Total Pageviews

Monday 24 June 2019

පරණ ඔසී කතා - Dunny




https://www.pinterest.com.au/rosepat52/old-aussie-dunnies/?lp=true


මේක පොඩි කක්කා කතාවක් හොඳේ. ඒත් එහෙමටම කියලා නෑ හැබැයි. එහෙන් මෙහෙන් අහුලා ගත්තු කෑලියි, එක එක යාළුවන්ගෙන් අහ ගත්තු විස්තර වලිනුයි තමයි මේක ලිව්වෙ.

ඉස්සර අපේ රටේ වල කකුස්සි තිබුනා කියනවනේ.  මගේ පූරුවේ වාසනාවකටද කොහෙද මගේ ජීවිතේටම දෙපාරක් විතරයි එයින් එකකට යන්න සිද්ද වෙලා තියෙන්නෙ. දෙපාරම එකම තැන. ඔයාලා හිතයි පුංචි කාලෙ, ගමක වෙන්න ඇති කියලා. නෑ… නෑ… නෑ… මේ ගංගොඩවිල නුගේගොඩ 1990 ගණන්වල මැද භාගයෙදි. විශ්වාස කරන්න පුළුවන්ද? මට නම් බෑ වගේ.



ඉතින් ඕකට යන්නම සිද්ද වුනු නිසා ගියා මිසක්වා, නිකම් හරි නොයා ඉන්න පුළුවන් උනා නම් අම්මෙ මුත්තෙ කිව්වත් යන ගමනක් නම් නෙවෙයි ඒ. අයිතිකාරිටත් පොඩි ලැජ්ජාවක් ඇතිවුනා, මට ඒක පෙන්නන්න. ගෙට පිටි පස්සෙ උස් භූමියක් වගේ තිබුනු තැනක තමයි බඩු තිබුනෙ. ඒ කියන්නෙ ස්ටේජ් එකක් උඩ. මං ඒකට අඩිය තිබ්බෙ පණ බයෙන්. දෙපාරක් විතර ළඟට ගිහින් ආපහු එන්න හැරුනත් එක්ක. මහා ගන්ධස්කාරයක් බලාපොරොත්තු වුනු මං, ඒකට සූදානම් උනාට, අඩිය තියනකොට බැරි වෙලා හරි කකුළ ඇතුලට යාවි කියන භීතියත්, අර තට්ටුව කඩාගෙන කක්කා වලට වැටෙයිදෝ කියලා තිබුනු බයත් තමයි වැඩියම. අනිත් එක තමයි මං ඉස්කෝලෙ යන කාලෙ දැකලා තිබුනු ඔය වගේ එකක බඩු එකතු කරන්න පිටිපස්සෙ පෝච්චියක් වගේ එකක් තියලා තිබුනා. මං ඉස්සර කියලා තියෙනවානෙ අපේ හයේ හතේ පන්ති තිබුනෙ හවස් වරුවෙ කියලා. ඉතින් ඉස්කෝලෙ පටන් ගන්නකම්, ඉස්කෝලෙන් අනිත් පැත්තෙ තිබුනු පාරක, පන්ති පිළිවෙලට පෝළිම් ගැහිලා ඉන්න තමයි අපට සිද්ද වුනේ. ඒක ගෙවල් වලට යන පාරක් උනාට ඒ කාලෙ නම් ඒ හැටි වාහන ගිය පාරක් නෙවේ. සතියකට විතර සැරයක් කාර් එකක් වගේ ගියා කියලා මතකයි. ඒකත් පයින් යන ගානට. බයිසිකල් කාරයෙක් උනත් ගියේ පටන් ගත්තු තැනම ඉඳලා බෙල් එක ගහ ගහා. මං හිතන්නෙ ඔය වෙලාව වාහනකාරයො මග හරින්න ඇති ඒ දවස්වල. ඉතින් ඔන්න ඔය පාරෙ පෝළිම් ගැහිලා ඉන්දැද්දි තමයි අර පෝච්චිය දැක්කෙ. වැසිකිළියෙ උඩ ඉඳලා පෝච්චියට පොඩි දුරක් තිබ්බ නිසා, පිටිපස්ස හරවලා තිබ්බ කකුස්සියට කවුරු හරි ගිහින් වැඩේ කරනකොට බඩු වැටෙනවා පේනවා. අපට ගඳ දැනුනෙ නැතුවට, අපි නහයත් වහගෙන බලන් ඉන්නවා, ගණන් කර, කර. ඒ ගෙදර මිනිස්සු අපි ඉන්න වෙලාවට ඕකට යන්න ආවෙත් බැරිම තැන වෙන්නැති. ඒ ගෙදර පොඩි උන් හිටියෙ නැතුවද මන්දා, අපි එහෙම දැක්කෙ ලොකු ඇන්ටි කෙනෙකුයි, අන්කල් කෙනෙකුයි විතරයි. ඒ දෙන්නා නම් අපි දිහා බල බලා, හොඳට වතුර බාල්දියත් පද්ද පද්දා තමයි ආවෙ. පොඩි උන් හරි තරුණ උන් හරි හිටියා නම් පබ්ලික් එකකට හරි, ගේ ඇතුලෙම හරි වැඩේ කරනවා මිසක් ඒකට නම් එන එකක් නෑ, ඔය වෙලාවට. අපි ඒක දිහා බලන වැඩේ නැවැත්තුවේ, දවසක් අපි බලාගෙන ඉන්දැද්දිම මනුස්සයෙක් ඇවිත් අළුත් පෝච්චියක් තියලා, අර පරණ පෝච්චිය එයා ළඟ තිබුනු රෙදි කෑල්ලකින් වහගෙන, කරේ තියාගෙන යනවා දැක්කට පස්සෙ. පුදුම දුකක් ඇතිවුනේ ඒ අහිංසක මනුස්සයා ගැන. අර ගෙදර මිනිස්සුත් එක්ක කේන්තිත් ගියා අපට, තවත් මනුස්සයෙකුට ඒ වගේ වැඩක් කරන්න ඇරියට. ඒත් සමහරවිට ඒ මනුස්සයාට රස්සාවක් නැතිවෙන්න පුළුවන් ඒකත් නැති උනොත් කියලා හිතලා, පස්සෙ හිත හදාගත්තා.

හප්පා, මාත්තුරුකාවෙන් පිට පඳුරක් තැලුවා නේද දිගට, මම. ඔන්න එහෙනම් කතාවට ආපහු. මොනවා උනත් මේ යාළු ප්ලේස් එකේ පෝච්චි තිබුනෙ නෑ. අඩි ගාණක් යටට බඩු වැටෙන එකක් තමයි ඒක. ඒ ටික තේරුම් ගියාට පස්සෙ බය හිතුනා, මේ වෙනකොටත් තියෙන බඩු ආපහු ඉහෙයිද කියලා අළුත් බඩු වැටෙනකොට. ඒකෙ මොන මොනවා තියෙන්න ඇද්ද කියලා හිතන්නවත් බයයි. අන්තිමට කොහොම හරි ඒක පාවිච්චි කළාට පස්සෙ, රෑ නිදා ගන්න ගිහින් කී සැරයක් මං ඒකට වැටෙනවා හීනෙන් දැකලා ඇහැරුනාද මන්දා.

ඉතින් අනේ කැන්ගරු දේසෙත් තිබිලා තියෙනවා ඒ ජාතියෙම එව්වා. හැත්තෑ ගණන් වල අග භාගය වෙනකම්ම, ගම් පළාත්වල, විශේෂයෙන්ම ගොවි පොළවල්වල මේවා පාවිච්චි කරලා තියෙනවා. ඒකට කියලා තියෙන්නෙ ඩනී කියලා. මේවා තිබිලා තියෙන්නෙ අපේ එව්වා වගේම ප්‍රධාන ගොඩනැගිල්ලෙන් ඈතට වෙන්න, ඒවායෙ පිටිපස්සෙ. හැබයි ඒවායෙ එක, එක විදියට හදපු සීට් තිබිලා තියෙනවා වාඩිවෙන්න. සමහර ඒවා තිබිලා තියෙන්නෙ මැද හිලක් හදාපු ලෑලි කෑල්ලක් දාලා. හිනාම යන වැඩේ කියන්නෙ මේවායෙ එක, එක වර්ශන් එනකොට සීට් දෙකක් එක්ක තිබිලා තියෙනවා, 'හනිමූන් මොඩල්' කියලා හඳුන්වපු. නෝනාටයි මහත්තයාටයි එකට යන්න වෙන්න ඇති. හික්ස්… 


මේ ඩනී ගොඩනැගිලි පරණ අය කියන විදියට හයියෙන් පඩයක් ගියත්  මුළු ගොඩනැගිල්ලම ගසාගෙන යන්න පුළුවන් තරම් බොහොම දුර්වල විදියට හදාපු ඒවලු. පස්සෙ කාලෙකදි නම් ගඩොල් වලින් හදලා තියෙනවා. ඩනීවල පාවිච්චි කරපු කොළ වලට කියලා තියෙන්නෙ 'ඩනී පේපර්' කියලා. මුල් කාලෙ මේවා විදියට පාවිච්චි කරලා තියෙන්නෙ පත්තර කෑලි ඉරලා අරගෙන. සමහරු කියනවා, ඒ කාලෙ පත්තරවල ප්‍රින්ට් කරන අකුරු බොහොම ලේසියෙන් එහේ මෙහේ ගෑවෙන හින්දා, පස්ස පැත්ත කළු කරගෙනලු එළියට එන්නෙ. ඒ කාලෙ පරණ ඩිරෙක්ටරිවල කොළ එහෙම ඉරලා අරගෙන හතරට කපලා පොඩි කොක්කක එල්ලලා තිබුනලු වැසිකිළිය ඇතුලෙ. සමහරු පාවිච්චි කරලා තියෙන්නෙ අර ඇපල් ගෙඩි වෙන වෙනම ඔතලා තියෙන කොළ එකතු කරගෙන. සමහර පබ්ලික් ඒවට ගියාම කොළ තිබුනොත් වාසනාවලු. අර කොක්කෙ ගොඩක් එල්ලන්නත් බෑනෙ. ඒ හින්දා සමහරු කොළ සාක්කුවේ දාගෙනමලු ඉන්නෙ. කාලයක් එහෙම සාක්කුවේ දාගෙන හිටියම කොළ සොෆ්ට් වෙන හින්දා වැඩේට තවත් හොඳයිලු. ඒ මදිවට මකුළුවොත් ඉන්නවලු ඇතුලෙ.

සමහර පොඩි නසරානින්ට අහුවෙනවලු එහෙම ඉරලා තියෙන කොළ අරගෙන තියෙන්නෙ වැඩිහිටියන්ට විතරක් තියෙන අර 'අමුතු පත්තර' වලින් කියලා. ඉතින් ඌ අරකෙ කෑලි ටික හොයලා කියවලා එනකම් වෙන එකෙකුටවත් යන්න ලැබෙන්නෙ නැතිලු. හොඳ ලිපියක අග කෑල්ල හොයාගන්න බැරි උනාම ඉතින් මළ පැනලලු ආපහු එන්නෙ. ඒ මදිවට තව සමහරු (පොඩි එව්වො ) ගිහින් ඒ පත්තර කොළ කෑලි රෝල් කරලා සිගරට් වගේ බොනවලු. යුද්ද කාලෙ, ආමි එකේ හිටිය අයට දවසකට පාවිච්චි කරන්න ලැබුනෙ ඒ වගේ හතරැස් කොළ කෑලි තුනයිලු. පව්. එක පැති බිත්තියක ගුලක් හදලා ඒකෙන් හෝස් එකක් ඇතුලට පන්න ගෙන පාවිච්චි කරපු අයත් ඉඳලා තියෙනවා.

අපේ රටේ වගේම මෙහෙත් ඒ පෝච්චි අරන් යන්න කෙනෙක් ඇවිත් තියෙනවා. එයාට කියලා තියෙන්නෙ 'ඩනී මෑන්' කියලා. එයා වැඩ කරලා තියෙන්නෙ ඒ කාලෙ තිබුනු නගර සභා යටතේ.  සමහරු හරි කණගාටුවෙන් තමයි දැන් නම් ඒ ගැන කතා කරන්නෙ. එයාගෙ රාජකාරිය තිබිලා තියෙන්නෙ උදේ පාන්දරම. ඒවා ගෙනියපු වාහනේට කියලා තියෙන්නෙ 'ඩනී කාට්' කියලා. හැම නත්තලකටම හැම දෙනාටම මේ ඩනී මෑන්ට නත්තල් කාඩ් එකකුයි, හොඳ තෑග්ගකුයි දෙන්න වෙලා තියෙනවා. කිසි කෙනෙක් ඒක අකුරටම ඉෂ්ට නොකර ඉන්න බය වෙලා තියෙන්නෙ ඒකෙ ප්‍රතිපලේ බොහොම භයංකාර වෙන්න පුළුවන් හින්දා. පොඩි ළමයි මෙයාට හරි බයයිලු. පාන්දර ටොයිලට් යන්න උනොත් අර පෝච්චිය අතුලටම දාගෙන යාවි කියලා.

17312051
https://www.goodreads.com/book/show/17312051-the-dunny-man

අනේ ඉතින් මේක ඇහුවාම මට පුජූම තංතෝසයක් දැනුනෙ මෙහේ ලොක්කොත් ඒවා අපේ අය විදියටම පාවිච්චි කරලා තියෙන නිසයි. කොළේ විතරයි වෙනස්. ඊටත් වැඩිය පුජූඌඌම තංතෝසෙ දැන් නම් ඒවා දකින්නවත් නැති එක ගැනයි.

ඔය උඩ පින්තූරෙ ගනිපු තැන ලින්ක් එකට ගියාම තව බොහොම ලස්සන එව්වා බලාගන්න පුළුවන්….

තවත් දෙයක්... මෙහේ කට්ටිය මේ ටොයිලට් යන එකට කියන අපූරු කියමන් (slang) තියෙනවා. නොදන්න කට්ටියට බලා ගන්න එයින් ටිකක් පහතින් දැම්මා. මේ සමහර ඒවා තවමත් බොහොම සුලභව පාවිච්චි වෙන ඒවා. සමහර ඒවා දැන් වැඩිය ඇහෙන්නෙ නෑ, පරණ කෙනෙක් කිව්වොත් ඇරෙන්න.

going to the dunny
going to the John
the bog
the outhouse
have a slash
have a piss
do number one or two
take a crap
shake the wife's best friend     :D
going to the dike
going to the loo
going to have a leak
going to shithouse


26 comments:

  1. කතන්දර ලිව්වට පස්සෙ බ්ලොග් කක්ක කතාවක්. :)
    ඒ දවස් වල උනානම් කක්ක සීරීස් එකක් නැගල යනවා මේකෙන් පස්සෙ

    ReplyDelete
    Replies
    1. කතන්දර ලිව්ව කක්ක කතාව මං දැක්කෙ නෑනෙ. සොයාගෙන බලන්න ඕන.
      //ඒ දවස් වල උනානම් කක්ක සීරීස් එකක් නැගල යනවා මේකෙන් පස්සෙ// ඒක නේන්නම් කාවින්ද. දුකයි ඒ කාලෙ මතක් වෙනකොට.

      Delete
  2. ??Thunderbox
    A toilet
    This is Australian slang
    It is called a thunderbox because sometimes when you go to the loo you fart, and it sounds like thunder. I don't think I have to explain the box part.
    Ah that felt good! I did a big one in the thunderbox just now! Boy it smells!//

    https://www.urbandictionary.com/define.php?term=thunderbox

    ReplyDelete
    Replies
    1. :)))
      Never heard of that one before. I will ask Aussies. Thanks for the tip Pra.

      Delete
  3. අදටත් නගරබද පැරණි නිවාස විකුනනකොට ඉඩමට rear lane access තියනවා කියලා කියන්නේ අතීතයේ මේ වැසිකිලි පෝච්චි එකතු කරගෙන යන්න හදාපු lane එකටයි. බොහොම ඉස්සර ඉඩම්/ගෙවල් විකුණන කොට dunny man access (කසල ශෝධක ට ඉඩමේ පිටුපසින් ඇතුළු වී වැසිකිලි භාජනය හිස් කිරීමට පහසුකම්) තියනවා කිව්වෙත් මේකටමයි. Urban Dictionary එකේ Thunderbox කියන වචනයට දීලා තියන පැහැදිලි කිරීම ගැන මම එකඟ වෙන්නේ නැහැ. ඒ නම කියන්නේ එහි ලෑලී පියන පහත දැමුවාම ( වැහුවාම) එන ශබ්දය නිසා කියලයි මම දැනගෙන හිටියේ. නමුත් ඒක ඔප්පු කරන්න මුලාශ්‍රයක් හමු උනේ නැහැ.
    අර අන්තිමට තියන ලැයිස්තුවට Going to have a leak කියන එකත් Going to shithouse කියන එකත් එකතු කල හැකියි.

    ReplyDelete
    Replies
    1. ඔය rear lane access කතාව අහලා දැකලා තිබ්බට මෙහෙම දෙයක් ගැන නම් පොඩ්ඩක්වත් දැනගෙන හිටියෙ නෑ සෑම් කියනකම්. අර අන්තිමට කියල තියෙන ටික ලැයිස්තුව අගට එකතු කරන්නම්. බොහොම ස්තුතියි නොදන්නා විස්තර ටිකකුත් සැපයුවට.

      Delete
  4. Australian spelling is closer to British than American spelling.

    ReplyDelete
  5. කක්ක කිව්වම ම්ට මතක් උනෙත් ඉස්සරම කතන්දර බ්ලොග් එක

    ReplyDelete
    Replies
    1. මං ඔය කියන පෝස්ට් එක දැකලා නෑනෙ සඳා. සොයාගෙන බලන්න ඕන කියල හිතාගෙන ඉන්නවා.

      Delete
    2. දෙතුන් දෙනෙකුම සඳහන් කර ඇති නිසා මාත් හොයා බැලුවා. ඔය කියන කතන්දරකාරයා ලියා තියෙන්නේ කක්කා කතන්දර දෙකක් විතරයි ද කොහෙද!
      ;-)

      කක්කා කතන්දර

      Delete
    3. මේ කියවන්න යන ගමන්… :D

      Delete
  6. ක්කියවනකොට ගඳත් දැනුන කියහන්කෝ

    ReplyDelete
    Replies
    1. මට මේ කමෙන්ට් එක දැකලා හොඳටම හිනා ගියා, අජිත්. මොකද, ලියනකොට මටත් දැනුනා. :D

      Delete
  7. ඔබට පැටැලැවිලි කිහිපයක් වී ඇති බව පේනවා.

    1. කක්කුස්සිය කියන්නේ වලක් උඩ හිලක් සහිත කොන්ක්‍රීට් ලෑල්ලක් යොදා සාදා ඇති ඒවාට පමණක් නොවේ කක්කුස්සිය යනු වැසිකිලියටම තවත් නමකි.

    2. ඔබ ඔසී දේශයේ ද තිබී ඇතැයි සතුටු වෙන ආකාරයේ වැසිකිලි මෙරටට ආවේ, ඒවා ලංකාවට ගෙනා බ්‍රිතාන්‍ය ජාතිකයින් ම ය!

    ReplyDelete
    Replies
    1. 1. කක්කුස්සිය කියන එකෙන් මං මේකෙ කියූ වර්ගය විතරක් අදහස් කළේ නෑ, කකා. මං එහෙම එකක් කියල තියෙනවද බලන්න, පෝස්ට් එකත් ආයෙම බැලුවා. අපේ ගෙදර තියෙන එකටත් අපි කිව්වෙ එහෙමම තමයි. මේ වගේ ඒවට 'වල' කියන විශේෂණ පදය යොදනවා එහෙම එකක් ගැන කියනකොට. එච්චරයි. :D

      2. තැන්කුයි ඉතිහාස කතාවට. ඒක දැනගෙන හිටියෙ නෑ.

      Delete
  8. Replies
    1. ලින්ක් එකට බොහොම ස්තුතියි. සොයාගන්න බැරිවයි හිටියෙ.

      Delete
  9. මම නම් ඕවා අනන්ත පාවිච්චි කරලා තියනවා. ඉස්සර අපේ සීයලෑ ගෙදර (බෝතලේ) තිබුනෙ ඒකක්. ඔය කිව්වා වගේ මම්ත් බොහොම අප්‍රසන්නෙන් තමා ඕකට ගියේ. අනිත් එක ඔය් කියන කඩන් වැටෙයි කියන බයත් තිබුනා. වාඩිවෙලා යට බැල්වම කළුම කළු අන්ධකාර වලක්.. නිළ මැස්සො රූ රූ ගගා කැරකෙනවා. හිටපු ගමන් එකෙක් ඇගේ වැදීගෙන උඩට එනවා, ආයෙ යටට යනවා.. මහා අප්‍රසන්න රාජකාරියක් ඒක. දවසම හිර කරන් ඉඳලා නොගිහින් බැරිම උනාම තමා යන්නේ... ඒකත් අයින් කරණ ජාතියෙ එකක් නෙමේ. වැසිකිලිය පටන් ගත්තු දවසේ ඉඳ ඔක්කොම ඒක ඇතුලේ ගොඩ ගැහිලා තමා තිබුනේ.. හප්පා ඔය, දැනුත් ඒ ගද මට දැනෙනවා වගේ... හෙහ් හෙහ්...

    "the bog" බොග කියන එක හැදෙන්න ඇත්තේ ඕකෙන් වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. අයියෝ සෙන්නා කියලා වැඩක්ම නෑ ඒකෙ වග නම්. හොඳ වෙලාවට මං ගිය එකේ නිල මැසි නොහිටියේ. මං ගිය එකත් ඔය කියන ජාතියේම එකක් තමයි. පරම්පරා ගාණක ඒවා ඒක ඇතුලෙ. ගඳ ගැන නම් කියල වැඩක් නෑ අනේ. මතක් වෙනකොටත් ඉබේම හුස්ම හිර වෙනවා නහය තද කරන් ඉඳලා. ඔය බොග කතාව මටත් හිතුනා ඒක දකිනකොට. ඉස්සර අපේ ඉස්කෝලෙ සර් කෙනෙකුත් හිටියා බොගා කියලා.

      Delete
  10. හෙහ් මාත් ගිහින් තියෙනවා. අවංකවම පණ බයේ බැරිම වුනොත් තමා යන්නේ. අපේ ලොකු අම්මලාගේ ගෙදර තිබුනා. පොඩි කාලේ එහෙ ගියාම ඉතින් එපාම වෙන වැඩේ ඕකට යන එක තමා.

    ReplyDelete
    Replies
    1. ඒක මතක් වෙනකොට ගමනත් එපා වෙනවා, නැද්ද? පොඩි කාලෙ තව බය හිතෙනවා ඇත්තෙ කකුලක් එහෙම අරක අස්සට යන්න ලේසි හින්ද වෙන්න ඇති.

      Delete
  11. අම්මෝ ඔය වල කකුස්සි ගැන අහලා තිබ්බාට ගිහින් නම් නැහැ.මම හිතන්නේ අපේ කාලේ වෙන කොට එව්වා නැතුව ගිහින් තියෙන්න ඇති.
    මේ කකුස්සි කතාවක් නිසා කියන්නේ මම දැක්කා ඉන්දියාවටත් අපිට නිදහස ලැබෙන කාලෙම නිදහස ලැබුනත් ඉන්දියාවට වඩා අපේ වැසිකිලි භාවිතය හොඳ තැනක් තියෙන්න හේතුව ඒ කාලේ සනීපාරක්ෂක වැඩසටහන් වෙනුවෙන් ලැබුණු ආධාර හරියට අපේ ඒ කාලේ හිටිය පාලකයෝ කළමනාකරණය කරපු නිසා කියලා.

    ReplyDelete
    Replies
    1. මනෝජ් එහෙනම් වාසනාවන්තයි. එක දවසක් හරි ගියා නම් අඩුම ගානෙ සතියක් විතරවත් යනකම් හීනෙන් වළට වැටෙනවා, වැටෙනවා ඉවරයක් නෑ… :D

      ඉන්දියාවෙ නම් තවමත් ගෑණු පිරිමි භේදයකින් තොරව පාර අයිනෙ වැඩේ කරනවනෙ. මෑතකදි ඕක ගැන ෆිල්ම් එකකුත් හැදුවද කොහෙද. දවසක් ඕක ගැන ඉන්දියන් එකෙක් එක්ක කතා කළ වෙලාවක ඌ පළු යන්න බැන්නා මහත්මා ගාන්ධිට එයා තමයි ඕක ඉන්දියානුවන්ට පුරුදු කළේ කියලා. මං අහලා තියෙන්නෙ සුද්දන්ව පන්නන්න උපායක් විදියට එහෙම කළා කියලයි. සෑහෙන කාලයක් යනකම් අපෙත් වෙරළ බඩ තීරයෙ ඕක දැක ගන්න ලැබුනා. දැනුත් එහෙමද මන්දා.

      Delete
  12. කෑගල්ලෙ අපි හිටපු රජයේ නිවාසෙ ඔහොම කක්කුසියක් තිබ්බ. ඒකනම් වල කක්කුස්සියක් නෙවෙයි බාල්දි කක්කුස්සියක්..අඩි දෙකක් තුනක් වගෙ විෂ්කම්භයක් තියෙන ගැල්වනයිස් බාල්දියකට තමයි බඩු වැටෙන්නෙ.

    දවස් තුනකට වගෙ සැරයක් නගර සභාවෙ කම්කරුවෙක් ඇවිල්ල අලුත් බාල්දියක් තියල පිරිච්චි එක පටවගෙන යනව. හැබැයි පාරෙදි එහෙම ඒ කරත්තෙ අපිට මුණ ගැහුනට ගඳක් එහෙම එන්නෙ නෑ. මම හිතන්නෙ හොඳට යහමින් අළුහුණු දානවද කොහෙද..

    හැබැයි ඒ බාල්දි එකතු කිරිල්ලෙ වැඩේ මට මතක විදිහට හැත්තෑව හැත්තැ එක වගෙ කාලෙදිම නැවතුනා.

    නුවර නගර සබාවෙන් ඔය වැඩේ කලේ රෑට...අපේ ලොකු අම්මගෙ පුතාගෙ නම සරත්..අපි පොඩි කාලෙ සරත් බරත් බර කරත්තෙ රෑට අදින ගූ කරත්තෙ කියල කෑගහනකොට මනුස්සය පස්සෙං පන්නනව ගගන්ට...:)

    ඔය අසූචි කරත්ත අදින රස්සාව කලේම දෙමළ මිනිස්සු..සක්කිළි කියලයි ඒ මිනිස්සුන්ට කිව්වෙ...

    ReplyDelete
    Replies
    1. ඔය කියන විදියෙ බාල්දි එකක් තමයි අපි අර ඉස්කෝලෙ යන කාලෙ දැක්කෙ. බාල්දිය වෙනුවට ලොකු කටක් එක්ක සුදු පාට රවුම් පෝච්චියකුයි තිබ්බෙ. අර පෝච්චිය අරන් ගිය මනුස්සයා ඒක අරන් ගියේ අසූ ගණන්වල මැද භාගෙ. පව් අප්පා ඒවා කරපු මිනිස්සු නම්.

      රවී කිව්වමයි මතක් උනේ. මට යාන්තම් මතකයි ඔය වල කකුස්සි වලටත් කාලෙන් කාලෙට අළු හුණු දාන කතාවක්. ගඳ කොන්ටෝල් කරන්න.

      Delete