඳගන්න බංකු දෙකක් දාලා තියෙනවා වගෙයි පේන්නෙ... 1.39 පෙන්නන්නෙ අර කඩවල එල්ලලා තිබුණු දොළොස් මහේ පහන වගේ නිතරම පත්තු වෙවී තියෙන කඹ කෑල්ලෙන් අද කාලෙ ලයිටරේ වැඩේ කරගන්න හැටි... දැනුත් ඒවා තියෙනවද ගම්වල...?

1.51 පෙන්නන්නෙ මොකක්ද කියලා කාට හරි හරියටම කියන්න පුළුවන්ද...? මට ඔහොම එකක් මතක උනාට හරියටම කියන්න බෑ... වී හුළං කරන එකට සම්බන්ධ දෙයක් කියලයි මතක... හාල් වලින් දහයියා අයින් කරන හැටිද...? 

2.42 කොහේද...? 2.54 පෙන්නන නැටුම හොඳට පෙනුනා නම් මරු... අර යක්කු දෙන්නා බලාගන්නයි මට ඕන... 3.55 ඉඳලා කියන ටික හොඳට අහගෙන ඉන්න... අලින්ට නාන්නවත් ඇත්ගොව්වො උන්ගෙ පිටෙන් බහින්නෙ නැද්ද මන්දා... උන්ව නිකම් වතුර පෙන්නල ගන්නව විතරයිනෙ අනේ... පෙඟෙන්නවත් වෙලාවක් නෑ... ඒක පැත්තක වතුර ගාගෙන යනවා… සමහර විට මේක ෆිල්ම් කරන එකට පේන්න වෙන්න ඇති...

6.22 බුලත් කනවා පෙන්නන්නෙ මහා ලොකු දෙයක් විදියට... එක අත්තා කෙනෙක් අනෙකගෙ අතේ තියෙන ඔක්කොම උදුර ගත්තද මන්දා... 6.49 වේටර් උන්නැහේගෙ නැමි පනාව ගහලා තියෙන හැටි හොඳට පෙන්නනවා... කොණ්ඩ කුරුච්චකුත් තියෙන්නෙ... අපේ ලොකු සීයගෙත් ඔහොම කොණ්ඩෙ තිබුණා... පහු කාලෙක එහෙම අයට මයිනා කියලා කිව්වලු නේද...

ස්තුතිය වීඩියෝ එක ප්‍රසිද්ධ කළ sldon ට... වීඩියෝවෙ සැබෑ අයිතිකරුවන්ගෙ තොරතුරු මට පැහැදිලිව කියවා ගන්න බැහැ...



මේකෙ පෙන්නන්නෙ මොන හරියෙද කියල කියන්න පුළුවන්ද...? මුලම නම් පෙන්නන්නෙ ගෝල් ෆේස් එකද කොහෙද... එතැනින් යන කරත්තෙකුත් පේනවනෙ... ගෝල් ෆේස් හොටෙල් එකමද අර ඊළඟට 0.48 දි පෙන්නන ලොකු ගොඩනැගිල්ල...? ස්විමිං පූල් එක නම් කොහේ හරි හොටෙල් එකක කියලයි හිතෙන්නෙ...

3.44 ඉඳලා පෙන්නන්නෙ ගල්කිස්ස කියල ලියලා තියෙනව... අර මැද්දෙම තියෙන ලෝගෝ තඩිය නිසා මොකුත් හරියකට පේන්නෙ නෑ... මොනව කරන්නද... ඒ මිනිස්සු මෙහෙම සංරක්ෂණය කරපු එකට ස්තුතිවන්ත වෙන්නනෙ අද අපිට මෙහෙම බලන්න පුළුවන් වෙලා තියෙන්නෙ...

රික්ෂෝව ඇදන් යන හැටි දැකලා නැති අයට ඔන්න බලන්න පුළුවන්... පව් රික්ෂෝකාරයා... පරණ පොලිස් නිල ඇඳුම ට හුරු එකක් නේද ඇඳන් ඉන්නෙ... එයාලටත් නිල ඇඳුමක් තිබුණද දන්නෙ නෑ... මට මැවිලා පේන්නෙ කාකි රෙද්දෙන් මහපු එකක්...

මේ කාලෙ වෙනකොටත් ගල්කිස්ස හෝටලය තිබුණු නිසා 4.19 දි අර සුදු පාටින් ඈත පේන විශාල ගොඩනැගිල්ල ඒක වෙන්න පුළුවන්ද... 4.51 දි පේන්නෙ පරණ කැමරාවකින් සුද්දෙක් ෆොටෝ ගන්න හැටි... මේ වීඩියෝ එකත් සුද්දෙකුගෙ එකක් වෙන්න ඇති සමහරවිට... අපේ හොරිකඩ බල්ලලෙක් නේද අර 5.04 දි සුද්දට අතට අත දෙනව පේන්නෙ... 5.21 දි නම් පසුබිමින් ඉන්නව පේන්නෙ අපේ දරුවෙක්ද කොහෙද... 6.04 න් පස්සෙ පෙන්නන්නෙ බෙන්තොට... 

7.06 ඉඳලා පෙන්නන්නෙ 1930 ගංවතුර... 7.50 ඉඳලා කුරුණෑගල...
 අර ගෑණු උදවිය බඩු මළු ඔළුව උඩ තියන් අතින් අල්ලන්නෙ නැතුව ගෙනි යන එක මරු වැඩක්... අපේ අත්තම්මත් ඉස්සර වී කොටන්න මෝලට අරන් යනකොට ඒවා ගෝනියක දාලා ඔහොම අරන් යනවා... මාත් ඒ කාලෙ බාල මාමත් එක්ක ඕක ඉගෙන ගන්න ට්‍රයි කොරා හරියට... ඒත් අඩියක් තියනකොට මල්ල බිම... ඒ ගෑණු අය මේ වීඩියෝ එකේ පෙන්නනව වගේ එක උරහිසකට සාළුවක් හරි සුදු රෙදි කඩක් හරි දාගෙන යන පුරුද්දත් තිබුණා... ඒක මොන හේතුවක් නිසා කරපු දෙයක්ද...? මං දැකලා තිබ්බෙ සමහර වෙලාවට ඒකෙ අගිස්සකින් දාඩිය පිහිනවා විතරයි... පිරිමි අයත් දැම්මද කොහෙද... එයාලා වාඩි වෙන තැන ඕකෙන් පිහිදාලා වාඩි වෙන බවක් මතකයි...

8.35 ඉඳලා පෙන්නන්නෙ මී හරක් දාලා කුඹුරු හාන හැටි... දැන් නම් ට්‍රැක්ටර්වලින්නෙ හාන්නෙ... 8.50 දි නගුලකුත් හොඳට පෙන්නනවා... 9.33 ඉඳලා පෙන්නන්නෙ මැටි භාජන හදන හැටි... (මං මේවා දාන්නෙ අර ලියලා තියෙන ඒවා හරියකට කියවගන්න අපහසු නිසයි ) අර කරකවන්නෙ මැටි පෝරුව කියන එකද... මනූ කියනවා එයාල කියන්නෙ 'සකේ' කියලලු... රාජකීය වාහනයක් තියෙනව මෙයාලට... ඒක මොන වර්ගයේ එකක්ද...?
10.13 ඉඳලා ත්‍රිකුණාමලය... මේ පොල් ගස් යායවල් දකිනකොට හිතෙනවා ඔය පෙන්නන හරියවල් දැන් මුහුදට සේදිලා ගිහින් ඇති කියලා...

ස්තුතිය: Huntley Film Archives


අර පටන් ගන්න කොටම පෙන්නන පොල් ගහේ අතුවල අග්ගිස්සෙ එල්ලි එල්ලි තියෙන්නෙ මොනවද... මං කවදාවත් එහෙම එකක් දැකලා නෑ... මනූ නම් කියන්නෙ ඒ රැහැයි කූඩු කියලා...

අර ඉස්සෙල්ලම පෙන්නන චෛත්‍යය කොහේ එකක්ද... තල් ගහකුත් පෙන්නපු නිසා උතුර පැත්තට වෙන්න එකක් වෙන්න පුළුවන්... පස්සෙ පෙන්නන පින්තූර දැක්කම නම් හිතුනෙ පොළොන්නරුව කියලයි... මේකෙ නම් හොඳ පසුබිම් කථනයකුත් කෙරෙනවා...

අලි දාලා ගස් පෙරලපු හැටි... අලිය පිට ඉන්න ඇත්ගොව්වා අලියට සිග්නල් දෙන්න දඟලන හැටි දැක්කම හිනත් යනවා...

6.29දි අර මනුස්සයා මැෂින් එක අස්සට අත දාලා තේ කොළ එහාට කළ හැටි දැක්කම මගේ ඇඟ හිරිවැටිලා ගියා... අත්තම්මලගෙ ගමෙත් තිබුණා තේ ෆැක්ටරියක්... ඒකෙ වැඩ කරපු ගෑණු මනුස්සයෙක් ඔය වැඩේම කරන්න ගිහිල්ලා අත අහුවුණා මැෂින් එකට... අන්තිමේ අත කපන්න උනා වැලමිට ළඟින්... අනේ ඉතින් ඊට පස්සෙත් වැඩට ගියා දුප්පත්කම නිසාම... වැඩ කරන අයට තේ හදනවා වගේ පොඩි පොඩි වැඩ තමයි කළේ ඊට පස්සෙ...

ස්තුතිය: Huntley Film Archives


ඔන්න වීඩියෝ තුනක් විතරයි මේකට එල්ලුවේ... මං දන්න ඒවත් එකතු කළා... ඔයගොල්ලො දන්න ඒවත් කියන්නකො බලන්න...

12 comments:

  1. හරිම ෂෝක්! ස්තුතියි ගොඩක්!

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තුතියි නිදි...

      Delete
  2. මෙන්න මේක කියවලා මියුරුගෙ පෝස්ට් එක කියවන්න ගත්තෙ.. වැඩේ කියන්නෙ ඔයාගෙ ලිවිල්ලත කවි තාලෙටනෙ කියවුනෙ.. නිකම් බලන්න ට්‍රයි එකක් දීලා.. හෙහ් හෙහ්...

    https://amagesihinasappuwa.blogspot.com/2019/09/blog-post_19.html

    ReplyDelete
    Replies
    1. ඔයා කියපු තැනට ගිහින් ඒක කියවලා ඇවිත් මගේ පෝස්ටුව කියවනකොට මට හිනා ගියා… මට ඒක කියවුනේ හරියට අස්ප රේස්වල කමෙන්ට්‍රිය වගේ… හී… හී...

      Delete
  3. පිස්සු හැදෙනවා නේද.. මාරම වටිනවා මේවා දැන්...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ සෙන්නා… ඒවා සංරක්ෂණය කරලා තියාගන්නවා විතරක් නැතුව හැමෝටම බලන්න පුළුවන් විදියට ප්‍රසිද්ධියේ පල කරපු එකත් කොච්චර දෙයක්ද...

      මේ පෝස්ට් එක ලියැවුනේ 2014 දි, ඔය වීඩියෝ බලලා ඇතිවුනු ගැම්මට… ඒ උනාට ඒ කාලෙ අපට මීට වඩා හරබර මාත්තුරුකා තිබ්බනෙ කතා කරන්න, නැද්ද… ඉතින් මේක නිකම්ම පස්සට තල්ලු වෙලා ගිහින්… :D

      Delete
    2. ඈ බොල අවුරුදු 5 ක් ගියාද මේක පබිලිස් කොරන්න... :D

      Delete
    3. ඒ විතරක් නම් මදැයි.. තව අවුරුදු හය හත පරණ එව්වත් තියෙනවා.

      Delete
  4. ඕන් පුරස්න පත්තරේට ඇහැකි විදියට උත්තර :-)

    පළවැනි එක
    1.20 වතුර කරත්තේ බොරළු පාරවල් වල දුවිලි අඩු කරන්න වෙන්නැති.PWD එකෙන් පාරවල් බලාගත්ත කාලේ.
    1.25 මොඩිෆයි කරපු අඟුලක්.සොරබොර වැවේ තාම තියේ ජොලියට වටයක් යන්න පුළුවන්.
    1.51 වී හුළං කරන්න තමා
    2.32 දවටගහ මුස්ලිම් පල්ලිය ටවුන් හෝල් එකේ.
    2.54 මයියන්ගනේ වැදි යක්කු දෙන්නෙක්.පාතරට යක්කුනං නෙමේ.
    //පහු කාලෙක එහෙම අයට මයිනා
    මයිනලා තරුණ කාලේ කොන්ඩේ කපපු අයට වලවෙට්ටුවා කියල නෝන්ඩිය දාපු පාපේ තමා.

    දෙවැන්න
    0.48 ගෝල් ෆේස් හොටෙල් එකම තමයි.තවත් අතීතේට ගියොත් පොල් අතු හේවිල්ලපු හෝටලය බලාගන්න පුළුවනි.
    රික්ෂෝව පාරේ දුවන්න බෙල් එකයි ලාම්පුවයි අනිවා තියෙන්න ඕනි වෙලා තියනවා.
    1.11 කුළුන පළමු ලෝක යුද්දයේ මියගිය අය සිහිවෙන්න හදපු එක.දෙවන ලෝක යුද්ද කාලේ ගලවගෙන ඇවිල්ලා හිටෙව්වා මහජන
    පුස්තකාලය ඉස්සහ ජප්පන්ට ලොකේෂන් හඳුනාගන්න ලේසි වෙයි කියන බයට.එතන බිල්ඩිම කලම්බෝ ක්ලබ් එක.තාම
    තියේ.ගෝල්ෆේස් අස්සයෝ දුවනකාලේ ග්රෑන්ඩ් ස්ටෑන්ඩ් එක.
    //සුදු රෙදි කඩක් හරි දාගෙන යන පුරුද්දත් තිබුණා
    කෙලිකාරයෙක් මුණගැහුනොත් ඕක අතටත් ගන්නවා.කුඩයක් වෙනුවටද,ම්ම් හොයන්න වටිනා දෙයක්.
    //ඒක මොන වර්ගයේ එකක්ද
    රෝල්ස් රොයිස් වගේ

    තෙවැන්න
    0.08 බාගෙට හදපු වඩු කුරුළු කුඩු වගේ පෙන්නේ.
    0.39 ම්ම් ඒ කාලෙත් බුදු හාමුදුරුවන්ගේ කරුණාව පරීක්ෂා කරපු උන්දලා ඉඳල තියනවා වගේ.
    4.19 ගල්කිස්ස හෝටලය තියෙන්නේ තුඩුවකනේ.ඒක වෙන්න බැහැ.එතන ඉදං ගහපු ෂොට් එකක්.

    අම්මප අර ඩෙනිම ලියපු ඩුඩා හිටියනං කියල මතක් වෙන්නේ මේ වෙලාවට තමයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සිරිබිරිස්… ඇහැකි විදියට දීපු උත්තර රටක් වටිනවා..

      ඇත්තම කියනවා නම් මේකෙ තියෙන පරණ වාහන දකිද්දි මට ඩූඩ්වමයි මතක් උනේ. ඒවා ඌ වගේ හින්දාම නෙවේ. ;P මට මතකයි සැරයක් කියලා තිබ්බා කොහේදි හරි, මේ පරණ වීඩියෝවල තියෙන පරණ වාහන බලන්න හරි ආසයි කියලා. තව පෝස්ටුවකට දේවල් කියාවි හිටියා නම්.

      Delete
    2. යෑස්.කීල තිබ්බේ ඔය යෝදය පරණ ෆිල්ම් බලන්නේ කතාව බලන්න නෙමේ පරණ වටපිටාව බලාගන්න කියල.

      Delete
    3. අන්න හරිද කොහෙදෝ සිරිබිරිස්….

      Delete