මේ සිද්දිය උනේ මං O/L පන්තියේ ඉන්න දවස්වල අවුරුදු නිවාඩුව කාලෙ..... අපේ තාත්තගෙ ඉස්සර ඉඳලා ආස්සරේ කරපු අතිජාත මිත්‍රයෙක් හිටිය අම්බලන්ගොඩ පැත්තෙ.... ගෙවල් දෙකේ තාත්තල දෙන්න විතරක් නෙවෙයි, අම්මලා දෙන්නත් එකට වැඩ කරපු උදවිය.... නිතර දෙපැත්තට ආවෙ ගියේ නැතිවට පවුල් දෙක අතරෙ ලොකු සම්බන්ධකමක් තිබුණ... තිබුණ විතරක් නෙවෙයි, අදටත් තියෙනව.... ඉතින් ඔය සම්බන්ධකම් මත අවුරුද්දට දෙපැත්තට නෑගං යන එක නම් හැම අවුරුද්දෙම වරද්දන්නෙ නැතිව කෙරුණා..... ඒ ජෝඩුවම අපේ අම්මයි තාත්තටයි වැඩිය වයසින් බාල උදවිය... ඒ හින්දම එහේ හිටිය නංගියි මල්ලියි අපිට වැඩිය ගොඩක් බාලයි....
ඔන්න මේ කියන අවුරුද්දට කලින් අවුරුද්දෙ මේ ඇන්ටිලා එයාල එච්චර කල් ජීවත්වුනු ගේ එහෙමම තියෙද්දි ඒ වත්තෙම කොණක තට්ටු දෙකක ගෙයක් හැදුවා..... ඒකෙ වැඩ ඉවර උනාම පරණ ගේ කුලියට දීලා අළුත් ගෙදර පදිංචියට ගියා.... ඉතින් ඒ අවුරුද්දෙ සිංහල අවුරුද්දට අපි එහේ යනකොට මේ කස්ටිය හිටියෙ ඔය කියපු අළුත් ගෙදර..... ඉතින් අපි ගියපු ගමන්ම කලේ අළුත් ගෙදර හැඩ බලපු එක.... ඒක තට්ටු දෙකක් උනාට ගොඩක් විසාල නැහැ....පල්ලෙහා තට්ටුවේ එක නිදන කාමරේකුයි, සාලෙයි, කුස්සියයි, නාන කාමරෙයි.... උඩ තට්ටුවේ නම් නිදන කාමර දෙකක් තිබුණා....
ඔන්න ඉතින් කස්ටිය ගෙයි විසිතුරු පෙන්නගෙන යනකොට පල්ලෙහා තිබුණු නිදන කාමරේ අපට පෙන්නන ගමන් ඇන්ටි මල්ලි දිහා බලලා කිව්වා,
'මේකෙ ඉතින් නිදන්නෙ මමයි අපේ පුතයිනෙ....' කියලා.
ඕක කියනකොට අර මල්ලිට ලොකු හිනාවක් ගියා....
ඌ කියනවා,
'අම්ම ඔය බොරු කියන්නෙ... මට නින්ද යනකං ඉඳල අම්ම උඩට යනව තාත්තගෙ කාමරේට.... අම්ම නිදන්නෙ ඒකෙ....ආයෙ පාන්දරට තමයි ආයෙ මගේ ළඟට එන්නෙ....'
කාල වරෙංකො.... ජෝඩුවගෙම පටි රෝල්.... මට හොඳට මතකයි අපේ අම්මයි තාත්තයි මහ හයියෙන් හිනාවෙනව,
'පුතා එහෙනං අම්ම යනකොට අම්මගෙ පස්සෙන් ගිහිං තියෙනව....' කියල.
මට අදටත් මතක් වෙනව ඒ දෙන්නගෙ මූණු දෙක ඒ වෙලාවෙ..... :D
මේ ළමයින්ව දෙමව්පියෝ එක්ක නිදිකරවන එක නං ලාංකිකයින්ගේ ලොකුම ප්‍රශ්ණයක්.
ReplyDeleteහප්පේ මමත් කාපු කට්ටක්...පොඩි උන් නිදා ගන්නෙම නෑ සමහර දවස්වලට...හික් හික් ...
ReplyDeleteහෙහ් හෙහ්! මොනවා වුනත් බුද්ධිමත් දෙමවුපියන් යුගලක්. හැබැයි පොඩි එකා ඊට වඩා කට්ටයා!
ReplyDeleteඅර උඩ තියන අනෙක් කාමරේ පුතාව නිදි කරවන්ට තරම් මොලයක් ඒ දෙන්නාට නොතිබුනු හැටි. ඔච්චර පඩි පෙලක් නැගගෙන යනකොට ඒ පොඩි ලමයට ඇහෙන්නේ නැතුව තියෙයිද?...:D
ReplyDeleteහහ්..හා.. රෙදි ගැලවිලානේ...
ReplyDeleteඔය වැඩේම මගෙ ඉස්කෝලෙ විද්‍යාව උගන්වන මිස් ට උනා... ගෙදර තනියෙන් ළමයව දාලා එන්න විදියක් නැතිව විද්‍යාව උගන්වපු සමදරා මිස් පොඩි පිරිමි ළමයෙක් ඉස්කෝලෙට එක්ක ආවා...අවුරුදු 3 ක් විතර.... අපේ කෙල්ලො ටිකත් වටවෙලා පොඩි එකාව තියාගෙන එක එක දේවල් අහනවා...පොඩ්ඩ කටර් එක වගේ උත්තර දෙනවා... සමදරා මිසුත් ආසාවෙන් අහගෙන ඉන්නවා... දිල් ඉතින් හිමීට ඇහුවා " දැන් ඔයා කා ලඟද දොයියා ගන්නෙ " කියලා... පොඩ්ඩ ගත්ත කටටම කියාපි " දොයියා ගන්නෙ අම්මිත් එක්ක...ඒත් මට දොයියා ගියාම අම්මි යනවා අප්පච්චි ලඟට " කියලා....
ReplyDelete@ඔබ නොදුටු ලොවක්.....
ReplyDeleteමියුරු අක්කත් ඔය විදියටම හිතනවා ඇති...හි හි...හී
අයියෝ සිරිසේන ,, පොඩි එකා ගැලෙව්වා නේද රෙදි
ReplyDeleteඉඩක් ලැබුන වෙලාවක අලුතින් පටන් ගත්ත මගේ මකර ගුහාව පැත්තෙත් ඇවිල්ල, අඩුපාඩු ඇතොත් පෙන්නලා දීල යන්න කියල මම ආදරයෙන් ආරාධනා කරනවා
අයියෝ පටි රෝල්.ඒත් අනේ පොඩි උන් කොහොමද වෙන කරල තියන්නෙ එයාලට තනියම නිදියන්න බය ඇතිනේ.පව් :/අම්මයි අප්පච්චියි මැද ඉද්දි සැපට නින්ද යනව ඇති එයාලට.:)
ReplyDeleteහිකිස් අපිත් (අක්කයි මමයි)චූටි කාලෙ දොයිය ගත්තෙ අම්මයි අප්පච්චි මැද.6 වසරෙන් විතරතමා අපිව වෙන් කරේ වෙනම රූම් දීලා:)
හා හා හොරේ දැනුනා..දැනුනා....මල කෙලියයි මහරජ කිව්වලු...ඔය මොඩ ලොකු උන්නාන්සෙලා දන්නේ නැද්ද..පොඩි වහන්සෙලා...ඇත්ත ඇති සැටියෙන්ම එලියට දානව කියලා....
ReplyDeletelanga patha udallak sawalak thibbe nadda danne na :D
ReplyDeleteමගේ යාලුවෙක් එයාගේ දූලා දෙන්නත් එක්ක ඇනකොන්ඩ බලලා පොඩි දෙන්න නිදා ගත්තයින් පස්සේ වයිෆ් එක්ක අර ජාතියේ එකක් බලලා.ටික වෙලාවකින් පොඩි ඒකා නැගිටලා ඇවිල්ලා.ඊට පස්සේ දවසේ අල්ලපු ගෙදර ඇන්ටිත් එක්ක කියනවලු අපි එයේ රැ ඇනකොන්ඩා බැලුව එකේ හිටපු ඇන්ටිගේ කුක්කුව මෙන්න මෙච්චරවිතර ඇති කියලා අතින් පොන්නනවලු.
ReplyDeleteහප්පේ අර ජෝඩුවට පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති ඒ වෙලේ..
ReplyDeleteපොලව පලාගෙන යන්න වෙන කේස් එකක් නේ.හික්ස් :)
ReplyDeleteමුන්ව හදලත් බෑ නොහදත් බෑ අනේ මන්දා නේද අක්කේ?
ReplyDeleteපොඩි එවුන්, පොඩි කාලෙම තනියම නිදා ගන්න පුරුදු කොරන්න ඕනෙ කියල, පුරාණ පඬි වරු කියල තියෙන්නෙ කට කහනවටෙයි.
ReplyDeleteහැබැයි, පොඩි එව්වො තනියම නිදි කෙරෙව්වත් උන්ගෙන් ලේසියකින් බේරෙන්න බෑ කියල කියවෙන කථාවක් කව්ද මන්ද ලඟදි 'අන්තිමපේලිය' සයිට් එකේ මෙන්න මෙතන දාල තිබුන.
ඒ කතාව චුට්ටක් සැර වැඩියි කියල අන්තිම පේලියේ ඇඩ්මින්ල අම්ම, තාත්ත, වෙනුවට අක්ක සහ මස්සිනා ආදේශ කරල, තව කෑලි කපල කියලත් ආරංචි වුනා.
මගෙ මිත්‍රයෙකුටත් ඔය වගේම වැඩක් උනා . . . පොරගෙ හාමිනේ පොඩ්ඩව ශේප් කරගන්න කිවුවලු තාත්ත එක්සයිස් කලා කියල . . .
ReplyDeleteමැක්සා සීන් එක..
ReplyDeleteහෆොයි ළමයෙක් නිදිකරවන්න කලියෙං හිතන්න ඕන දේවල්! ඔය "ඇම්ඩන්" වර්ගයේ පැටව්!
ReplyDeleteහප්පේ.... නියම පොඩි එකා.. තව දේවල් බලාගෙනත් හිටියද දන්නෙ නෑ..:)))
ReplyDeleteමරු කතාව අක්කේ
ReplyDeleteඅපිටත් මෙව්වා හොඳ පාඩම් ඉස්සරහට... :)
හයියෝ!!!! මරු වැඩේනෙ.. පොඩි එකා ශුවර් එකටම ගියාද දෙන්නෙ නෑ..;)
ReplyDelete@ කතන්දර Kathandara,
ReplyDeleteඅනේ කතන්දර අපි පුංචි කාලෙ අම්මා ළඟ නිදාගත්තෙ හරිම ආසාවෙන්... අපි රණ්ඩුත් වෙනව අම්මව බෙදාගන්න... අම්මගෙ ඇඟට උඩින් අතකුයි කකුළකුයි දාගෙන තමයි දොයියන්නෙ...පුංචි කාලෙ විතරක් නෙවෙයි, මං කැම්පස් ඉඳලා ගෙදර ගිය කාලෙත් අම්මට තුරුලුවෙලා නිදාගෙන තියෙනවා ඕනතරම්....මං කසාද බැන්දට පස්සෙ ගෙදර ගියහමත් දවල්ට නිදාගන්න වෙලාවක හරි කොහොම හරි අම්මගෙ අස්සට රිංගනවා....ඒක මං අදටත් ආසාවෙන් සිහිපත් කරන බොහොම ආදරණීය මතකයක්....ඒ උනාට කවදාවත් මේ වගේ දේවල් නම් මාට්ටු වෙලා නෑ අපට...
ඕක හොඳට විඳලා තියෙන නිසා මට මගේ පොඩි උන් දෙන්නව අයින් කරන්න හිත දුන්නෙම නෑ....මගේ දරුවො දෙන්නම මං වෙනම නිදා ගන්න සැලැස්සුවෙ අවු:5-6 වයසෙදි....
නිදාගන්න තැන කෙසේ වෙතත් වැඩිහිටියො මොළේ කල්පනා කරල වැඩ කරන්න ඕන කියලයි මගේ පෞද්ගලික අදහස....
@ ඔබ නොදුටු ලොවක්.....,
ReplyDeleteඔයාට ළමයින්ව කලින් නිදිකරවන්න ඕන උනාට, කොච්චර ට්‍රයි කොළත් එයාල ඉතින් නිදාගන්නෙ වෙනද නිදාගන්න වෙලාවටනෙ....හික්ස්....
@ Podi Kumarihami,
ReplyDeleteඑයාලා කාමර බෙදාගත්තෙ මොන පදනමෙන්ද කියලා නම් දන්නෙ නෑ... උඩ කාමර දෙක පොඩි උන්ට දීල, පහළ කාමරේ ජෝඩුව නිදාගත්ත නම් හරි කියලා අපේ අම්ම කියනවා මං අහගෙන....ඒත් එහෙම කළාට පස්සෙ උනත් ඒ වෙනකොට කොල්ලට ඉව වැටිලා තිබුණ නිසා උගෙන් බේරෙන්න පුළුවන් උනාද දන්නෑ... :D
@ පැණි දොඩම්,
ReplyDeleteගැලවිලාද කියලත් අහනව... ඒ ජෝඩුවම හොඳට විහිලු තහලු කරලා හිනාවෙලා ඉන්න දෙන්නෙක් හින්දා යාන්තම් ජාම බේරගත්තා.... සිරා ජෝඩුවක් උනා නම් හෙම ඉවරයි.... :D
@ දිල්,
ReplyDeleteමේ ඉස්කෝලෙ යන පොඩි කෙල්ලන්ටත් ඕන්නැති රෙද්දක් නෑ...හික්ස්... ඉතින් සමදරා මිස් මොකද කළේ පොඩ්ඩා එහෙම කිව්වාම...
ආයෙ නම් මතක තියෙන තුරාවටම පොඩි එකාව ඉස්කෝලෙ එක්කන් එන්න නැතිව ඇති.... නිවාඩු දාල ගෙදර ඉන්න එක සැපයිනෙ.... :)
මොන වැඩ දාලා නිදිකොරන්න හැදුවත් ඇඳටවත් යන්නෙ නැතිව අරක මේක කර කර ඇවිදින වෙලාවල් තියෙනව තමයි... හරියට ඉව වැටිල වගේ... ;P
@ මකර ගුහාවේ ගින්නා,
ReplyDeleteපොඩි එවුන්ගෙ හැටි තමයි ගින්නෝ... :D
ඔයාගෙ නම දැක්කම මතක් වෙන්නෙ 'මඩොල්දූවෙ ජින්නා'ව...
අපි දැනටමත් සළුවෙලා තියෙන්නෙ....
@ නදී,
ReplyDeleteඅපිත් එහෙමයි නදී.... අර කතන්දරට දාපු උත්තරේ කියවන්නකෝ....
@ Raj,
ReplyDeleteකීයටවත් හිතන්න නැතිව ඇති පුත්‍ර රත්නය එච්චරටම වැඩ දායි කියලා....
@ රෙෂාන් Chathuranga,
ReplyDeleteඒ දෙන්නට කේන්ති ගිය බවක් නම් පෙනුනෙ නෑ...හයියෙන් හිනා උනා.... ජෝඩුවම සීරියස් කස්ටිය නෙවෙයි.... බොහොම විහිළුවෙන් තහළුවෙන් ඉන්න අය.....
@ අසරණයා,
ReplyDeleteහික්ස්.... මට ඔයාගෙ කොමෙන්ටුව කියවනකොට එකපාරටම හිතට ආපු දේ මේකෙ ලියන්න බෑනෙ....;P
@ Dinesh,
ReplyDeleteමොනවා හිතුනද දන්නෙ නෑ.... හැබැයි දෙන්නම හයියෙන් හිනා උනා...අපිට නෑහෙන්න මොන මොනවාදෝ අම්මලත් එක්ක කිය කියත් හිනා උනා... :D
@ මධුරංග,
ReplyDeleteආයෙත් අහලා.... :)
@ Sabith,
ReplyDeleteහි..හි...හි... සාබිත්ටත් තේරෙයි පහුවෙනකොට...
@ Observer,
ReplyDeleteහනේ...හනේ...මගෙ කට.... 'කවුදෝ මන්ද අන්තිම පේළියට දාල තිබුණ...'
ආයෙ නෑ අමුවෙන්ම වැඩේ දීල තියෙන්නෙ ඔය අපූරුවට....
සික්... අපරාදෙ... කලින් කියෝ ගන්න බැරි උනේ....
අනේ ඔය පහුගිය ඒවට ලින්ක් දාන හැටි මටත් කියල දෙන්නකෝ පුළුවන් නම්...
@ ඕනයා,
ReplyDeleteඕකත් පොඩි පහේ එක්සසයිස් එකක්යැ... කැලරි කියලම කීයක් පිච්චෙනවද....
හොඳයි බොරු නං ඔය හීන්දෑරි සරීර කූඩුවක් තියෙන පොරකගෙන්ම අහලා බලන්නකෝ.... :D
@ නරකයා...!!,
ReplyDeleteහික්ස්...
පළමු වතාවට මේ පැත්තෙ ඇවිත් කොමෙන්ටුවක් දාල ගිය නරකයාව සාදරයෙන් පිළිගන්නවා... ඒ වගේම බොහොම ස්තුතියි....
@ රාජ්,
ReplyDeleteඅපොයි ඔව්... ඕවත් ඔය සෙල්ලමට ආවට ගියාට බෑ පුතෝ ළමා ළපටි ඉන්නකොට....එක සැරයක් මාට්ටු උනොත් පස්සෙන් එලවන්න බොහොම ඉඩ තියෙනවා....
@ නිසූපා,
ReplyDeleteඑව්ව කියන්න බෑ නිසූපෝ... පොඩි උන්ට ඔය කුචුහලය කියන එක උපරිමෙන් තියෙනවා නොවැ... :D
@ ලොකු පුතා,
ReplyDeleteඔව්වොව්වොව්.... කාට කාටත් හොඳ පාඩම්..... :)
@ හිතුවක්කාරි,
ReplyDeleteමම නං හිතන්නෙ ගියා වෙන්ටැ.... නැත්නම් අක්කගෙ කාමරෙත් උඩ තියෙද්දි මිනිහ කොහොමද දන්නෙ අම්ම ගියේ තාත්තගෙ කාමරේට කියල....
ඔයාවත් බොහොම ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට... බොහොම ස්තුතියි කොමෙන්ටුවට.....
//බොරු නං ඔය හීන්දෑරි සරීර කූඩුවක් තියෙන පොරකගෙන්ම අහලා බලන්නකෝ..//
ReplyDeleteඅඩෝ . . . නවමා . . . වරෙං . . . උත්තර දීපාං . . . . !!!!!
අලෝ අක්කා.. ඕං ආවා මම මේ පැත්තේ.. හික් හික්..
ReplyDeleteමොනවා කොරන්නද. ලමයව මුල ඉඳන්ම පුරුදු කරන්න ඕන.. එයා වෙනමත් අම්මා තාත්තා වෙනමත් නිදාගන්න.. ළමයට නින්ද ගියත් එකයි නැතත් එකයි දොර වහගත්තම... උඩුමහලක් හදන්න පුළුවන්නම් සවුන්ඩ් පෲෆ් එකක් කරගන්නත් පුලුවන්නේ... මම හිතන්නේ රුපියල් 3000ක් වගේ යන්නේ.. එතකොට ඔය සද්ද බද්ද ඇහෙන්නේත් නෑනේ..
හැබැයි විවාහකයෝ දෙන්නෙක්ට ඒ නිදහස අවශ්‍යමයි මමනම් හිතන්නේ..
අර ලින්ක් දාන්නේ මෙන්න මෙහෙමයි
කොමෙන්ට් වලත් මේ ලින්ක් වැඩකරන නිසා මම * ලකුණු දෙකක් දාලා ඇති.. ඒවා අහක් කොරන්ට
<*a href="http:// ඔයාගේ ලින්ක් එක" >ලින්ක් කරන වචනය<*/a>
ඔය වචනය උඩ ක්ලික් කරාම ලින්ක් එකට යන්නේ..
@ ඕනයා,
ReplyDeleteකවුදෝ කිව්වලු මම නෙවේ, අරයා කියලා.... හික්ස්...
@ lahirucc,
ReplyDeleteඅම්මයි තාත්තයි ඉන්නෙ ඔය වැඩේ කොරන්න විතරක් නං සවුන්ඩ් පෲෆ් කොරගෙන ඉන්න තිවුන මල්ලියේ.... එත් අර අසරණයන්ව බලන්නත් එපැයි කොච්චර නසරානි වැඩ කොළත්..... රෑට හදිස්සියක් හෙම උනොත් .... :)
අලේ හයියෝ පිං සිද්ද වෙනව මේක කියල දුන්නට... බොහෝම ස්තුතියි හොඳේ.... :D
අම්මලාගේ මෝඩකම් තමයි. ඇට්ටර කොල්ලෙක් ඉන්නකොට ටිකක් සෝදිසියෙන් ඉන්න එපැයි.. ෂුවර් එකටම පොර කළුවරටත් බය නැතුව ඇති.. :P
ReplyDelete@මියුරු..
ReplyDeleteහික් හික් ඔයා කියන කතාවත් ඇත්ත තමා .. ඒත් ඉතින් ඔහොම ගියොත් කොල්ලට නංගියෙක් මල්ලියෙක් ගේන්න වෙන්නේ රෝසකැලෙන් ඇහිඳලා තමා
මම කිව්වෙ... පොඩි එව්වො හරිම භයානක ජාතියක්....
ReplyDelete@ Ice (අයේෂා කුලතුංග),
ReplyDeleteකොයි පොඩි එකත් එකයි අනේ ඉව වැටුනොත් හෙම යන්තම්වත්... බය නැති වගේ තමයි පෙනුනෙ... :)
@ පිස්සා පලාමල්ල,
ReplyDeleteඅපි මේ කස්ටියව බය කරගෙන යන ගමන්... :)
නෙළුම් විලෙන් පාර අහගන මේ පැත්තට ආවේ. ඇවිල්ල කියවපු පළවෙනි එකම මරු.
ReplyDeleteඕවා ඉතින් ජාතික ප්‍රශ්න තමා අප්පා......
@ Senna,
ReplyDeleteආයෙ කියලා වැඩක් නෑ.. අත්දැකීම් තියෙනව වගේ... :)
බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට...
හි හි මරුම මරු උපදෙසක් දුන්නේ මමනම් මේවා කලින්ම දැනං ඉදලා පොඩි කාලේ ඉදන්ම තීරණයක් අරන් ඉන්නේ.මොකක්දෝ නවකථාවක මේක තිබ්බා වගේ මතකයි මේ පේළිය මම දැනුම ගත්තේ එතනින්
ReplyDelete//බැදපු ගමන් ලමයි හැදලා උන්ව නලවලා කවලා පොවලා ඉවරවෙද්දි ආදරේ කරන්න පණක් නෑ උඹවත් ටිකක් ඉවසලා ජීවිතේ එන්ජෝයි කරපං//
බැලුවාම බොලේ මේක නෙමෙයි විවාහ ජීවිතේ ප්‍රශ්න කියන්නේ පොඩි එවුන් ඇම්ඩන්ලා වීම තමයි අප්සට් එක.
අනික ඉතිං රාජකාරි වෙලාවට පොඩි එවුං ඔවෑ ඔවෑ ගාන්න ගත්තාම හික්ස් බදින්න කලින් කොච්චර දේවල් හිතන්න ඕනේද අප්පාාාාා
@ ගැමියාගේ පත් ඉරුව,
ReplyDeleteමගෙ අප්පො... හිතල තියෙන දුරක්... පැහිච්චි කතා කිය කිය ඉන්නෙ නැතුව ගිහිං පොතක් අරන් පාඩම් කරන්ට...