ඔය කැම්පස් ගිය කාලෙ මං නතර වෙලා උන්නු බෝඩිමේම තව කෙල්ලො පස් හය දෙනෙක් නැවතිලා උන්න.... ඉන් එක්කෙනෙක් හරිම කෙට්ටුයි..... හැමදාම නාහෙන් අඬනවා ඇඳුමක් ඇන්දට කිසි ලකයක් නෑ, බට කෝට්ටක එතුව වගෙයි කියල..... ඇත්ත ඒක උනත් අපිට කියතෑක ඒ කියපු එක හරියටම හරි කියල.... අපි ඔය මනෝ විජ්ජාව ගැනත් දන්නව නෙව.... ඉතින් අපි හිත හදන්න නොයෙකුත් ඒව කියනව..... මොනා කිව්වත් ගෑනි දන්නව අපි කියන්නෙ බොරු බව....
ඉතින් ඔන්න දවසක් කැම්පස් එකේ නිවාඩුවකට ගෙදර ගිහින් එන ගමන් මෙයා අරගෙන ආව මහත් වෙන්න ආයුර්වේද බෙහෙතක්..... මට මතක විදියට අරිෂ්ඨයක්ද කොහෙද..... යාළුව ඉතින් බෝඩිමට ඇවිල්ල ඔය බෝතල් රාජයාව හොඳට පේන්න කබඩ් එකෙන් තිබ්බා.... කොහේ හරි අස්සක ගැහුවොත් ඉතින් මතක බැරුව යනවනෙ..... ඉතින් දැන් මේ ලෑලිලතා හැමදාම උදේට කැම්පස් යන්න ඉස්සෙල්ලා අර අරිෂ්ඨෙන් හැන්දක් බොනව... නිකම් නෙවේ......'ම්ම්ම්ම්ම්....' කිය කිය තලු මර මර.... ඔන්න උන්දැ වරද්දගත්තු තැන..... දැන් බලං ඉන්න අපිලට පේනව මේක මහා ප්‍රණීත රසයෙන් පිරි අරිෂ්ඨ රාජයෙක් බව..... ඊට පස්සෙ අපේ කස්ටිය ඔය රාජයා දිහා බලන විදියෙන්ම මට තේරුනා මට හිතිච්චි දේම උන්දැලටත් හිතිච්චි බව......
ඉතින් ඔන්න ඔහොම යනකොට දවසක් හවස මං ගෙදර ආව අනිත් අයට කලින්.... කාලා නාලා පොඩි ඇලට් එකක් දාන්න ඇඳේ හාන්සි උනාම ඔන්න මට පේනව අර අරිෂ්ඨ රාජයා..... කාමරේ කවුරුත් ඇත්තෙත් නැති නිසා මං හීන් සැරේ ගිහින් අර අරිෂ්ඨ හැන්දක් බිව්වා..... හම්මේ රස.... ඒත් වැඩිය බිව්වොත් අහුවෙයිනෙ..... බාගෙන කන්න තියෙන වල ඉහගෙන කන්නෙ ඕන්නෑනෙ කියලා වැඩේ එතැනින් නැවැත්තුව.... එදායින් පස්සෙ ලෑලිලතාගෙ අරිෂ්ඨෙ උන්දැට හොරෙන් මාත් බොනව..... හැබැයි මං ඔය බවක් එකියෙකුටවත් කිව්වෙ නෑ.... ඔහොම ටික දවසක් යනකොට මට තේරුනා මේක බොහොම සීඝ්රයෙන් අඩුවේගෙන යන බව..... හැබැයි මං හොරෙන් බිව්වෙ දවසට එක හැන්දයි..... මං හිතුව ලෑලිලතාට රහ වැටිලා තමයි කියල..... දවසක් උදේ ගෑනිට මළ පැනලා....
'කවුද යකෝ මගේ අරිෂ්ඨෙ හොරෙන් බොන එකා....?'
හැමෝම මූණෙන් මූණ බලනව..... එයා මං දිහා බලනකොට මං හිමීට මගේ ළඟින් වාඩිවෙලා හිටපු නදීශා දිහාවට නදීශට නොපෙනෙන්න ඇඟිල්ල දික්කලා....
'මොනවද බං නදී.... උඹත් එක්ක බේතක්වත් බේරගන්න බෑ... මළ පෙරේති....' ලෑලිලතා නම්බු නාමයක් දුන්න නදීශට....
'ඇයි උඹ මට විතරක් පෙරේති කියන්නෙ.... මුනුත් බිව්වෙ.....' ඒකි අනිත් එවුන් ටික පාවලාම දුන්න.... යකෝ බැලින්නං මං විතරක් නෙවේ හොරෙන් බීල තියෙන්නෙ..... අපි සෙට් එකම.... මට හිකිස්.. ගාල හිනා ගියා...
'තෝත් බිව්වද....?' ඒකට නං උත්තරයක් ඕන උනේ නෑ.... මගේ මූණෙන්ම උන් හිතාගන්නැති....
'හිටහල්ලකො මං හොඳ වැඩක් කරන්න...' කියපු ලෑලිලතා තුඃ තුඃ කියලා කෙළ හැහුව අරිෂ්ඨ බෝතලේට...... 'දැන් බීපල්ලකො.....'
ගෑනි බෝතලේ තිබ්බ කබඩ් එක උඩින්.....
වාඩිවෙලා හිටි තැනින් නැගිටලා ගිහින් බෝතලේ අතට ගත්තු නදීශා, 'අපිට බැරි නම් උඹටත් බෑ....' කියල එයත් තුඃ තුඃ ගෑව බෝතලේට කට ලං කොරල..... ලෑලිලතාට දැන් මලේ හොඳම එක....
'තුඃ නොදකින් තොපි.....' කිව්ව ගෑණි නැගිට්ට, ගත්ත බෝතලේ අතට, වීසික් කළා ජනේලෙන් පුළුවන් තරම් ඈතට......
ඉන්පස්සෙ නං ආයෙ කවදාවත් ඒ බෝඩිමේ ඉන්නකල් එයා ට්‍රයි කොළේ නෑ මහත් වෙන්න..... අනිත් බීපු කස්ටියට නම් අපරාදෙ කියන්න බෑ මහත්ඵල මහානිසංස ලැබුනා ඒක බීල.....
This comment has been removed by the author.
ReplyDeleteපවු නේද ඒ ලෑලිලතා !!!
ReplyDeleteදැන් නම් එයා මහත ඇති. කෙට්ටු වීමත් එක අතකට මානසික වදයක්.
me post eka dan dakke. ada thamai okkoma post tika kiyewwe. blog eka kiyawanna patan gannakota me post eka thibune naha. mekath kiyawalama nidagannawa. :D
ReplyDeleteඔය කෙළ ගැසීමේ ට්‍රික් එකනම් ටිකක් ප්‍රසිද්ධයි තමා...
ReplyDelete@මධූ : නැතුව නැතුව...ඒ ගැන ඕනනම් මගෙන් අහන්නකො...
බත් තනියම කෑවේ ඉස්සර..ගොඩක්ම බිත්තර තිබුන දවසට තමයි කෙළ ගැහුවේ,,ඒත් අනිත් උනුත් කෙළ ගහන්න ගත්තම ඒක නැවතුනා..මේ අරිෂ්ඨ සීන් එක නං එළ....දසමූලාරිෂ්ඨෙද දන්නෑ.....
ReplyDeleteහිකිz මදෑ.ඔයා අරිශ්ඨ රහයි තමා.මමත් බීල තියනව.පව් ලෑලිලතා.ඔව්ව වැඩිපුර බිව්වම වකුගඩු වලට හොදනෑලු කියල මම් අහල තියනව.ඇත්ත්ද දන්නෙ නෑ.:))
ReplyDeleteහිහ් හිහ්... බඩ අඩු කරගන්න බේතක් තියෙනව නම් කියපන්කෝ.
ReplyDeleteඅඩේ පව් අප්පා ලෑලිලතා... :P :P
ReplyDeleteඒ අරිෂ්ටෙ නම මොකද්ද මොකද්ද දන්නෑ නේ? ;)
අරිෂ්ඨ බීල නම් හරියන්නේ නෑ ... ඕකට හරියටම හරියන්නේ "කුෂ්මාණ්ඩය" අත්දුටුවයි ප්රත්යක්ශයි...
ReplyDeleteයම් යම් අරිශ්ට මතක් වෙනකොටත් කටට කෙල එනවා.හැබැයි ඉතිං හැම අරිශ්ටෙම රස නෑ.දසමූලාරිෂ්ටෙද දන්නෙ නෑ තමා.
ReplyDeleteමහත්ඵල කිව්වෙ..දැන් ලොරියක් විතර වෙලාද..හික්..ඔය අරිෂ්ඨ වැඩිය බොන්ඩ හොඳ නැලු..දිය වැඩියාවට අතවනනවා වගේ කියලයි ආරංචී... ඔවට අර අමර පානේත් කලවම් කොරනවලුනේ....කොහොමද අරිෂ්ඨ බිලා වැනි..වැනි..යනකොට...
ReplyDeleteකෙළ නං ගැහුවත් කමක් නෑ කියමුකො, අපේ එකෙක් උගෙ 'හැලිබොරේන්ජ්' බෝතලේ වෙන කව්රු හරි බොනව කියල දැනගෙන ඒක වෙන එකකට හිස් කරල ඔරිජිනල් එකට චූ කරල තියල.
ReplyDeleteඅනේ හැබෑටම මේ ළමයි එක්ක අරිශ්ඨ බෝතලයක්වත් තියාගන්න බැරි හැටි..
ReplyDeleteමම නම් හැමදාම කැමති වුනේ කෙට්ටු එවුන්ටයි .. හි.. හි... මහත් වෙන්න ඉතින් ඕනෙම නම් අර ඇතුල්කෝට්ටෙ ඉන්න ඌරු දොස්තර ගාවට ගියානම් හරි.
ReplyDelete[පාර දන්නෙ නැති අය ඉන්නවනම් මගෙන් අහන්න]
මට මැවිලා පේනවා ලෑලි ලතා ඔයාලට බැනපු විදිය
ReplyDeleteකෙළගහන සීන්එක මරුය. අපේ එවුන් නම් කෙළගැසුවා නොව කටේ තිබුනද ගනී. අපේ හොස්ටල් වල බේරගන්න බැරි ඖෂධය කොරෙක්ස් ඩී ය.
ReplyDeleteමට මතක් උනේම ඉස්කෝලෙ කැන්ටිමේ තේක . . . කැන්ටිං දැලෙං එලියට ගන්නකොටම කොල්ලො ඕකට කෙල ගහනව . . . අනිත් එවුං නං බොන්නෙ නෑ . . මම ඒ කෙල ටිකට එහාට යන්න පිඹල බොනව . . .ඒවෙලාවට දෙන තර්කෙ මෙතන දාන්න බෑ . . ඔයාම හිතාගන්න . .
ReplyDeleteඅපේ ගම්පලාතෙත් තිබුන සුපිරි අරිෂ්ඨයක් . . මෘථසංජීවනී කියල . . . කොකා කෝල බඩියෙ සයිස් බෝතල් වල ආවෙ . . . එක බෝතලයක් ගත්තාම හතරදෙනෙක්ට වැටෙනකං බොන්න පුලුවං . . . ඒතරං සැරයි %එක. මං හිතන්නෙ තරල සාරෙටත් වඩා සුපිරියි . . .
@කුමාරයා:
උන්දැ දැං ඒ ඌරු පෙති වෙදකම කරන්නෙ නෑ නේද ????
අක්කේ උඹල අර කෙල්ලට කරපු වැඩේනම් කැතයි
ReplyDeleteඅපිත් එක්ක හිටපු එව්වෝ අර ඕනයටත් වැඩිය හපන්
කෙල නෙමෙයි මොනවා ගැහුවත් අතඅරින්නේ නැහැ
බීලා දානවා
@සයුරි :
ReplyDeleteඑතකොට සයුරි අක්කගේ යාලුවාද මියුරු අක්කා කියලා කියන්නේ. :)
@ මධූ : හෙ හෙ...ඔයා හිතුවේ මම ලෑලි ලතා කියලද? ඒක වෙන්න බැහැනේ..පේන විදියටනම් මියුරු මට වඩා අවු. ගානක්ම වැඩිමල්...:))
ReplyDelete@ මධුරංග,
ReplyDeleteඅනේ අපේ ඒ හිටපු සෙට් එකෙන් ලෑලිලතාගෙන් තමයි කිසිම ආරංචියක් නැත්තෙ... නදීශා එක්ක නම් ඊයෙ පෙරේදත් කතා කළා....
මටත් තිබුණ බට කෝටුව වගේ හිටපු කාලයක්... හැබැයි පුංචි කාලෙ.... කස්ටිය ඒක විවේචනය කරන එකයි අහගෙන ඉන්න බැරි.... ඒකනෙ කෙට්ටුව මානසික වදයක් වෙන්නෙ....මට නම් එහෙමයි...
@ gataya,
ReplyDeleteබොහොම ස්තුතියි ගැටයෝ.....
@ සයුරි,
ReplyDeleteමේ කමෙන්ට්ස් ටික බලනකොටම පේන්නැද්ද ප්‍රසිද්ධිය..... කවුද දන්නෑ ඕක හොයාගත්තු එකා.... :)
@ ඔබ නොදුටු ලොවක්.....,
ReplyDeleteදැනුත් මං මේ වැඩ කරන තැන ඉන්නව ඔසී-ඉන්දුනීසියන් මිශ්‍ර කොල්ලෙක්... අපිට සමහර දවස්වලට විශේෂ කෑම ලැබෙනවා නොමිළේ..... එහෙමදාට ඉතින් කලින්ම නොගියොත් කුඩුවත් නෑ... අපි මූව තමයි යවන්නෙ අපිටත් එක්ක අරන් තියන්න.... මේකා ඉතින් අපට එක එක දීලා ඌ කොතක් ගහලා තියාගෙන හැමෝටම පේන්න ඒ හැම එකකම වටේ ලෙවකනවා.... ඉතින් කිසි කෙනෙක් නිකමටවත් අල්ලන්නෙ නෑ....
අනේ මට මතක නෑනෙ අරිෂ්ඨෙ නම... :(
@ නදී,
ReplyDeleteඅනේ මන්ද නදී.... ඇත්ත නැත්ත කොහොම උනත් මාත් ඔය වගේ කතා අහල තියෙනවා.....
@ පැණි දොඩම්,
ReplyDeleteබඩ අඩු කරගන්න අරිෂ්ඨ බීල හරියන්නෑ බං....
ඕකට හරියන නියම විදිය තමයි ඔය ඩ්‍රිල් එකක් කොහෙන් හරි හොයාගෙන බුරිය ගාවින් පොඩි හිලක් විදල, අර බැලුමක හුළං අරිනව වගේ බඩ මිරිකල චූස් ගාල හුළං ටික අරින එක.... ඔව්... මං කිව්වට කරල බලහංකො හරියන්නැද්ද කියල.....
@ Ice (අයේෂා කුලතුංග),
ReplyDeleteපව් නේන්නං... හනෙ අප්පේ... මොනව කළත් ඕකෙ නම මට මතක් වෙන්නෙම නෑනෙ....
@ මගේ කවි,
ReplyDeleteමොකක්ද යකෝ ඒ කුෂ්මාණ්ඩෙ... ඇහුවෙත් පළවෙනි පාර.... ඔය 'අණ්ඩෙ' කියල තියෙන නම තමයි මට අල්ලන්නෙ නැත්තෙ.....
පළවෙනි පාර නේද මේ... සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට... බොහොම ස්තුතියි කොමෙන්ටුවට....
This comment has been removed by the author.
ReplyDelete@ නිසුපා,
ReplyDeleteමමත් ඔය සමහර අරිෂ්ඨ ජාති බීල තියෙනවා පොඩි කාලෙ.... ඒත් ඕවයෙ නම් මතක හිටියෙ නෑ නෙවැ..... දසමූලාරිෂ්ඨෙ ගැන නම් අහල තියෙනවා... බිව්වදත් මන්දා..... ඒත් රස මතක නෑ....
@ Raj,
ReplyDeleteමම නම් ලොරි බාගයක් වේගෙන එනකොටම අන්තරාව දැකල කොහොම හරි කොන්ටෝල් කොර ගෙන සයිස් එක අඩු කර ගත්ත.... ඒත් අනිත් අයට එහෙමවත් පිනක් තිබිල නෑ නොවැ.... දැන් ඔක්කොම වගේ කසාද බැඳල දරුමල්ලො ඉන්න අම්මල නෙ... ඊයෙ පෙරේද නදීශට කතා කළාම කියනව දැන් දොන්ත පතං සයිස්ලු....
දියවැඩියාව නම් නොසෑදි තියෙන එකක් නෑ..... සමහර ඒවයෙ තියෙන පැණි රසට... අපේ අම්ම මොනවටද ගෙනත් තිබුණ 'ගිරිතයක්' කියල අයුර්වේද බෙහෙතක්.... ඒක වෙඩිං කේක් රහයි.... අන්තිමට මං තමයි වැඩි හරියක් කෑවෙ....
ඇයි අනේ.... කොල්ලො ගුලි කාල 'ලාබ සිනා' දාගෙන ඉන්නකොට අපි අරිෂ්ඨයක්වත් බොන්න එපැයි.....
@ Observer,
ReplyDeleteඅයියෝ ඒක නං බොනකම්ම තේරෙන්න නැතිව ඇති... හික්ස්....
මට මතක විදියට හැලිබොරේන්ජ් බෝතලෙත් දුඹුරු පාටයි.... එතකොට පාටෙ වෙනසකුත් පේන්න නැතිව ඇතිනෙ.... අපිත් පුංචි කාලෙ ආසාවෙන් බීපු දෙයක්.... හරිම පැණි රසයි.... මං කිව්වෙ 'හැලිබුන්ජි' කියලා.... :)
@ Dinesh,
ReplyDeleteඅරිෂ්ඨෙ නං ඔහොමවත් ගියා....හික්ස්....
@ kumaraya,
ReplyDeleteකවුද අනේ ඒ ඌරු දොස්තර....? මං ඇහුවෙ අදයි... උන්ද මහත්වෙන්න බෙහෙත් දෙන කෙනෙක්ද...?
@ අසරණයා,
ReplyDeleteහික්ස්... මටත් මැවිල පේනවා....
@ රාජ්,
ReplyDeleteඅපිත් ඔය ලොසින්ජර වගේ ඒව නම් යාළුවන්ගෙ කටන් පන්නල අරන් කාපු සීනුත් තිබුණා... හැබැයි අතිජාත එකෙක්ගෙ විතරයි.... කොරෙක්ස් ඩී අපේ කාලෙ තිබුණෙ නැතිව ඇති.... තිබ්බ නම් ආරංචි වෙනව.... මං අපේ පොඩි උන් දෙන්නට නම් දීල තියෙනව පුංචි කාලෙ, කැස්සට.... ටිං ගාල නින්ද යනව....පව්...
@ ඕනයා,
ReplyDeleteහයියෝ... බලං ගියාම මාර පෙරේතයෙක්නෙ....;P අනුන්ගෙ කෙළ භාජනයක් බොන්නෙ....ඊව්ව්.... කැස්ස හෙම්බිරිස්සාව ගානට බෙදාගන්න ඇති කස්ටිය නේද....
ඒ මෘථසංජීවනී දුන්නෙ මොන ලෙඩේටද...? මට නම නම් අහල තියෙනව වගේ.... ඔය විදියට ටික දවසක් යනකොටම අර කසිප්පු කාරයා කොහොම හරි තිප්පොලක් හොයාගන්නවා වගේ කස්ටිය ඕකට වහ වැටෙන බව දන්න නිසාම වෙන්න ඇති ඕවා ඔය තරම් ඉහළ % එකකින් දාන්නෙ...
@ ලොකු පුතා,
ReplyDeleteඒ කිව්ව විදියට නම් කස්ටිය නවත්තන්න වෙන්නෙ කක්ක පාරක් දාලම වෙන්න ඕන... හික්ස්....
@ සයුරි & මධුරංග,
ReplyDeleteමේවට උත්තර බඳින්න ගිහිං නිකං තියෙන පු.. හුණු ගාල සවුත්තු කරගන්න ඕන නැහැනෙ, නේද..... ;P :D
@Miyuru :
ReplyDeleteමට හිතිච්ච එකම වෙන්න ඕනේ අක්කා උඩ කමෙන්ට් කරලා තියෙන්නේ.
@සයුරි :
සයුරි අක්කා. මේ ගැන වාද කරලා වැඩක් නෑ වගේ.
@Miyuru & මධූ : අනිවා අනිවා :D
ReplyDeleteමියුරු සිස්ට අපවනම් අරිස්ටේ නැතුවම මහත් කරනවා හිනාගස්සලා
ReplyDeleteඌරු දොස්තර කියන්නෙ . . . පාර්ලිමේන්තු පාරෙං කෝට්ටෙ පාරට ඇතුල් වෙනකොටම දකුනු අත පැත්තෙ ඩිස්පැන්සරියක් කරන සේරසිංහ උන්නැහේ . . .
ReplyDeleteඋන්නැහේ සාරි පොටවල් වගේ වැනෙන කොල්ලො රම්බෝල වගේ පුම්බල ගන්නව මාසෙං . . . ඒක සිරා සීන් එකක් . . නිකං හිතන්නකො . . මේ ගිය මාසෙ වලියකදි කනට ගහල පන්නගත්තු ඇටිකිත්තො මෙන්න ඊලඟ මාසෙ එනව යකෝ රම්බෝ වගේ ඇඟ හදාගෙන . . . අපි දන්න හින්ද හොඳයි උංගෙ ඇඟ පිම්බුනාට හිතේ බයයි සරීරෙ හයියයි පෙර පරිදිමයි කියල . . . නැත්තං දුවන්න පාරවල් කෝට්ටෙ නෙමේ . . රාජගිරියෙත් මදි . . .
කතාව ඇත්තද බොරුද දන්නෙනෑ . . ඒත් කතාවක් තියනව සේරසිංහ උන්නැහේ කොල්ලන්ට දුන්නෙ ෆාම් වල ඌරන්ට වේගවත් වර්ධනයකට දෙන ස්ටෙරොයිඩ් එකක් කියල . . හරි වැරදි දැනගන්න මම ගියෙ නෑ ඔය මගුල ටැස්කොරන්න . . . මට මගෙ කටු සරීරෙ හොඳයි . . .
@ lahirucc,
ReplyDeleteපිං සිද්දවෙන වැඩක්නෙ අනේ.... :)
@ ඕනයා,
ReplyDeleteහනේ බොලේ මං ඒ කතාවක් දැනං උන්නෙ නෑ නෙව... බොහොම ස්තුතියි විස්තරේට.... ස්ටෙරොයිඩුයි එතකොට මේ ඌරු පෙති...හික්ස්....
මට මැවිල පේනව අර සාරි පොටවල් වගේ වැනෙන කොල්ලො රම්බෝල වගේ පිම්බිල එන හැටි, ඇටිකිත්තො රම්බොල වෙලා වලි ඉල්ලගෙන එන හැටි එහෙම..... ඔය අනිත් හැම එකම ටැස් කොරල බලන එකේ ඕනයටත් තිවුනෙ ඕකත් ට්‍රයි කොරල බලන්න..... නිකං තියෙන සරීරෙ නෙව.....
හහ් . . . මම නෑ නෙ ඔය ඉල්ලං කන සබ්ජෙක්ට් වලට . . .
ReplyDeleteමහත් වෙන්න බෙහෙතක් මටත් කියපල්ලකො... නෑ... එක්කො ඕනි නෑ. මෙහෙම හොඳා...
ReplyDelete@ ඕනයා,
ReplyDeleteඌරු පෙති කන්නෙ නෑනෙ අනේ... වතුර ටිකක් අරගෙන සුටුස් ගාල ගිලල දාන එකයි... :)
@ පිස්සා පලාමල්ල,
ReplyDeleteඅනෙ අප්පේ... පිස්සත් අර ඕනය වගේ කෙට්ටුය...?
ඔන්න ටිකක් උඩහට ගිහින් බලන්නකෝ ඌරු පෙති වගයක් ගැන කියල තියෙන්නෙ... හොඳ බෙහෙතක්ලු... ඔව්...
මම හිතන විදියට නම් කෙට්ටු බව ඉතාමත් හොදය මොකද නැත්තම් බදින මිනිහට බර වාහන ලයිසන් ගන්න වෙනවා.කාට කාටත් හොරා අරිෂ්ඨ බීපු අක්කා කොහොම ඇත්ද මට මතක් වෙන්නේ සූර පප්පා කාටුන් එක මරු බ්ලොග් එක කියවන එක නවත්තන්න හිතෙන් නෑ
ReplyDelete@ ගැමියාගේ පත් ඉරුව,
ReplyDeleteඒක බිව්වට පස්සෙ මටත් කෙලවේගෙන ආව... කලින්ම අනතුරු සංඥාව ටිං ටිං ගෑව නිසා සෑහෙන මහන්සිවෙලා ගාණට තියාගෙන ඉන්නෙ....හික්ස්...
Attatama ewa biuwama mokkda wenne ape ge gawa akka kenekui ayya kenekui biuwa godak mahatai eyala
ReplyDelete