Total Pageviews

Sunday 18 December 2011

ඉදිකට්ට....


මේකත් අර මං කලින් කියපු අරිෂ්ඨ සිද්දිය වෙච්චි බෝඩිමේදි වෙච්චි දෙයක්...

දවසක් හවසක හදිසියේම බෝඩිමේ ඇන්ටිලාට කෝල් එකක් ආවා, ටිකක් දුර පළාතක හිටිය ඇන්ටිගෙ අයියට හොඳටම අමාරුයි කියලා.... මේ කියන පුද්ගලයා ආණ්ඩුවේ රස්සාවක් කරලා විශ්‍රාම ගිය කෙනෙක්....  එයා හොඳටම බොනවා... ඒ වෙනකොට එයාට සිරෝසිස් හැදිලා ලේ වමනෙ යන්න පටන් අරන් තිබුණෙ.... ටික දවසක් ඉස්පිරිතාලෙ හිටන් නැවතිලා ඉඳලා ටිකට් කපන් ගෙදර ගියා විතරයි....දැන් අසාධ්‍යයි කිව්වාම බල බල ඉන්න බැරි නිසා අන්කලුයි, ඇන්ටියි, එයාලගෙ එකම දුවයි අයියලාගෙ ගෙදර දුවන්න ලෑස්ති වුණා... ඒ වෙනකොට ඇන්ටි රෑ කෑම උයලා තිබුණෙ නෑ... ඒ උනාට කෙල්ලොම හිටිය තැන නිසා ඇන්ටිත් කිසි බයක් හැකක් නැතුව උයන පිහන බඩු ටික තිබුණු තැනත් පෙන්නලා ඇන්ටිලා එනකම් කෑම හදාගන්න අපි කස්ටියට පවරලා ඒ ගමන ගියා.... අපි සෙට් එකට ඉතින් රජ මගුල්.... අපේ ඇන්ටිගෙ කෑමවල කිසිම රසක් නෑ.... ඉතින් මේ උදා උනේ කල්පෙකට සැරයක් එන අවස්ථාවක්.... ඊට කලින් කවදාවත් ඇන්ටි අපිට උයාගන්න පවරලා ගමන් බිමන් ගිහින් තිබුණෙ නෑ.... ඒ නිසා අපි ලැබිච්චි චෑන්ස් එකෙන් අපට ඕන විදියට කටට රසට කෑම ටිකක් හදාගත්තා... මහ ලොකු දේවල් නෙවෙයි.... රසම රස පොල් සම්බෝලෙකුයි, කරවල තෙල් දාලා, පපඩම් බැදලා, තව මොන මොනවාදෝත් හැදුවා....දැන් හැමෝටම ආසාව මේක කන්න....

මං කලින් කිව්වනෙ ඔතන අපි කෙල්ලො පස් හය දෙනෙක් හිටියා කියලා.... ඔය සෙට් එකේ එක්කෙනෙක් හිටියා හිමාලි කියලා..... එයා රස්සාවට යන්නයි මෙතන නැවතිලා හිටියෙ.... ගෑණි ඔය මැහුම් ගෙතුම් වැඩවලට හොඳ දක්ෂයා.... නිකම් ඉන්න වෙලාවක් ඇත්නම් මොනවා හරි මහ මහ තමයි ඉන්නෙ.... මං මේ කියන දවස්වලත් එයාගෙ යාළුවෙකුට බබෙක් ලැබිලා ඒ බබාව බලන්න යන්න ඇඳුම් පොඩි ටිකක් මහනවා.... හිමාලි වෙනදා වගේම එදාත් අපි කෑම කන මේසෙට වාඩිවෙලා තමයි ඔය ඇඳුම් මැහිල්ල කරගෙන ගියේ... කස්ටිය එකතුවෙලා උයන්න පටන් ගන්නකොට එයා මැහුම එහෙමම එකතු කරලා මේසෙ උඩින් තියලා උයන්න සෙට් වුණා.... ඔන්න ඉතින් උයලා පිහලා ඉවරවෙලා කස්ටියම කන්න වාඩිවෙනකොට වෙලාව රෑ අටට විතර ඇති....හිමාලිත් එයාගෙ මැහුම අරගෙන ළඟම තිබුණු ස්ටූල් එකක් උඩින් තියලා අර කලින් මහන්න වාඩිවෙලා හිටපු තැනින්ම වාඩිවෙලා කන්න පටන් ගත්තා..... ටික වෙලාවක් යනකොට මට පේනවා හිමාලි උගුරට අත තියාගෙන, කටත් බාගෙට ඇරගෙන අමාරුවෙන් වගේ ඉන්නව කන එකත් නවත්තල....

'මොකෝ බං...?'
ගෑණි අතින් බස්කම් කර කර පෙන්නනව උගුරෙ මොකක්දෝ එකක් හිරවෙලයි කියලා...

'හිටින්කො මං වතුර ටිකක් ගේන්න....'
මං ගෙනත් දුන්නු වතුර ටික එයා එක හුස්මට බිව්ව....ම්හු... මොකක් හරි හිරවෙච්චි එක ගිහින් නෑ....

'බත් ගුලියක් හදලා වැඩිය හපන්නෙ නැතිව ගිලපං... කරෝල කටු කෑල්ලක් වෙන්නැති...' තව කවුදෝ කිව්ව...
දැන් ඒකත් කළා... මොකක් උනත් හිරවෙලා තියෙන දානෙ ඒ කරලත් ගියේ නෑ....

'එහෙනං ඒක සමහරවිට උගුරෙ ඇනිලා වගේ තියෙනවද දන්නෙ නෑ... ලේසියෙන් යන්නෙ නැත්තෙ...' කියලා නදීශා කිව්ව විතරයි හිමාලි නැගිටලා ගිහින් එයාගෙ මැහුම එහාට මෙහාට කරල බැලුව.... අපිත් කන එකත් නතර කරල ගියා එතැනට.... ටික වෙලාවකින් මෙයා මැහුමෙ නූල් පොට අරගෙන අපට පෙන්නුව....
දෙයියන්ටම ඔප්පු වෙච්චාවයි....! ඉදිකස්ට මිසිං.....!!

දැන් ගෑණිට බුදු ෂුවර් මෙයා මැහුම එහා මෙහා කරද්දි ඉදිකට්ට ගැලවිලා කෑම එකට වැටිලා ඒක තමයි ගිලෙන්න ඇත්තෙ කියල.... මීට කලින් කරවල කටු ඕනතරම් උගුරෙ ඇනිලා තියෙනවලු... ඒ උනාට මේ ඇනිච්චි එක ඒ වගේ නෙවේලු දැනෙන්නෙ... අපි කෝකටත් කියලා මේසෙ උඩ, යට, පුටු යට, අහළ පහළ හැමතැනම බැලුව බැරිවෙලාවත් කොහේ හරි වැටිල තියෙනවද බලන්න... ඔහෙ නෑ....
දැන් ඉතින් මොකෑ කොරන්නෙ.... ඒ ගමන හිමාලි උගුරට අත දදා 'ඕක්... ඕක්...' ගානව...

'ඕකෙ ඇඟිලි ගහල එපාර තුවාල කරගනිං...'

දැන් ගෑණි නියම මළ පෙරේති වගේ... කට වටේ කෙළත් ගෑවිලා... සෙම වක්කරගෙන.... කට ඇරගෙන... ඇස් දෙකත් රතුවෙලා.... කඳුළු පිරිලා... පව්... අපිත් ගෙදර තිබුණු ටෝච් එකත් අරන් ඇවිත් උගුරට ගහල බැලුව පේන්නවත් තියෙනවද කියල...ම්හු...පළාතකවත් නෑ...

'මං අහල තියෙනව ඔය ඉදිකටු ගිලුනම ඒක එකතැනක තියෙන්නෙ නැතෙයි, ඇඟ පුරා දුවනවැයි කියලා...' නදීශා ඔහොම කිව්වම අපි හැමෝම බය උනා.... දැන් ඒ අස්සෙ හිමාලිට ඇඬෙනව....

'නාඬ ඉඳිං... ත්‍රී වීල් එකක්වත් අරන් යං දොස්තර කෙනෙක් හොයාගෙන... වෙන මොනා කරන්නද....'

'දැන් අටහමාරත් පහුයි.... හන්දියේ ඩිස්පෙන්සරිය නං වහල.... හදිසියේවත් X-Ray එකක්වත් ගන්න කියයිද දන්නෑනෙ.... ඒ නිසා කෙලින්ම ඉස්පිරිතාලෙට යමු....'

කස්ටියම ඒකට එකඟ වුණා....
ඒ ගමන හිමාලිත් එක්ක යන්න මමයි, නදීශයි ලෑස්ති වුණා අච්චර ආසාවෙන් කන්න ලෑස්ති වුණු බත් එකත් දාල.... සම්මාදමක් දාල ත්‍රී වීල් ගාස්තුත් එකතු කරගෙන, බොහොම අමාරුවෙන් පිඹගෙන ගියපු ත්‍රී වීල් එකක් නවත්තන් කස්ටියම ඉස්පිරිතාලෙ ගියා.... ඒ වෙනකොටත් හිමාලි කටත් ඇරන් වේදනාවෙන් ඉන්නව.... කොමියුනිකේෂන් ඔක්කොම අතින් පයින්....

ඔන්න ඉතින් කොහොමින් හරි දොස්තර ළඟට ගිහින් විස්තරේ කිව්වාම එයා උගුර එහෙම ටෝච් එකක් ගහල පරීක්ෂා කරල බැලුව....

'පේන්න නම් මොකුත් නෑ.... ඒත් ඇඟිලි ගහල උගුර නම් ටිකක් තුවාල කරගෙන....'

කිහිප සැරයක්ම හිමාලිගෙන් ඇහුව ගිලුනෙ ඉදිකට්ට කියලා හොඳටම විශ්වාසද කියල..... ගැණිත් ඔළුව වනල ඔව් කියනව.... ඒ ගමන ඔන්න X-Ray එකකුත් ගත්ත....
දොස්තර මහත්තය ඒක බලල එහෙම කිසිදෙයක් පේන්නෙ නැතෙයි කියල කිව්ව දැන් ගෙදර ගිහින් හෙට උදේ වෙනකොට තත්වෙ කොහොමද කියල බලන්නෙයි කියල.... සමහර විට ඇනෙනව වගේ දැනුනට දැන් එතැන මොකුත් නැතිවෙන්න පුළුවන්ය, පුංචි තුවාලයක් වගේ ඇනිච්චි පාරට ඇතිවෙලා තියෙනවා නම් ඇනෙන බවක් දැනෙන්න පුළුවන්ය , හෙට වෙනකොටත් වෙනසක් නැතිනම් විතරක් ආයෙ එන්නය කියල....

අපෙ අප්පෝ..... ඔය සුමේ ඉවරවෙලා ඉස්පිරිතාලෙන් එළියට බහිනකොට රෑ දොළහටත් කිට්ටුයි.... එළියෙ ගාල් කරල තිබ්බ ත්‍රී වීල් එකකුත් අල්ලගෙන ආපහු ගෙදර ආව.... ඒ වෙනකොට අපි ඔක්කොටම ඇතිවෙලා.... අච්චර ආසාවෙන් උයාගත්තු එක කන්නවත් උනේ නැහැනෙ... යක්ස බඩගිනියි.... අපි ඉතින් ගෙදර ඇවිත් ඒ වෙනකොටත් නිදි නැතිව අපි එනකම් උන්නු සෙට් එකට විස්තරේ කිව්ව.... දැන් හිමාලිත් අර ඉස්සෙල්ලා ඇරන් හිටපු කට එහෙමත් වහගෙන ටිකක් මනුස්ස පාටයි... ඒ උනාට කෙළ ගිලිනකොට තවමත් රිදෙනවලු.... එයාට වාඩිවෙලා ඉන්න ඇරලා මං ගියා කෑම මේසෙට, හේම්ම දාල ගිය බත් ඩිංග කන්න....

'මට නම් යක්ස බඩගිනියි බං.... උඹලත් කනවද...?'

ඒ වෙනකොටත් අපේ පිඟන් ටික වහලා එහෙමම මේසෙ උඩ... හිමාලිට නම් කන්න බෑ කිව්ව....
මම කෑම කාල ඉවර කරල හිමාලිගෙ පිඟාන ගත්ත සෝදන්න ගෙනියන්න.... පිඟාන උස්සනකොට ලයිට් එළියට ඒක යට තිබිල මොකක්දෝ එකක් දිලිසුණා... මං අතට ගත්තු පිඟාන එහායින් තියලා හොඳට බැලුව මොකක්ද කියල...
හයියෝ.... අර ගිලුනයි කියල දහ අට සන්නිය නටපු ඉදිකට්ට මේං මේසෙ උඩ....!!

42 comments:

  1. හිහි මාර සීන් එකනේ. අම්මෝ මටත් ඔය වගේ කටු ඕන තරම් ඇනිලා තියෙනවා. එත් ඉස්ප්රිතාලේ යන්න තරම් තාමත් මුකුත් වෙලා නැහැ. ඉදිකට්ට උගුරේ ගිලුනනම් තමා වැඩේ වෙන්නේ. මට මතකයි අපේ ගෙවල් ලග අක්ක කෙනෙක් මැරුණා, ඉදිකට්ට ඇනිලා ඔහොම්මම ඉදලා. කෑම මෙසේ ලගට ආපහු එයානම් ඔය මැහුම් ගෙතුම් ගෙන එකක් නැහැ හිහි... අද මම 1 හුරේ..

    ReplyDelete
  2. කෙල්ලොනේ! :P

    ReplyDelete
  3. හිකිස්... එතකොට උගුරේ ඇනිලා තියෙන්නේ මොකද්ද?

    ReplyDelete
  4. මියුරු, අපි සල්ලි එකතුකරල වියදම එවන්නං. ඔයා ආයෙත් ඒ බෝඩිමට ගිහිල්ල ඉදගෙන සිද්ධවෙන කතා ටික පෝස්ට් කරන්න. හොදයිනේ........

    ReplyDelete
  5. මාර සීන් එක. මොන මල දානයක්ද එතකොට ඇනිලා තියෙන්නෙ ? ගෑනී ගෙදර තිබ්බ මෝල්ගහවත් ගිලලද ? :-)

    ReplyDelete
  6. හැඳිමිටේලුනේ... නේද....

    ReplyDelete
  7. ඇන්නෙ නැද්ද හොඳවයින් ටොක්කක් ඒකිට....කනට කුරුමිණයෙක් ගියා කියලා මහ රූ ඉස්පිරිතාලෙ කට්ට කාලා ඇවිත් බොරුවට දගලන්ඩ වෙච්චි එකට මමනං කෑවා හොඳ ටොකු දෙක තුනක්..

    ReplyDelete
  8. සිරාවට මාලුවෝ!මොකක්ද එකේ දිග මොකක්ද එකක දිග වගේ කියන්නේ නිකන් යැ!

    ReplyDelete
  9. මෙහෙමත් දරුවෙක්....
    ඔයාලට තිබ්බේ ඉඳිකට්ට හම්බඋනාට පස්සේ ඔලුව හිල් වෙන්න ටොක්ක ගානේ අනින්න

    ReplyDelete
  10. හපොයි...හිමාලිව මරන්කන්න තරහ යන්නැති... කතාව කියනකොට අපිත් බෝඩිමේ කෑම හදපු හැටි මතක් වුනා..හික්ස්..

    ReplyDelete
  11. ඔය වගේ වෙලාවට ඉතින් ඉස්සල්ලාම හිතෙන්නේ ගිලුනා තමයි කියලා නේ. පව් යාලුවා.

    ඒක නෙමේ බතුයි, සම්බෝලයි, කරවල බැදුමයි. කෙල හැලෙනවෝ.....:D

    ReplyDelete
  12. අහන්ට දෙයක් නෑ...ස්ත්‍රී පක්ෂය කොහොමටත් 'PANIC BUTTON' එක PRESS කරගෙනමනෙ ඉන්නෙ....:-)

    ReplyDelete
  13. කතාව මැද හරිය කියවද්ද බයත් හිතුන.ඉන්දිකටුවෙන් මිනිහෙක් මැරෙන්නත් පුළුවන්..

    ReplyDelete
  14. අපි ට්‍රේනින් කාලෙ, මගේ බත් එකේ තිබ්බ කරෝල කෑල්ල පෙරේත කමට ගිල්ල එකෙකුටත් ඔය වැඩේම වුනා, ඊ.එන්. ටී. ක්ලින්ක් ගිහින් නැවතුනේ. බලපු ඩොකා කිව්ව,
    කටුවකට උගුර හීරිලා මිස, කටුව හිර වෙලා නෑ උගුරෙ කියල. පොර දැන් ඉන්නෙ නං මියුරු ඉන්න පැත්තෙ, නමත් කියල දාන්න තරං හිතෙනව, තාම දුකයි මට
    අහිමි වෙච්ච බල කරෝල කෑල්ල ගැන.

    ReplyDelete
  15. කට්ටියම එකතු වෙලා "කට්ටට" බෙර ගැහුවනං හරි . . .

    ReplyDelete
  16. ඕනයා ++++++

    මියුරු අක්කා... මේ ඉඳිකටු ගිලුනම මොනවා වෙනවා ඇත්ද.. ඔය ආමාසය කැළඹෙන කැළඹිල්ලට හැමතැනම ඇනෙනවා ඇති.. ඊටපස්සෙ කුඩා අන්ත්‍රයට ගිහින් වංගුවල ඇනි ඇනී අන්තිමට ඉතින්....... ඔය සිකුරාජපති මහත්තයා (ඕනෙ) කියපු වැඩේ තමා වෙන්නේ

    ReplyDelete
  17. අනේ අපරාදේ ...නිකං ඇඟිලි ගහලා තුවාල කරගත්තා විතරයි .....

    ReplyDelete
  18. අපොයි.... වෙලා තියෙන දෙයක්....

    ReplyDelete
  19. ඒ ලමයට ඒ වෙලේම මැග්නට් කෑල්ලක් ගිල්ලුව නම් හරිනෙ...හික්ස්...

    ReplyDelete
  20. @ වර්ණා,
    අම්මෝ... ඉදිකට්ටක් ගිලිලා මැරුණු කතාවක් ඇහුවමයි මං.... මැහුම් ගෙතුම් ගේනව තියා ආයෙ අපට පේන්න මැහුවෙත් නෑ උන්ද.... එච්චරට අහගත්ත....
    ඔන්න පළවෙනියගෙ තෑග්ග එව්වෝ.....

    විසිතුරු | visituru,
    හපෝ... අපි නොදන්න මොණරතැන්න.... ;P

    Ice (අයේෂා කුලතුංග),
    කරෝල කට්ටක්වත් වෙන්නැති...

    ReplyDelete
  21. @ රාජ්,
    බයවෙන්න එපා... තව එනවා...තව එනවා.... :D

    @ Senna,
    කරෝල කට්ටක් වෙන්නැති අනේ... අර බත් ගුලියි වතුරයි ගිලිනකොට ඒක යන්නැති සමහරවිට.... දොස්තර කියපු විදියට උගුර ටිකක් තුවාල වෙලානෙ... එහෙම උනාමත් ඇනෙනවා වගේ දැනෙනවා කිව්වනෙ....

    @ prasanna86k,
    ඒ හැඳිමිට අහසට දිග එකක් හරිය.... ;D

    ReplyDelete
  22. @ නරකයා ...!!,
    ඒ කියන්නෙ නරකයත් කොරල තියෙනව මේ වගේ වැඩ... ආ....
    උන්ද අහගත්ත ආයෙ ඊට පස්සෙ කවදාවත් අපට පේන්න මැහුම් ගෙතුම් නොකරන්නම.....

    @ Sabith,
    මොකක්ද අනේ ඒ 'මොකක්ද එක'...? :D

    @ ලොකු පුතා,
    ටොකු නම් ඇන්නෙ නෑ... හැබැයි අනින්නයි තිබ්බෙ... අතේ තිබ්බ පණං හතරටත් තට්ටු උනානෙ.... ආසාවෙන් උයාගත්තු එක කන්න නෑ... එතකොට මහන්සිය.... අලාබම කියල කීයක්ද....

    ReplyDelete
  23. @ රූ...,
    හප්පෝ... කියල වැඩක් නෑ ඒ ගැන නම්...
    නියම කතන්දර ටිකක් ඇති නේද...

    @ Podi Kumarihami,
    ඒකනෙ ගෑණිටත් උනේ.. වැඩේ කියන්නෙ හැමතැනම හතර පස් දෙනෙක් එක්ක හෙව්වත් ඕක හම්බුන්නැති එකනෙ... ඒ වෙලාවෙ පිඟාන උස්සනකොට සමහරවිට ඒකෙ පතුලෙවත් ඇලිල තියෙන්නැති...
    අපි නම් අදත් උදේට කෑවෝ.... කෙළ හල හල හිටපියෝ..... :D

    @ kandiyan,
    හික්ස්... ඒක නම් බොහෝ දුරට ඇත්ත...

    ReplyDelete
  24. @ අසරණයා,
    ඇත්තටම අර උඩින්ම වර්ණා කියපු සිදුවීම තමයි මං පළවෙනි වතාවට අහපු ඉදිකටු මරණය.... ඇත්තටම ගිලුන නං ඉවරයි තමා...

    @ Observer,
    අනේ පව් ඔබා මාම....
    ඔබා මාම කටේ අත දාල ඒක ආපහු ගනීවි කියල හිතල වෙන්නැති පොර ගුඩුස් ගාල ගිලින්නැත්තෙ.... ඒ කියන්නෙ ඒකට වගකියන්න ඕන ඔබාමයි.... අනේ පව් ඒ හිරවෙච්චි එකා....
    පිණට දුන්න කියල හිතාගෙන සැනසෙන්න ඔබා මාමෙ....
    මේ, ඒක නෙවෙයි, මොකාද ඌ.... කියන්නකො අනේ නම.... :D

    @ ඕනයා,
    ඇත්තටම ගිලිලා තිබුණා නං බෙර ගහන්න තමයි වෙන්නෙ පස්සෙන්දා.... :D

    ReplyDelete
  25. @ lahirucc,
    ඔය ඇනි ඇනී යන ගමනෙ තුවාලත් හදාගෙන හිල් කොරගෙන එහෙමනෙ යනව ඇත්තෙ... බැරිවෙලාවත් ලේ නහරයකට එහෙම ඇතුලු උනොත් ඕක හිල් කොරගෙන ගිහින්, ඒ කිව්ව නහර ටිකත් වනසනව ඇතිනෙ... අනිත් අවයවවල ඇනුනත් ඇනිලා හිල් උනත් වෙනව ඇත්තෙ විනාසයක්ම තමා.... ඒ නිසා ඔය කියන කට්ටට බෙර ගැහිල්ලත් ලේසි නෑ පුතෝ....

    @ ඔබ නොදු‍ටු ලොවක්.....,
    ඒකනෙ අනේ... :D

    @ නිසුපා,
    ඒක නේන්නං... හොඳ වෙලාවට අන්තිමට හරි ඉදිකට්ට හම්බු උනේ....

    @ වින්චැට්කිරිල්ලි.,
    හයියෝ... ඔය මොළේ තියෙන කවුරුවත් එදා එතැන හිටියෙ නෑනෙ... අපරාදෙ... ;P

    ReplyDelete
  26. ඔක තමා කලබලේට කොරොස් කටේත් අත දාගන්ඩ බෑ කියන්නේ....මෙකත් හරියට අර බෙලිගෙඩියට බයවෙච්චි හාවගේ අලුත් වර්ෂන්..එක ඉඳිකටුවට බයවෙච්චි..හොස්ටල් ගැනුලමයි...හහා...

    ReplyDelete
  27. ඔව් ඉතින් එහෙම උනොත්නම් නිතර ලීක් වෙන්න ගනීවි

    ReplyDelete
  28. මගේ කමෙන්ට් එකත් මකලා .නේද... ?

    ReplyDelete
  29. @ Raj,
    :D :D :D

    @ lahirucc,
    ලීක් වෙවී තියෙන එකක් නෑ බොලේ... පැය ගාණකින් මැරිලා යාවි....

    @ මගේ කවි,
    අනේ මහත්තයෝ මං මැකුවෙ නෑ නොවැ...
    ඔබතුමා වෙන පෝස්ටුවකට කවියෙන් දාපු කමෙන්ට් එකකට නම් උත්තරයක් දාල ඇති.... :D

    ReplyDelete
  30. අයියෝ..කලින්ම පිඟාන උස්සලා බැලුවනම් හරිනේ...හි හි :)එහෙනම් ඔයාලටත් අර කෑම එක එවෙලේම රස විඳින්න තිබුනා..

    ReplyDelete
  31. අක්කලාගේ බෝඩිමේ කතානම් නියමයි.. කොහේද හැබෑටම ඔය බෝඩිම තිබුනේ??

    ReplyDelete
  32. @ සයුරි,
    ඉස්සෙල්ලත් පිඟාන උස්සල බැලුව.... ඒ උනාට ඒ වෙලාවෙ සමහරවිට ඒක පිඟානෙ පතුලෙ ඇලිල තියෙන්න ඇති.... :D

    ReplyDelete
  33. @ Dinesh,
    හි..හී... ලංකාවෙ ප්‍රසිද්ධ පාරක් අයිනෙ කොළඹ පැත්තට වෙන්න....

    ReplyDelete
  34. සුපිරි සිද්දිය.... ඔය ගෑණු ළමෝ ඔහොමමයි... නිකාන් කලබල වෙලා පිස්සු නටනවා... හැදි මිටේ මොලේ ලුනෙ ( දැන් ඉතින් කොහි ඉදල් උස්සන් එන්නෙ නෑ... ):P

    ReplyDelete
  35. @ පිස්සා පලාමල්ල,

    ඒ හැඳි මිට අහසට දිගයි, හරිය.... ;P

    ReplyDelete
  36. අයියෝ සල්ලි !!!
    මොනා කරන්නද සේරම කෙල්ලෝ නේ. ඒකනේ ඔච්චරම කලබල වෙලා දිවුවේ.

    ReplyDelete
  37. @ මධුරංග,

    කෙල්ලො ටික විතරම් හිටිය හින්දා ඔයින් ගියා.... එක කොල්ලෙක් හෙම හිටිය නං අදත් ඉස්පිටිතාලෙ.... ;P

    ReplyDelete
  38. අප්පා....ඇගේ මයිල් කරන් කියෙව්වේ මම හිතුවා මලාම තමා කියලා පිස්සු හැදෙව්වා විනාඩියකට....

    එතකොට අර අක්කා උගුරේ හිරකරගන්න ඇත්තේ මොකක්ද ඈ හැදිමිටක්වත්ද නැත්තම් ඔක්කාරෙටවත්ද දන්නේ නෑ හික්ස්...

    එල ඈ මරූ....

    ReplyDelete
  39. @ ගැමියාගේ පත් ඉරුව,

    අන්තිමට අපි හිතුවෙ කරෝල කස්ටක්ම වෙන්න ඇත කියල... ඒක උගුරත් සූරගෙනම පල්ලං බහින්න ඇති... හික්ස්..

    ReplyDelete
  40. ඔක්කොම කලාට පස්සේද කට්ට ලැබුනේ?? හිකිස්..

    අපරාදේ.. ඒක ඇත්තටම ගිල්ලවන්න තිබ්බේ..

    ReplyDelete
    Replies
    1. ගිල්ලවන්න තරම් කේන්තියි ඉදිකස්ට හම්බුන වෙලාවෙ.... :D

      Delete
  41. අප්පා.. මටත් වෙලා තියෙනවා ඔය වගේ වැඩක්.. හැබැයි ඉතින් ඔහොම කලබලයක් නම් උනේ නැහැ..

    මමත් යුනි යන දවස් වල හිටපු බෝඩින් එකෙන් කෑම දුන්නා ( පළවෙනි බෝඩිම) එක දවසත් බත් ගෙඩිය ලෙහනකොට එකේ ඇතුලේ තිබ්බා ඉදිකට්ටක්!!
    ඕක කියල මම නිකං පල් උනා විතරයි අප්පා.... ඇන්ටි නෙවෙයිනේ පිළිගත්තේ!!

    ReplyDelete