ඔය කාලෙ තමයි මං ජීවිතේටම වැඩිපුරම ගල් වැලි කෑවෙ බතුත් එක්ක... ඇන්ටිගෙ හාල් ගැරිල්ල ආච්චිට හාල් ගැරිල්ලක්... මගේ අතේ සල්ලි තිබ්බ නිසා මමයි, කාමරේ හිටපු යාළුවෙක් වුනු ඩිලානියි දෙන්නා සමහර දවස්වලට හවසට එළියට ගිහින් කඩේකින් මොනව හරි කාල එනව... ඒ වගේම බිස්කට්, කේක්, චොකලට් වගේ ජාති අනිත් උන්ට හොරෙන් තියාගෙන කාමරේ දොර වහගෙන කෑවා... ඇයි යකෝ බෙදනව කියල කී දෙනෙකුට බෙදන්නද... කාපු චොකලට් ගාන බලා ගත්තැකි මගේ ඇඳ දිහා බැලුවම... ඒ කාලෙ චොකලට් හැම එකටම වගේ ස්ටිකර් හම්බුවෙනවනෙ... අපරාදෙනෙ අය්යො නිකම් හම්බුවෙන එක උනාට ඕව විසි කරන එක... ඉතින් ඕවා අලවලා අලවලා ඇඳ වැහිලා ස්ටිකර් වලින්... අම්මා මං බලන්න ආවම හැමදාම කම්මුලේ අත තියාගන්නව ඕක දැකලා... ඇයි ඉතින් එන එන සැරේට සංඛ්‍යාව වැඩි වෙලානෙ...
Total Pageviews
Tuesday, 6 May 2014
අමුතු පත්තරේ...

Monday, 7 April 2014
චූටි නංගි......
Tuesday, 11 March 2014
Ansette Australia
පර්ත් සම්බන්ධ පරණ තොරතුරු සොයද්දි මං මේක දැක්කෙ අහම්බෙන්... මීට කලින් මෙහෙම එයාලයින් එකක් ගැන අහලම තිබ්බෙ නැති නිසා විස්තර ටිකක් හොයන්න හිතුනා... ඒවායින් සමහරක් පහළ...
Ansette Australia Airlines කියන්නෙ ඕස්ට්‍රේලියාවෙ මෙල්බර්න් වලින් 1936 පටන් ගත්තු ඉතා විශාල එයාලයින් ගෲප් එකක්... හරියට දැන් තියෙන Qantas වගෙයි... සමහර ස්ථානවල කියලා තියෙනවා මේක Sir Reginald Miles Ansett විසින් Ansett Airways Pty. Ltd විදියට 1935 දි පටන් ගත්තාය කියලත්... ඒ කාලෙ මේ මගීන් සහ භාණ්ඩ ප්‍රවාහන ව්‍යාපාරය මොන තරම් සාර්ථක උනාද කියලා කියතොත් ඒක Victorian Railways එකේ ආදායමට පවා තර්ජනයක් උනාලු... මෙයාලගෙ ගුවන් යානා පළමුවෙනි වතාවට ගමන් කරලා තියෙන්නෙ වික්ටෝරියා ප්‍රාන්තෙ හැමිල්ටන් වල ඉඳලා මෙල්බර්න් දක්වායි.... එක සාර්ථක වෙච්ච පාර තවත් අළුත් ගුවන් යානා ගෙන්වලා අනිත් ප්‍රාන්තවලටත් ගුවන් ගමන් ව්‍යාප්ත කරලා තියෙනවා... 1940 ඉඳලා 1990 දක්වා කාලය තමයි මෙයාලගෙ ස්වර්ණමය යුගය වෙලා තිබිලා තියෙන්නෙ...
මෙයාලා 1993 දි ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරලා තියෙනවා... 1993 සැප්තැම්බර් 11 ඉන්දුනීසියාවෙ බාලි වලින් ආරම්භ කරපු ජාත්‍යන්තර ගුවන් ගමන් සේවය, පසුකාලීනව ජපානයේ ඔසාකා වලටත් හොං කොං, සෝල්, තායිපෙයි, ක්වාලා ලම්පූර්, ෂැංහයි, ජාකාර්තා වලටත් ව්‍යාප්ත කරලා... ඒ උනාට වැඩිකල් නොයවාම සෝල්, තායිපෙයි සහ ක්වාලාලම්පූර් ගුවන් ගමන් නතර කරලා තියෙනවා......
Monday, 3 March 2014
මැජික් පෙන්නපු ඉස්කෝලෙ....
මං පුංචි කාලෙ ගියේ කතෝලික පල්ලියක තිබුණු සොන්ටිමෝරියකට... අපේ පැත්ත පළාතටම තිබ්බෙ එකම එක කතෝලික පල්ලියයි... ඒකට සම්බන්ධ කතෝලික පාසැල් දෙකක් තිබුණා...... එකක් කොන්වන්ට් එකක්, අනික මිශ්‍ර පාසැලක්... අපේ අම්මා මේ කියන කාලෙ ඉගැන්නුවේ ඔය මිශ්‍ර පාසැලේ... අම්මට මාව අරන් යන්න එන්න ලේසි නිසා වෙන්න ඕන මාව එතැනට දාන්න ඇත්තෙ... එතැනට යවලා අකුරු උගන්වන පරමාර්ථයක් තියෙන්න නැතුව ඇතියි කියලා මට හිතුනෙ මට බාල නංගිලා දෙන්නම කවදාවත් මොන්ටිසෝරියකට යවලා නැති හින්දා..... ආයෙ ඉතින් උන්දලාව එහෙම යවන්න හේතුවක් තිබුණෙ නෑ තමයි, මොකද මං උන් දෙන්නා අකුරු කියවන්නත් කලින් උන්ට උගන්නන්න පටන් ගත්තනෙ.....
අපේ ගුරුවරු ඔක්කොම සිස්ටර්ස්ලා... ඔක්කොම තුන්දෙනෙක් හිටියා... තව මදර් කෙනෙකුත් හිටියා හැමදාම උදේට දකින... සුදුම සුදුයි... හැබැයි හෙන බරපතල මූණක් තිබ්බෙ... කාත් එක්කවත් හිනාවක් නෑ... අපි පියානෝ එක ළඟට ගිහින් 'පායනා කාලෙදී - රෑ දවල් මහන්සි වී - කන්න දේ රැස් කරයි කූඹියෝ' කියනකොට පියානෝ එක ගැහුවෙ එයා තමයි... ඔය සිස්ටර්ස්ලා අතරින් මට විශේෂ ආදරයක් පෙන්නපු කෙනෙකුත් හිටියා... අපේ අම්මටත් ඒක දැනිලා මගෙන් ඇහුවා ඒ සිස්ටර්ගෙ නම මොකක්ද කියලා...
'සැලළිහිණියා..' මං ගත් කටට කිව්වා...
'සැලළිහිණියා කියන්නෙ නමක් නෙවේනෙ පුතේ... කුරුල්ලෙක්නෙ...' අම්මා කිව්වා..
'ඒ උනාට ඒක තමයි එයාගෙ නම...'
ඉතින් කොහේ විරුද්ධ වෙන්නද අම්ම... ඒ උනාට මං එදා ඉඳලා හැමදාම ඒ සිස්ටර්ගෙ නම ඇහුවත් ගෙදර එනකොට මං බබාට මතක සැලළිහිණියා කියන එකමයි... කාටද ඒ වගේ බරපතල දිග නම් මතක තියාගන්න පුළුවන්...

Monday, 24 February 2014
එලයිසා....
හරි නම් මේ එලයිසාට පර්ත්වල හොඳම ඇඳුම ඇඳපු එක්කෙනාට හිමි තෑග්ග නිතර ලැබෙන්න ඕන... මෙල්බර්න් කප් එක දවසෙ ලස්සන ඩිසයිනර් ගවුමක් ඇඳලා තොප්පියකුත් දාලා ෂැම්පේන් වීදුරුවක් අතේ තියාගෙන ඉන්න ඈ, ඕස්ට්‍රේලියන් දිනය දවසට ඕස්ට්‍රේලියන් කොඩිය දවටගෙන දිනයට අදාල වැකි සඳහන් පුවරු ඔසවාගෙන ඉන්නවා... පර්ත්වල ප්‍රධාන බයිසිකල් රේස් එක තියෙන දවසට බයිසිකල් එකකුත් උස්සගෙන ඒකට සහයෝගය පල කරනවා... මේ විදියට එයාගෙ කෙටි ජීවිත කාලය ඇතුලත එයා පර්ත්වල ප්‍රධාන කොටසක් බවට පත්වෙලා ඉවරයි...
බටහිර ඕස්ට්‍රේලියාවෙ පර්ත් නගරය තුල එහා මෙහා යනකොට එක එක විදියේ ප්‍රතිමා දකින්න ලැබෙනවා... ඉන් එකක් තමා මේ එලයිසා කියන පිහිනන්න සූදානමින් දෑත ඉදිරියට දිගු කරන් වතුරට පනින්න වගේ සිටින කාන්තාවකගෙ ප්‍රතිමාව.... මේ මොහොත වෙනකොට නම් එයා ඉන්නෙ ඔය උඩ පින්තූරෙ පේන්වා වගේ ලොකු පුංචි කුරුල්ලන්නගෙ වසුරු පෙරාගෙන...
ටෝනි ජෝන්ස් තාත්තා සහ බෙන් ජෝන්ස් පුතා විසින් නිම කළ මෙය, මහජනතාවට විවෘත කළේ පර්ත්වල ලෝඩ් මේයර් විසින් 2007 ඔක්තෝබර් 15 වැනිදා...
මේක තියෙන්නෙ ස්වෝන් ගඟේ කලින් පෝස්ට් එකේ දාපු Perth Brewery එක කිට්ටුව... .... (මේ ගඟ ගැන පොඩි හඳුන්වාදීමක් කලින් දාපු රජ්ජුරුවන්ගේ උයන පෝස්ට් එකෙන් කළානෙ...) University of Western Australia වලට බොහොම ආසන්නව...ලස්සන වැඩේ කියන්නෙ ඔය විශ්වවිද්‍යාලයේ ළමයිනුයි, එක එක ජෝක් කාරයොයි එකතුවෙලා කාලෙන් කාලෙට මේක එක එක විදියට සරසන එකයි... සමහර වෙලාවට මේ එලයිසා ඇඳගෙන ඉන්න ඇඳුම්වල තේරුම පෞද්ගලික එකක් වෙන්න පුළුවන්... ඒක දන්නෙ කුඩා කණ්ඩායමක් විතරයි... සමහර දවස්වලට කරලා තියෙන වැඩ දැක්කම හිනාවෙලා පණ යනවා... ඔය ප්‍රතිමාව තියෙන්නෙත් ගොඩබිමින් මීටර් 15 ක් විතර ඈතට වෙන්න... ඒ හරියෙ වතුර ගැඹුරු නිසා ඕක පයින් ඇවිදන් ගිහින් කරන්නත් බෑ... බෝට්ටුවකින් වෙන්න ඕන ගිහින් කරන්නෙ... ඔය පහළින් තියෙන්නෙ ඒ වගේ අවස්ථාවල් කිහිපයක්...

මේ එලයිසා පර්ත් බයිසිකල් රේස් එකකට සහය පල කරපු අවස්ථාවක්.

ගිය අවුරුද්දෙ අවසන් වටයට තේරුනු ඩොකර්ස් ෆුටි ක්ලබ් එකට සහාය
Breast Cancer Support - Purple Bra Day
එසෙන්ඩන් ෆුටි ක්ලබ් එකේ පුහුණුකරු ජේම්ස් හර්ඩ් ට සහය පල කරමින්
කාගෙ හරි වෙඩින් එකක් වෙන්න ඇති

විලියම් සහ කේට්ගේ රාජකීය මංගල්ලය දවසේ
මෙන්න මේ සයිට් එකට ගිහින් තව ටිකක් බලා ගන්න පුළුවන්...
http://www.randomperth.com/
මේ එලයිසා ප්‍රතිමාවට පොඩි ඉතිහාසයකුත් තියෙනවා... පර්ත් සිටි කවුන්සිල් එක විසින් මේක හදලා තියෙන්නෙ පර්ත් නගරයට අහිමිව ගිය ස්ථානයක් සිහිපත් කරන්න... මේ එලයිසා හිටගෙන ඉන්න ස්ථානයේ තමයි තිබිලා තියෙන්නෙ Crawley Bath කියන මිනිස්සුන්ට නාන්න හදලා තිබුණු ස්ථානය... ඒක විවෘත කරලා තියෙන්නෙ 1914දි... මේක ඒ කාලෙ පර්ත් නගරය තුල ජීවත් වුනු මිනිස්සුන්ට විනෝදය සපයන ස්ථානයක් වෙලා තිබිලා තියෙනවා... මුලින්ම හදපු කොටසේ ඇඳුම් මාරුකරන්න පුළුවන් dressing boxes 106 කුත්, විශාල පාවෙන තාවකාලික පාලම් (pontoons)දෙකකුත්, spring diving boards ගණනාවකුත් මේකට අයත් උනාලු... ඒ වගේම මේ ප්‍රදේශයේ ජනතාව අතර වැදගත් හමුවීම් මධ්‍යස්ථානයක් වුනු මෙය, ළමයින්ට පිහිනීම උගන්වන ස්ථානයක් විදියටත් ක්‍රියා කරලා තියෙනවා... ඒත් අතීත උරුමයන් ආරක්ෂා කරන නීති රීතිවලට රැක ගන්න බැරි වුනු මෙම ස්ථානය පසු කාලීනව1964 දි විනාශ කර දමා තියෙනවා...
මේ පහළ පින්තූරෙන් පෙනෙන්නෙ 1918 දි මෙතැන තිබුණු විදිය...
මේ දැන්.. ඔය දකුණු පැත්තෙ ඈතින් පේන්නෙ එලයිසා...
පින්තූර ගත්තෙ මේ තැන් වලින්...
http://www.abc.net.au/news/2013-02-14/the-statue-titled-eliza/4519142
http://perthdailyphoto.blogspot.com.au/2011_07_01_archive.html
http://www.flickr.com/photos/merufumoto/6168432055/
http://jobanksjo.wordpress.com/
http://bomberblitz.com/forums/index.php?/topic/123-standbyhird/
http://www.newforms.com.au/www/content/default.aspx?cid=737
ඒ වගේම පර්ත් නගරය මැද තියෙනවා කැන්ගරුවන්ගෙ ප්‍රතිමා කිහිපයක්.. පහළ තියෙන පින්තූරෙ තියෙන්නෙ ඉන් කොටසක්.... දවසක් උදේ මං සිටි එකට යනකොට කවුරු හරි ඔය කැන්ගරුවො ඔක්කොටම කණ්නාඩි දාලා... මට හිනා වෙලා පණ ගියා මිසක් පින්තූරයක් ගන්න මතක් උනේ නෑ... ආපහු එතැනින් යනකොට කවුන්සිල් එකෙන් වෙන්නැති ඔක්කොම අයින් කරලා තිබුණා... අපරාදෙ...
http://granbytravels.wordpress.com/2013/04/20/day-39-fremantle-and-perth-australia/
Monday, 17 February 2014
පරෙස්සමට තිව්ව දේ....
http://www.livinggreener.gov.au/lifestyle-guides/home-entertainment-technology
කියවන අයට මතක නම් මගේ අර අරිෂ්ඨ කතාවයි, ඉදිකට්ටෙ කතාවයි, ඔන්න මේ සිද්දිය උනෙත් ඒ බෝඩිමේදිමයි... ඉදිකට්ට පෝස්ට් එකට කමෙන්ට් කරපු රාජ් මෙහෙමත් කිව්වා... "මියුරු, අපි සල්ලි එකතුකරල වියදම එවන්නං. ඔයා ආයෙත් ඒ බෝඩිමට ගිහිල්ල ඉදගෙන සිද්ධවෙන කතා ටික පෝස්ට් කරන්න. හොදයිනේ........" එච්චරටම හොඳයි වෙච්චි දේවල්...
අර ඉදිකට්ටෙ කතාවට පස්සෙ ආයෙ ඇන්ටිලා සෑහෙන කාලයක් යනතුරු අපිව තනියම දාලා කොහේවත් ගියේ නෑ... ඔහොම ඉන්නකොට අන්කල්ගෙ අතිජාත මිත්‍රයෙකුගෙන් එයාලට ආරාධනයක් ලැබුණා අනුරාධපුරේ පැත්තෙ වන්දනා ගමනක් යන්න... ඒක අතහරින්නම ලෝබ හිතිලද කොහෙද එයාල කළේ ඇන්ටිගෙ අයියා කෙනෙකුගෙ දුවෙක්, ගෙදරයි අපිවයි බලාගන්න නවත්වලා ඒ ගමන ගිය එක...
එයා ඊට කලිනුත් අතරින් පතර එහේ ඇවිත් නැවතිලා තිබුණු හින්දා අපි එයා ගැන දැනගෙන හිටියෙ... එයාට හැමෝම කිව්වෙ සුදු අක්කා කියලා... එයාගෙ ගම ගාල්ලෙ උනාට හැමදාම කෝච්චියෙ කොළඹ වැඩට එන කෙනෙක්... ඒ වෙනකොට වයස තිස් පහක් විතර ඇති, හැබැයි කසාද බැඳලා තිබුනෙ නෑ... නියම ජොලි පොරක්... ඕන දේකට ඔට්ටුයි... එයා ආවදාට නිදා ගන්න ගියාම මහ පාන්දර වෙනකම් හිනාවෙ පණ යන කතා කිය කියා ඉන්නවා අපි, ඇන්ටිලා කෑගහනකම් නිදා ගනිල්ලා කියල, සද්දෙට එයාලට නින්ද යන්නෙ නැති උනාම... ඒ නිසා අපි හරිම කැමැත්තෙන් හිටියෙ සුදු අක්කා එන එකට...
ඔන්න එදා හවස වැඩ ඇරිලා සුදු අක්කා බෝඩිමට ආවා... මූණ කට හෝදගත්තු වෙලාවෙ ඉඳන් එයා කළේ ගේ හැම තැනම ඇවිද ඇවිද පරීක්ෂා කරල බලපු එක... එතකොටයි අපි දැක්කෙ අන්කල් ගෙදර ටෙලිෆෝන් එක තියල ගියපු විදිය... ඒක රිං වෙනකොට ඇහෙන්නෙ නැතිවෙන්න සද්දෙ අඩු කරලා රිසීවරය උඩින් හරහට සෙලෝටේප් එකක් ගහලා... හික්ස්... සුදු අක්කා ඒක දැක්ක ගමන් බඩ අල්ලන් හිනාවෙලා අර සෙලෝ ටේප් එක සීරුවට ගලවලා ප්‍රවේසමින් මේසෙ කොණක ඇලෙව්වා... ඒ කරලා හතර වටේම ඉන්න එයාගෙ යාළුවොන්ට කතා කරලා අපටත් කිව්වා කෝල් කරන්න ඕන කෙනෙක් ඉන්නව නම් කතා කරන්න කියලා... ඒ කාලෙ දැන් වගේ ටෙලිෆෝන් හැම ගෙදරකම නොතිබුනු නිසා අපට වැඩිය කෝල් කරන්න කවුරුවත් හිටියෙ නෑ... ඒ මගඩි වැඩේ ඉවරවෙලා සුදු අක්කා බොහොම සීරුවට ආයෙමත් අර සෙලෝටේප් එක අලවලා කලින් තිබුණා වගේම හැදුවා....
මෙදා පාර නම් ඇන්ටි අපට උයන්න ඉතුරු කරලා ගිහින් තිබුණ නෑ... එයාගෙ අපූරු කෑම ටික උයලා ෆ්‍රිජ් එකේ දාලා ගිහින් තිබුණා... ඒ හින්දා අපි කට්ටියට රෑ වෙනකොට කරන්න දෙයක් තිබුණෙ නෑ... ඔය ඇන්ටිලගෙ ගේ තට්ටු දෙකක්... ප්‍රධාන පාරක් අයිනෙ තිබුණු නිසා පල්ලෙහා තට්ටුව සම්පූර්ණයෙන්ම එක එක ජාතියෙ කඩවල් වලට බදු දීලයි තිබුණෙ... එයින් එක කඩයක් තිබුණා ටීවී, කැසට් රෙකෝඩර් අළුත්වැඩියා කරන අතරෙම වීඩියෝ කැසට් පට කුලියට දෙන තැනක්... එකපාරටම සුදු අක්කා කිව්වා අපි වීඩියෝ එකක් බලමු කියලා පහළින් ඉල්ලගෙන ඇවිත්... අපිත් ඉතින් පැනලා හා කිව්වා...එයා ඔතැනින් යන එනකොට ඔය කඩවල ඉන්න අයත් එක්ක කතා බහ කරගෙන යන නිසා වීඩියෝ කඩේ කට්ටියව මෙයා දන්නවා... විනාඩි කිහිපයක් යනකොට ගෑණි රටක් රාජ්ජයක් දිනුවා වගේ වීඩියෝ කැසට් එකක් අරන් ආවෙ කට කනේ තියන්... ඒකෙ කවරයක් තිබුනෙ නැති නිසා අපිට නම බලාගන්න පුළුවන්කමක් තිබුනෙ නෑ....
'ඉංග්ලිෂ් ෆිල්ම් එකක්...' සුදු අක්කා ආඩම්බරෙන් කිව්වා...
ඒක අන්කල්ගෙ ඩෙක් එකට දාලා සෙට් කරලා බලන්න හැදුවට බම්බුව වැඩ කරන්නෙම නෑ... අනේ ඉතින් අපි ඔක්කොමගෙම බලාපොරොත්තු ඔක්කොම සුනේ සුන් වෙලා කට්ටිය හූල්ලන්න ගත්තා...
'මං ගිහින් කඩේ අයියට කියන්නද මේක හදල දෙන්න කියලා...?' සුදු අක්කා අපෙන් ඇහුවා....
ෆිල්ම් එකක් බලන මූඩ් එකේ හිටිය අපි පැනලා ඒකට හා කිව්වා... සුදු අක්කා ආයෙම පහළට දුවලා ආපහු ආවෙ කඩේ අයියයි තව පිරිමි ළමයෙකුයිත් එක්ක... ප්‍රේක්ෂකාගාරය දැක්කම ඒ දෙන්නා මූණෙන් මූණ බලාගන්නව වගේ මට නම් පෙනුනෙ... ඒ දෙන්නා ඒක හදනකම් අපි කට්ටිය කුස්සියට එකතුවෙලා රෑට කෑවා... ඊට පස්සෙ අපි ටීවී එක ඉස්සරහින් බෙඩ් ෂීට් එලාගෙන කොට්ට දාගෙන පුටු ඇදගෙන ඇවිත් හේත්තුවෙලා ඉන්න එහෙම හදාගෙන කතාව බලන්න වාඩි වුණා..
ඔන්න කතාව පටන් ගත්තා... මොකකදෝ මන්දා පින්තූරෙකුත් වැටුණා... දෙබස් ඇහෙන්නෙත් නෑ... ටික වෙලාවක් යනකම් ඒ මොකක්ද එකමයි පෙන්නන්නෙ...
'මොකක්ද යකෝ මේ...' සුදු අක්කට කියැවුණා...
දැන් හැමෝම ඔළු ගෙඩි ඒ අතට මේ අතට ඇල කර කර බලනවා, මොකක්ද මේ කියලා... ඔළු පහළට හරවලා බලනවා උඩ යට මාරුවෙලාවත්ද කියලා...
ඊළඟ රූප රාමු කිහිපයෙන් කට්ටියටම තේරුනා මොකක්ද ඒ පෙන්නලා තියෙන්නෙ කියලා... හයියෝ... අපිට හිනාව නවත්තගන්න බැරි වුණා... පළවෙනි වතාවටයි එහෙම එකක් දැක්කෙ....
'එහෙම ඒවත් තියෙනවද..?' කියල සුදු අක්කා අහනකොට කට්ටිය බිම පෙරලි පෙරලි හිනා වුණා....
සුදු අක්කට ලැජ්ජ හිතුනු පාර එයා අඩියට දෙකට පැනලා ඩෙක් එක ඕෆ් කළා...
'අරුන්ට මම...!' එයා දත්මිටි කනවා...
අපි එහෙමම අපේ කාමරේට දුවලා ගිහින් ඇඳන්වල වැටිලත් හිනා වුණා.. මෙන්න ඒ අස්සෙ එක්කෙනෙක් බාත් රූම් එකේ වමනෙ දානවා... ඒ අපි අතර හිටපු පොඩිම එකී... සමහරු බනිනවා සුදු අක්කට ඒක ඉවරවෙනකම් බලන්න දුන්නෙ නෑ කියලා...
රෑ නිදාගන්න ගිහින් කට්ටියට නින්ද යන්නෙත් නෑ... සුදු අක්කත් හෙන කල්පනාවක...
'අයියෝ... මං ඉල්ලුවෙ ඔය වගේ වීඩියෝ එකක් කියල අරුන් හිතුවෙ ඇයි?' එයා කියනවා... "ඇයි හත් දෙයියනේ, මං කොහොමද හෙට උන්ගෙ මූණු බලන්නෙ?'
'මං හෙට ඕක උන්ට දීලා හොඳටම බනිනවා, හිටුකො...' කියලා පොරවන රෙද්ද බෙල්ල ළඟටම ඇදගත්තු සුදු අක්කා අන්තිමේ අනිත් පැත්ත හැරුණා...
පස්සෙන්දා එයා මොනව කරගත්තද කියලා දැනගන්න විදියක් තිබුණෙ නෑ... අපි එළියට ගියේ අර කඩේ මග ඇරෙන්න අනිත් පැත්තෙ තිබ්බ ගේට්ටුව ඇරගෙන... හවස් වෙනකොට ගෙදර කට්ටියත් ආවා...
'මේ ටීවී එකට මොකද කරල තියෙන්නෙ...?' හැන්දෑවෙ නිව්ස් බලන්න ටීවී එක දාන්න ගිය අන්කල් බෙරිහන් දෙනව අපට ඇහුණා... හැමෝම මූණෙන් මූණ බලාගත්තා...
කලින් දවසෙ රෑ වීඩියෝ එක බලන්න කඩේ උන් ඇවිත් මොකක්දෝ ජල්බරියක් කළානෙ... දැන් ටීවී එක පේන්නෙ නෑ... ඇන්ටිත් කාමරේට ඇවිත් අපෙන් ඇහුවා ටීවී එකට මොනව හරි උනාද කියලා... අනේ අහිංසක අපි දන්නවයැ... අපි ඔක්කොම ඔළු ගෙඩි හෙල්ලුවා නෑ කියන්න... අන්කල්ට මල් හතක් පැනලා.... අපේ අන්කල්ට කේන්ති ගියාම එයාගෙ කටහඬ අමුතු වෙනවා... උච්ඡ ස්වරයෙන් පටන් ගන්න කතාව ඉවර වෙන්නෙ කට හඬ හීනිවෙලා ගිහින් ඤාව් සද්දෙකුත් එක්ක... දැන් ඤාව් එකක් නෙවෙයි වැලක්ම ඇහෙනවා... අපි බිරාන්ත වෙලා මොකක්ද වෙන්න යන්නෙ කියලා...

එක්කෙනෙක්වත් එකාට එකා කතාවක්වත් නෑ... සුදු අක්කව පාවලා දෙන්න කොහොමවත්ම බෑ...
අන්තිමේදි අන්කල් පහළට බැහැලා වීඩියෝ කඩේ අයියව එක්කන් ආවා... අපිව බයේ ගැහුනා, සුදු අක්කා මිනිහට බැනලා ගියා නම් පොර අපිව පාවලා දෙයි වත්දෝ කියලා.... මං හෙමින් කාමරෙන් එළියට ගිහින් බිත්තිය අයිනෙ හැංගිලා හොඳට අහුම්කන් දීගෙන බලාගෙන හිටියා...
'මේ මේකෙ වයර් එකක් ගැලවිලානෙ...' කඩේ අයියා අන්කල්ට කියාගෙන ඔළුව උස්සනකොට බිත්තිය අයිනෙන් බෙල්ල දාගෙන හිටිය මාවත් දැක්කා... ඒත් පොර නොදැක්ක විදියට අන්කල්ට පැහැදිලි කරල දෙන්න පටන් ගත්තා... 'කවුරුවත් මොකුත් කරලා නෙවේ... මේ ටීවී එකත් දැන් සෑහෙන්න පරණයිනෙ... ඒකයි...'
ඒක ඇහුනට පස්සෙයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ... මං ආපහු කාමරේට දුවල අන්කල් හොරාගෙ අම්මගෙන් පේන අහපු හැටි කිව්වම, එකපාරටම එකියක් ඇහුව, 'එතකොට බං ටෙලිෆෝන් බිල ආපුවම...?'
ඇඟට උනපු ලේ ටික ආයෙත් සැරයක් කොහෙ ගියාද දන්නෙ නැති උණා..
ප.ලි. පස්සෙ කාලෙක මං කසාද බැන්දට පස්සෙ මනූට ඔය සිද්දිය කීවම එයා කියනවා එතැන හයර් කරන්නෙ ඒ ජාතියෙ වීඩියෝ විතරලු... මදැයි!

Wednesday, 13 March 2013
පන්තිය සෝදපු හැටි....!!
මම නවයෙ පන්තියේ හිටපු කාලෙ ඉස්කෝලෙ ගියේ අනිත් ළමයි වගේ සාමාන්‍ය ක්‍රමයට, උදේ වරුවෙ.... ඒ අවුරුද්ද තමයි අර මං කලින් කතා දෙකක සඳහන් කරපු සමන් ඉස්කෝලෙ ආව අන්තිම අවුරුද්ද... අපේ පන්තිය භාරව හිටියෙ අපට ඉංග්‍රීසි උගන්වපු මැටිල්ඩා මිස්... අඩි පහක්වත් උස නැති අවුරුදු පණහක් විතර වෙච්චි මේ මිස්ට ළමයි කිව්වෙ 'මැටී' කියල... ඒ මිස් හරිම හොඳ අහිංසක කෙනෙක් උනාට, මිස්ට ඒ නම වැටුනෙ ඉංග්‍රීසි පීරියඩ් එකත් එක්ක ළමයින්ට තිබ්බ තරහටමයි.... පව් අපේ මිස්...!
දවසක් උදේ අපි ඉස්කෝලෙ යනකොට පන්තිය ඇතුලෙ බිත්තිය දිගට තිබ්බ කළු ලෑල්ල යට ගන්න දෙයක් නෑ... කළුම කළු පාට කුඩු තට්ටුවක් පැත්ත පළාතෙම විසිරිලා.... බැලින්නම් කලින් දවසෙ හවස නතරවෙලා බැටරි කුඩු වලින් කළුලෑල්ල කළු කරපු හාල්පාරුවො ටික ඒ වැඩේ කරල ගියා මිසක් බිම සුද්ද බුද්ද කරල ගිහින් නෑ... ටිකක් හොඳට වටපිට බලනකොට එහේ මෙහේ මුළුවල බැටරි බාගත් තියෙනව පෙනුනා... ටික වෙලාවක් යනකොට පන්තියට එන ළමයි බැටරි කුඩු පාගන් ගිහින් පන්තියේ බිම හැමතැනම කළු පාටයි.... සුදු සපත්තුවක් හෙම කාට හරි පෑගුනොත් දෙයියන්ගෙම පිහිටයි... මං කලින් කිව්වනෙ ඔව්ව සුදු කරගන්න නැහුනු නැහිල්ල...
එදා දවසෙ පන්තිය අතු ගාන්න තිබ්බ උන් ඇවිත් පන්තිය අතු ගෑවත් අර කුඩු නෙවේ ගියේ... ඔන්න එතකොට අපේ පන්තියේ කොල්ලෙකුට ගණ දෙවි නුවණක් පහළ උනා.... මැටිල්ඩා මිස් ඉගැන්නුවේ ඉංග්‍රීසි නිසා හැමදාම අපේ පන්තියේ පළවෙනි පීරියඩ් එක ඉංග්‍රීසි.... අපි කිහිප දෙනෙකුගෙ ඇරුනහම අනිත් උන්ගෙ දවසම මූසලයි ඔය වැඩෙන්... පළවෙනි පීරියඩ් එක කට් එක ගහන්න බැරි, නම් ලැයිස්තුව ලකුණු කරන නිසා... ඒ නිසා කොච්චර එපා උනත් පන්තියේ ලැගගෙනම ඉන්න වෙනව.... ඔන්න ඉතින් අර මොළකාරයා ගෙනාපු යෝජනාව තමයි අර ඉතුරු බැටරි කෑලි ටිකත් කුඩු කරල පන්තිය ඉස්සරහ විනාස කරල දාන එක... එතකොට මිස්ට තියා මොකාටවත් ඇවිත් උගන්වන්න බෑනෙ අර අවීචියෙ... ඒකට එක පයින්ම එකඟ වෙච්චි ඒ වෙනකොට පන්තියේ හිටපු කොල්ලො ටික මොකද කළේ, අර අහුමුළුවල තිබ්බ බැටරි කෑලි ටිකත් අහුලල උඩ පැන පැන, පොළවෙ ගහල කුඩුපට්ටම් කරල දැම්ම එක ...
අන්තිමට මිස් පන්තියට එනකොට ඒක එකම අපායක්... කොටින්ම මිස් පන්තියට ආවෙත් වතුර පාරක බැහැල යනව වගේ සාරියත් ටිකක් උස්සගෙන....
'අයියෝ, මේ මොකක්ද කරල තියෙන්නෙ...?' මිස්ට ඉබේම කියැවුනා...
අන්තිමට සියල්ල පැහැදිලි කරල දීපු ගෝලයො ටිකගෙ එකම විසඳුම උනේ පළවෙනි පීරියඩ් එකේදි පන්තියේ පුටු මේස පැත්තකට කරල පන්තිය සෝදලා දාමු කියන එක...අනේ අපේ අහිංසක මිසුත් ඒකට රැවටිලා කිව්වා කාට හරි ගිහින් පනිට්ටුවක් අරන් එන්න කියල... අපේ රශ්මි ඉන්නව නේද (මගේ බ්ලොගේ නිතර කියවන අයට නම් මෙයා අමුත්තෙක් නෙවේ... ඒ කාලෙ මගේ හොඳම යාළුවා)... ඔය වගේ නොම්මර එකේ කුණු ගොඩවල් වලට කරගහන්න හොයාගෙන යන්නෙ... නැත්නම් පන්තියේ අච්චර කොල්ලො ඉන්දැද්දි මේ කොහේවත් නැති පනිට්ටුවක් හොයන්න මුන්ද බාර ගන්න ඕනයැ... අනිත් එක දැන් මේ ගේන්න යන පනිට්ටුව තියෙන්නෙ ගුරු මණ්ඩලයෙ වැසිකිළියෙ... ඈයියා..!! කියනකොටම මට හිතුනෙ එහෙම... ඒත් කොහෙද ගැලවීමක්...
'මට නම් ඕකට හවුල් වෙන්න එන්න බෑ..' මම කිව්ව...
'මොනාද බං... ගුරාල රෙxx පනිට්ටුවටයැ...'
'එහෙනං ඉතින් උඹම ඕක කරගහගෙන වරෙන්... මට නම් කියන්නෙපා ඕක අල්ලන්න...'
'හරි හරී ඉතින්... මං කිව්වයැ උඹට ඒක අල්ලන්න... මං ඒක කරගන්නම්කො... උඹට තියෙන්නෙ මාත් එක්ක එන්න විතරයි...'
අනේ ඉතින් එහෙම කිව්වට පස්සෙ මාත් ගියා උන්දගෙ පස්සෙන් මරන්න ගෙනියන හරක වගේ...
ඒ කාලෙ අපේ ඔය නවයෙ පන්ති ටික තිබ්බෙ, ඉස්කෝලෙ 'කොරියාව' කියල හඳුන්වපු පැත්තෙ... මොකක් නිසා ඒ නම වැටුනද කියල නම් ඇත්තටම දන්නෙ නෑ... (මට බින්දිව මතක් උනා.. :D) කොරියාවෙ තිබ්බෙ දෙමහල් ගොඩනැගිලි තුනකුයි, කැන්ටින් එකයි, ළමයි පී ටී කරපු පිට්ටනි කෑල්ලයි... ඊට පිටිපස්සෙන් රේල් පාරෙන් මායිම් වෙච්චි පිරිමි වැසිකිළිය සහ කොල්ලො වැසිකිළිය විදියට පාවිච්චි කරපු මහා හබරල ගාල....ඒ වෙනකොට, අර මං 'පොඩ්ඩක් හිටහංකො බං' කතාවෙ කියපු අක්කා නෑව ළිඳ වහලා, ඊට ටිකක් පිටිපස්සට වෙන්න අළුත්ම දෙමහල් විද්‍යාගාරය හැදිලා... ඒ ගොඩනැගිල්ල තිබ්බෙ මේ කියන කොරියාවට වඩා අඩි පහක විතර උසින්... කැන්ටිම ඉස්සරහින් තිබ්බ පඩි පේළිය නැගලා යන්න ඕන එතැනට... එතැනිනුත් පොඩි පඩි පේලියක් නැග්ගම තමයි අර මං ඒ කතාවෙම කිව්ව පන්තිය තිබ්බ ගොඩනැගිල්ලට යන්න පුළුවන් වෙන්නෙ... ඔතැනට ගොඩ උනු ගමන් ඉස්සෙල්ලම මුලිච්චි වෙන්නෙ ස්ටාෆ් රූම් එක... ඒක පහු කරලා පන්ති හතරක් විතර ඉස්සරහට ගියාට පස්සෙ, ඔය කියපු ගොඩනැගිල්ලයි, ප්‍රින්සිපල්තුමාගෙ ඔපීසිය ඇතුළු අනිත් ඔෆිස් කාමර තියෙන ගොඩනැගිල්ල මේ කියපු ගොඩනැගිල්ලට යා වෙන තැන, උඩ තට්ටුවේ පොඩි පාලම් කෑල්ලක් වගේ හදල තිබ්බට පහළ තට්ටුවේ තිබ්බෙ යූ අකුරක හැඩැති ඉඩකඩක්... එතැන වම් අත පැත්තෙ තමයි ඔය කිව්ව ගුරු මණ්ඩලයෙ වැසිකිළිය තිබ්බෙ...
යූ අකුරෙ යට කොටසෙ තිබ්බෙ අපේ ඉස්කෝලෙ නිල නොලත් අයිතිකාරය වෙච්චි මාටිං ටිං ටිං අයියගෙ දේවාලෙ නොහොත් වාසභවන...අයිය කිව්වට අවුරුදු පණහක් විතර වයස ඇති... උන්ද ඉස්කෝලෙ මුර වැඩේ, පියන් වැඩේ වගේම බෙල් එක ගහන වැඩෙත් කළා... ළමයි කිව්වෙ මිනිහා බෙල් එක ගැහුවෙ මාටිං ටිං ටිං කියලැයි කියල.... ඒක හින්දා තමයි අර නම... එයා ඔය පෝස්ටුව බොහොම ඔළුවට අරගෙන කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ හොර අල්ලන්න ගිහින්, කොල්ලන්ට කියල සම්බෝල හදවගන්නෙ නැතිව යාන්තමින් බේරුනා එක සැරයක්.... ඊට පස්සෙ මිනිහ එයා විසින්ම එයාගෙ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඒ රාජකාරිය අයින් කර ගත්ත.... මාටියා පන්තියකට එනකොට ළමයි සහලෝල ඉන්නෙ... මොකද පොර එන්නෙ ප්‍රින්සිපල් උන්නාන්සෙගෙ නියෝග අරගෙන, උන්නැහේගෙන් කැඳවීමක් ලැබෙන ළමයෙක්/ළමයි එක්කරගෙන යන්න... ඒ ඉතින් හොඳකට නම් නෙවෙයි... හැබැයි පොර පපුව ඉස්සරහට දාගෙන ඔය මැසේජ්ජුව අරන් එන්නෙ හෙන සතුටින්... ඒක දැක්කම දෙන්න හිතෙනව මැරෙන්න...
කතාව වෙන පැත්තකට ඇදුන... නැවතත් කතාවට... ඉතින් මේ කාලෙ අපට හිටිය ප්‍රින්සිපල්තුමා හරිම වසයි... ඒ උනාට එතුමාගෙ කාලෙ අපේ ඉස්කෝලෙ එක්තරා සවර්ණමය යුගයක් කියල කියන්න පුළුවන්... හැම අංශයකම වගේ ළමයි ඒ ලෙවල් පාස් උනේ ඉතාමත්ම ඉහළින්... සමහර අවුරුදුවල ලංකාවෙන් වැඩිම ලකුණු ගත්තු ළමයි හිටියෙ අපේ ඉස්කෝලෙ... ක්‍රීඩා පැත්තෙනුත් එහෙමයි... නාට්‍ය තරග වලින් දිනලා ළමයි ජපානය වගේ රටවල සංචාර වලට පවා ගියා... ඒ වගේම තමයි එතුමා ළමයින්ගෙ විනය සම්බන්ධයෙනුත් ඉතාම තදයි.... නිතරම වගේ ඉස්කෝලෙ වටේ යනවා.... පන්තියේ වැඩ කරන වෙලාවලදි එක ළමයෙකුටවත් හදිසි අවශ්‍යතාවයකට හැර එහෙ මෙහෙ යන්න බෑ... පුස්තකාලෙට පවා ගිහින් බලනවා පන්ති කට් කරන එව්වො ඉන්නවද කියල.... ඒ වගේම තමයි ගුරුවරුන්ටත්... එයාලත් එතුමාට හරි බයයි... ඉතින් මේ කක්කුස්සි බාල්දියක් ගේන්න එළියට බැස්සෙ ඕං ඔහොම කාලෙක...
මං කිව්වනෙ ඔතැන පන්ති හතරක් තියෙනවය කියල... ඔය ගුරු වැසිකිළිය පැත්තට වෙන්න තියෙන පන්ති කාමරය නිතරම හිස්ව තියෙන්නෙ හදිසි අවශ්‍යතාවයකට පොරෝජන ගන්න...ඔන්න ඉතින් අපි අදාල ස්ථානයට යනකොට අර කාමරයෙ උදේම පන්තියක් දාල... අපි කොහේටද යන්නෙ කියල ඒකෙ උන්ට පේන හින්ද මං එතැනම තිබ්බ කණුවට මුවා වෙලා ඉද්දි රශ්මි ගියා වැසිකිළිය ඇතුලට... මාත් එතැන ඉඳන් වටපිට බල බල ඉන්නකොට මට පේනව අපේ අම්මගෙ යාළුවෙක් වෙච්චි සර් කෙනෙක් එනව බාස්කට් බෝල් කෝට් එක මැදින් ප්‍රින්සිපල්තුමාගෙ ඔපීසිය පැත්තට...එයාට ළමයි කිව්වෙ 'බොගා' කියල... බොග සම්බන්ධ කාරණාවක් නිසා නෙවෙයි... එයා කතා කරනකොට මහා සද්දෙන් බොග් බොග් ගාන නිසා... ඈත තියාම මාව දැක්ක සර් එකතැනම බ්‍රේක් ගහල නැවතිලා අහනව 'මොකද ඔය ටොයිලට් එක ගාව කරන්නෙ... ටොයිලට් එක හෝදනවද... ?' ෂික් විතරක්.. මට හීං දාඩිය දැම්ම... ඕනනැති මගුලක් නෑනෙ මේ මනුස්සයට... ඒ මදිවට ඒක අහපු කැත... උන්දට ඒක අහන්න තිබ්බෙ නැද්ද අර ටොයිලට් කතාව හලල... ලැජ්ජාවෙ බෑ... මං හීන් සීරුවේ බෙල්ල දික් කරල අර පන්තිය දිහා බැලුව... දොර පැත්තෙ ඉස්සරහම පේලිවල හිටපු කොල්ලො ටිකගෙ ඇස් කුට්ටම් ටික මගේ පැත්තට හැරිලා... උන් ටික අඳුනගත්තු මට ඒ කොන්ක්‍රීට් පොළොව හාරගෙන හාරගෙන ගිහින් ඒක යට හැංගෙන්න හිතුන...මගේම කරුමෙ කියන්නෙ ඒ සමන්ලගෙ පන්තිය...! මොන මගුලකට එදා උදේ පාන්දරින්ම උන් ටික එතැනට දාල තිබ්බද මන්දා.. නිකං ඉන්න බැරුව ඒක දිහා බලන්න ගිහින් ටින් කිරි ගාගත්ත කියල මට හිතුනෙ දැන් මේ කණුවට මුවාවෙලා ඉන්නෙ මං කියල උන් හොඳටම දැක්ක නිසා... ඒ වෙනකොටත් කන්න වගේ මගෙන් උත්තරයක් බලාගෙන හිටපු සර්ට මං පුළුවන් තරම් හෙමිහිට කිව්ව 'මේ පනිට්ටුවක් ගෙනියන්න ආව..' කියල.... 'ඒක මිසක්... මං මේ බැලුව..' කියාගෙන උන්ද යන්න ගියා...
සර් ගියාට පස්සෙ මං කණුවට හේත්තු වෙලා මගේ කොණ්ඩෙ ඉස්සරහින් අල්ලලා හයියෙන් පහළට ඇද්දෙ මොන කරුමෙකට මේ ගමන ආවද කියල හිතන ගමන්... කෝ මේ ඇතුලට ගිය එකී... තාමත් නෑ...
'ඒයි රශ්මී...' මං පුළුවන් තරම් හඬ බාල කරල කතා කළා...
'මේ එනව... මේ එනව...' කක්කුස්සිය ඇතුලෙන් ඇහුන...
'මේ ළමය මොකද මෙතැන කරන්නෙ...?' එකපාරටම කණ ළඟ මහා සද්දෙන් ඇහෙනකොට මං උඩ ගිහින් බිම වැටුන.... හැරිල බලනකොට ප්‍රින්සිපල්තුමා... හනේ මොන කරුමෙකට මං මෙතැන හිටියද කක්කුස්සි බාල්දිය ගන්න ඒක අස්සට රිංගන්නෙ නැතුව කියල මට පළවෙනි වතාවට හිතුන...
'පනිට්ටුවක් ගෙනියන්න ආව...' කියල වැසිකිළිය දිහාවට අත දික්කරල ඒ පැත්ත බලන ගමන් කියනකොට මට පෙනුන ඒක ඇතුලෙ ඉඳන් පනිට්ටුවත් අරන් එළියට එන්න ආව රශ්මි, ඒකත් අරගෙනම ස්ලෝ මෝෂන් එකේ රිවර්ස් එකට ආපහු ඇතුලට යනව... මට ඒකිව කන්න කේන්තියි...
'පනිට්ටුවක් මොකටද...?'
'ඊයෙ කළු ලෑල්ල කළු කරපු ළමයි පන්තිය සුද්ද කරල නැතිව බැටරි කුඩු හැමතැනම ගෑවිලා... ඉතින් මිස් කිව්ව පන්තිය සෝදල දාන්න වතුර ගන්න පනිට්ටුවක් ගේන්න කියල...' මං තතන තතනා කිව්ව....
'කවුද මිස්...?'
'මැටි... මැටිල්ඩා මිස්..' තව පොඩ්ඩෙන් මළා...
'මොන පනිට්ටුද මේ වෙලාවෙ... ඉස්කෝලෙ පටන් ගත්ත විතරයි... දුවනව යන්න පන්තියට...'
'හා' කියන ගමන් මං ආපහු හැරිලා යාන්තම් බැලුව අර පන්තිය දිහා... උන්ගෙ ඇස් ස්ප්‍රිං හයි කරපු ගානට දොට්ට පැනලා... කටවල් කිරි හට්ටි වගේ... උං මට හිනා වෙනව... අනෙ අම්මේ... ඊට වඩා හොඳයි මැරුණ නං... ෂික්...
මොහොතකින් වැසිකිළිය ඉඳල එළියට පැන්න රශ්මි මාවත් ඇදගෙන දුවල ඇවිත් නතර උනේ පන්තියේ... ප්‍රින්සිපල්තුමා බලන්නැති ඒ මොකාද කියල... උන්නැහේ හිතුවෙ මං විතරයි ඉන්නෙ කියල...

Subscribe to:
Posts (Atom)