මං හැමදාම වගේ උදේට දකිනවා අපේ ගෙදර ඉස්සරහින් හැරමිටියක් ගහ ගහා යන වයසක අන්කල් කෙනෙක්. සුපුරුදු විදියට මගේ හිත එයාට තිබ්බ නම තමයි අන්කල් මාක්. ඉතින් මේ අන්කල් මාක් යනකොට හිස් අතින් ගියාට ආපහු එනකොට බොහෝ වෙලාවට එයාගෙ අතේ මල් පොකුරක් හරි එක මලක් හරි තියෙනවා මං දකිනවා. එයා අර මං කලින් කියපු වයසක මිනිස්සුන්ගෙ ගම්මානෙ පැත්තට යනවා වෙන්න ඇති කියලා මට හිතුනා. මට හිතුනෙ එහේ එයාගෙ නෝනා ඉන්නව ඇති එයාට වෙන්න ඇති මේ මල් අරන් යන්නෙ කියලා. ඔන්න ඉතින් හීනි දුකකුත් මගේ හිතට රිංගුවා, නිකම් මේ පොඩි ආත්මානුකම්පාවක් වගේ එකක්. අනේ ඉතින් අපේ මනුස්සයා කවදාවත් මට මලක් තියා මල් පෙත්තක්වත් ගෙනැත් දීලා නෑ නේද කියලා. ඉතින් ගේම පාළුවෙන්න සුසුමකුත් හෙලල බැලුවම මට කල්පනා උනා එයා යනකොට ඒ පැත්තට ගියත්, ආපහු එහේ ඉඳන් එනකොට නේද මේ මල් අරන් එන්නෙ කියලා. මේක මට හෙන ප්රහේලිකාවක්. මොකෝ ඒ මනුස්සයා ළඟට බෙල්ල කඩාගෙන දුවගෙන ගිහිල්ලා අහන්නයැ. අපටත් හිතන්න දේවල් නැතුවට හිතෙන දේවල් කියලා හිත හදාගන්න ඕන උනාට එන්න එන්නම මේ වැඩේ මගේ හිතට කුතුහලයක් ඇති කළා.
Total Pageviews
Thursday, 29 August 2019
පසුතැවිල්ල……..
මං හැමදාම වගේ උදේට දකිනවා අපේ ගෙදර ඉස්සරහින් හැරමිටියක් ගහ ගහා යන වයසක අන්කල් කෙනෙක්. සුපුරුදු විදියට මගේ හිත එයාට තිබ්බ නම තමයි අන්කල් මාක්. ඉතින් මේ අන්කල් මාක් යනකොට හිස් අතින් ගියාට ආපහු එනකොට බොහෝ වෙලාවට එයාගෙ අතේ මල් පොකුරක් හරි එක මලක් හරි තියෙනවා මං දකිනවා. එයා අර මං කලින් කියපු වයසක මිනිස්සුන්ගෙ ගම්මානෙ පැත්තට යනවා වෙන්න ඇති කියලා මට හිතුනා. මට හිතුනෙ එහේ එයාගෙ නෝනා ඉන්නව ඇති එයාට වෙන්න ඇති මේ මල් අරන් යන්නෙ කියලා. ඔන්න ඉතින් හීනි දුකකුත් මගේ හිතට රිංගුවා, නිකම් මේ පොඩි ආත්මානුකම්පාවක් වගේ එකක්. අනේ ඉතින් අපේ මනුස්සයා කවදාවත් මට මලක් තියා මල් පෙත්තක්වත් ගෙනැත් දීලා නෑ නේද කියලා. ඉතින් ගේම පාළුවෙන්න සුසුමකුත් හෙලල බැලුවම මට කල්පනා උනා එයා යනකොට ඒ පැත්තට ගියත්, ආපහු එහේ ඉඳන් එනකොට නේද මේ මල් අරන් එන්නෙ කියලා. මේක මට හෙන ප්රහේලිකාවක්. මොකෝ ඒ මනුස්සයා ළඟට බෙල්ල කඩාගෙන දුවගෙන ගිහිල්ලා අහන්නයැ. අපටත් හිතන්න දේවල් නැතුවට හිතෙන දේවල් කියලා හිත හදාගන්න ඕන උනාට එන්න එන්නම මේ වැඩේ මගේ හිතට කුතුහලයක් ඇති කළා.
Sunday, 7 July 2019
කැන්ගරු දේසෙට එන්න බලන් ඉන්න ඇත්තන්ට ආදරයෙනි...
මේ වගේ ලිපියක් ලියන්න කාලයක ඉඳන් බලාගෙන හිටියට ඒක මොන විදියට කට්ටිය අතරට යයිද කියල හිතුනු නිසා හැමදාම වැඩේ පස්සට ගියා. ඒත් අවුරුද්දක් දෙකක් වගේ කාලයක් තුල අහපු දැකපු අත් විඳපු සමහර දේවල් නිසා හිතුනා දැන් නම් ලියන්නම ඕන කියලා. මේක ලියන්නෙ 'තොපි මෙහෙට අළුතින් ආවාම තොපිට අපි නැතුව මේකෙ පය ගහගන්න බෑ' කියන අදහස දෙන්න නම් නෙමේ කියලා මුලින්ම කියන්න ඕන. මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි ඔය ලංකාවෙ හිටිය මිනිස්සුම තමයි මෙහේ ඇවිත් ඉන්නෙ. ඒ කියන්නෙ කැලේ මාරු උනාට පුල්ලි ටික එහෙමමයි. ඒ හින්දා ලංකාවෙදි අපතයෙක් වෙච්ච කෙනා, මෙහේදිත් අපතයෙක්මයි. එහෙම අයගෙන් උදව් ගන්න ලොකුවට බලාපොරොත්තු තියන් ඇවිත් අර ගම් රටවලදි කරපු අපත වැඩ මෙහේදිත් කළාම හිත නරක් කර ගන්න ඉඩ තියාගන්න එපා. මොකද ගමේදි වගේ නෙවේ, මෙහේදි කාත් කවුරුවත් නැති රටේ තමුන්ගෙ රටේ එකෙක් එහෙම කළාම හිතට දැනෙනවා වැඩියි. නොසෑහෙන දුකක් දැනෙනවා වගේම ඒ හිත රිදවීම ජීවිතේට අමතක වෙන්නෙ නෑ.
Monday, 24 June 2019
පරණ ඔසී කතා - Dunny
https://www.pinterest.com.au/rosepat52/old-aussie-dunnies/?lp=true
මේක පොඩි කක්කා කතාවක් හොඳේ. ඒත් එහෙමටම කියලා නෑ හැබැයි. එහෙන් මෙහෙන් අහුලා ගත්තු කෑලියි, එක එක යාළුවන්ගෙන් අහ ගත්තු විස්තර වලිනුයි තමයි මේක ලිව්වෙ.
ඉස්සර අපේ රටේ වල කකුස්සි තිබුනා කියනවනේ. මගේ පූරුවේ වාසනාවකටද කොහෙද මගේ ජීවිතේටම දෙපාරක් විතරයි එයින් එකකට යන්න සිද්ද වෙලා තියෙන්නෙ. දෙපාරම එකම තැන. ඔයාලා හිතයි පුංචි කාලෙ, ගමක වෙන්න ඇති කියලා. නෑ… නෑ… නෑ… මේ ගංගොඩවිල නුගේගොඩ 1990 ගණන්වල මැද භාගයෙදි. විශ්වාස කරන්න පුළුවන්ද? මට නම් බෑ වගේ.
Monday, 10 June 2019
ඉඟුරු තේ...
කවුද කැමති ඉඟුරු තේ බොන්න…? මං... මං... ඇත්තටම මං හරිම ආසයිනෙ මේ ඉඟුරු තේ වලට. කිරි දාලා හරි, නොදා හරි ඕන විදියක්. ඒ හින්දා කොහේ ගියත් මං උණු වතුර බෝතලයකට ඉඟුරු තේ එකක් සීනි අඩුවෙන් හදලා කිරි නැතිව දාගෙන යනවාමයි.
අපේ ගෙදර ඉන්නවා එක්කෙනෙක් කිරි බොන්නෙ නැති. එයා කිරි වලට අකැමැති බව, මුලින්ම තේරුම් ගන්න මට සෑහෙන කාලයක් ගියා. අම්මි කුක්කු බොන කාලෙ කිසි අවුලක් නෑ. ඒ උනාට බෝතලේට බැස්සට පස්සෙ ටික කාලෙකින්ම බොන ප්රමාණය ටිකෙන් ටික අඩුවුනා. කිරි ටික බීලා ඉවර කරන්න කිව්වම, අර නිකම් කියනවට කටේ ගහගෙන දත් වලින් තද කරගෙන ඉඳලා, මං එහාට ගිය ගමන් පැනලා දුවනවා. අන්තිමට කිරි බීම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා ඉස්කෝලෙ යන්න පටන් ගනිද්දි. නෙස්ටොමෝල්ට් දෙන්න උත්සාහ කළා, දෙපාරයි, නැවතුනා. වෙන රස වර්ග ගෙනත් දුන්නා, ම්හු. කිරි, යෝගට් අරහං. ඒ උනාට, නිකම් තේ බිව්වෙත් නැති උනාට, මේ ඉඟුරු තේ නම් ඉතුරු කරන්නෙ නෑ. කොහේ හරි යනකොට මං සාමාන්යයෙන් කරන්නෙ කහට හදලා උණුවතුර බෝතලේට වත් කරලා, බෝතලේ ඇතුලටම සීනි ටිකක් දාලා, ඉඟුරු පෙති ටිකකුත් ඒකටම දාන එකයි. එතකොට බොන වෙලාව වෙද්දි වාහනේ තාලෙට ගැස්සි, ගැස්සි යන උණුවතුර බෝතලේ ඇතුලෙ, හොඳට සීනි ටික දියවෙලා ගානට හැදිලා තියෙන්නෙ. කට දන දෙයක් එහෙම කෑවම නියමයි, ගමන් යන වෙලාවලදි. අර කිරි බොන්නෙ නැති කෙනාට වෙනම ඉඟුරු තේ බෝතලයක්ම ඕන. එයාට වෙනම එකක් දුන්නෙ නැත්නම් අනිත් අය බීලා හමාරයි. ඉඟුරු පෙති ටිකත් කාලා තමයි නවතින්නෙ.
Monday, 25 March 2019
හනික වරෙව්...
ජැක්සන් ඇන්තනිගෙ අනිත් භූමිකා ගැන ඒ හැටි පැහැදීමක් නැති වුනත්, ජැක්සන් ඇන්තනි කියන නළුවාටයි ගායකයාටයි මං හරිම ආසයි. රඟ පෑවොත් එකක් ආයෙ කියන්න දෙයක් නෑ. එයා රඟපාපු වේදිකා නාට්ය අතරින් 'බෙර හඬ' නාට්යය නම් මට මගේ ජීවිතේට අමතක වෙන්නෙ නෑ. ඇත්තටම කිව්වොත් මං කවදාවත් මේ නාට්යය වේදිකා ගත වෙනවා බලන්න ගිහින් නෑ. ඒ උනාට මට මතකයි අපි පුංචි කාලෙ ඒක කොටස් වශයෙන් ජාතික රූපවාහිනියෙන් පෙන්නුවා, කිහිප සැරයක්ම. මං 'බෙර හඬ' නාට්යය බැලුවෙ එහෙම. මමයි අම්මයි ඕක වැරැද්දුවෙම නෑ. අපි දෙන්නා ඒක බැලුවෙ පණ යනකම් හිනා වෙවී. ඒ කාලෙ කෙට්ටුවට හිටිය ජැක්සන් ඇන්තනි, අර කෝටු අත පය දික් කර, කර නටනවා දැක්කම හිනා යනවා.
Monday, 11 February 2019
රෙනාල්ඩෝ.........
මේ රෙනාල්ඩෝ කියන්නෙ වයස අවුරුදු හතළිස් පහක් විතර වෙන, මාත් එක්ක වැඩ කරන රොමේනියන් කාරයෙක්. මං මෙයා ගැන අපේ මනූට ඉස්සෙල්ලම කිව්වම, මනූ මට කිව්වා ඔය රොමේනියන් කාරයන්ගෙ කටවල් වලට බ්රේක් නැති හින්දා, ඒකට සූදානමින් මිනිහව ආශ්රය කරන්න කියලා, පස්සෙ ඤරු ඤුරු ගාන්නෙ නැතුව. එයා මොන රොමේනියන් කාරයෙක් ආශ්රය කරලා කිව්වද මන්දන්නෑ, කතාව කිරි ගහට ඇන්නා වගේ හරියටම හරි. පොර යමක් කියන්න ගියාම මේක කියන්නෙ කාටද, අහගෙන ඉන්නෙ කවුද කියලා වගේ වගක් නෑ, දඩාස් ගාලා කියලා දානවා. ඒ හින්දා මිනිහගෙ අවලම් කතා අහගෙන ඉන්න ගිහිල්ලා මට කර කියාගන්න දෙයක් නැතිවුනු වෙලාවල් අනන්තයි.
Monday, 21 January 2019
සුබ අසුබ...
https://play.google.com/store/apps/details?id=com.universl.sinhalaastrologyapp&hl=en
ගොඩක් දේවල්වල සුබ අසුබ කල් තියාම දැනගන්න කැමති අපි, මහ පුදුම ජාතියක් කියලා මට වෙලාවක හිතෙනවා. ඕවා පස්සෙ ගිහිල්ලා චක බ්ලාස් වෙලා ගිය මිනිස්සු ගැන කෝච්චර දැනගෙන හිටියත්, තවමත් අපි එහෙම කරන එක අත හැරලා නෑ. මට හිතෙනවා දැන් ඒවා පස්සෙ යන මිනිස්සු වැඩියි කියලා. මුහුණු පොතට ගියාම දවසකට කී දෙනෙක් ෂෙයා කරගෙන තියෙනවද දේව පින්තූර. මේක ෂෙයා කරගත්තොත් අද දවසට සුබ දෙයක් අහන්න ලැබෙයි කියලා කියූ ගමන්ම ටික් ගාලා ෂෙයා කර ගන්නවා. සමහරු හිතාවි මේ වගේ දෙවල් කරන්නෙ රස්සාවට යන්නෙ නැතුව නිකම් මුහුණු පොතේ වාත වෙවී ඉන්න නූගත් ගැහැණු කියලා. සාමාන්යයෙන් කවුරු හරි ඕනෑම ගොන් වැඩක් කළොත් කට්ටිය හිතන්නෙ ඔහොමනෙ. ඒකයි මං එහෙම කිව්වෙ. ඒ උනාට මං දැකපු මේ අය ඔක්කොම වගේ හොඳ රස්සාවල් කරන උගත් මිනිස්සු. ඒ අතරෙ පිරිමිත්. පහු කාලෙක මං දැක්කා කවුරු හරි ගස්ලබු ගෙඩියක පින්තූරයක් දාලා අනේ කවුරු හරි මේ ගස් ලබ්බ ෂෙයා කරගන්න. එහෙම නැතිවුනොත් මේක කුණුවෙලා යාවි වගේ අදහසකින් අරම ෂෙයා කර ගන්න එකට උපහාසයක් විදියට කරපු නිර්මාණයකුත්. මං ඒක නම් ෂෙයා කරගත්තා මගේ මුහුණු පොතේ ඉන්න අරම කරන අයට පේන්න. ටික දවසක් නැතුව ඉඳලා ආයෙමත් පටන් ගත්තා.
Subscribe to:
Posts (Atom)



